Av

Av


🔥මනමාල_දෑසක්🔥


♥️ කොටස්_කිහිපයක_කෙටි_කතාවක්♥️


අට වන කොටස 🌹


සහසි ඒ වෙලේ රවාගෙන මනුල්ට ඇහෙන් පෙන්නුවෙ සිහිනිවයි, ශෙරාන්වයි...


ආ..... හරි හරි... යමු යමු...


සහසිගෙ ඉඟිය තේරුණ නිසා මනුල් එහෙම කියාගෙන නැගිටලා සහසිත් එකක් එළියෙ ගාඩ්න් එකේ බෙන්ච් එක ළඟට ගියා....

සාලෙ තනි වුණේ ශෙරානුයි සිහිනී....


🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹


මේ සහසිට කම්මැලී කියලා මට ඉන්න කිව්වෙ බොරුවටනේ... මට මොකට ඉන්න කිව්වද මන්දා... මේ ශෙරාන් අයියා කන්න වගේ බලන් ඉන්නවත්..

මං දැන් මේක බීලා ගියානම් හරී.. 


කොෆී එක බොන ගමන් සිහිනි කල්පනා කරා...


කොෆී එක රසයි..


මෙච්චර වෙලා තිබුණ නිහඬ බව බිඳමින් ශෙරාන් එහෙම කියලා කොෆී බීලා කප් එක ට්‍රේ එකෙන් තිබ්බා..

ශෙරාන් එහෙම කිව්වහම සිහිනි ශෙරාන් දෙස බලා මද හිනාවක් පෑවා...


සිහිනිට රසට උයන්නත් පුළුවන්ද


ම්...පුළුවන්... ඒත් ඉතින් අම්මා තරම්ම රසට බෑ...


සිහිනි බෙල්ලත් ඇල කරගෙන හුරතලෙන් එහෙම කිව්වම ශෙරාන්ට හිතුනෙම සිහිනිව තමන් වෙතට ඇදල අරගෙන තුරුළු කර ගන්න...


මේ... අයියේ..ඔයාට පුළුවන් නේද මාව අපේ ගෙදරට දාන්න


සිහිනි සෝෆා එකෙන් නැගිටින ගමන් කිව්වා..


ඇයි සිහිනි ඔයාට මොකක් වැඩක් තියෙනවද


ශෙරාන් ඇහුවෙ හදිස්සියෙන් ..


එහෙමම වැඩක් නෑ.. ඒත් ඉතින් ...


විතරයි සිහිනිට කියන්න පුළුවන් වුණේ ශෙරාන් මැදින් කතා කරන්න ගත්තා..


වැඩක් නැත්නම් ඉතින් ඉන්න බැරි කමක් නැහැනෙ සිහිනි ..

 මට ඔයා එක්ක කතා කරන්න ඕන ටිකක් ඉඳගන්නකෝ..


ශෙරාන් නිවුනු හඬින් එහෙම කිව්වා...


මෙයාට මොනාද මං එක්ක කතා කරන්න තියෙන්නෙ.. ඔයා ඔය කරන දේවල් වලින් මගේ හිත රිදෙන එකයි වෙන්නෙ ශෙරාන් අයියේ... මාව අසරණ කරන්න එපා දෙයියනේ..


සිහිනි මැලවුණු මුහුණින් එහෙම හිත හිතා සෝෆා එකෙන් ඉඳගත්තා..


ඕන දෙයක් වෙච්චදෙන්.. මං මේක දැන් ඔයාට කියනව මැණික..අද මං නොකිව්වොත් මට නින්දක් යන එකක් නෑ.....


සිහිනිගෙ මුහුණ දිහාම බලාගෙන හිටිය ශෙරාන් එහෙම හිතන ගමන් සෝෆා එකෙන් නැගිට්ටා...


සිහිනි එන්නකො අපි පිටි පස්සෙ වැව ළඟට යමු


අනේ... ඒ මොකටද.. මට බෑ..


සිහිනි ඇස් දෙකත් ලොකු කරගෙන කිව්වෙ වේගෙන් ගැහෙන පපුවට අතකත් තියාගෙන..


ඇයි බැරී... මෙහේ එනවකෝ... මං ගිලින්නෙ නෑ....මට ඔයාට කියන්න ඕන දේ මෙතන කියන්න බෑ.... ටිකක් නිදහස් තැනකට යන්න ඕන


ශෙරාන් එහෙම කියලා සිහිනිගෙ අතකින් ඇදගෙන ඇවිත් නතර වුණේ ගේ පිටිපස්සේ තියෙන එක පොදියට නෙළුම් මල් පිපිලා තියෙන වැව ළඟ බෙන්ච් එක ළඟින්..


