ආත්ම වර්ෂා -අවසානය

ආත්ම වර්ෂා -අවසානය



   


 



සුදු මැණිකෙට ගොඩාක් අමාරුයිද?…………”

සිහින මහත්තයා පාන්දරම හොස්පිටල් එකට ඇවිත් හිටියා මාවයි දූ පැටව් දෙන්නයි බලන්න.

“ලොකු අමාරුවක් නැහැ මහත්තයා. ඊයෙ රෑ දහයකුත් ගානට හම්බුනේ. පුතා කෝ?…………”

“කොල්ලව මං ඇලිසම්මට බලා ගන්න කියලා ආවෙ.කෝ අපේ කෙල්ලො දෙන්නා?………….”

සිහින මහත්තයා එහෙම අහද්දි නර්ස් කෙනෙක් මගේ පුංචි පැටව් දෙන්නව ගෙනත් මගේ ගාවින් තිබ්බා.ආසාවෙ බැහැ හරිම ලස්සනයි.රෝසම රෝස පාට පොහොට්ටු දෙකක් වගේ. එක්කෙනෙක්ට නම් නින්ද ගිහින්.අනික් එක්කෙනා ඇහැරිලා ඉන්නවා.සිහින මහත්තයා කෙල්ලො දෙන්නවම වඩා ගත්තා.

“අනේ මහත්තයා බලාගෙන…………”

“චූටි පැටව්,අම්මි බය වෙලා.අම්මිට විතරක් නෙවෙයි අප්පච්චිටත් පුලුවන් ඔයාලාව බලාගන්න…………”

එයා හරිම ආදරෙයි දරුවන්ට.පැටව් දෙන්නව වඩාගෙන කාමරේ පුරාම ඇවිද්දා.මාත් හරිම ආසාවෙන් ඒ දිහා බලාගෙන හිටියා.නංගිලා දෙන්නව දැක්කම අයියා සතුටු වෙයි.

“මහත්තයා මෙයාලට දාන්න නම් එහෙම හිතුවද?…………..”

“සුදු මැණිකෙම කියන්නකො ඉතින් නම්…………..”

ටික දවසක ඉඳන් මං හරිම ආසාවෙන් නම් දෙකක් සූදානම් කරගෙන හිටියා.

“මෙයා මහිංසා සයුරංගි බණ්ඩාර.මෙයා මිහිංසා හසරංගි බණ්ඩාර…………..”

“ඒ නම් දෙක ලස්සනයි වර්ෂා.හුඟක් ගැළපෙනවා…………..”

පැටව් දෙන්නට කිරි දීලා තොටිල්ලෙන් තියද්දි සිහින මහත්තයගෙ අම්මයි අප්පච්චියිත් හොස්පිටල් එකට ආවා අපිව බලන්න.මිණිපිරියො දෙන්නව දැකලා එයාලත් ගොඩාක් සන්තෝශ වුනා.අපි එක පව්ලක් විදියට දරුවො දිහා බලලා හුඟක් සතුටු වුනා.

“සුදු පුත්තූ,ඔන්න අම්මි ඔයාට සෙල්ලම් කරන්න නංගි බබාලා දෙන්නෙක්ම ගෙනාවා.චෝයි නේද පුතේ?………….”

දූ පැටව් දෙන්නවයි මාවයි ගෙදර එක්කන් ආවට පස්සෙ සිහින මහත්තයා පුතාවත් අරගෙන ඇඳෙන් වාඩි වුනා.පුතාටත් නංගිලා දෙන්නව දැක්කට පස්සෙ හරි සතුටුයි.අතකින් අල්ලලා බලනවා.කකුලක් අල්ලලා බලනවා.උම්මා දෙනවා.


“මේ දෙන්නව හොඳට බලා ගන්න වෙයි වර්ෂා.ඔයා හොඳ අවධානයෙන් ඉන්න. පුතා තාම පොඩි එකානෙ.තේරෙන්නෙ නැති නිසා මෙයාලා දෙන්නව ඇදගෙන සෙල්ලම් කරන්න හදයි…………..”

