BBb

BBb

ooshi

අද උදේ පාන්දර ස්කෝලෙ යන්න වුනේ තනියම.වෙනදට නම් කම්මැලි නෑ සිතුකය හරි ඉන්නවනේ.දැම් මේක ස්කෝලේ එන්නේ මේකගේ නැන්දාම්මත් එක්ක.යසයි යසයි කොම්ලෝ මට බූට් එක තිබ්බ අපූරුව.ජනේලයක් ලගට සෙට් වෙලා මම පොතක් දිගඇරගත්ත .කියවන්නත් කම්මැලී හැබැයි.



  පන්තියට යන්න කලියෙන් ඉතින් මන් එබුනේ හොර මිනිහව බලන්ට ඒකගේ පන්තියට.මේ ඉන්නේ තඩි ගලක් පන්තියෙ එවුන්ට දිගාරින ගමන්.මාව දැක්කම සිතුකයත් මාත් එක්කම අපෙ පන්තියට ආවා.සිතුකය උගේ පන්තියට වඩා වැඩි වෙලාවක් ඉන්නේ අපේ එකේ.



  Good morning sweetyනැන්දම්ම මට උලුදුවඩේ අරන් දුන්නා



මූ නැන්දම්ම කියන්නේ එහා ගෙදර නම්කියගේ අම්මට.උගේ අයියා අපේ වයසේ .සිතුකයයි ඒකයි නයයි පොලගයි වගේ.උදේට මුන් දෙන්න කොහොම එකට එනවද මන්දා.මේ මිනිහා එක්ක එකතු වෙලානේ මේකා මට පිටුපෑවේ ද්‍රෝහියා.


   

  කවුරු අරන්දුන්නත් මොකෝ කෑමනේ .මේවට කියන්නෙ expensive උලුදු වඩේ කියලා.මොකද මේවගේ මැද හිලක් නෑ.අර කියන්නේ ලාභ බඩුවේ හිලක් ඇත කියලා.


   උදේ ක්ලාස් ටීචර් පන්තියට සෙට් වෙනකම්ම මූ නෙවේ පන්තියට යන්නේ.මිසුත් මූව අපේ පන්තියේ එකෙක් කියලා රැවටෙනවා සමහරවෙලාවට.



  මොකට මේ මගුල් දැන් සිලබස් එකට දානවද මන්දා.මෙච්චර softwere තියාගෙන අපිට දෙනෝනෙ ඉතිම් මේ ගනන් හදන්න පිස්සොන්ට වගේ.මේ රෙද්දෙ මූල්‍ය තත්වේ බැලන්ස් වෙන්නෙත් නෑ.අපරාදෙ බයෝ වලින් මාරු උනේහ්.



   පාසල නිමවී යොවුන් කුමාරයන් වගේ නම් නෙවේ සිතුකයි මායි මේ සුපුරුදු පරිදි හෝල්ට් එකට දුවනවා.මේන් ගේට් එකෙන් ගියොත් හිච්චි ජුන්නොන්ගේ පාට් බල බල පැයක් යනවා ගේට්ටුව ගාවට එන්නම.ඒ නිසා මායි සිත්තයි නව මාර්ගයක් සොයාගත්තා එලියට පනින්න.


  අද බදාදා අපිට accounting ක්ලාස් .අපේ සදමාලිගේ.සදමාලී කසුන් පුතයි.යුගයේ ප්‍රේම කතාව.

ඕක සදමාලිම තමා වල් හිනාව දාගෙන් ඉද්දි පැනි බාල්දියි .සදමාල් සර්ගේ ක්ලාස් පටන් ගන්නේ 3.30ට ඒකයි මේ සිතුකයි මායි පුප ගිනි අරන් වගේ දුවන්නේ .නැත්තම් සදමාලි කොලූ අපිව ඉස්සරහින්ම ඉන්දවගන්නවනෙ.කසුන් කියන්නේ සර්ගේ උදවුවට ඉන්න පොඩි සර් කෙනෙක්.අපි ඉතින් නිකන් ඉන්න බැරුවට මේ දෙන්නව ජෝඩු කලා .හැබැයි පොඩ්ඩක් ඇත්තත් වගේ හුම්ම්.සදමාලි ඒකයි හැමදාම pride flag එකේ පාටින් ටියුට් ප්‍රින්ට් එකරන්නෙ.අපිව තම්බන්න බෑ කොල්ලොහ්.


 හෝල්ට් එකට යද්දිම වගේ 38 හෝමගමක් ආවා.ආමෝහ් වෙනදට අර 25 එනකම් අපි කන කට්ටක්. මේ මගුල් බස් වල අහවල් පාසලේ ගෙම්බෙක් හරි ඉන්නවනේ අම්මපා.ස්කූල් බසුත් තියෙ 10k විතර බලන් බලන බස් එකෙහ් ඉන්න්ව හූනෙක් හරි චික් චික් ගගා.



  හෝමගමට යනකනුත් කරන්න දෙයක් තියෙන්න එපෑ මල්ලේ.මම හදන්නේ රාමායනය අලුතින් ලියන්න.


" සබාවෙන් අවසරයි නෝනාවරුනි මහත්වරුනි මන් අද ඉදිරිපත් කරන්න යන්නේ වාල්දේව්ගේ සිතුකාරායනය "


 මම හෙන ඩ්‍රැමටික් විදියට කියද්දි සිතුකයා මේ මොන සතෙක්ද වගේ බැල්මකින් මගේ දිහා බැලුවා.හරි හරි කලබල වෙන්න එපා මල්ලියෝ .අඩෝ කොහෙද මාව අදන් යන්නේ ඒපාර .අහ්හ් සීට් එකක් .කොහෙද රාමව හොය හොය ඉදිය මිසක් තව පොඩ්ඩෙන් සීට් එක මිස් වෙනෝ.


  නුගේගොඩට කලිම් සීට් එකක් හම්බුනා.අම්මොහ් සතුටුයි කොල්ලොහ්.


  "ඒහ් මේක අදමද කොයිද බන් බස් එහෙම එන්නේ"


අපි ලග හිටගෙන කඩ්ඩෙන් දෙන අයියව පෙන්නල සිතුක මට රහසින් කිවුවා.සිරාවටම හෙන අජූත විදිය්ට ඒකා සීට් එකෙ එල්ලිලා හිටියේ.පොශ් පොරක්ද කොයිද...


  "ඒවා වැඩක් නෑ සගෝ රාමායනය ලියන්න ඕනි"


 "ඔවු ඔවු රාමා නැට්ට ගිනිතියාගෙන මගුලක් කලේ"


සිතුකයට අමු කැවිලද රාමට කොහෙන්ද නැට්ටක්.මාත් confuse වෙලා මේකදිහා බලන් ඉද්දි තමා ඒකටත් වැඩේ තේරුනේ මූ හනුමයි රාමවයි පටලගෙන .සයියෝ සදමාලේ.



 

Report Page