Ayesha

Ayesha


කිරිබත් රබකැන් කැවිලි පිදෙනවා
බුලත් කපුරු දුම් පඩුරු පිදෙනවා
සුවද විහිදුවමින් කිරි ඉතිරෙනවා
සත් පත්තිනි දෙවි දිවැස් හෙලනවා

මුලු කවියම 3 වරක්

මෙලොව සත් වාරයක් පහළ වූ ...

ජලෙනි ගලෙනි මලෙනි සුරඹ පතිනි උපන්නා
ගලෙනි කුලෙනි සළුවෙනි එක් වරක උපන්නා
එවැනි සවැනි සත්වැනි රන් නමින් උපන්නා
මෙවැනි පතිනි දෙවිදුන් ලක්දිව බබළන්නා

ශ්‍රීමත් උතුම් සිද්ධ පත්තිනි දේව මෑණියන්වහන්ස, ඔබ වහන්සේ ජලෙන් මලෙන් ගලෙන් සලුවෙන් නයිකදුලෙන් ආදී වශයෙන් දොළොස් වාරයක් ඉපිද සිද්ධ පත්තිනි ගිනි පත්තිනි සත් පත්තිනි දොළොස් පත්තිනි ආදී වශයෙන් නම් දොළොසකින් ප්‍රසිද්ධ වන්නා වූ ඔබ වහන්සේගේ මහානුභාව සම්පන්න සලඹ සෙලවූ පමණින් සියළු උවදුරු දුරුවනවා සැබෑමයි උතුම් වූ දේවමෑණියන් වහන්ස ඔබ වහන්සේගේ තෙදබල සිහිකොට අප විසින් කියන ලද මේ කන්නලව්ව දිව නෙත්ට ගෙන දිව කනින් අසා සියළු දොස් දුරලා සකලාන්තර සර්ව උපද්‍රව නිවාරණය කොට දීර්ඝායුෂ සලස්වා වදාරන සේක්වා වදාරන සේක්වා වදාරන සේක්වා

කාරණාව...
භාරයෙන් නිදහස් කිරීම...

ලක්දිව සිරි...


දොළොස් ආකරයකින් දොළොස් වාරයක් ලොව පහළ වූ සත් පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්ස මෙවැනි මේ ආතුරයින් හට දොළොස් මසින් පැමිණියා වූ යම්කිසි රෝගයක් ඇත්තේ වී නම් ඔබවහන්සේගේ දිව නෙතින් බලා වදාරා
තේජෝ බල වික්‍රමානුභාවයෙන්
ආරක්ෂා කරදෙනවයි පිනට පිහිට වෙනවයි
පින් ගන්නවයි ඔබ කීර්ති පස්වාන් දහසකට ආයු බෝ වේවා ආයු බෝ වේවා ආයු බෝ වේවා

පතිනි දෙවිදු දිවැස් හෙලන උඩු ගුවනින් දෙවි වඩින්න
පතිනි දානේ බාරගන්න මේ දානෙන් පින් ලබන්න.


ඍර්ධි වෙලා උඩු ගුවනේ වඩින්නේ
ඍර්ධි සළුව ගෙන පවන් සලන්නේ
සුද්ධ ඇතිව දෙන දන් පිළිගන්නේ
සිද්ධ පතිනි දෙවි මේ පින් ගන්නේ

ඉන්ද්‍ර දිගේ කිරි අම්මාවරුනේ ...

මතු බුදු වන ශ්‍රී සිද්ධ පත්තිනි දේව ස්වාමින්වහන්ස ඔබ වහන්සේ පතිවත බල මහිමය කරණ කොට ගෙන පඬි රට සීතලව පඩි රට ඇතුළු සතුරන් සමූල ඝාතනය කොට මුළු මුළු ලොවටම ඔබ මහිමය පෙන්වා සත් වාරයක් සත් නාමයකින් ජනිතව බලය පැතිර වූ සත් පත්තිනි දේවයන් වහන්ස, අද ද ඔබ වහන්සේගේ ශ්‍රී නාමය සිහිපත් කරමින් අඩුක්කු මල් පහන් පුද දෙන අසරණ ගැත්තන්ට අනුකම්පා කර දිවැස් බලා වදාරා ඔවුන්ට වැලද තිබෙන්නාවූ වැලදෙන්නා වූ ඇස් වහ කට වහ අණවින ලෙඩ රෝග අතුරු ආන්තරා ව්‍යාධි ආඩපාලි දූරිම්භූත කොට ඔවුන්ගේ අබු දරුවන් ගේ දොර හරකා බාන වතුපිටි ගොවිතැන් රැකිරක්ශා දරුවන්ගේ අධයාපන කටයුතු මෙකී නොකී සියල්ල ම ආරක්ෂා කර ඔවුන්ගේ සියලු වියවුල් සිත් තැවුල් අඩුපාඩු මගහරවා යසඉසුරු ලගා කර දෙන මෙන් ඉල්ලා ඔබ වහන්සේගේ ශ්‍රී නාමය සිහිපත් කර ඒ වෙනුවෙන් අප ඉදිරියේ තබා ඇති සියලු අංගයන්ගෙන් පරිපූර්ණ වූ මෙම දානය අප විසින් පිළිගැනීම හේතුකොටගෙන ඔවුන් ලබන පුණ්‍ය කර්මයේ බල මහිමය ඔබ වහන්සේට අත්පත් වීමෙන් මතු බුදු වන දේව ස්වාමින්වහන්ස මොවුන් ආරක්ෂා කර දෙන සේක්වා
මොවුන් ආරක්ෂා කර දෙන සේක්වා
මොවුන් ආරක්ෂා කර දෙන සේක්වා

පත්තිනි දෙවි පිහිටයි ආරක්ෂාවයි

Report Page