Bbc

Bbc


දඩබ්බර සිත වසගකල මිහිරාවිය 


             💃💃 #විසේකාරී 💃💃


< 13 කොටස >


🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼


"හහ් මහලොකු මැඩම් කියල නෙහ් තමුසෙ හිතන් ඉන්නෙ


"මිස්ටර් විල්සන් .මොකක්ද කියන්නෙ කියල තේරෙන්නෙ නෑ


"මෙච්චර කාලයක් අපි මේ කරගන ආපු දේ සර්ටවත් ලොකු සර්ටවත් හොයාගන්න බැරිවුනා.ඒත් තමුසෙ මේකට ඇවිත් දවස් කීයද ඔක්කොම විනාශ කලා.


"මිස්ටර් විල්සන්.මං මොනවත් විනාශ කලේ නෑ.ඔයාල විනාශ කරපු දේ මන් නැවැත්තුව විතරයි


"හහ් හහ් හා...ඔව් ඔව් උබ උපාසකීනෙ.ඒකනෙ මේ සාගරෙන් ගත්ත දිය දෝතට කෑ ගහන්නෙ.


"ඔය සාගරෙන් දිය දෝතක් ගත්ත මිනිස්සුම තමයි සාගරේ මදි නොකියන්න ගොඩ ගලද්දිත් දොස් කියන්නෙ.අනේ මිස්ටර් විල්සන් දැන්වත් යන්වද.නැත්තන් දොර පෙන්නන්නද ගෙදර යන්න


"උබ නටනව හොදට්ස්ම වැඩී..මං උබ ගැන බලාගන්නම්


"ආ..හරි මිස්ටර් විල්සන් .එහෙනම් පස්සෙ බලාගමු.දැන් බලාගන්න බැරිවෙයිනෙ.මොකද දැන් දැකපු අහපු ලැබුනු දේවල් නිසා සර්ප්‍රයිස් වෙලානෙ ඉන්නෙ.මහන්සි ඇතිනෙ.පස්සෙ වෙලාවක හම්බවෙමුකො


මන් නෝන්ඩි හිනාවකුත් දාල උඩට ආවෙ දැන්වත් දෙයියනේ කියල ගෙදර යාගන්න ඕනි කියල හිතාගන


හපොයී...මහමේරු පර්වතේ චකබලස් වෙලා වගේ සෝෆා එකම බදු අරන් නකුට්ට හොදටම නිදි.පව් ඉතින්.ඊයෙ රෑත් මේ මල කරුම හොයල හදල නිදාගන්නකොට පාන්දර 3 විතර වුනානෙ.


මං හෙමින් හෙමින් නියම තැනට කිට්ටු කරල බැලුවෙ මූ හරියටම නිදිද නැත්ද කියල කන්ෆර්ම් කරගන්න.හම්මූ මට දැනුන සතුට...නිදි නිදි කටත් සූට්ටක් ඇරගන ගොරව ගොරව දොයි....දෙන්නම් පුතේ ජම්බූ.....😂😂😂😂😂


සෝෆා එක ලග තිබුන පාපිස්සට පොඩ්ඩක් තෙල් දාල ලස්සනට තිබ්බ.නැගිට්ට ගමන් ඒකට අඩිය තියන විදියට සෙට් කලා..ඊට ඒක රේඛීව මහලොකු නකුට්ට පැද්දි ප්ද්දි ඉන්න එයාගෙ පුටුවත් තිබ්බ.දැන් තියෙන්නෙ මෙයාව ඇහැරවන එක.


ඇරගන හිටපු කටට වතුර බෝතලෙන් ටිකක් හලල මං පාපිස්සට ටිකක් පස්සෙන් ඒ කෙලින්ම හිටගත්තෙ දැන් මූ මගෙ පස්සෙ එන නිසා


පූස්ස්..........


"&@%#&#*#**@*@


"ඒයි තමුසෙ...ආඅහ්හ්.....


එච්චර පින්වතුනි ඇහුනෙ ඒ එක්කම ලස්සනට සුපර් මෑන් වගේ නකුට්ට ගිහින් බිම පතබරියන් වුනෙ........😂😂😂😂😂😂හම්මේ ඉතින් දැනෙන චිත්තප්‍රීතියට මගෙ පෙනහැල්ලත් ඇබරුනාද මන්දා....😂😂😂😂😂


"තමුසෙව මං පස්සෙ අල්ලගනම්.දැන් ඇවිත් මට උදව් කරනවකො නැගිටින්න.


මං හර්ෂණට නැගිටින්න අද දෙන පමාව විතරයි මූ ඇද්ද ඇදිල්ලට මාත් හර්ෂණගෙ ඇගේ


"හහ් මාව වට්ටල තමුසෙ සතුටු වෙන්න නෙහ්...ඒවනම් හදේ මැනිකේ....මෙහෙ එනව


හර්ෂණ එයාගෙ රැවුල් කොට මගෙ මූනෙයි බෙල්ලෙයි අතුල්ලන්න ගත්තෙ මං කෑ ගගහ එපා කියත්දි


"අනේ අනේ.....එහ්..එ.පා....අ..අනේ..


