BBF🖤

BBF🖤

Suhara💙


01 කොටස

"අඩෝ තෝ නිදිද බල්ලො?සර් දැක්කොත් ඉවරයි නැගිටපිය යකෝ..තොට ඕනෙ චාටර් කාගෙන ඉස්සරහ පේළියට යන්ඩද?"


සැපට නින්ද යාගෙන එද්දිම කල්පයා කකුල පාගලා කියවන්ඩ ගත්තනෙ..සැක්..මුන් එක්ක නින්දක් දාගන්ඩවත් නෑනෙ රෙද්ද..


 "තෝ ඔය මට හිතෙන් බනිනව නේද?හිටපන්කො ඊළග පාර සර්ටම කියනව ඇහැරවන්ඩයි කියලා"


 "හරි හරි බන් හිතලා නිදාගත්තෙ නෑනෙ..නින්ද ගියා.."


 ආ..මං අයේෂ්.එතකොට මගේ නින්ද කෑවෙ කල්පයා.මගෙ අතීසාර මිත්‍රයා.අනිත් එකා නදුන්.ඒකට වෙඩිමක් සෙට් වෙලා අද ආවෙ නෑ.


 "හරි ළමායි එහෙනම් ඉන්ටර්වල් එකක් ගන්ඩලා.දුවලා දුවලා දුවලා ගිහිල්ලා දුවලා දුවලා දුවලා එන්ඩ"


 වඩේ අන්කල් අල්ල ගන්න ඕනෙ හින්ද ඉන්ටවල් පටන් ගත්ත ගමන් එළියට පැනගත්තා.


 "බුදු අම්මෝ..."


 බ්‍රේක් නැති කෙල්ලෙක් ඇවිල්ලා ඇගේ වැදිච්ච පාර මාව විසික් වෙලා ගිහිල්ලා පාර අයිනෙ තිබ්බ ටකරමක හැප්පුනා.ලැජ්ජාව බාල්දියෙන් එකයි සාන්ත..


 මේ කෙල්ලොන්ට එසේ මෙසේ දැගලිල්ලක් නෙවේ තියෙන්නෙ..තව පොඩ්ඩක් එහා මෙහා වුණානම් අහිංසක කොල්ලෙක්ගෙ ජීවිතේ..'අපරාදෙ ජීවිත හානී වේ' තමයි.


 ඒ අස්සෙ කල්පයා බඩ අල්ලගෙන හිනා වෙනවා..පාප මිත්‍රයො..හිනා වෙන්ඩම තමයි බලන් ඉන්නෙ.ඒකට නදුන්..කොයි තරම් හොදද? හනේ අහිම්සකයා..හොද වෙලාවට ඕකා නොහිටියෙ.නැත්තන් මොන ගැජමැටිස් එක දාලා හරි මාව ජාත්‍යන්තරේට යවලා තමයි ඕකා නවතින්නෙ.


 වඩේ මාමගෙන් වඩේ අරන් ඕක කකා පාර දිගේ ආයෙම පන්තියට ආවෙ අපිට අනිත් එවුවොන්ට වගේ ඉන්ටර්වල් එකෙත් හුරතල් කරන්ඩ සුදු අම්මිලා නැති හින්දා.


 අපිත් හොද ජොලියෙ ඉන්න කොල්ලො තමයි.ඒ වුණාට සුරාවෙන් සූදුවෙන් තොරයි.ගෙවල්වල පරිසරයත් එක්කද කොහෙද ඒව අපිට සෙට් වුණේ නැත්තෙ.


 අපේ ගෙදර අම්මයි මායි නංගියි පොලිස් අප්පච්චියි.


 කල්පයගෙ අම්මා අපෙ ඉස්කෝලෙ සිංහල ටීචර් කෙනෙක්.


 නදුනයගෙ තාත්තා එයාර් ෆෝර්ස්.


 අපි ඉතින් හය වසරෙන් තමයි සෙට් වුණේ.අම්මලා තාත්තලාත් හොදට අදුරගෙන සෙට් වුණ හින්දා අපි තුන් දෙනා සුපිරියටම යාළුවො වුණා.

Report Page