Alone ...............

Alone ...............

❤️ Saru ❤️
Please leave me alone .........

නිකන් අහගෙන ඉදලා යන්න.....




දන්නවද ඔයා නිසා මම වෙනස් වුනා.

ලස්සන කිරිල්ලියක් වගේ සැහැල්ලුවෙන් හිටිය මම අද හරිම ලොකු බරක් හිතේ තියාගෙන ඉන්නවා....




පලවෙනි වතාවට හිතට දැනුන හැගීම මට කියා ගන්න බැහැ දෙයියනේ......





දන්නවද ඔයා මාත් එක්ක එකපාර කතා නොකලට , චැට් නොකලට දුරින් ඉදන් මං ඔයා දිහා බලන් හිටියා ...........




ඔයා ඔයාගේ කතා හරි ලස්සනට කියද්දි මං ඒවා දුරින් වුනත් අහගෙන හිටියේ ඇස් වලට කදුලු පුරෝගෙන ..............




ඔයා තනිවෙලා කියලා ඔයා ඔයාගෙ යාලුවන්ට කිව්වම මම හිතින් අඩා වැටෙද්දි මට හිතුනා අනේ මට ඔයා ලග ඉන්න තිබ්බනම් ඔයාගේ තනිකම නැති කරන්න කියලා .................





ඔයාට හයියක් වෙලා මට ඔයත් එක්ක ලොකු ගමනක් යන්න ඕනි වුනේ මේ ආත්මේ..........




ඔයා දුකින් කියලා දැනෙනකොට ඔයාට වඩා මං දුක් වුනා අයියේ ..........




මං ආදරේ විශ්වාස කලේ නෑ. අනිත් උන් ආදරේ නමින් මැරෙන්න හදද්දි මට හිතුනා ඒක මොන විකාරයක් ද කියලා .....





දන්නවද මං ඔයා ගාවට එන්න පරක්කු වෙලා ගොඩක්.............





ඔයාගේ හිත මගේම වයසේ කෙනෙක්ට බැදිලා.............




ඔව් දැනුවත් ව හෝ නොදැනුවත්කම මං තුන්වැනියෙක් වෙලා...............




දන්නවද මේ හැහීම නිකන් පපුව දනවා වගේ කියන්න තේරෙන්නෙ නෑ මට...






වෙනස් විදිහට මට හිතන්න පුරුදු කලේ ඔයා . ........





මාව පිච්චිලා යනවා වගේ දැනෙනවා.......


කියන්න අමාරුයි මේ හැගීම ...........



ලොකුම දේ මං මේ හැගිම් කිය කිය මගෙම සහෝදරියක් එක්ක කියද්දි එයා මට කිව්වේ


" නංගි ඔයා එයාට ඇත්තටම ආදරෙයි කියලා "




ඇත්තටම මම ඔයාට ආදරෙයි ද අයියේ. මට හිනා යනවා . මොකද මට ම පුදුමයි. මේ මගේ පලවෙනි ආදරේ ..මං ආදරේ විශ්වාස කරපු කෙනෙක් නෙමෙයි නේ .......





ඉතින් ඔයාගේ දැන් නංගි ඔයාට හම්බෙලා තියෙන්නේ මටත් කලින් ලු අයියේ. එයා මට වඩා ගොඩක් දෙවල් දන්නවා අයියේ. එයා ඒවා කියද්දි මගේ හිත රිදෙන්නේ

ඇයි .........................................





ඔව් මං ඔයාව වත් ඔයා මාවවත් දැකලා නෑ කවමදාකවත්............. ඒකයි පුදුමේ එහෙම ආදරය ක් ඇති වෙන්න පුලුවන් ද. පුලුවන් ලු එහෙම ආදරය ක් ඇති වෙන්න....





ඉතින් මොකක්ද කරන්නේ .කුලුදුල් ආදරේ උපන් ගෙයින් ම වල දාන්න වෙලා.ලැබීම ඒකයි............





මම ඔයාව අමතක කරන්න හැදුවත් බෑ අමතක කරන්න..........




මට ඕනි වුනේ ඔයාගේ අම්මට පස්සේ ඔයාගේ හදවතේ ලැගුම් ගන්න.ඒත් මට බැරි වුනා..............





