7777

7777

Kaushalya

Kaushalya:

පැංචිව නිදි කරලා මන් උබේ පින්තූරයක් දිහා බලන් හිටියේ පැංචිත් උබ වගේම පිච්ච මලක් නිසා මගේ මැනික . ඇයි රත්තරන් මාවයි අපේ පැංචිවයි තනි කරලා යන්නම ගියේ . උබ නැතුව මැරි මැරි ජීවත් වෙනවා බන් අවුරුද්දක් තිස්සේ . ඔව් උබ මාව , අපේ පැංචිව , මේ ලොකේම දලා ගිහින් අවුරුද්දක් වෙනවා . අපේ පැංචි අම්මි කෝ කියලා අහනකොට මම හුගාක් අසරණයි මැණික . හැමදාම රෑට බැල්කනියට ගිහින් පැංචිට තරුවක් පෙන්නලා ඒ ඉන්නෙ අම්මි කිව්වම බලාගෙනම ඉන්නවා බන් ඒ තරු දිහා . වෙලාවට අහස පැත්තට අත් දික් කරගෙන ඉන්නවා වඩාගන්න කියනවා වගේ . දන්නවද මැණික වැස්ස දවසට අහසේ එක තරුවක් හොයාගන්න නැ . ඒ දවසට පැංචිගේ ඇස් වල කදුළු පිරිලා බන් . ඒ වෙලාවට මගේ හුස්ම හිර කරනවා දැනෙන්නේ . ඒ පුංචි අසරණීට තේරෙන දෙයක් නැ ඒත් හැමදාම අම්මී කිය කිය අහස දිහා බලන් තරු වලට කෑ ගහන පුංචි එකි ඒ අහසේ තරු නැති උනාම පාළු ඇති . මම දන්නවා මගේ මැණික කොහේ හරි ඉදලා බලන් ඇති නේද . මට හැමවෙලෙම දැනෙනවා උබ මන් ගාව ඉන්නවා වගේ කියලා . ඒත් ඒ බලන කිසිම වෙලාවක කවුරුත් හිටියේ නැ මගේ මැණික . උබත් එක්ක හිටපු කාලේ මතක් වෙනකොට හුගාක් දුකයි බන් .


මට මගේ පිච්ච මලව හම්බුනේ කැම්පස් එකේදි . අහිංසක හුරතල් ලස්සනම ලස්සන කෙල්ලෙක් . හැමදේටම වඩා මන් වශි උනේ ඒ ඇස් වලට . ඒ ඇස් හැමදාම මගේ දිහා බලන් ලස්සන කතාවක් කියනවා . ඉදලා ඉදලා බැරිම තැන මන් උබෙන් කැමත්ත ඇහුවා බන් . ඇත්තටම බය හිතුනා උබ වෙන කෙනෙක් ගාවට යාවි කියලා . ඒ නිසාමයි පරක්කු නොවි කැමත්ත ඇහුවේ උබෙන් . ලප් තැනම ලොප් කියලා උබ කිවේ බැ කියලා . උබ මට ආදරේ නැ කියලා . උබට වෙන කොල්ලෙක් ඉන්නවා කියලා . කටකාරකමයි පන්ඩිතකමයි නම් උබට හොදට පිහිටලා තිබුනා . මාස ගානක් උබ ගැන හොයපු උබ කියනවා උබට කොල්ලෙක් ඉන්නවා කියලා . හිනා ගියා බන් ඒ වෙලාවේ . 

     " මොකද බූරුවෝ හිනා වෙන්නෙ . මන් කීවේ ඇත්ත . මම අවුරුද්දකින් මැරි කරනවා ඒ බොයිව . "

 මම හිනා වෙනකොට උබ ඔහොමයි මට කීවේ . දන්නවා ඒ කීවේ බොරුවක් කියලා . ඒත් ඇත්තටම පිලිගත්තා වගේ මන් අනිත් පැත්ත හැරිලා යන්න ගියේ . ඒත් අඩි 2ක් විතර ඉස්සරහට යනකොට උබම ඇවිත් මාව බදාගත්තේ ඒ කිව්වෙ බොරුවක් කියලා කියන ගමන් . මගෙත් ආඩම්බරකමනේ .

