54

54

Prabha NC

දෙසිතක් එක් සිතක් ලෙස පත් කලේ ප්‍රේමයලු

ඒ සිතම දෙකක් ලෙස පත් කලේ නුඹමයිලු

මගෙ ලගට පැමිණ නුඹ ආදරය පැවසුවලු

ඒ ආදරය යලිත් නුඹ ලගට ගත්තාලු

සංසාරයෙදි මාව පතාගෙන ආවාලු

පෙරදි ඒ ලෙස කියා මා දමාලා ගියෙලු

හීනයන් එකින් එක මගෙ හිතේ ඇන්දාලු

නමුත් ඒ හීනයන් නුඹ උදුර ගත්තාලු

අනාගතයක් නැතිව මම ඔහේ ඉන්නවලු

හිතේ නුඹ පමණක්ම නිතර සැරි සරනවලු

මතකයන් එකින් එක යලි යලිත් පේනවලු

දරා ගන්නට බැරිව හිත තවම හඬනවලු

මගෙ විතරමයි කියූ ඔබ වෙන කෙනෙක්ගේලු

දැන ගත්ත විටදි මගෙ ඇස් ගොඩක් ඇඬුවාලු

පා වෙලා අතීතයෙ නිතර නුඹ සෙව්වාලු

හැරදමා ගිය නිසා නැවත නුඹ එන්නැතිලු.....💔

     *කෙතරම් ලස්සන ප්‍රේමයක් වුනත්*

      *කල් ඉකුත් වූ පසු*

      *නැවත කිසි දිනෙක ලබා ගැනීමට බැරිය...*

       _Prabha.. NC💓_

   


Report Page