DREAM

DREAM

Senadhi ♥️
°|_🖊📚🥇🎖🏆👩‍🎓💵💍❤️👑_|°


★ DREAM_(Short Story)

__________________________




"ඔබට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මොනවද...විශේෂයෙන් මේ වැඩසටහන ට සම්බන්ධ වෙලා ඉන්නේ ඉගෙන ගන්න ළමයි...ඉතින් එයාලා වෙනුවෙන් දෙයක් කියන්න පුළුවන් නම් හොඳයි....."



"ඇත්තටම මට කියන්න ඕනි මේකයි.....


අපි මේ ජිවිතේ දී එක එක දේවල් පස්සේ යනවා...


ආදරය , සල්ලී , දේපළ , ආසවන් මේ වගේ නොයෙකුත් දේවල් පස්සේ අපි යනවා...


ඒත් ඒ දේවල් ඇත්තටම කරන්නේ අපිට ලැබෙන පොඩි සතුටකට විතරයි....


පොඩ්ඩක් හිතන්න...


අපි රස කෑමක් දකිනවා....ඒක අපිට ගන්න ආසාවක් ඇති වෙනවා...


අපි සල්ලී දීලා ඒක ගන්නවා...


ඒ ඒ සතුට ඒ කෑම එක කාලා ඉවර වුණ ගමන් නැති වෙනවා නේද....


එහෙමත් නැත්නම් ආදරේ පස්සේ දුවනවා...


ඒත් ඒ ආදරේ නැති වුණා ම...


ඒ සතුට නැති වෙලා...හිත දුකින් පිරෙනවා නේද....


හිතලා බලන්න පොඩ්ඩක්...


අපි මුළු ජීවිත කාලෙම හැල්මේ දුවන්නේ තාවකාලික සතුටක් බලාපොරොත්තුවෙන් නේද...


මන් ඒක වැරදියි කියන්නේ නෑ....


ඒක මිනිස් සිතේ ස්වාභාවය...


ඔබ , මම , අපි හැමෝම එහෙමයි...


වෙනස් වෙන්න...


බොරු දේවල් පස්සේ දුවලා තාවකාලික සතුටක් ලබනවට වඩා ජීවිතය තියෙන තුරාවට තෘප්තිමත් වෙන්න පුළුවන් දෙයක් කරන්න...


මන් මෙහෙම කියන්නම් කෝ...


මේක අහන් ඉන්නවා නේ ඕලෙවල් , ඒලෙවල් කරන ළමයි මන් කැම්පස් ළමයි ගැන එහෙම විශේෂ කරලා කියන්නේ නෑ..


ඒත් එහෙමයි කියලා හිතන්න එපා ලොකුවට...


ජීවිතේ වැරදෙන්න වයසක් , සීමාවක් අදාළා නෑ...


හැබැයි කැම්පස් ළමයි ට හොඳ අවබෝධයක් තියෙනවා...


ඒකයි මන් එහෙම කිව්වේ....


මන් කියන්න හැදුවේ...


අද සමාජේ පොදු මාතෘකාවක් නේ...ආදරය කියන්නේ....


හරියට නිකන් වෙළඳ නාමයක් වගේ...


මන් ආදරේ කියන දේ ගත්තේ උදාහරණයක් විදියට...


මොකද ඒ ගැන නොදන්න කෙනෙක් නෑ නේ ඒකයි...


මේ වයසෙදි ආදරේ කියන හැඟීම ඇතිවෙනවා...


ඒ හැඟීම ඇති වුණා ම...


ආදරේ පස්සේ දුවනවා..


විනාඩියක් විනාඩියක් ගාණේ....


ආදරේ ගැන හීන මවනවා...


බලාපොරොත්තු හිතේ තියන් බලන් ඉන්නවා...


ඒත් ඒ හීන , බලාපොරොත්තු ඇස් ඉස්සරහ ම කඩන් වැටෙද්දී...


මහ ලොකුවට පොදි ගහපු ආදරේ හින්දා ලැබෙන්නේ දුකක් විතරයි නම්...


ඒ නිසා තත්පර අරික්කාලක්වත් සැනසීමක් දැනෙන්නේ නැත්නම්...


තවත් ඒ ආදරේ පස්සේ යන එක තේරුමක් නෑ නේද කියලා හිතෙනවා නේද....


සමහර විට එහෙම තේරෙන්න ගොඩක් කල් යයි...


ඒත් ඒ ගැන පසුතැවිලි වෙලා කලකිරිලා වැඩක් නෑ...