     " අනේ සොරි බන් මන් බොරුවට කීවේ . මටත් ආදරේ කරන්න ලස්සන සුරංගනාවියක් ඉන්නවා ". 

ඒ වෙලාවේ ඇස් වල කදුළු පුරවන් උබ මන් දිහා බලාගෙන

      " එහෙනම් ඇයි මට ආදරේ කීවේ . දන්නවද ඔයා දැකපූ දවසෙමයි මගේ හීන කුමාරයා උනේ . එකපාරටම ඇවිත් ඔයාම මගෙන් කැමත්ත අහනකොට මම අරක කීවේ බොරුවට කියා ගන්න දෙයක් නැති නිසානේ .  

      " ඔය ටික අහගන්න තමා බන් මන් මගේ ආඩම්බරකම උබට පෙන්නුවේ . උබව උස්සලා කැරකෙව්වේ උබ කෑ ගහලා

       " තමුසෙගේ සුරංගනාවි වඩාගෙන කරකවනවකෝ මාව කරකවන්නෙ නැතුව " නෝක්කාඩුවට වගේ උබ මට එහෙමයි කීවේ . 

       " මගේ සුරංගනාවි තමා මන් කරකවන්නෙ " 

මන් එහෙම කිව්වම උබේ කම්මුල් රතු රෝස මලක් වගේ උනා . එහෙම පටන් ගත්තු අපේ ආදර කතාව ලස්සනට ගලන් ගියේ කිසිම බාදාවක් නැතුව නේද මගේ මැණික . සමහර විට අපි දෙන්නම සාමාන්‍ය පවුල් වල නිසා වෙන්න ඇති අම්මලා තාත්තාලාගෙන් උනත් කැමත්ත හම්බුනේ . බැරි වෙලාවත් අපි දෙන්නගෙන් කවුරුම හරි පෝසත් වෙලා අනිත් කෙනා දුප්පත් උනානම් අපේ ආදර කතාවට මුලදිම බාදාවල් එන්න තිබුනා නේද . 


උපාධියත් අරන් උබව මන් මගේ ලගටම ගත්තේ හැමෝගේම ආශිර්වාදයත් එක්කම . කැම්පස් එකේදී දැක්ක ඒ කතා කරන ඇස් මන් මගේම නමට ලියා ගත්තා . අවුරුද්දකට විතර පස්සෙ මට උබ කවදාවත් හම්බෙලා නැති ලස්සනම ලස්සන පුංචිම පුංචි තෑග්ගක් මගේ අතින් තිබ්බෙ මම තාත්තා කියන වචනෙන් විතරක් නෙවෙයි ඒ හැගීමෙනුත් උසස් වෙනකොට . ඒ පුංචි සුරංගනාවිත් උබ වගේම ලස්සනයි මැණික . 

අපේ පැංචී සාලේ සෙල්ලම් කර කර ඉන්නකොට මන් ගිහින් වඩා ගත්තේ 

   "පැංචී ඔන්න තාත්ති ආවා . මගේ සෝස මල අබුන් කාවද . කෝ මගේ ලොකු රෝස මල . "

    " අම්මි අලි නලකයි . උයා තෝයි . අම්මි මාව දොයියා කලව්වේ නැ . අයා තතියම දොයියා ගීම් "

    " අම්මි හරි නරකයි තමා . අපි ගිහින් බය කරමු අම්මිව "

     " හී හී සෝයි අපි බුම් ගාමු . "

     " හ්ම්ම් අපි යමුකෝ . "

කවදාවත් මම එන වෙලාවට නිදා ගන්නෙ නැති ඔයා අද නිදාගෙන හිටියේ හිතේ අමුත්තක් දැනෙනකොට . පැංචි මමයි ගිහින් බය කරත් උබ නැගිට්ටෙ නැ බන් . බිත්තිය පැත්තට තියන් හිටපූ මූන මගේ පැත්තට හරවගන්නකොට කොට්ටේ ලේ . උබව බය කරන්න ආපු මමයි බය උනේ මැණික . සිහි නැතිව ඉන්න උබව උස්සන් ගිහින් කාර් එකට දාගත්තෙ පැංචිව මගේ අම්මා අතට දෙන ගමන් .