අන්..නේ අත අරින්නකෝ..


සිහිනි වෙව්ලන හඬින් එහෙම කිව්වම ශෙරාන් සිහිනිගෙ අත ඇරියා...


සිහිනි ටිකක් ඉස්සරහට ගිහින් බලාගෙන හිටියෙ එක පොදියට පිපිලා තියෙන නෙළුම් මල් දිහා.... ඒ එක්කම ඇඟම සීතල වෙලා යන්න හැමුව මද සුළඟට සිහිනිගෙ කන් දෙපැත්තේ රැඳි කෙහෙ රැලි මූණට ආවම අමුතුම දඟකාර කමක්.. හුරතල් කමක්... ශෙරාන් දැක්කා


සිහිනි....ඔයා මං ගැන වැරදියට හිතන්න එපා.... මං මේ කියන දේ හොඳට අහගෙන ඉඳලා මට උත්තරයක් දෙන්න... අදම ඕන නෑ...ඔයා කල් අරගෙන මට උත්තරයක් දෙන්න..


මොනාද මේ මෙයා කියන්න හදන්නෙ.. මට කැමතී කියලවත්ද... නෑ නෑ...ඒකනම් කීයටවත් වෙන්නෙ නෑ සිහිනී... ඒත් මොනා ගැනද මෙයා කියන්නෙ..මගේ පපුවත් වේගෙන් ගැහෙනවා දැන්නම්.... 


සිහිනි එහෙම හිතන ගමන් බැලුවෙ ඔළුව හරවලා තමන්ගෙ එහා පැත්තෙ තමන් දිහා බලාගෙන හිටගෙන ඉන්න ශෙරාන් දිහා....


සිහිනිට දැනුණේ කකුල් දෙකත් පණ නෑ වගේ... ඇඟත් වෙව්ලනවා වගේ... එහෙන්ම සිහිනි එතන තිබුණ බෙන්ච් එකෙන් ඉඳගත්තා....


මොකක් ගැනද ඔයා..කියන්නෙ


තමන් ඉදිරියෙන් ඉන්න ශෙරාන් දිහා බලාගෙන ඇහුවා.. ශෙරාන් ඇවිත් සිහිනි ඉන්න තැනින්ම ඉඳගෙන සිහිනිගෙ අත් දෙකම තම අත් දෙකෙන් අල්ල ගත්තෙ සිහිනිගෙ ඇස් දෙක විශාල වී... මොකක්දෝ කියා ගන්න බැරි අමුතුම හැඟීමකින් හිත පිරෙද්දී..... යටි හිතෙන් මේ දේට ආස කරත්... සිහිනිට මතක් වෙන්නෙ ශෙරාන් කියන්නෙ තමන්ට අයිති නැති වස්තුවක් කියලයි....ඒත් සිහිනි තම අත ශෙරාන්ගෙ අතින් ලිහිල් කරන්න උත්සාහ ගත්තෙ නෑ.... සිහිනි දෑස් දෙකත් ලොකු කරගෙන බලාගෙනම හිටියේ ශෙරාන්ගෙ මුව දෙස ....

නිල් පැහැති දෑස.. කළු පැහැති ඇහි බැමි , ලස්සනට ශේප් කරලා තියෙන රැව්ල, ලා රත් පැහැති දෙතොල්..


ශෙරානුත් කිසික් නොකියා බලාගෙන හිටියෙ සිහිනි දෙස.... රෝස පැහැති දෙතොල... තද කළු බෝල ඇස් දෙක... පිරුණු මුහුණ..කැලලක්වත් නැති මුහුණ... ශෙරාන්ට කලින්ට වඩා සිහිනිව අද ලස්සනට පෙනුණා...

