AA

AA

Pramodya❤️




අම්මා අනේ අම්මා යන්න එපා මාව දාලා යන්න එපා අනේ අම්මේ........ 😭 


   ' චූටි යන අයට යන්න දෙන්න කොච්චර බැදලා හිටියත් යන කෙනා යනවා ' 

' ඒත් අයියේ ඒ අපේ අම්මනේ එහෙම කියන්න එපා ' 

  ' මේ චූටි මගෙන් මොකුත් අහගන්න එපා එයාට තමන්ගේ දරුවෝ වටිනව නම් වෙන මිනිස්සුත් එක්ක එක එක නාඩගන් නටන්නේ නෑනේ එහෙනම් තමන්ගේ දරුවෝ දාලා මෙහෙම යන්න දගලන්නෙත් නෑනේ ' හැබැයි අම්මේ මේකත් මතකත් තියාගන්න ඔයා දැන් ගියොත් ආයේ මේ ගෙදර පස් පාගන්නත් බෑ ' 

 ' අම්මේ අනේ ඔයා අපිව දාලා යනවද ' 

චූටි මම තමුසෙට එක පාරකුත් කිව්වා කට වහගෙන ඉන්නවා අනික මෙයා ගියා කියලා අපිට කන්න බොන්න ඇති වෙන්නේ නෑනේ තාත්තා කොහොම හරි අපිව ජීවත් කරනවා බය වෙන්න එපා'

  

ඔයාලා හිතනවා හරි ඒ මගෙ අම්මා...

ඔව් එයා අපිව දාලා ගියා. ...මම කේශදී හිරණ්‍යා රත්නායක. රත්නායක construction එකේ සෙකන්ඩ් ඔනර් මගෙ අයියා කේශාන් හිරණ්‍ය රත්නායක. රත්නායක construction එකේ නිව් ඔනර්. කොච්චර සල්ලි තිබ්බත් මගේ තාත්තට අම්මාව පරිස්සන් කරගන්න බැරි උනා. වෙන පිරිමින්ව ගෙදරට ගෙනාවා කියලා අම්මාට මේ වෙනකන් තාත්තා එක වචනයක් කියලා නෑ. මොකද එයා දන්නවා කෙල්ලෙක්වයි කොල්ලෙක්වයි අම්මෙක් නැතුව උස් මහත් කරන අමාරුයි කියලා අම්මගේ ආදරේ තාත්තෙක්ට සම්පූර්ණ කරන්න බැරි ලොකු අඩුවක්කියලා එයා දැන ගෙන හිටියා. ඒත් අද තාත්තට අම්මාව නතර කරගන්න බැරි උනා. ඒක තාත්තගෙයි අයියගෙයි මගෙයි අවාසනාවද අම්මගේ අවාසනවාද කියන්න ඒ වෙලාවෙ මට තේරුමක් තිබ්බේ නෑ. අවුරුදු 16ක් කෙල්ලෙක්ට තමන්ගේ අම්මා කියන්නේ මහ මෙරක් ඒත් මට ඒ ආදරේ විදින්න ලැබුනේ නෑ අම්මගේ ආදරේ විදින්න ඕනේ කාලේ මම ඒ ආදරේ විදෙව්වා. 

 සාමාන්‍ය පෙළ ලියන්න ඉන්න මට ඒ වගේ දෙයක් මම මානසිකව වැටෙන්න ලොකු හේතුවක් උනා. ඒත් මගේ අයියයි තාත්තයි ඒ අඩුව දැනෙන්න දුන්නේ නෑ. ඔව් මම හැමදේම අමතක කරලා එක්සෑම් වලට සම්පූර්ණ අවදානය යොමු කලා.  