“ඔව් මහත්තයා එයාගෙ බෝතලෙන් එහෙම වතුර පොවන්න හදයි.පුංචි දරුවොනෙ තාම.මොනවා කියලා තේරෙන්නද?…………..”

අපේ කාමරේට එහා පැත්තෙන් තියන කාමරේ අපි පුතා වෙනුවෙන් සූදානම් කරා.සෙල්ලම් බඩු වලින් කාමරේ පුරවලා බිත්ති වල එයාගෙ ෆොටෝස් එල්ලලා හරිම ලස්සනට කාමරේ සැරසුවා.

පුතාගෙ තොටිල්ලම තමයි අපි දූ පැටව් දෙන්නා වෙනුවෙන් සූදානම් කරේ.රෝස පාටින් නෙට් එකක් ගෙනත් දැම්මා.පාට පාට චූටි ගව්ම් පොඩිති ගොඩාරියක් සිහින මහත්තයා ගෙනත් දුන්නා.


කාලය ටික ටික ගෙවිලා ගිහින් පුංචි පැටව් ටික ටික ලොකු වුනා.දූ පැටව් දෙන්නට දැන් අවුරුද්දයි.පුතු පැටියට අවුරුදු දෙකහමාරයි.අපි දෙන්නගෙ ලෝකෙම වුනේ මේ දරු පැටව් තුන් දෙනා.
සිහින මහත්තයා උදේ ඉඳන් ගෙදර නැහැ.කොහෙ ගිහිල්ලද දන්නෑ.මං ඇලිසම්මාගෙන් ඇහුවත් එයා දන්නෙත් නැහැලු.අප්පච්චියි අම්මයි සාහිලුයි දුවයිත් වලව්වෙ නැහැ.මේ කට්ටිය එකපාරටම කොහෙද අතුරුදහන් වුනේ?යන තැනක් කියලා යන්න බැරිද?එයාලා යද්දි මට නින්ද ගිහින්නෙ තිබුනෙ.
එකොළහමාර විතර වෙද්දි කට්ටියම වලව්වට ආවා.කොහෙ හරි දුර ගමනක් ගිහින් වගේ.මහත්තයගෙ මූණත් හුඟක් මහන්සි පාටයි.


“කොහෙද ගියේ මහත්තයා?මං උදේ ඇහැරිලා බලද්දි කවුරුවත් නෑ වලව්වෙ?ෆෝන් එකත් ඕෆ්.මං බයත් වුනා.ඇයි මට කිව්වෙ නැත්තෙ?…………”


“මනමාලියක් බලන්න ගියේ…………..”
“මට………….”


“මොකක්ද කිව්වෙ?………….”


මං එයාගෙ කන රිදෙන්නම හයියෙන් මිරිකුවා.උදේම මාව අවුස්සන වැඩමයි කරන්නෙ.


“ඌයි යස්සනියෙ කන අතෑරපන්. විහිළුවට කිව්වෙ………….”


“මට නොකියා කොහෙද ගියේ?………”


“මල්ලිට ගෑණු ළමේක් බලන්න ගියේ. අප්පච්චියි අම්මයි උදේනෙ මට ඒ ගැන කිව්වෙ.සුදු මැණිකෙ නිදාගෙන හිටපු නිසා දුක හිතුනා ඇහැරවන්න.ෆෝන් එකත් ඕෆ් වෙලා බැටරි නැතුව………..”


එයා නිදහසට කරුණු කියනවා එහෙම කියාගෙන කියාගෙන ගියා.


“කොහේ ගෑණු ළමේක්ද මහත්තයා?………….”


