Aurora ❄️
Lia 🪄Episode 04 🌹
"ආහ්.."
ඔලුව පැලෙන්න වගේ ආපු නිසා මට කෑගැහුනා..
"හනා..හනා ඔයාට අමාරුද? හනා මොකද? හනා.."
ටෙසී මැෂින් එක මගෙ ඔලුවෙන් ගලවන ගමන් එකදිගට ප්‍රශ්ණ අහනව..
ඒකිට උත්තර දෙන එක පැත්තක තියල බාතෲම් එකට දුවන් ගිහින් ඔලුව වතුර භාජනේක ඔබාගන්න හිතිල මම ඉන්නෙ.
අම්මෝ...
"හනා...හනා කතා කරපං බං"
"අයියෝ ටෙසී මම හොඳින් නෙමේ යකෝ..මගෙ ඔලුව රිදෙනවා.."
වේදනාව නිසාම මම ටෙසීට කෑගැහුවා..
ටෙස්ට ඒක තේරෙන්නැති.
"ආහ්...මේ පෙති දෙක බීල නිදාගනිං ටිකක්"
නිල් පාට පෙත්තක් දීල ටෙසී කිව්ව.
ඒක විගහට බීල දාපු මම ඇලවුනා..
'අනාවැකිය..අනාවැකිය..අනාවැකිය..ඖරෝරා අධිරැජිණගේ අනාවැකිය..ඒ ඔබේ අනාවැකිය..'
ඔලුව ඇතුලෙන් භයංකාර හඬක් මුමුණද්දි මට එහෙම්මම නින්ද ගියා...
"දන්නෙ නෑ ඩැනී..මේකි මේ කියවන්නෙ සුරංගනා කතාවක්..මට තේරෙන්නෙ නෑ..."
සිහිය ටික ටික එද්දි මගේ කණට වැටුනෙ මගේ සදාදරණීය මිතුරිය ටෙසීගෙ හඬ.
මොනාද යකූ මම කියෙව්වෙ?
"හ්ම්ම්...ඖරෝරා..මේක ලොකු ඉතිහාසයක් තියෙන කතාවක්. හැබැයි සුරංගනා කතාවක් වගේ. ඒ නිසා කිසි කෙනෙක් විශ්වාස කරන්නෑ...."
"අඩෝ මම ඇහැරියෝ..."
එකපාරටම මම් බෙරිහන් දෙද්දි ඩැනීයි ටෙසීයි කලබල උනු හැටි දැකල මට බක බක ගාල හිනා ගියා.
ඩැනිය බිම..ටෙසී බිත්තියට හේත්තු වෙලා පපුවට අතතියන් බිරාන්ත වෙලා ඉන්නව.
"තෝ හනා..ඔහොම්මමයි මේකි.."
මුලින්ම සිහියට ආපු ඩැනී ළඟ තිබ්බ ගැජමැටික් එකක් කුදලන් මට ගහන්න එද්දි මම ඇඳෙන් බිමට පැනල දුවන්න ගත්තෙ ඩැනියගෙන් මගෙ පණ කෙන්ද බේරගන්න.
සැක්..පාප මිත්‍රයො මුං..
අනිත් උන් ආවෙ නැත්තෙ මේක ටෙසීගෙ අධිආරක්ෂිත කුටිය හින්ද වෙන්න ඇති..
හම්මෝ..ප්‍රොපා දන්නවනම් එහෙම ඉඳල ඉවරයි මුංගෙ විගඩම්..
"ඕයි හනා හිටපං ඕම"
ඩැනී පස්සෙන් එද්දි මම හූ තිය තිය ඒකිගෙ දිහා බලං දුවද්දි එකපාරටම හැප්පුනේ..ගල් පර්වතේක මයෙ හිතේ..
බුදාම්මෝ.....
බිම පතබෑවෙන්න ගිය මගේ බඳ වටා ගෙතුනෙ දැඩි දෑතක්..
හුරුපුරුදු උනුහුමක්..
එකපාරටම ඩැනීගෙ කෑගැහිල්ලත් නැනැවතුනා.
මේ විපර්‍යාසය මොකද්ද බලන්න මාත් ඇහැක් ඇරල බැලුව.
මොකක්????
මාස් එකක් දාගත්තු හෙන උස මහත පොරක්..
ඒ ඇස් විතරයි පේන්නෙ..
තද කොළ පාට ඇස් දෙකක්..
මාව ඒ ඇස් වලට ඇදගන්නව වගේ මට දැනුනෙ..
ඒ ඇසුත් නොසංසුන්..
මං දන්නෙ නෑ..ඒ ඇස් දෙකත් පුදුම වෙලා..
විනාඩි පහක්..නෑ..දහයක්...