   වසර 7කට පසු 

                              සුභ පැතුම් ආදරයෙන් 

                              පුදමි මා ආදරයෙන් 

                              දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ.... // 

           

           අවුරුදු 5ක අතීතයට මම සමු දුන්නේ මගේ 4n එක රින්ග් වෙනවත් එක්කමයි. ඒ තමයි මට කියලා මේ ලෝකේ ඉන්න එකම ලේ නෑයා. මගේ දෙවෙනි තාත්තා. මගේ එකම අයියා. තාත්තා අපිව දාලා ගිහින් අවුරුදු 3ක්. ඒ අවුරුදු 3නේම මගේ හැමදේම කරේ මගේ අයියා 

               'ආ කියන්න අයියා ........... '

            'චූටි ඔයා ලංකාවට එනවා නේද ලබන සතියේ ' 

               ඔව් අයියා මම එනවා මගේ අයියගෙ වෙඩින්ග් එකට එන්නෙ නැතුව           

               ඉන්න බෑනේ '

             ' හරි එහෙනම් මම තියන්නම් වැඩ ගොඩයි පරිස්සමින් එන්න හරිද ' 


                    මම ඉන්නේ දැන් ජැපෑන් වල ඔය මගේ මොඩ අයියා කතා කරේ එයාගෙ වෙඩින්ග් එකට. අද මම පයිලට් කෙනෙක් විදිහට ශ්‍රී ලංකා එයා ලයින් එකේ වැඩ කරනවා. 

                   අම්මා අපිව දාලා ගිහින් දැනට අවුරුදු 7ක්. අම්මා කෙනෙක්ට තමන්ගේ කුසින් බිහි කරපු දරුවෝ දෙන්නෙක්ව තනි කරලා දාලා යන්න පුලුවන්ද කියන එක අදටත් මට ලොකු ප්‍රශ්නයක්. අද වෙනකොට අම්මා කියන කෙනා කොහෙ ඉන්නවද කියලා අයියවත් මමවත් දන්නේ නෑ. ඒත් එදා නමට අම්මා උන කෙනා අපිව දාලා ගියා කියලා දුක් වෙවී හිටියනම් අද මට මේ වගේ තැනකට එන්න වෙන්නේ නෑ. අද මම මේ තැන ඉන්නවනම් සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕනේ මගේ තාත්තටයි අයියටයි. මොකද මම මානසිකව වැටිලා ඉන්නකොට ඒ දෙන්නා තමයි මාව ශක්තිම කලේ  

                 මේ ජීවිතේට මම තේරුම් ගත්ත දෙයක් තමයි මොන දෙයක් උනත් වෙනස් වෙන්න ව්ක විනාඩියක් ඇති කියලා. වෙන කිසිම කෙල්ලෙක් තමන්ගේ අම්මා එයාලව දාලා ගියාට සතුටු වෙන්නේ නෑ ඒත් මට ඒ අතීතය දුකක්ද කියලා කියන්න තෙරෙන්නෙ නෑ. මොකද අතීතය ලස්සනද වේදානාකාරීද කියන එක නෙවෙයි ඒ අතීතයට සමු දීලා අපි අපේ වර්තමානේ හදා ගන්න එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒ නිසා අද මට මම ඉන්න තැන ගැන චූටි ආඩම්බරයක් තියෙනවා. 

              

               අපිට අපි ගෙවපු ලස්සන ජීවිතයක් දුක්බර අතීතයක් වෙන්න එක නිමේශයක් ඇති ඒ වගේම අපිට අපේ අපේ දුක්බර ජීවිතේකට සමු දෙන්නත් එක නිමේශයක් ඇති. ඉතින් මම ඒ අවුරුදු 7ක අතීතයට සමු දුන්නේ ආයේ ඒ අතීතය මතක් කරලා එක කදුලු බිංදුවක් හලන්නේ නෑ කියලා මටම පොරොන්දු වෙලා. 

          


~ නිමි ~





මගේ පළවෙනිම කතාව..


කියලා හොදද නරකද කියලා කියාගෙන්න යන්න...


මන් ප්‍රමෝද්‍යා

Report Page