“රත්මල්දෙණියෙ පැත්තෙ.අවුරුදු විසිපහයි.කලින් බැඳලා ඒ මනුස්සයගෙන් ඩිවෝස් වෙලා.අපි ඇහුවා ඒ ඇයි කියලා.ඒ මිනිහා මේ කෙල්ලව රවට්ටලා.ඌට රටේ හැම තැනකම ගෑණුලු.ඒ කෙල්ල ජීවිතේ ගැන කලකිරිලා කෝච්චියටත් පන්න්න හදලා.ආයෙමත් කසාද බඳින්නෙම නෑ කිව්වලු.ඒ දෙමව්පියො බොහොම අමාරුවෙන් මේ කසාදෙට එයාව කැමති කරගෙන තියෙන්නෙ.හැබැයි ළමයාව දැක්කට පස්සෙ ඒ කෙල්ලට ආස හිතුනා.හුඟක් වෙලා යනකල් ළමයත් එක්කමයි හිටියෙ…………”


“අනේ හොඳයි මහත්තයා සාහිල් අයියටත් හරියනවා නම්.එක ගෑණියෙක් නිසා ජීවිතේ කලකිරුනට හැම ගෑණියෙක්ම එක වගේ නෑනෙ…………..”


“හරිම මහන්සියි අප්පා.මං වොශ් එකක් දාගෙන එන්නම්.කූල් එකක් හදාගෙන එනවකො…………..”


සිහින මහත්තයා බාතෲම් එකට ගිය අතරෙ මං කුස්සියට ගිහින් එයාට බොන්න දොඩම් බීම එකක් හදාගෙන ආවා.


“ළමයි කෝ?……………”


“තුන් දෙනාම කාමරේ සෙල්ලම් කරනවා.යක්කු නටපු පිට්ටනිය වගේ. මුළු කාමරේම හැඩි කරලා. බෝනික්කොයි සෙල්ලම් බඩුයි හැම තැනම ඇදලා දාලා……………”


“ශෝක්නෙ ඉතින්……………..”


“ඔව් ඉතින් මහත්තයා නම් කියයි ශෝක් කියලා.මංනෙ දවස තිස්සෙම යුද්ධ කරන්න ඕනි…………….”


“ඉතින් අපි දෙන්නත් යුද්ධ කරමු.කෝ එනවා ළඟට……………..”


වීදුරුව ස්ටූල් එක උඩින් තියලා එයා මගෙ අතින් ඇදලා මාව ඇඳ එක උඩට පෙරල ගත්තා.පුදුම විසයක් තියෙන්නෙ මේකාට.තාම ඇරිලා නැහැ.


“මොනවද හිතන්නෙ?……………”


“පුදුම විසයක් නේද තියෙන්නෙ?දැන් ඉස්සර වගේ නෙවෙයි.අපි දෙන්නා දැන් ළමයි තුන් දෙනෙක්ගෙ දෙමව්පියො කියලා අමතක කරන්න එපා………….”


එයාගෙ රැව්ලෙන් අල්ලගෙන මං එහෙම කිව්වා.නපුරාට හිනා මං කියන දේවල් වලට.


“ළමයි තුන් දෙනෙක් හැදුවා කියලා දඟ වැඩ නවත්තන්න බෑනෙ සුදු මැණිකෙ. ළමයි හම්බුනාට මට නම් සුදු මැණිකෙ තාම අර ඉස්සර චීත්ත ගව්ම ඇඳගෙන කොණ්ඩෙ තනි කරලට ගොතාගෙන මාව දකිද්දි බයෙන් හැංගිච්ච කෙල්ලමයි……………..”


ඔහු හරිම ආදරෙන් ඇගේ දෙතොල් තම දෙතොල් වල ග්‍රහණයට නතු කරගත්තා.ඔහුගේ ආදරය එදා සේම අදත් එලෙසමයි.වැඩි වූවා මිසක ඒ ආදරයේ අංශු මාත්‍රයක්වත් අඩු වූයේ නම් නැහැ.ඔහුගෙන් ලැබෙන මේ ආදරණීය පහස තාමත් ඒ අතීතයේ මිහිර මතකයට නැගෙනවා.
විනාඩි කිහිපයක් ඇගේ දෙතොල් මත දඟකාරකම් කෙරූ ඔහු ඇගේ වතෙන් ඉවත් වූයේ එහා කාමරේ සෙල්ලම් කරමින් උන් දරුවන් තිදෙනා ළඟට යෑමටය.