ටික වෙලාවක් නිහඬව හිටිය ශෙරාන් තම හඬ අවදි කරා


සිහිනි ... ඔයා දැක්ක මුල් දවසෙමයි මට ඔයා ගැන කැමැත්තක් ඇති වුණේ... ඇත්තටම එදා ඉඳලා මං ඔයා කවුද , කොහේද කියලා හෙව්වා...ඒත් මට විස්තර හම්බ වුණේ නැහැ.... ඒත් මං හීනෙකින්වත් බලාපොරොත්තු නොවුණ විදිහට මට ආයෙ ඔයාව දකින්න හම්බ වුණා.... ඒ අපේ ගෙදර පාර්ටි එකේදී.... ඇත්තටම මට පුදුම සතුටක් ඒ වෙලේ ඇති වුණේ.... කෙනෙක් දැක්ක පලියට ආදරේ හිතෙන්නෙ නෑ.... ඔයා එහෙම හිතයි....ඒත් මං දන්නෙ නෑ සිහිනී...මගේ හිත පිස්සුවෙන් වගේ ඔයා දැක්ක දවසේ ඉඳලා ඔයාට ආදරේ කරනවා.... මගේ හිතේ ඔයා ගැන ආදරයක් තියෙනවා සිහිනී.... මං ගැන වැරදියට හිතන්න එපා.. මීට කලින් කිසිම කෙ//ල්//ලෙ//ක් ගැන මට මෙහෙම දැනිලා නෑ.... මට ඔයාගෙන් දැන්ම උත්තරයක් එපා..... ඔයා හොඳට කල්පනා කරලා මට උත්තරයක් දෙන්න... මං ඔයාට බොරුවක් කරන්නෙ නෑ....මැ//රෙ//න//ක/න් ඔයා එක්ක ඉන්නයි මට ඕන... මේ පපුවෙ ඔයා වෙනුවෙන් උතුරන්න ආදරේ තියෙනව රත්තරන්...


ශෙරාන් වෙව්ලන හඬින් එහෙම කියලා සිහිනිගෙ අත්දෙක තම පපුවට උඩින් තිබ්බා... ඒ එක්කම සිහිනි ශෙරාන්ගෙ දෑතින් තම දෑත අරගෙන ඉක්මන නැගිට්ටා...


ඔයාට පිස්සුද ශෙරාන් අයියේ


ඇයි


ඇයි අහන්නෙ ඔයාට මට වඩා කොච්චර හොඳ කෙනෙක් හොයාගන්න පුළුවන්ද, අනික එදා ඔයා කිව්වෙ ඔයාගෙ හිතේ කෙනෙක් ඉන්නවා කියලා.. ඊටත් චූටිම ඔයාට මං ඉද්දිම ඇවිත් කිව්වෙ කේශලාව තමයි ඔයාට මැරි කරන්න වෙන්නෙ කියලා


සිහිනි කියාගෙන කියාගෙන ගියා..


ඔව් මං එදා කිව්වා මගේ හිතේ කෙනෙක් ඉන්නවා කියලා... ඒ කෙනා ඔයයි සිහිනී...අනිත් එක තමයි මං කේශලාව මැරි කරන්නේ නෑ .. මං හිතන්නෙ නෑ මගේ අකමැත්තෙන් ගෙදරින් මට කේශලාව බන්ඳලා දෙයි කියලා... අනිත් එක තමයි සිහිනී...


ශෙරාන් එහෙම කියලා මනමාල බැලිමක් දාලා නැගිටලා සිහිනි ළඟට ඇවිත්...


මගේ හිතේ ඉන්නෙ ඔයා විතරමයි.... ඔයා හා කිව්වොත්...අපේ ගෙදර අය ගැන මං බලා ගන්නම්.... ඔයා තමයි මට ගැළපෙන එකම...හොඳම කෙනා.... මට සතුටුදායක උත්තරයක් ඕන.... නැත්නමි මං පිස්සෙක් වෙයි... හොඳට කල්පනා කරලා...මට කියන්න...


ආ...... මේ ඉන්නෙ කපල් එක....අපි බැලුවා ගේ ඇතුළේ හිටපු දෙන්නා කෝ කියලා..... 


සහසි එහෙම කියාගෙන මනුල් එක්ක ශෙරානුයි සිහිනී ඉන්න තැනට ආවා 


 අයියේ....මොකද කියන්නේ අපි බීච් ගිහින් එමුකෝ....අම්මලා එද්දී ටිකක් රෑ වෙයිනේ... අනේ...යමුකෝ....


සහසි ශෙරාගෙ අතේ එල්ලිලා කිව්වා...


ම්ම්.. හරි එහෙනම් යමුකෝ.. 


අනේ මගේ හොඳ...අයියා...


සහසි එහෙම කියන ගමන් ශෙරාන්ගෙ කම්මුලක් මිරිකලා...


අයියේ ..ඔයා එහෙනම් ඔයාගෙ කාර් එකේ සිහිනි අක්කා එක්ක එන්න... මං මනුල් අයියා එක්ක එන්නමි.. මේ අර ටවුන් එක ළඟ තියෙන බීච් එකට එන්න..


සහසි එහෙම කියලා මනුල් එක්ක ගියා...