අපේ පැංචී සාලේ සෙල්ලම් කර කර ඉන්නකොට මන් ගිහින් වඩා ගත්තේ 

   "පැංචී ඔන්න තාත්ති ආවා . මගේ සෝස මල අබුන් කාවද . කෝ මගේ ලොකු රෝස මල . "

    " අම්මි අලි නලකයි . උයා තෝයි . අම්මි මාව දොයියා කලව්වේ නැ . අයා තතියම දොයියා ගීම් "

    " අම්මි හරි නරකයි තමා . අපි ගිහින් බය කරමු අම්මිව "

     " හී හී සෝයි අපි බුම් ගාමු . "

     " හ්ම්ම් අපි යමුකෝ . "

කවදාවත් මම එන වෙලාවට නිදා ගන්නෙ නැති ඔයා අද නිදාගෙන හිටියේ හිතේ අමුත්තක් දැනෙනකොට . පැංචි මමයි ගිහින් බය කරත් උබ නැගිට්ටෙ නැ බන් . බිත්තිය පැත්තට තියන් හිටපූ මූන මගේ පැත්තට හරවගන්නකොට කොට්ටේ ලේ . උබව බය කරන්න ආපු මමයි බය උනේ මැණික . සිහි නැතිව ඉන්න උබව උස්සන් ගිහින් කාර් එකට දාගත්තෙ පැංචිව මගේ අම්මා අතට දෙන ගමන් .

අපේ පැංචී සාලේ සෙල්ලම් කර කර ඉන්නකොට මන් ගිහින් වඩා ගත්තේ 

   "පැංචී ඔන්න තාත්ති ආවා . මගේ සෝස මල අබුන් කාවද . කෝ මගේ ලොකු රෝස මල . "

    " අම්මි අලි නලකයි . උයා තෝයි . අම්මි මාව දොයියා කලව්වේ නැ . අයා තතියම දොයියා ගීම් "

    " අම්මි හරි නරකයි තමා . අපි ගිහින් බය කරමු අම්මිව "

     " හී හී සෝයි අපි බුම් ගාමු . "

     " හ්ම්ම් අපි යමුකෝ . "

කවදාවත් මම එන වෙලාවට නිදා ගන්නෙ නැති ඔයා අද නිදාගෙන හිටියේ හිතේ අමුත්තක් දැනෙනකොට . පැංචි මමයි ගිහින් බය කරත් උබ නැගිට්ටෙ නැ බන් . බිත්තිය පැත්තට තියන් හිටපූ මූන මගේ පැත්තට හරවගන්නකොට කොට්ටේ ලේ . උබව බය කරන්න ආපු මමයි බය උනේ මැණික . සිහි නැතිව ඉන්න උබව උස්සන් ගිහින් කාර් එකට දාගත්තෙ පැංචිව මගේ අම්මා අතට දෙන ගමන් .

ඉක්මන් කරලා හොස්පිටල් එකට ගියේ හිත මූසල හැගීම් ගොන්නකින් වැහිලා යනකොට . ඩොක්ටර් ගාවටම උබව උස්සන් ගියේ මට මාවම පාලනය කරගන්න බැරි උන නිසා . ඩොක්ටර් උබව ඉක්මනටම ICU එකට දැම්මේ හිතා ගන්න බැරි වෙන කොට . පැයකින් විතර ඩොක්ටර් එලියට ආවේ සතුටකින් නෙවෙයි කියන්න මට හොදටම තේරුනා . 

" ඩොක්ටර් කොහොමද මගේ වයිෆ්ට "

" මෙහෙමයි මිස්ටර් ...."

" අභිශේක් "

" මෙහෙමයි මිස්ටර් අභිශේක් ඔයාගේ වයිෆ්ට බ්ලඩ් කැන්සර් එකක් . "

" මොකක්ද ඩොක්ටර් ඒක වෙන්න බැ . මගේ මැණික "

" ඔව් අභිශේක් එයා මීට මාස තුනකට කලින් ට්‍රීට්මන්ට් කරන්න ආවේ . හැබැයි ඒ වෙනකොටත් හැමතැනම පැතිරිලා තිබ්බෙ . එයාව දැන් බේරගන්න බැරි තත්වෙක ඉන්නෙ . "

" මොකක්ද මනුස්සයෝ කියන්නේ . එහෙම කොහොමද බේරගන්න බැ කියන්නේ . අනේ ප්ලිස් ඩොක්ටර් මට මගේ මැණිකගේ ජීවිතේ බේරලා දෙන්න ඩොක්ටර් ."