රාත්‍රී ආහාරය ගත් පසුව මං දූ පැටව් දෙන්නා නිදි කරවා ඇඳෙන් තබා පුතාද නිදිකරවා ඇඳෙන් තැබූ පසුව කාමරයේ දොර වසා අපේ කාමරේට ආවෙමි. සිහින මහත්තයා උන්නේ ලැප් එකේ මොකක්දෝ මන්දා වැඩක් කරමිනි.මං එයාට බාධා නොකර නෙට් එක දමා එය තුළට පිවිසියා.
මද වෙලාවකින් සිහින මහත්තයත් ලැප් එක වහලා පැත්තකින් තියලා නෙට් එක යටින් මං ළඟට ආවා.


“සුදු මැණිකෙ……………”


“මහත්තයා……………”


“අප්පච්චි දේපළ ඔක්කොම මගෙයි මල්ලිගෙයි නමට ලියලා.කසාදෙන් පස්සෙ සාහිල් වලව්වෙ ඉන්නෑ කියපු නිසා මං උඩහ වත්තෙ ගෙදර උගෙ නමට ලිව්වා.අප්පච්චි ෆැක්ට්‍රි දෙකම මට ලිව්වා.ඔයයි අම්මයි කලින් හිටපු ඉඩම මල්ලිගෙ නමට ලිව්වා.පොල් වත්ත අප්පච්චි මගෙ නමට ලිව්වා. ගොඩක් දේවල් මට ලැබුනු නිසා මං සල්ලි වලින් ලක්ෂ පහක් මල්ලිට දුන්නා…………..”


“එහෙම හොඳයි මහත්තයා.දේපළ වලට ඇන කොටා ගන්නැතුව ඔහොම සමගියෙන් සාමදානයෙන් හැම දෙයක්ම විසඳිච්ච එක ගොඩක් හොඳයි…………..”


සැහැල්ලුවෙන් සැනසුම් සුසුමක් හෙලපු සිහින මහත්තයා ටේබල් ලෑම්ප් එකේ එළිය අඩු කරලා සරමෙ ගැටය බුරුල් කරගෙන මගෙ පැත්තට හැරුනා.


“සුදු මැණිකේ………….”


එයාගෙ සරාගී ඇස් දිලිසෙනවා.ඒ ඇස් වලින් මට ආරාධනාවක් කෙරුවා.මං හෙමින් හෙමින් එයාගෙ ළඟට ආවා. එයා මගේ පපුවට වැටිලා තිබුන කෙස් රොදක් පිටි පස්සට කෙරුවා.
මොහිතින් මොහොත ගත වෙලා ගියේ ඔවුන්ගේ සළු පිළි ගතින් ගිලිහී යද්දී. අනුරාගයේ සුසුම් හඬ කාමරේ පුරාම රැව් පිළි රැව් දෙනවා.ඔහු හරිම ආදරෙන් ඇගේ ගෙල මත හාදු තබද්දී ඇගේ මුවින් නිකුත් වන කෙඳිරිලි හඬ ඔහුගේ ඒ ග්‍රහණය තව තවත් වැඩි වුනා.
අනුරාගී හෝරාවක් ගෙවී ගියා.ඔහු ඇගේ නලල මත සිප ගැන්මක් සටහන් කර සයනයේ අනික් පසින් ඇල වුනා. ඇය සෙමින් සෙමින් ඔහු පැත්තට හැරී ඒ පපුව මැද්දෙන් අතක් දාගත්තා. ඔහුගේ දෑත් ඇගේ පිට පුරා රටා මවද්දී ඔවුන් වෙත නිදි දෙව් දුව ළඟා වුනා.
වසර විසි පහකට පසුව


“චූටි පුතේ ලොකු අයියා කෝ………….”
“රනේෂ් අයියාව හම්බෙන්න යනවා කියලා ගියේ…………..”


“අනේ මන්දා මේ ළමයා එක පැයක්වත් ගෙදර ඉන්නෙ නෑනෙ.කොයි වෙලේ බැලුවත් යාළුවොත් එක්ක රස්තියාදුවමයි.ආපු දෙන්කො අද ගෙදර………….”


“කාටද මැණිකෙ ඔය කෑ ගහන්නෙ?……………”


සිහින මහත්තයා කණ්ණාඩියත් පිහ දදා පඩිපෙළ බැහැගෙන ආවා.


