Aurora

Aurora

දැනුම් කේන්ද්‍රය

මෙවැනි තොරතුරු දැනගැනීමට👇

https://t.me/joinchat/9boCWogIvJVmNGFl

"ඖරෝරා" කියන්නේ අහසේ ඇතිවෙන ඉතා සුන්දර එළි පෙළක් කිව්වොත් නිවැරදියි.අපට මේවා දකින්න නොලැබුනත් උත්තරද්‍රවය හා දක්ශිණද්‍රවය ආශ්‍රිතව මේවා බහුලව දකින්න පුලුවන් වෙනවා.මේවා බහුලව රාත්‍රී කාලයේදී දක්නට ලැබුනද මේවා දහවල් කාලයේදීද සිදුවනවා නමුත් දහවල් කාලයේ පවතින හිරු රැස් නිසා මේවා දැකේමට අපහසු වෙනවා.මේවා ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් පවතිනවා.එක් වර්ගයක් "උතුරු එළි" (nothern light) නම් වන අතර අනෙක් වර්ගය "දක්ශිණ එළි" (southern light) නම් වෙනවා.ඉතා අලංකාර මේවා සැතපුම් ගණන් දුරට විහිදෙනවා.මේ "ඖරෝරා" ඇතිවීමට පෘතුවිය වටා පවතින චුම්භක ක්ශේත්‍රය බලපානවා.මෙම චුම්භක ක්ශේත්‍රය "චුම්භකාර්ධගෝලය" නම් වෙනවා.මේ "චුමභකාර්ධගෝලය" හා ඉලෙක්ට්‍රෝන අතර ඇතිවෙන අන්තර්ක්‍රියා හේතුවෙන් මෙම ඖරෝරා ඇතිවෙනවා.රතු, දම්, කොළ, තැඹිළි, සුදු, කහ හා නිල් පැහැයන් ගෙන් මෙම ඖරෝරා දැකියහැකි වෙනවා.මෙවැනි දීප්තිමත් එළි අගහරු හා සෙනසුරු වැනි ග්‍රහලෝක වලද දැකිය හැකිය.ඖරෝරා ඇතිවීමට සූර්යය සුළන් බලපායි.මේ සුළන් වල විශේෂත්වයක් පවතී.මේ සුළන් වල ඉලෙක්ට්‍රොන, ප්‍රෝටෝන හා ප්ලාස්මා අඩංගු වෙනවා.මේ සුළන් ඇතිවීම නිසා පෘතුවිය වටා පවතින චුම්භකාර්ධගෝලයේ සිදුවන පැතිරීම විකාශනය වෙනවා.මෙය ඖරෝරා ඇතිවීමට බලපානවා.

උ.ගැ.

Report Page