පැරදීම් පොදුයි මේ ජිවිතේ...


දුක් විඳින්න වෙනවා...


ඒත් තේරුම් ගන්න..


ආදරේවත් නැත්නම් ඔය වෙන කිසි දෙයක්වත් නෙවෙයි ජීවිතේ කියන්නේ..


ඊට එහා ජිවිතයක් තියෙනවා..


අන්න ඒ ජිවිතේ ගොඩනගා ගන්න හීන දකින්න...


එතකොට ආදරේ , සල්ලි , ආසාවන් මේ හැමදේම ලැබේවි....


දැන් ඔයාලා හිතයි ඒ ආදරේ කරපු අය අමතක කරන්නේ කොහොමද කියලා..


ඒක ලොකු ප්‍රශ්නයක් නේ...


මන් ආදරේ කරා...මන් කොහොමද අමතක කරන්නේ එයාව..


එහෙම හිතෙයි....


ඒත් ඒක ඉබේම ඇරිලා යයි....


යන්න...


හීන පස්සේ...


ජිවිතේ ගොඩනගන්න පුළුවන් හීන පස්සේ දුවන්න...


එතකොට ඔය හැමදේම අමතක කරන්න පුළුවන්......


මොකද හීන වෙනුවෙන් වැඩ කරද්දී...


අනිත් දේවල් ගැන හිතන්න වෙලාවක් නෑ..



ඒ නිසා පොඩි කාලෙකදි ලැබෙන සතුට වෙනුවෙන් නිකන් බොරුවට නැහෙනවට වඩා...


ජීවිත කාලෙම සතුටු වෙන්න වැඩ කරන්න....


ඔයාලට හීන ඇති...


මන් මෙතනට යන්න ඕන...


අරම වෙන්න ඕනී...


එහෙමත් නැත්නම් අර වාහනේ ගන්න ඕනි...


අර වගේ ගේ හදන්න ඕනි කියලා...


ඒ වගේ හීන ඇති...


දැන් ඔයාලා හිතයි මේවත් ආසාවල් නේද කියලා....


නෑ මේවා ආසාවල් නෙවෙයි....


මේ හීන...


තවකෙනෙක් දිහා බලලා ඒ වගේ මටත් ඕනි කියලා හිතෙන්නේ ආසවකට...


ඒ සතුට මටත් ඕනි කියන ආසාව...


අර දේවල් එහෙම නෙවෙයි...


ඒ තමන් වෙනුවෙන් ගොඩනගන හීන...


තමන්ගේ ජීවිතේ සතුට වෙනුවෙන්...


හැබැයි නිකන් බොඳ වෙන හීන දකින්න එපා..


හොඳ ශක්තිමත් හීන දකින්න...


කැප වෙන්න....


උත්සාහ කරන්න...


හැබැයි බොරු දේවල් පස්සේ දුවලා ආයේ හැරිලා බලද්දී පරක්කු වැඩියි නම්..


එතැනින් පස්සේ අපිට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ....


කීමට කියනවා නේ මහන්සි වෙන්න ඕන කාලේ හාන්සි වුණොත් හාන්සි වෙන්න ඕන කාලේ මහන්සි වෙන්න වෙනවා කියලා...


ඒ නිසා හිතලා බලන්න දැන් හාන්සි වෙලා අනාගතේ දි මහන්සි වෙනවද...


නැත්නම් දැන් මහන්සි වෙලා අනාගතේ දී හාන්සි වෙනවද කියලා....


හොඳ ට මතක තියාගන්න කිසි කෙනෙක් පසුතැවිල්ලක් ඉතුරු වෙන්න වැඩ කරන්න එපා...


එහෙම වුණොත්....


රජෙක් වුණත්....


ඉතිහාසය ගතවෙන්නේ කළු පැල්ලමක් විදියට....


ඒ නිසා හිතන්න...


බොරු දේවල් පස්සේ දුවලා හති දානවට වඩා...


ජීවිතේ සාර්ථක කරගන්න...


ජීවිතේ ට වටිනාකමක් දෙන්න...


මට අවසාන වශයෙන් කියන්න ඕන වුණේ ඒක....


~නිමි~




___________________________




පොඩිම පොඩි කෙටි කතාවක්....


හිතට ආපු දේ අකුරු කළේ.....☺️


හොඳයි නම් ඔයාලගේ අදහස කියන් යන්කෝ...


බුදු සරණයි



මන් ,

Senadhi ❤️


Report Page