“කාටද අපේ ලොකු පුතණ්ඩියට මිසක්. ඔයාගෙ බුරුල නිසා තමයි එයා ඔච්චර මුරණ්ඩු වෙන්නෙ මහත්තයා.දැන් අවුරුදු විසි අටකටත් කිට්ටු වුනා. මනමාලියො කී දෙනෙක් බලන්න ගියාද?එකකටවත් කැමති නෑ.මේ ළමයා කවදා පිළිවෙලක් ඇතුව ජීවත් වෙයිද මන්දා.යාලුවොත් රස්තියාදුවමයි හැම වෙලාවකම……………..”


“ලොකු අයියා බය ඇති අම්මෙ කසාද බැන්දට පස්සෙ එයාගෙ නිදහස සීමා වෙයි කියලා.ගෑණු කැමති නෑනෙ මිනිහා ඕනවටත් වඩා යාළුවො ආශ්‍රය කරනවට…………….”


“ආපු දෙන්නකො ගෙදර.මං කතා කරන්නම් ලොකු පුතාට.මැණිකෙ රොෂාන් කතා කරා.එයාගෙ පුතාලා දෙන්නා ගිය සතියෙලු ලංකාවට ආවෙ.රොෂාන් ඇහුවා අපේ කෙල්ලො දෙන්නාට උන් දෙන්නාව මුණ ගස්සමුද කියලා.අපිත් නොදන්න මිනිස්සුයැ. මොකද කියන්නෙ මැණිකෙ?………….”


“මගේ නම් අකමැත්තක් නැහැ මහත්තයා.කෙල්ලො දෙන්නටත් දැන් විසි පහක්නෙ.බඳින වයස නිසා ඉක්මන්ට පිළිවෙලක් කරලා දෙමු………….”


“සිහින මහත්තයා…….සිහින මහත්තයා…………”


කව්දෝ මන්දා මනුස්සයෙක් වලව්වෙ දොරකඩට ඇවිත් හයියෙන් සිහින මහත්තයට කතා කෙරුවා.අපි තුන් හතර දෙනාම ඒ පැත්තට ඉක්මනට වගේ ගියේ ඒ මනුස්සයා කලබලෙන් වගේ හිටපු නිසයි.ඒත් එක්කම ලොකු පුතාත් කුස්සිය පැත්තෙන් ගෙට ගොඩ වුනා.


“ආ…….මේ අමිත් නෙ.එන්න ඇතුලට…………”


ඇවිත් හිටියෙ ගමේ එහා කෙලවරේ ගෙදරක මනුස්සයෙක්.එයාගෙ නම අමිත්.අමිත් එක්ක එයාගෙ නෝනයි දුවයිත් හිටියා.


“ඇතුලට එන්න නෙවෙයි හොඳවයින් දෙක කියලා යන්න ආවෙ.කෝ සිහින මහත්තයගෙ මහ ලොකු පුතණ්ඩියා?…………..”


“කොයි පුතාද?…………”


“ලොකු පුතා…………..”


“ලොකු පුතේ…….මෙහාට එන්න.ඇයි ඔයාලා මිහින් පුතාව හොයන්නෙ?…………..”


ඒ මනුස්සයා සිහින මහත්තයා අහපු දේට උත්තරයක් දුන්නෙ නැහැ.උතුරලා යන තරමෙ කේන්තියකින් ඒ මනුස්සයා හිටියෙ.ලොකු පුතා හෙමින් සීරුවේ අපි ගාවට ආවා.මොනවා වුනත් මෙතන ලොකු දෙයක් වෙලා තියනවා කියලා මට දැනුනා.


“ආ මේ ඉන්නෙ.සිහින මහත්තයා ඔයා හොඳ මනුස්සයෙක් නිසයි අපි පොලීසි නොගියෙ.ඔයාගෙ මහ ලොකු මේ පුතණ්ඩියා මගෙ අහිංසක දුවට බලහත්කාරකම් කරන්න හැදුවා වැව් ඉස්මත්තෙදි.හැබැයි මගෙ කෙල්ලට අවැඩක් සිද්ද වුනා නම් එහෙම මං මේක ලේසියෙන් අතාරින්නෑ…………….”