අපිත් යමු සිහිනි 


ශෙරාන් එහෙම කියලා සිහිනි එක්ක ඉස්සර වුණා..


මේ.. ශෙරාන් අයියේ


ම්ම්මි


මට බීච් යන්න බෑ...ඔයා මාව ටවුන් එකෙන් බස්සනවද.. මට එතකොට එතන ඉඳන් ටැක්සි එකක ගෙදර යන්න පුළුවන්


හ්ම්.. යමුකො


ශෙරාන් එහෙම කියාගෙන කාර් එක ළඟට යනකොට සිහිනි බෑග් එකත් අරගෙන හිමින් හිමින් ඇවිත් කාර් එකේ දොර ඇරගෙන ඉඳගත්තා....


මොනාද දෙයියනේ මේ වුණේ.....මේ හැමදේම මට නිදහසේ කල්පනා කරන්න ඕන..... ශෙරාන් අයියා ඇත්තටමද මට ආදරෙයි කිව්වෙ... එතකොට එයත් මාව දැක්ක මුල් දවසෙ ඉඳන්ද මට ආදරේ කරලා තියෙන්නේ... මමත් එයාට ආදරෙයි කියනවද... ඒත් සිහිනී... ඔයා එයාට ආදරෙයි කිව්වොත් ඉස්සරහට මොන වගේ ප්‍රශ්න එයිද... අනේ....මගේ ඔළුවත් අවුල් වෙලා..... මං ගෙදර යන්න ඕන.... මට පිස්සු වගේ... 


සිහිනි සීට් එකට හේත්තු වෙලා වීදුරුවෙන් පේන පාර දිහා බල බල කල්පනා කර කර ආවා ...


ශෙරාන් හිටියෙ කොහොම හරි අද දවස ඇතුළත තමන්ගෙ හිතේ තිබුණ දේ සිහිනිට කිව්ව නිසා ෆුල් හැපී එකේ....ඒ වගේම ශෙරාන්ට පොඩි බලාපොරොත්තුවකත් තිබුණා සිහිනි කැමති වෙයි වගේ කියලා...


නොදැනීම වගේ කාර් එක ටවුන් එකට ළඟා වුණා..


ආ...මේ මාව අර ඉස්සරහට හෝල්ට් එකෙන් බස්සන්න අයියේ


සිහිනි කිව්වෙ දබරැගිලේන් ඉස්සරහ තියෙන බස් හෝල්ට් එක පෙන්නමින්...


ඒත් ශෙරාන් සිහිනි කිව්ව දේ නෑහුණ ගානට සිහිනි පෙන් වූ බස් හෝල්ට් එක පාස් කරගෙන ගියා...


කන බීරීද ඔයාගෙ, ප්ලීස් මාව මෙතනින් බස්සන්න , මට බීච් යන්න ඕන නෑ...


සිහිනි තරමක් කේන්තියෙන් ශෙරාන් දිහා බලාගෙන කිව්වා

ඒත් ශෙරාන් ඒ කිසිත් නෑහුණ ගානට කාර් එක ඩ්‍රයිව් කරේ වේගෙ තව ටිකක් වැඩි කරමින්..


මොකක්ද ශෙරාන් අයියෙ ඔයාට වෙලා තියෙන්නේ... කන ඇහෙන්නෙ නැද්ද... මාව ඉස්සරහ තියෙන හෝල්ට් එකක් ළඟින් බස්සන්න


සිහිනි කිව්වෙ තරමක් හයියෙන් කේන්තියෙන්...ඇස් දෙකත් ලොකු කරගෙන.. ශෙරාන්ගෙ වම් උරහිස තම දකුණත ඇඟිලි තුඩු වලින් තරමක් රිදෙන්න අල්ලන ගමන්... 


ආව්..... යකින්නියේ ඒකනම් රිදුනා..


ශෙරාන් එහෙම කියාගෙන තම උරහිසේ තියෙන සිහිනිගෙ අතට උඩින් තම අත තියා ගත්තා... සිහිනි කේන්තියෙන් තම අත අරගත්තා..


කරුණාකරලා කාර් එක නතර කරන්න ශෙරාන් අයියේ


සිහිනි එහෙම කිව්වා විතරයි.. ශෙරාන් බැලුවෙ හිනාවීගෙන සිහිනි දිහා..


බෑ.... නතර කරන්නෙ නෑ... මං අද ඔයාව බීච් එක්කගෙන යනවමයි.... ඔයා ඔහොම ඉන්නකොට ෂෝයි අප්පා.... මූණ රතූ වෙලා.. ජම්බු ගෙඩියක් වගේ..