"තමුසෙට මේ දඩුවම හොද වැඩී


"අනේ....දැන් .ඇති ඇ...ති හුම්ම ..හුම්ම ගන් බෑ..හ්හ්


මම පපුවටත් අත තියන් අමාරුවෙන් හුස්ම ගන්නකොටයි නකුට්ට වැඩේ අතෑරියෙ


"හා හා නැගිටිනව මෙතන බොරුවට මාව තම්බන්න පපුව අත ගගා ඉන්නෙ නැතුව


මගෙන් සද්දයක් නැතිනිසාද කොහෙද හර්ෂණ ආයෙත් මට නැගිටින්න කියුවෙ


"තෙනූ...ත්...තුනූ...ශිට් බබා ඔයාට අමාරුද...


"ම්ම්ම්ම්ම්


"අනෙහ්..තෙනූ ඔ.යා ජෝර්ක් එකක් නෙවෙයි නේද කරන්නෙ.ආහ්..හුස්මගන්න අමාරුද..කෝ


"එ.එපාහ්..මෙහෙම ඉන්න දෙ.න්.න


මං පපුවත් අල්ලන් හෙමින් කියුවෙ ඇත්තටම ටිකක් හුස්ම ගන්න අපහසු නිසා වගේම මෙහෙම ටිකක් හිටියම හරියයි කියල හිතුන නිසා


"කෝ..කෝ එන්න තෙනූ.සෝෆා එකෙන් දිගාවෙලා ඉන්න ටිකක්.එතකොට හරියයි


හර්ෂණ ඉක්මනට නැගිටල මාව ඒ අත් දෙකෙන් උස්සල ගිහින් සෝෆා එකෙන් තියල රූම් එකේ ඒසී එකත් වැඩි කරල මට බොන්න වතුර වීදුරුවක් අරන් ආව


"මේක බොන්නකො.ඉක්මනට හරියයි.සොරි තෙනූ.මං මං තරහට නෙවෙයි විහිලුවට ඒක කලේ.ඔයා මට අරහෙම කරපු නිසා ඔයාට රිටන් එකක් දෙන්න ඕනි නිසා එපා කියද්දිත් එහෙම කලේ..සොරි.මං නිසා..


"හරි හරි නකුටෝ ඔය බෙලෙක්කෙ හොල්ලන්නෙ නැතුව පොඩ්ඩක් ඉන්නවකෝ මට හුස්මක් ගන්න දීලා...


"හහ් මේකිගෙ කට.අනෙ අම්මපා පන යන්න ආවත් ඔය බෝක්කුවෙනම් අඩුවක් නෑ.මගෙ කට නෙවෙයිතමුසෙගෙ කටයි බෙලෙක්කෙ.😡😡😡😡


____________________________________________


"අම්මා..........


"අහ් මං ඒත් බැලුව මේ වෙලාවෙ කවුද කියල.එන්න පුතේ ගෙට


"සොරි ආන්ටි.ඊයෙ කටුනයක යන්න වුනා.අදත් ෆැක්ට්‍රි එකේ ප්‍රශ්නයක් විසදලම ආවෙ.ඒකයි පරක්කු වුනේ


"හරි හරි ඉතින් පුතා මට ඊයෙ ඉදන් කෝල් කීයක්නම් ගත්තද.පුතාව දිස්වාසයි වගේම මට මේ කෙල්ල ගැන බයක්නම් නෑ.මෙයා එක්ක ඉන්න අය ගැනයිබය මට


"අනේ යන්න අම්ම යන්න


මං අම්මටත් ගස්සගන හර්ෂණට එහා පැත්තෙන් ඉදගත්තෙ අම්ම තේ හදන්න ගිය නිසා


"දැක්කනෙ ඉතින් අම්ම දන්නව තමුසෙ ගැන.එයා බයේ ඉදල තියෙන්නෙ මං ගැන


"අනේ ලබ්බ.ඉන්නවකො මං අම්මට කියනව මාව රේප් කරන්න හදල ඒක කරන්න බැරිවුන නිසා තමුසෙ මාව මරන්න හැදුව හුස්ම හිර කරල කියල😡😡😡😏😏


"හහ්..මේ හර්ෂණ දෙයක් හිතුවොත් කොහොමහරි කරනව නන්ගී...ඕනිනම් ඉතින් අර කියුව කරගන්න බැරිවුන රේප් එක දැන් වුනත් කරල පෙන්නන්නම්..😏😏


"චී වනචරය..හිතන් ඇති.