“මොනවා………ලොකු පුතේ මේ මිනිස්සු කියන්නෙ ඇත්තද?තමුන් මේ කෙල්ලට කරදර කරන්න හැදුවද?……………”


සිහින මහත්තයා දෙතුන් සැරයක් ඇහුවට පස්සෙ ලොකු පුතා ඔව් කියලා ඔලුව වැනුවා.කේන්තියෙන් හිටපු සිහින මහත්තයා අත දිගෑරලා පුතාගෙ කම්මුලට ගැහුවා.


“දුවේ……….අපේ මිහින් පුතා ඔයාට ඔයාට මීට කලිනුත් මෙහෙම කරන්න හැදුවද?බය නැතුව කියන්න දුවේ………….”


මහත්තයා ඒ දුවගෙ ඔලුව අතගාලා එහෙම ඇහුවා.


“මිහින් මහත්තයා…….මට ආදරෙයි කියලා මගෙ පස්සෙන් එනවා ලොකු මහත්තයා………මං කීප වතාවක්ම කිව්වා අපි දුප්පත් අහිංසක මිනිස්සු………..අපිට පාඩුවෙ ඉන්න දෙන්න කියලා………ඒත් මිහින් මහත්තයා ඒක ඇහුවෙ නැහැ……….අද වැව් ඉස්මත්තෙදි මට හොඳටම ගහලා කරදර කරන්න හැදුවා………….”


ඒ ගෑණු ළමයා ගව්මෙ කරෙන් කඳුලු පිහ දදා එහෙම කිව්වා.මගෙ මතකයට නැගුනෙ මීට අවුරුදු ගානකට කලින් හැන්දෑවෙ මං ගඟෙන් නාගෙන රබර් වත්ත මැද්දෙන් එද්දි සිහින මහත්තයත් මේ විදියටම මට කරදර කරන්න හදපු හැටියි.ඒ තාත්තගෙම පුතානෙ.ගහේ කටු උල් කරන්න ඕන්නෑනෙ.තාත්තගෙ ගතිගුණමනෙ පුතාට තියෙන්නෙ.

“මිහින්,තමුසෙ මේ ගෑණු ළමයට ඇත්තටම ආදරෙයිද?…………”

“ඔව් අප්පච්චි…………”

“දුව,ඔයත් මිහින් පුතාට ඇත්තටම ආදරෙයිද?………….”

ඒ ගෑණු ළමයා බයෙන් වගේ ඔව් කියලා ඔලුව වැනුවා.

“ඔයාලා බය වෙන්න එපා.අපි කැමතියි මේ දරුවව අපේ ලේලි කරගන්න.අපි ළඟම දිනයක් දාගෙන ඒ පැත්තෙ එන්නම්කො………….”

ඒ මිනිස්සුන්ගෙ මුහුණෙ පුදුම සතුටුදායක පෙනුමක් ඇති වුනා.


“අප්පච්චි කරපු දේම තමයි පුතා කරලා තියෙන්නෙත්.නේද මහත්තයා?……….”
“ඔව් ඉතින්.පුතා යන්න ඕනි තාත්තගෙ අඩි පාරෙනෙ…………..”
එයා එහෙම කියලා මගෙ මගෙ ඔලුව අතගාද්දි එකපාරටම පපුව අල්ලගෙන කෙඳිරි ගෑවා.මට හොඳටම බය හිතුනා. මං කෑ ගහලා දරුවන්ට කතා කරා. දරුවො පස් දෙනාම කාමරේට දුවගෙන ආවා.
“අනේ පුතේ අප්පච්චිට ආයෙ පපුවෙ කැක්කුම වගේ.අනේ ඉක්මනට හොස්පිටල් එකට එක්කන් යමු……..”


