💗💗4

💗💗4

Bodhini Dakshina

ඉතින් එහෙම කාලය සති එකහමාරක් විතර වේගෙන් ගෙවිලා ගියා හරි ඉක්මනට.ඒ අතරට පුදුමාකාර වෙනස් වීමක් උනා.


"තමුසේ කැමති වෙන්න ඕනි මට විතරයි...."

"තමුසේ මට කැමති එක මන් දන්නැ කියලද තමුසේ හිතන් ඉන්නේ.....අහ්..."

"උබ වෙන කාත් එක්ක හරි යාලු උනොත්....."

'එදාට මන් බලගන්නම් තමුසේ ගැන.....තේරුණාද.....🤤🤤"

ඇත්තටම එදා කාවින්ද්‍ය අයියා හොඳටම බිල හිටපු දවසක්.ඒ කියපු වචන ටිකට chamodita කාවින්ද්‍ය අයියා එක්ක අවේ කියාගන්න බැරි තරහක්.


ඒ කේන්තිය සාධාරණයි.මොකද චමෝදි කැමති කියලාවත් කියන්නේ නැතුව එයට මේ විදිහට නම් බලපෑම් කරන්නේ.කවදාහරි කැමති කිවිත් කොහොමට තියේවිද?


වයසත් එක්ක කොල්ලෙක් ගැන කැමත්තක් ඇති උනට chamodhita ආදරය ගැනවත් ඒ කිසි දෙයක් ගැනවත් ලොකු තේරුමක් තිබ්බේ නැහැ.


ඒ වචන වලට ඒ පුංචි හිත ගොඩක් එදා රිදුනා. ඒ වගේ දේකට මීට ඉස්සෙල්ලා මුහුණ දීලා තිබ්බෙත් නැහැ.ඒ රිදවීම අවස්නේ chamodige හිතේ ඇති කාලේ කේන්තියක්.


ඒ කොහොම උනත් ඒ සිද්ද වෙච්ච දේ එක අතකට හොඳයි කිලත් මට නොහිතුනම නෙවෙයි.මොකද මන් කැමති උනේ නෑ ඒ වගේ චරිතෙකට මගේ යාළුවා ව දෙන්න.

...........................💫💫💫💫........................


ඒ අතරේ අපි කවදාවත් හීනෙන් වත් නොහිතපු කෙනෙක් චමෝදි ට කැමැත්තෙන් හිටියා.ඒ මගේ යාලුවෙක්.ඉස්කෝලේ එක වසරේ ඉදලා මේ වෙනකම් හිටපු යාලුවෙක්.


එය නමින් චාමෝද් දුලංජන.ඒ උනට මන් එයට කිඋවෙ යාලු😍 කියලා.

එය ගැන කෙටියෙන් කිඋවොත් ඉස්කෝලෙ ඉන්න දුවන්න දක්ෂම ක්‍රීඩකයෙක්.ඒ වගේම හොඳට ඉගෙනගන්න ළමෙක්.


යාලු චමෝදි ට කැමති වීම මට ලොකු ප්‍රෙහෙලිකවක් උනා.මේක ඇත්තම ඇත්තක්ද.......?යාලු චමෝදි ට ඇත්තටම කැමති ද?......🤔🤔


මට ඒක යාලුගෙන්ම දැන ගන්න උවමනා කළ.


"යාලු..මේ බන් උබ ඇත්තටම අපේ chamodiyata කැමතිද.....?"

" ඇයි උබ එහෙම අහන්නේ...."

"නැහැ ඉතින්..... උබ එහෙම කෙල්ලෙක්ට කැමති උනා කිඋවම මට පුදුමත් එක්ක බන්.....?😁😁"

"ඒක තමයි බං මටත් හිත ගන්න බැහැ.ඒත් අද ඊයේ නෙවෙයි එහෙම දෙයක් හිතට දැනුනේ."

"අද ඊයේ නෙවෙයි නම් කොයි කලේද....?🤨🤨"

"8 වසරේදී.🙂"

"මොකක් 8 වසරේදී..🙄🙄"

"ඒක කැමැත්තක්ද මොකද්ද කියන්න දන්නේ නැහැ.ඒත් මගේ හිතට තදින්ම දැනුනා එයාව."

"හ්ම්ම්..... අපි බලමුකො. චමෝදිගේ හිතේ නම්... මේ ගැන ලොකු අදහසකුත් නැහැ..."

"මට එයාගේ කැමැත්තක් නැතුව එයාව ලබාගන්න බැහැ නෙ.කැමති උනොත් එහෙමයි.නැති උනත් මොන කරන්නද බං."

"ඔව් ඉතින් ඒකත් ඇත්ත.මොන දේ දී මන් උබට උදව් කළත් ,මෙකෙදි නම්...... මට උදව් කරන්න අමාරුයි."

"මට තේරෙනවා බන්. උඹෙයි මගෙයි යාලු fit එකට එයාව යාලු කරවන්න හදනවා කියල හිතුවොත්."

"ඒකනෙ..... අපි බලමුකො. මන් යනො එනම්.👋👋"

"හරි හරි පලයන දැන් interval ඉවර වෙලා කොච්චර වෙලාද..😬😬"

, එදා මන් දැන ගත්තා ඒක බොරුවක් නොවන බව. යාලු හොඳ කෙනෙක් කියල මන් දැනගෙන හිටියත් මන් චමෝදි ව ඒ කිසි දේකට උනන්දු කලේ නැහැ.


