Ayesha

Ayesha


කිරිඅම්මාවරු එන කල බාලේ
මල් වරුසාවක් වැහැපි දෙවේලේ
ඒ මල් අහුලා ගෙන එන වේලේ
කිරිඅම්මා කල දොස නැත බාලේ

ඔසරි පොටක් ගෙන කරට දමාගෙන
සලු පොටකින් මිනි සලඹ වසාගෙන
දළු මුර කරඩුව අතකින් අරගෙන
එන්නයි කිරිඅම්මාවරු සත් දෙන

මේ කවි කියමින් නිවස තුළට ඇතුළු වී මල් අස්න පිළියෙල කර පහන් දල්වන්න.
කිරි ඉතිරවීමට සකස් කරන අතරම පහත කවි කියන්න.

සොද ලෙස යහනක් කරවා හැමවර
සොද සුවදැති මල් පුදවා හැමවර
පුදවා කල රුසි බුලතින් හැමවර
ලිපි බැදලා කිරි උතුරා දොර දොර

මෙලෙසින් කල ඒ හැම විලසේ
මවා අමා විලකුත් එම විගසේ
තෙමමින් සළුපොටකින් එම විලසේ
ඉසිමින් පත්තිනි තෙත්කර සතොසේ

හෙවනේ දෙවියෝ එක්වී මහිමා
පවනේ මල් වැසි වැස්සක් වහිවා
මිහිකත දුක්ගිනි වදුලක් සේමා
මදුරා පුර ගිනි නිවුනේ මෙහෙමා

එ ගිනි නිවා මදුරා පුර වැඩසිට
මෙවැනි දුකක් නොම දෙන ලෙස මෙපුරට
ගින්න නිවා සතහට පිහිටක් කොට
වැඩියයි පතිනිය වෙළ්ලිය අරණට

සෙනෙවි රජුන් හා පඩි බිසවුන් හට
පාවා දීලා මදුරා පුර වට
මෙදුක් නිවා නරලොව ගලවා සිට
වැඩියයි පතිනිය දෙව්ලොව සැපතට

සක් අරණේ ලොව තුළ බිහිවන්නේ
පඩි පුර වැනසීමට ගිනි දුන්නේ
පත්තිනි දෙවිදුන් පින් ලැබ ගන්නේ
පතිවත බලයෙන් අපි රැක දෙන්නේ

පත්තිනි දෙවි බලයෙන් පතිවෘත්තා
මළකොස් කණුවේ ගෙඩි හටගත්තා
සතහට කල කරුණා හා මෙත්තා
පත්තිනි දේවිය රකු මේ ගැත්තා

සිරි අත්ලට පුන් කලස දරාගෙන
නවගමුවේ දෙවොලට අධිපති වන
පත්තිනි සාමිනි මේ පින් ලැබගෙන
දියුණුව යහපත ළං කර දෙනු මැන
දියුණුව යහපත ළං කර දෙනු මැන
දියුණුව යහපත ළං කර දෙනු මැන

Report Page