" පුලුවන් උපරිම දේ කරා අභිමන් . එයාව ගිහින් හම්බෙන්න පුලුවන් නම් . ඔයා එතනට ගියොත් අන්තිම මොහොතේ හරි සතුටක් ලැබෙයි . "

ඩොක්ටර් කියපු වෙලාවේ කඩාගෙන බිදගෙන ඇතුලට ගියත් උබව දැක්කම කකුල් පන නැතුව ගියා බන් . මගේ දිහා පුංචි හිනාවක් එක්ක බලන් හිටියේ හරි අහිංසක විදිහට . හුගාක් අමාරුවෙන් උබ ලගට ආවේ උබ අතින් එන්න කියනකොට . උබ ලගට ආව ගමන් මන් උබේ මූන අතොරක් නැතුව සිපගත්තේ හිත දුක මෙච්චරයි කියලා කියන්න බැරි වෙනකොට . උබේ කම්මුල් දිගේ කදුළු කැට ගලන් ගියේ මගේ පපුව උල් පිහියකින් හාරනවා වගේ දැනනකොට .

"කොහොමද බන් උබ මට හැංගුවේ මේ දේ ."

 කතා කරන්න පුලුවන් උන ගමන් මන් ඇහුවේ එච්චරයි .

" ම්..ම..ට..සමාවෙන්න අයි..යේ.. ම්..මට ඕනි උනේ පැංචිවයි ඔයාවයි මන් ඉන්නකම් සතුටින් ඉන්නවා දකින්න..."

" මාවයි පැංචිවයි දලා යන්න එපා පන . මන් මැරෙයි බන් උබ නැතුව . මන් කොහොමද බන් උබ නැතුව හුස්ම ගන්නෙ . "

" ශ් ශ් ශ්.. ම..ගේ..ම..හ..ත්..ත..යෝ..ඔ..යා..පැ..ං..චි..වෙ..නු..වෙ..න්..ජී..ව..ත්..වෙ..න්..න..ඔ..නි..අ..යි..යේ..පැං..චි..ට..ඔ..ය..ත්..නැ..ති..උ..නො..ත්..ක..වු..රු..ත්..නැ..ති..වෙ..යි..අ..යි..යේ..පැං..චි..ට..ම..ට..පො..රො..න්..දු..වෙ..න්..න.අ..යි..යේ..ඔ..යා..පැං..චි..ව..ත්..බ..ල..න්..ස..තු..ටි..න්..ඉ..න්..න..වා..කි..ය..ලා.."


" නැ උබට බැ අපිව දලා යන්න "

" ම..හ..ත්..ත..යෝ..ම..න්..ඔ..යා....ල..ට..ගො..ඩ..ක්..ආ..ද..රෙ..යි "

එහෙම කියලා උබ ඇස් පියා ගත්තේ ආය කවදාවත් ඇස් අරින්නෙ නැ කියලා ඩොක්ටර් ඇවිත් කියනකොට . උබව බදාගෙන ඇඩුවේ මට ඒක පිලිගන්න බැරි නිසා බන් . උබ ආයේ මන් ඉස්සරහට එන්නෙ නැ කියලා මන් කොහොම පිලිගන්නද . හංගන් හිටපු දුක එලියට දැම්මෙ මුළු හොස්පිටල් එකම දෙවනත් කරනගමන් . උබේ හිසේ මගේ අත තියලා පොරොන්දු උනේ උබේ කැමත්ත ඒක වුන නිසා 

" මන් පොරොන්දු වෙන්නම් මැනික . කඩ නොකර ඒ පොරොන්දුව රකින්නම් ."