"හේයි ඉඩියට් මාව අතාරිනව ඕයි"
එකපාරටම මම කැගැහුව නිසා මාව එකපාරටම ඒ මනුස්සය අතෑරියා..
අතාරින්න කිව්වම මේක මාව බිමටම අතෑරියෙ නැතෑ..
පගෙ පස්ස් බිම ඇනුනම මට දවල් තරු පෙනුන සාම්ත..
"ආවූ........."
පශ්චාත් භාගෙන් ලොකූ වේදනාවක් එද්දි මම කට ඇරියෙ මේකට බනින්න..
ඒත්...එයා අතුරුදන් වෙලා..
ඒක මායාවක් වගේ..
දෙවියනේ ඒ මොකද්ද?
දැන් මෙතන හිටපු මනුස්සය කොහෙටද අන්තරස්දාන උනේ? 🤐
"හනා උඹ හොඳින්ද?"
ඩැනී කෑගහගෙන මං ගාවට ආව.
"ඒ මොකද්ද බං?"
මම ඇහුවෙ තාම නිකන් තෝන්තුවෙන් වගේ.
"දන්නෙ කවුද බං..ආ..මෙහෙ වරෙන්..අනිත් උන්ගෙනුත් අහමු..කොහෙද මේක මාස්ක් එකක් දාලනෙ"
ඩැනියි ටෙසීයි මාව නැගිට්ටවගත්ත.
මම හනායා ක්ෂේත්‍රී ශාක්‍යසිංහ..හෙ හේ ඔවු මං ශ්‍රී ලංකන් 😁 හයර් ස්ටඩී වලට අම්මිල මාව ඇමෙරිකා එව්ව. මට දැන් වයස 20යි.
මට ඉන්නෙ නංගි කෙනෙක් විතරයි. එයා නම් තාම ස්කූල් යනව. ලංකාවෙ ඉන්නෙ.
රිසෙන්බර් තමයි මගේ සරසවිය.
ඒකෙ පුරාවිද්‍යාව තමයි මම හදාරන්නෙ.
එතකොට මගෙ පාපමිත්‍රයො කැල තමා ටෙසී,ඩැනී, ලෝරි, එෆී, ශෝවි, බෙලා, කෙවින් සහ එරිකා.
ටෙසී මේගන් මනෝවිද්‍යාව හදාරනව. සෙට් එකේ මීටරේ තමා ඒකි.
එතකොට ඩැනියෙලා අයිලැක් කියන්නෙ මගේ නිවුන්න වගේ තනිකර මෙන්ටල් පොරක්.
ඒකිත් මා එක්ක පුරාවිද්‍යාව තමා කරන්නෙ.
බෙලා රූස්වෙල් කරන්නෙ ෆැෂන් ඩිසයිනින්. අපේ කට්ටියගෙන් නිර්මාණශීලීම මනසක් තියෙන්නෙ ඒකිට.
කෙවින් කියන්නෙ කැම්පස් එකේ ඉන්න හැන්ඩ්ස්ම්ම වගේම සල්ලිකාරම කොල්ල.
ඉහේ ඉඳන් දෙපතුල වෙනකන් ආඩම්බර උනාට අපිට නම් පණ ඇරල. මොංගල් මනසක් තියෙන්නෙ උටත්.
ශෝවි කෙවින්ගෙ බෙස්ට. එයත් අපිත් එක්ක ෆිට්..
එෆී බෙලාගෙ බෙස්ටි. උන් දෙන්න එකතු උනාම කච කචේ ඉවරයක් නෑ.
කොටින්ම සෑම් අංකල්ගෙ කුණු බක්කියෙ තිබ්බ ගෑනු යටඇඳුමෙ ඉඳන් ප්‍රොපාගෙ කණ්ණාඩිය හැදුව ග්ලෝරි මැඩම්ගෙ සපත්තුවෙ ගානට යනකන් ඕනෙ දෙයක් මේ රොයිටර් දෙකට හොයාගන්න පුලුවන්.
ලෝරි, එරිකා ට්වින්ස්ල.
එකම වගේ මූණු තිබුනට වෙනස්ම ගතිගුණ තියෙන ඩෑල් දෙකක්.
අපිටම හරියනව.
"ඒයි හනා..තමුසෙ මොකද්ද ඔය ඇඳන් ඉන්නෙ?"
ඉදිරියට.......✍️
මොකද්ද ඒ උනේ? 🙊 කම්පියුස්ඩ් 🥲ඖරෝරගෙ කතාව පෝස් වෙලා හනාට ෆෝවර්ඩ් උනු විදිය ඊළඟ එපිසෝඩ් එකෙන් තමා 🙈කවුද අර හනාට කෑගහන්නෙ කියන එකත් ඊළඟ එපියෙන් 😂
මම
Lovely writer 💞
Lia 🪄