ශෙරාන් ඇස් දෙකත් ලොකු කරගෙන මූණෙන් එක එක විදිහෙ ඇක්ෂන් දදා කියවනවා

සිහිනි බලාගෙන හිටියෙ කේන්තියෙන් ශෙරාන් කියවනකොට...හිත ඇතුළන් ශෙරාන්ගෙ මේ දඟකාරකම ආස වුණත් සිහිනී .. ඒ දේ පෙන්නුවෙ නෑ...

ශෙරාන් කියන දේවල් අහන් හිටිය සිහිනී..


මීට පස්සෙ මං ඔයා එක්ක කොහෙවත් යන්න එන්නෙ නෑ


සිහිනි එහෙම කියලා ගැස්සෙගෙන වීදුරුව පැත්තට හැරුණා..


ඔය එරවිලී.... ගැස්සිලිනම් මට තියා ගන්න එපා මැණිකේ...


ශෙරාන් දෙතොලතේ හිනාවක් රඳවගෙන ඉස්සරහ බලාගෙන ඩ්‍රයිව් කරන ගමන් කිව්වා..


කාටද කිව්වෙ


සිහිනි ශෙරාන් දිහා නොබලා ඇහුවා...


කාටද අහන්නෙ... මෙතන මමයි ඔයයිනෙ ඉන්නෙ .. ඔයාට කිව්වෙ


ආ........ මං හිතුවෙ මේ...කේශලාට කියලා....


සිහිනි ඇස් දෙකත් ලොකු කරගෙන .. නලලත් රැලි කරගෙන ඇදලා පැදලා කිව්වා..


අනේ මේ සිහිනි මගේ යකා අවුස්ස ගන්න එපා... කේශලාව ඇදලා අරගෙන


ශෙරාන් කේන්තියෙන් එහෙම කිව්වෙ සිහිනි දිහා බලාගෙන..


 ශෙරාන්ට කේන්තියට මූණ රෝස පාට වෙලා... සිහිනි අමාරුවෙන් හිනාව තද කරගෙන හිටියෙ තමන් හිනා වෙනවා දැක්කොත් ශෙරාන් මොනව කරයිද කියලා බය නිසා...


පුදුම කේන්තියක් යන්නෙ... තියෙන නපුරකම.. මට වඩා සුදුද මන්ද මෙයා... ඉරිසියාවෙ බෑ..... 


සිහිනි හොරැහින් ඉස්සරහ බලාගෙන ඩ්‍රයිව් කරන ශෙරාන් දිහා බලලා හිතුවා...


පාර අයිනට කරලා කාර් එක නතර කරා විතරයි ශෙරාන්ට කලින් සිහිනි බැහැලා ශෙරාන්වත් පාස් කරන් බීච් එක පැත්තට අඩි කිහිපයක් ආවා... ඒත් සිහිනිට එන්න පුළුවන් වුණේ එච්චරයි... ටිකක් ඉස්සරහට වෙන්න කො//ල්//ලො පස් හය දෙනෙක් හිටියෙ සි//ග//ර//ට් බිබී...


ශිට්....මැදයි මං අරයටත් ගස්සගෙන ඉස්සර වුණා.... මාර නෝන්ඩිය..දැන් මොනා කරන්නද ඉතින් ශෙරාන් එක්කම තමයි යන්නෙ


මූණත් බෙරිකරගෙන සිහිනි කල්පනා කරා..


මොකද මැඩම් නැවතුනේ...කට තිබ්බට බයයිනේ...


ශෙරාන් කට කොනින් හිනාවෙන ගමන් ටිකක් ඉස්සරහට වෙන්න ඉන්න කො//ල්//ලො දිහාත් බලන ගමන් එහෙම ඇහුවා..


හරි මැණික අපි යමුකෝ.,.


ශෙරාන් එහෙම කියලා සිහිනිගෙ බඳවටා දෑතක් දමා ගත්තෙ සිහිනිගේ දෑස් ලොකු වෙද්දී...


✍️ සපුනි හර්ෂණී


❌🚫 කර්තෘ අවසරයකින් තොරව කිසිදු ආකාරයක උපුටා ගැනීමක් සපුරා තහනම් 🚫❌


🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹


සඳුදාට හමුවෙමු ළමයි💕


කතාව කොහොමද.......?❤️


අදහස් කියාගෙන යන්න බලන්න ...🌹


අනිවාර්යයෙන් Like ,Comments දාන්න ළමයි.....


ළමයි Sticker Comments ටිකකුත් දාගෙන යන්න තව අයට කතාව පේන්න..❤️

Report Page