ලොකු පුතා අපිව දාගෙන කාරෙක ඉක්මනට හොස්පිටල් එකට ආවා.මං සියලු දෙවියො සිහි කරලා ඉල්ලුවෙ මගෙ රත්තරං මහත්තයගෙ ජීවිතේට මොකුත්ම කරදරයක් වෙන්න නම් එපා කියලයි.කාරෙකේ එනකොටත් සිහින මහත්තයා හුඟාක් අමාරුවෙන් ආවෙ.


“අනේ අම්මෙ අඬන්න එපා.අපේ රත්තරං අප්පච්චිට මොකුත්ම වෙන්නෑ.දැන් ඩොක්ටර් එයිනෙ………..”


මගේ දරුවො පස් දෙනා මං ගාවින්ම ඉඳන් මගේ දුක නැති කරන්න හුඟාක් දේවල් කිව්වා.පළවෙනියා මිහින් පුතා. දෙවනියා මිහිංසා දුව.තුන් වෙනියා මහිංසා දුව.හතර වෙනියා සහේන් පුතා.පස් වෙනියා සෙනෙත් පුතා.
දැඩි සත්කාර ඒකකයේ දොටත් ඇරගෙන එලියට ආපු වෛද්‍යවරයා වෙත අපේ දෑස් යොමු වුනා.ඒ මුහුණේ ඇති හැඟීම් තේරුම් ගන්න මට නොහැකි වුනා.මගෙ පපුවෙ හද ගැස්මත් වැඩි වුනා.අනේ මගෙ සිහිනට මොකුත්ම වෙන්න නම් එපා.


“ඩොක්ටර්……මගෙ මහත්තයා………….”


වෛද්‍යවරයා ඇගේ උරහිසට අත තැබීය.දරුවන් පස් දෙනාගෙ දෑස් විමතියෙන් පසු විය.


“අයැම් වෙරි සොරි මිසිස් බණ්ඩාර.අපි ගොඩක් උත්සහ කරා.අපිට ඔයාගෙ මහත්තයව බේර ගන්න බැරි වුනා……………”


“සිහින මහත්තයා…………….”


ඇගේ විලාපය මුළු මිහිතලයම කම්පා කරවන්නට විය.වසර විසිනවයක් තිස්සේ ජීවිතයේ දුක සැප බෙදා ගත් තම ආදරණීය සැමියා අද සදහටම තමාව තනි කර ජීවිත ගමන නිමා කර ඇත.


පහන් ටැඹ යට සොහොන් කොත ළඟ කව්ද කාටද අත වනන්නේ
දෑස නිදි නැති රෑක මැදියම
ඔබේ ඉකි හඬ දෝ ඇසෙන්නේ…………
ඔබේ වියෝවෙන් වේදනාවෙන්
හීන් හිරිපොද වැටුනු දවසක
නෑසියන් කරපිටින් මා
ගෙනගියා ඔබ සොහොන් පිටියට………..
ඒ සොහොන් කොත පෙනෙන මානේ
පුංචි කුටියක කවුලුවක් ළඟ
බලා ඉන්නෙමි සිතින් හමු වී
කියා ලන්නට සිතින් බැඳි පෙම…………


අවසානයි


පුරා කොටස් පනහක් තිස්සේ මාත් එක්ක රැඳී හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි.ඔයාලගෙ කමෙන්ට් මට ලොකූ හයියක්.ඒ ආදරේට මං හැමදාමත් ආදරෙයි.මේක තමයි මං ලියපු දිගම කතාව.මෙච්චර දුරට ලියන්න හිතුනෙ නෑ මුලදි.

ඒත් කොටස් දිගට යනවා දැනුනෙ නැහැ. මාව මේ තරම් දුර එක්කන් ආපු ඔයාලාට ගොඩාක් ස්තූතියි.ලියනකොට නවත්තන්නෙම නැතුව ලියාගෙන ලියාගෙන යන්න හිතෙනවා.

ඒ තරමට දැන් මේ කතා ලියවිල්ලට ඇබැබැහි වෙලා.ඉතින් ඉස්සරහටත් ඔයාලා මාත් එක්ක්ම ඉඳියි කියලා හිතනවා.බුදු සරණයි,ජේසු පිහිටයි හැමෝටම


Report Page