අම්ම තේ අරන් ආව නිසා මං ගස්සගන රූම් එකට ගියෙ මගෙ තේ එකවත් නොබී


____________________________________________


ක්ලාස් ඉවරවෙලා යාලුවොත් එක්ක එලියට ආවෙ වෙනද වගේම බඩට මොනාහරි දාගෙනම ගෙදර යනව කියල හිතාගන.


"ඒ තෙනූ.පහත් පහුවෙලා බන් අදනම්.මොකද කරන්නෙ කාල යනවද


"අනේ මේ උබල යනවනම් පව් නොදී කැපියල්ල.මං වඩේ නැන්දගෙන් වඩේ දෙකයි රොටී 4කටයි ප්ලේන්ටි එකටයි වගකියලමයි එන්නෙ.


"හරි ඉතින් අපි බෑ කියුවයෑ.යමන්


අපි කට්ටිය පාර මාරු වෙලා ක්ලාස් එකට ටිකක් එහයින් තියන කෑම කඩේට යන්න ගියෙ.ඒත් එක්කම කාර් එකක් හෝන් කරගන මං ලගින් නතර කලේ ඇගේ ගෑවි නොගෑවි


"මුගෙ ආච්චිට හාල් ගරන්න යකෝ මූට කොහෙන්ද ලයිසන් දීල තියෙන්නෙ.


ඒත් එක්කම කා එකෙන් බැස්සෙ හීන ලෝකෙ මතකෙකවත් හිටපු කෙනෙක් නෙවෙයි.


"නන්ගි.මේ කොහෙද යන්නෙ


"අහ් අයිය.මේ අපි


"අපි රොටී කන්න යනව අයිය.ඔයත් එනවද


අනේ මේ සදූටත් කොල්ලෙක් දැක්කොත් ඇති.මං ගං කබරිට රැව්වෙ දැන් මේ මූකලක් බස්සත් අපි එක්ක එන නිසා


"අහ් හරි එහෙනම් යමු.මාත් ගොඩ කාලෙකින් ස්ට්‍රීට් ෆූඩ්ස් කෑවෙ නෑ.


හම්මෝහ්.කෝමද ඒක.ස්ට්‍රීට් ෆූඩ්ස්..පුහ්හ්....මුගෙ බොරු පොස් එක.😂😂😂😂😂😂


මං ලගින්ම අදිශ අයියවත් ඉන්දවල අරුන් හතර දෙනාත් අපිව වට කරන් ඉදගත්තෙනම් හොදකට නෙවෙයි කියල මට හිතුනෙ


"ඉතින් අයිය.ඔයාගෙ නම මොකක්ද


"අහ් මං අදිශ ටෙහාන්.තෙනූව විතරනෙ ම්ං අදුරන්නෙ.ඔයාලගෙ නමුත් කියනවනම් හොදයි


"මේ අයිය මං සදුනි.සදූ කියන්නකො.මේ සිනෙලි.නෙලී කියල තමයි අපි කතා කරන්නෙ.මේ මධුෂි, මේ සසංකා


"හායි කට්ටියටම.


කට්ටිය මාවයි අදිශ අයියවයි දවසේ බයිට් එක කරන් ඊට් කරල රොටී වඩේ වලටත් වග කියල ඒකෙ බිලත් අදිශ අයියට දීල කට්ටිය එලියට ආවෙ.


"දැන් නන්ගිල යන්නෙ කොහොමද


"අපිනම් ඉතින් පොදු මගී ප්‍රවාහන සේවෙ තමා අයිය


"අහ් එහෙනම් මං ඉතින් මගින් හරි දාගන යන්නම්


"නෑ නෑ ඕනෙ නා අයිය.අපි කට්ටිය යන්නම්.මේ අපේ නෙතූව ගිහින් දාන්න පුලුවන්නම්


මං ඇස් දෙකත් ලොකු කරන් බැලුවෙ මේ පටලවන්න යන කුන්ඩවාලිය මොකක්ද කියල


"අහ් හරි හරි මං මෙයාව එක්ක යන්නම් .එහෙනම් ඔයාලත් පරිස්සමෙන් යන්න.සීයූ 


"බායි අයියා


අරුන් මාවත් බලෙන්ම කාර් එකට ඔබල යන්න ගියෙ මගෙ මල අතේ තියෙත්දි.සෙද්ද.මං මේ දෛශිකයට කැමතිම නෑ.ඇයි දන්නෙ නෑ.උගෙ කුකුල් කම කියල මට හිතෙන්නෙම මූනට දෙකක් අනින්න😒😒😒😒


අදිශ එක්ක තෙනූ කාර් එකේ යනව තවත් ඇස් දෙකක් බලාගන හිටිය කියල තෙනූවත් යාලුවොවත් නම් දැක්කෙ නෑ..


🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼


කවුද දන්නෙ නෑ බලන් හිටියෙ.ඊලග කොටසින් ඒක බලමුකෝ....


❤❤❤❤❤❤❤❤❤❤❤💙💙💙💙💙💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

Report Page