ඔයා මාව ඇබ්බැහි කරන මත්ද්‍රව්‍ය ක්

වෙලා ........


මං යන්නම් ඔයාගේ මාර්ගයෙන්

යන්නම..................


එයත් එක්ක සතුටින් ඉන්නකෝ............


මගේ හිතුවක්කාරයෝ..............



ආදරෙයි හැමදාම ,


මම


ඔයා කවදාවත් දැකලා නැති ඔයාගේ


චූටි ............❤️


කොතැනක සිටියත් ඔබ මෙලොවේ දිගු කල් ජීවත් වෙන්නකෝ

ඔබේ සිතට සැනසුම ගෙනදී දිගුකල් ජීවත් වෙන්නකෝ............... ❤️


ඔබ එනතුරු මම තනියෙන් සිටියෙන් සිටියා

ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා.........❤



❤️ හිතුවක්කාර ඔය හිතට මං

වශි වෙලාදෝ සිතුනි මට

මොහොතක ඔය ආඩම්බර මූණ

මැවී පෙනුනා හීනෙන් මෙන් .....


❤️ අසා ඇති නුබ ගැන මං

නොදැක නුබේ රුව කිසිදාක......

හදෙ ඇතිවුන හැගුම ආදරය නම්

කුමක් කරන්නද ආදරය කරමි මං

ලොවට රහසින් නුබට රහසින්

රෑ සිහිනෙන් හැමදාම මං.........


❤️ සැදෑවක ආලෙන් පිරි දෑසින්

අයදිමි නුබෙන්

ඈත්ව යන්නට මගෙන්

හොර රහසින්

කඳුල නෙතක බොදව ගිහින්

හදවත රිදුම් දෙමින්

ඇයගේ වන්නට වරම් දෙමි

සමුගමී මා............



❤️ආඩම්බර නපුරු කුමාරයා මගේ ❤️


❤️ආදරේයි හැමදාමත් ❤️


❤️ ඒකපාර්ශ්විකයි මගේ ආදරේ ❤️



❤️ ඇත්තටම එහෙම ආදරයක් අහිමි වෙලා තියෙනවද ඔයාලගෙත් ..........පලවෙනි ආදරය ....................❤️ කවදාවත් එහෙම වෙන්න එපා කාටවත්ම ❤️


ඉතින් ලමයි මං සරූ. (සරණි ) .නිකන් ඉන්න ගමන් සිංදුවක් අහගෙන ඉද්දි තමයි මේ අදහස ආවේ . මේ පද ටික .... සාර්ථකද දන්නේ නෑ මං . ඒ වුනාට හිතුන දේ කමෙන්ට් කරන් යන්න. 😊😊😊😊😊😊😊 පලවෙනි පද ටික මගේ 😁😁😁😁😁😁😁😁



මේ තියෙන්නේ සිංදුව ...


නිසල නෙතින් ඔබ මදෙස බලා හිදී

දෙතොල් ඔබගේ මදහසින් සැරසේ

දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ

දෙතොල් සිනහා මවනු මට බෑ

අපට අප හිමි නෑ ලොවේ

ඔබට මා හිමි නෑ

මටද ඔබ හිමි නෑ



සිතින් විතරක් පෙම් කරන්නම්

දුරින් හිඳ ඔබ දෙස බලන්නම්

ලංව ඉන්නට බෑ ඔබේ

අපට අප හිමි නෑ ලොවේ

ඔබට මා හිමි නෑ

මටද ඔබ හිමි නෑ



සසල උනත් මගේ සිතිවිලි ඔබ ලඟ

නිසල කරන් මම ඉන්නම් සෑම දින

කාත් කවුරුවත් නොමැති මාහට

ඔබත් අහිමිව ගියපු අරුමය

අපට අප හිමි නෑ ලොවේ

ඔබට මා හිමි නෑ

මටද ඔබ හිමි නෑ


සිතින් විතරක් පෙම් කරන්නම්

දුරින් හිඳ ඔබ දෙස බලන්නම්

ලංව ඉන්නට බෑ ඔබේ

අපට අප හිමි නෑ ලොවේ

ඔබට මා හිමි නෑ

මටද ඔබ හිමි නෑ

මටද ඔබ හිමි නෑ

ටාරා රරා, රරරා

හාහහහා, හහහාහා





















Report Page