BBF🖤

BBF🖤

Suhara💙
02 කොටස

ක්ලාස් ඉවර වෙලා එළියට ඇවිත් හිටගන්න විතරයි ඕනෙ.පාර ගාවට යනකන්ම ඔටෝ යැවෙනවා.ශක්තිය වැය කරගෙන ඇවිදින්න මහන්සි වෙන්න ඕනෙ නෑ.තල්ලු කරන් යන්ඩ කස්ටිය ඕනෙ තරම්.


 එකවුන්ටින් ක්ලාස් ඇරිලා එන කොමර්ස් එවුන් ද මීඩියා ක්ලාස් ඇරිලා එන ආර්ට්ස් එවුන් ද අනිත් කෙමෙස්ට්‍රි ක්ලාස් ඇරිලා එන සයන්ස් එවුන් ද එකී මෙකී නොකී ඔක්කොම එව්වො ඒ වෙලාවට පොර කනවා..


 වෙන මොකටවත් නෙවේ සහෝදරවරුනි බස් එකේ ෆුට් බෝර්ඩ් එකෙන්වත් එල්ලෙන්න ඉඩක් හොයාගන්න ඉක්මනට යන්න..


 නදුනයා නැති හින්දා අද තනියම බස් එකේ යන්ඩ වෙන්නෙ.ඔක්කොටම කලින් යන්ඩ බස් එකක් හොයා ගන්ඩ වෙනවා.


 බස් එකක් තිබ්බත් ඒක ළගට යන්න ගිහින් මං නැවතුනේ හුරුපුරුදු මූණක් දැකලා.අඩේ මූණක් නෙවේ එතන මූණු ගොඩයි.


 අපේ කොල්ලො ටිකක්.වලියක් වගේ..පොඩි සප් එකක් දෙන්ඩ හිතාගෙන මාත් ළං වුණා.කොහොමත් විරුද්ධ පාර්ශ්වය මට දිරවන්නෙ නෑ.ඕනෙ දෙයක් වෙච්චාවෙ කියලා මාත් පැන්නා වලිය මැද්දට


 "කවුද යකෝ අපේ කොල්ලොන්ට පාර්ට් දාන්නේ??"


 හතුරොද මිතුරොද දන්නෙ නෑ මාත් දීලා ඇද්දා ගොඩකාලෙකින් අතේ පයේ හිරි ඇරගන්ඩත් බැරි වුණ හින්දා.


 "චටාස්.."


 අම්මෝ..හක්ක පටස් වුණාද කොහෙද..හොද වැඩේ තොටත් අනුන්ගෙ වලි මැද්දෙන් පනිනවට.


 "ඇයි? ඇයි තෝ මොකද?"


 "ඇයි තෝ මොකද?ගේමද?"


 "ඇයි තෝ??ලොකුයි කියලද හිතාගෙන ඉන්නෙ?"


 මේ මොන මගුලක්ද යකෝ මුන් ඇයි ඇයි ගානවා විතරනේ ඒ පාර..රෙද්ද..මං ගුටි කනකන් තමයි ඔක්කොම..

Report Page