Abuse

Abuse


Abuse" කිව්ව ගමන් බහුතරයකටම, Sexual Abuse හෝ අනෙක් physical Abuse එකක් ගැන තමා හිතට එන්නේ. Mental Abuse ගැන සාපේක්ෂව ඉතා අඩුවෙන් තමා කතා කරන්නේ එහෙමත් නැත්නම් අවධානය යොමු කරන්නේ. නමුත් ඉතා පුළුල් පැතිකඩ සහ දැඩි අවධානයක් යොමුකළ යුතු කාරණය වන්නේ මේ Mental Abuse. Physical හෝ Sexual abuse එකකදීත් දැඩි අහිතකර මානසික බලපෑමක් සිදුවනවා. ඒ වගේම කිසිදු කායික හිරිහැරයකින් තොරව පවා පුද්ගලයකු Mental Abuse වලට ලක් වෙන්න පුලුවන්. ඒ තුළින් යමෙකුගේ මුළු ජීවිතයටම අහිතකර බලපෑමක් ඇති කරන්න පුලුවන්. ඒ අනුව ගත්තම Mental Abuse තමා අප වැඩිපුරම අවධානයක් දෙන්න ඕන කාරණය වන්නේ.

මා හට දැනට පවතින අත්දැකීම් එක්ක ගත්තම ප්‍රධාන වශයෙන් මේ පහත දක්වා ‍තිබෙන ඛාණ්ඩ යටතේ / හේතු යටතේ මානසික හිංසනයට ලක් වුණු අය මට මුණගැහිලා තියනවා.

⁃ තම මවගේ හෝ පියාගේ හෝ දෙදෙනාගේම හෝ ක්‍රියාකලාපය නිසා මානසික හිංසනයට පත්වූ දරුවන්.
⁃ තම ආදරවන්තියගේ හෝ ආදරවන්තයාගේ හෝ ක්‍රියා නිසා මානසික හිංසනයට ලක්වූ අය.
⁃ තම සැමියාගේ හෝ බිරිඳගේ හෝ ක්‍රියාවන් නිසා මානසික හිංසනයට ලක්වූ අය.
⁃ ඇතැම් ගුරුවර ගුරුවරියන් නිසා මානසික හිංසනයට පත්වූ අය.
⁃ සමාජමය මතවාද, ක්‍රියාකලාපයන් නිසා මානසික හිංසනයට ලක්වූ අය. ( ex- Homosexual,transgender)
⁃ රැකියා පරිසරය තුළ මානසික හිංසනයට ලක්වූ අය.

පළමු ඛාණ්ඩ තුන යටතේ අය තමා Mental Abuse හේතුවෙන් මා හට ප්‍රශ්න කියන්න ආව අය අතර වැඩිපුරම හිටියේ. මම දැන් කියන්නම් මොනවගේ ආකාර වලින්ද කෙනෙක්ට Mental Abuse වීමක් සිදුවෙන්න පුලුවන් කියලා.

⁃ දැඩි අපහාස, විවේචන, අසභ්‍ය අකාරයෙන් බැණවැදීම් කිරීම.
⁃ පුද්ගලයකු කැමති දේවල්, ගොඩක් ආසකරන, බලාපොරොත්තු තියාගන ඉන්න දේවල් නොසලකා හැර කටයුතු කිරීම. ඒවාට අවස්ථාව නොදීම.
⁃ දැඩි සීමාකම් පැනවීම සහ දැඩි පාලනයකට ලක් කර කටයුතු කිරීම.
⁃ Blackmail කිරීම. බිය වද්දා දේවල් කරගැනීම.
⁃ බොරු පොරොන්දු ලබාදී දේවල් සිදුකර ගැනීම.
⁃ අවතක්සේරුවකට ලක්කර කටයුතු කිරීම.
⁃ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොදී කටයුතු කිරීම. අදහස් වලට වටිනාකමක් නොදී ( ගනන් නොගෙන) කටයුතු කිරීම.
⁃ මූල්‍යමය ක්‍රමවේද මගින් හැසිරවීම.
⁃ යමෙකු සමග අන් අය එකතු වී කතා නොකර සිටීම.
⁃ පිරිසක් ඉදිරියේ ලැජ්ජාවට පත් කිරීම.
⁃ යමෙකු අකමැති දේවල්, ඔහුට/ ඇයට අවශ්‍ය නොවන දේවල්, සිදුකරන ලෙස බලකිරීම.
⁃ අන් අය සමග සංසන්දනය කිරීම, අවතක්සේරුවකට ලක්කිරීම.
⁃ කිසිදු දෙයක් නොහැකි අයෙකු ලෙස යමෙකුට සැළකීම.

මා ඒ සදහන් කළේ සාමාන්‍යයෙන් වෙන්න පුලුවන් දේවල් ටිකක්. මේ විදිහට Mental Abuse වීමට කෙනෙක් අවස්ථාවකදී හෝ අවස්ථා කිහිපයකදී හෝ ලක්වුනාම ඒ තුළින් දැඩි අහිතකර බලපෑම් ඒ අදාළ පුද්ගලයාට ඇති වෙනවා.

කාංසාමය තත්ත්වයන්(anxiety), වරදකාරී හැගීම්, දැඩි ආතතිය(chronic stress), PTSD, ආත්මාභිමානය නැති වීම, නිතර නිතර දුක්මුසු බව, සබඳතා වලින් දුරස් වීම, කළකිරීම, අභිප්‍රේරණයක් නොමැති කම, ජීවිතය නොවටිනා දෙයක් ලෙස නිතර කල්පනා වීම, වැනි දේවල් වගේම දැඩි හිසරදය, කෑම අරුචිය, වගේ කායික අහිතකර තත්ත්වයන්ද ඇති වෙන්න පුලුවන්.

ඔබ හෝ ඔබ දන්නා අයෙකු හෝ මානසික හිංසනයකට ලක්වී හෝ ලක් වෙමින් ඉන්නවා නම්, මානසික උපදේශනය, අවශ්‍ය අවස්ථාවන් වල නීතිමය කරුණු වෙත යොමුවීම, වැනි අදාළ නිසි ක්‍රියාමාර්ග වෙත හැකි ඉක්මනින් යොමුවීම සිදුකරන්න.

©Avishka Sathsara Piyumal

Report Page