අපේ පැංචී සාලේ සෙල්ලම් කර කර ඉන්නකොට මන් ගිහින් වඩා ගත්තේ 

   "පැංචී ඔන්න තාත්ති ආවා . මගේ සෝස මල අබුන් කාවද . කෝ මගේ ලොකු රෝස මල . "

    " අම්මි අලි නලකයි . උයා තෝයි . අම්මි මාව දොයියා කලව්වේ නැ . අයා තතියම දොයියා ගීම් "

    " අම්මි හරි නරකයි තමා . අපි ගිහින් බය කරමු අම්මිව "

     " හී හී සෝයි අපි බුම් ගාමු . "

     " හ්ම්ම් අපි යමුකෝ . "

කවදාවත් මම එන වෙලාවට නිදා ගන්නෙ නැති ඔයා අද නිදාගෙන හිටියේ හිතේ අමුත්තක් දැනෙනකොට . පැංචි මමයි ගිහින් බය කරත් උබ නැගිට්ටෙ නැ බන් . බිත්තිය පැත්තට තියන් හිටපූ මූන මගේ පැත්තට හරවගන්නකොට කොට්ටේ ලේ . උබව බය කරන්න ආපු මමයි බය උනේ මැණික . සිහි නැතිව ඉන්න උබව උස්සන් ගිහින් කාර් එකට දාගත්තෙ පැංචිව මගේ අම්මා අතට දෙන ගමන් .ඩොක්ටර් උබට බ්ලඩ් කැන්සර් එකක් කියනකොට සත්තයි මැරෙන්න හිතුනා මැණික . අන්තිම මොහොතේ උබ මගෙන් පොරොන්දුවක් ගත්තේ අපේ පැංචිව පරිස්සමින් බලාගෙන සතුටින් ඉන්න කියලා . ඒ පොරොන්දුව මන් කොහොමවත් කඩ කරන්නෙ නැ බන් . අර කාලකණ්ණි ලෙඩේ අපේ ජිවිතේට ආවේ නැත්තම් අපි තාමත් සතුටින් මගේ මැනික . 

දවසක පැංචි ලොකු වෙලා අහයි බන් කෝ අම්මි කියලා . ඒත් එදාට මට උබව තරුවකට සමාන කරලා තරුවක් පෙන්නන්න බැ ඒ පැංචිගේ අම්මා කියලා . පැංචි කොහොම දරාගනිද මැණික උබ අපෙන් ඈතටම යන්න ගිහින් කියලා කියනකොට . උබත් එක්ක ගෙවපු හැම මතකයක් නිසාම මන් මගේ පැංචිව බලන් ජීවත් වෙනවා . හැමෝම කියනවා ඉඩෝරයක් තිබ්බොත් අනිවාර්යයෙන් වස්සානයක් ඒවී කියලා . ඒත් වස්සානයක් තිබ්බොත් කවුරුත් කියන්නෙ නැ ඉඩෝරයක් ඒවි කියලා . මට් ඒ ඉඩෝරේ ඇවිත් බන් . හැබැයි ඉඩෝරෙත් හොදට වැඩෙන පතොක් ගහක් වගේ මාත් දැන් පුරුදු වෙලා තනිකම පාළුව එක්ක ජීවත් වෙමින් ලියපු නැති අසම්පූර්ණ අපේ කවියට පද පේලි හොයන්න .


රූරා ගලා හසකැන් 

පාරා දවා මා නෙත්

පාළුවේ උමතු වී ඉකිබිදි හසකැන් .....//


ආයේ මා තනි වීලා යායේ තරු සැගවීලා

මේ අහසේ රෑ අහසේ සද දොඩමළු නැ 


හදිසියේ මුනගැසුනු නෙත් කැළුම් රස මැවුනු

කිමිදි ඉපිලි ඒ නිල් දියේ....

මා සෙවූ ආදරේ 

නොලියු කවියකි පද ලිහි...


හිත දිගේ කිති කැවුනු

පෙම් පැතුම් යලි මැවුණු 

මුමුණා අමුණා හීන දෙහිතේ

අප සෙවූ ආදරේ 

නොපිපී කුසුමකි පෙති සැලි...


පද රචනය :- අනුශ්ක ගුණසෝම 

ගායනය :- සංජුල හිමාල 

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

 

රූරා සින්දුව ඇහුවට පස්සේ මෙහෙම කතාවක් ලියන්න හිතුනේ . පලවෙනි වතාවට ගීතයකට කෙටිකතාවක් ලිව්වෙ .

අනේ මන්දා සාර්ථක වුනාද කියන්න .🥺 . ඔයාලම කියන්නකෝ සාර්ථක වුනාද කියලා . හොද නරක දෙකම කියාගෙන යන්න . ආසයි අහන්න . 


හැමෝම පරිස්සමින් ඉන්න . හැමදාමත් ආදරෙයි ❤️😊


✍කෞශි

Report Page