යාලුට උවමනා කලෙත් කාගෙවත් බල කිරීමට නැතුව චමෝදිගෙ කැමැත්තෙන්ම කැමති කියල කියනවට.


මට නම් දැනුනේ එක දැන්ම හැබැ නොවන සිහිනයක් විදිහට.මොකද chamodige හිතේ එහෙම අදහසක් නොතිබ්බ බව හොඳාකාරවම දැනගෙන හිටියා.


..........................💫💫💫💫........,...................

ඔහොම කිසි විශේෂයක් නැතුව දවස් කීපයක් ගත උනා.

2016.01.18 අද විශේෂත්වයකට කියලා තිබ්බේ netball, through ball match තියෙන නිසා.මොකද අපේ චමෝදිya අද සෙල්ලම් කරණවනේ.


ඒත් මට match එක බලන්න යන්න උනේ නැහැ.මට එදත් උදේම red cross එකට යන්න උනා.

ඇත්තටම අපි red cross එක වෙනුවෙන් ගොඩක් දේවල් කැපකල.එක කවදාවත් දුකක් උනේ නැහැ.මොකද තව කෙනෙක්ට පිහිට වෙලා අපි ලබපු සතුට මෙච්චරයි කියලා කියන්න බැහැ.


Match ඉවර වෙන වෙලාව වගේ වෙනකොට මට නිදහසක් ලැබුණා ගමන් මන් ගියේ චමෝදි බලන්න.


Canteen එකේ උඩ තට්ටුවේ ඇදුම් මාරු කරන පොඩි room එක ගාවට පඩි නැගාගෙන ගියේ ලොකු කල්පනවකුත් එක්ක.මොකද ඒ වෙනකොටත් chamodige හිතේ එදා කාවින්ද්‍ය අයියාගේ හැසිරීම නිසා ඇති වෙච්ච පෑරීම ඒ වෙනකොටත් තිබ්බ නිසා.


"උබ අවද......?"

"දැන් තමයි නිදහසක් ලැබුණේ... අද වැඩ වැඩි "

"හ්ම්ම්.....මන් ඇදුම් මාරු කරගෙන එන්නම් එහෙනම්. "

"ඔව් ඉක්මනට මාරු කරගෙන එන්න.මන් කියලා ආවේ, ආයේ අද red cross එක පැත්තෙ එවෙන්නෙ නැහැ කියලා."

"ඒක හොඳයි........"

" මොකද අද match දේකට උනේ ඉතින්."

"එකක් දිනුම්.අනෙක පරාදයි."

"කමක් නැ.උබලගේ නිවසේ ඉතින් කොහොම කළත් ඒක නේ හැම පාරම ."

'" එහෙම තමයි දක්ෂ ලමයි ඉන්න කොට."

"හරි හරි බලමුකො කවදා හරි අපේ නිවාසෙත් ඉස්සරහට එන්නෙ නැතැයි."

"හරි යමු මේ එක bag එකක් ගන්නවකො.. මහන්සි අප්පහ..."

"කෝ දෙනවා ඉතින්.යමින් ගමන් මුණත් අත පයත් හෝදාගෙන යමු."

( අපි තුන්දෙනා නිවාස දෙකක හිටියෙ. චමි ,යසි නෙළුම් එකෙ. ඒක හැම පාරම වගෙ එක .මන් පියුම් . ඒක හැම පාරම වගෙ අන්තිම . කියන්න සතුටුයි ඉතින්🤗)


"මොකෝ අවුලෙන වගේ.එකක් පරද නිසාද"

"නැහැ එහෙම මුකුත් නැහැ."

"අනේ යන්න චම් යන්න.උබ ඔය තාමත් කාවින්ද්‍ය අයියා ගැන නේද හිතන්නේ."

'එය ගැන මෝකට හිතෙනවද බං.මට තාමත් කේන්ති බීගෙන එදා කියපුවට."

'ඕක ඔච්චර හිතන්න එපා බං.දන් ඉවරනේ ඒව."

"ඒ අස්සෙන් අර චාමෝද් කැමතිලු.මොකද්ද බං ඒ කතාවේ තේරුම.හැමෝටම විහිළුවක්ද දන්නේ නැහැ මාව."

(ඇත්තටම මන් ඒ වෙලේ මුකුත් නොකියා නිශ්ශබ්ද උනා.)

"මන් ඒකත් අද දෙකෙන් එකක් බෙරගන්නම්කෝ....අහලා.. bag ටික class එකෙන් තියලා යමු හම්බ වෙන්න."

"කාවද....🙄මොකටද....🧐

"චමෝද්ව...විහිලුවක්ද මොකද්ද මේකේ තේරුම කියලා අහන් එන්න."

"හ්ම්ම්......හොයාගන්න පුළුවන් වෙයිද දන්නෑ."

"මන් දැක්කා පහල පොඩි පිට්ටනියේ ඉන්නවා.දාගල දගල ."

(ඔව් අපේ ඉස්කෝලෙට පිට්ටනි දෙකක් තිබ්බ.එකක් ලොකු පිට්ටනිය.අනෙක පොඩි පිතටනිය.තරම අනුව සංසන්දනාත්මකව අපි එහෙම කිඋවට.සැලකිය යුතු තරම් විශාලත්වයක් දෙකටම තිබ්බ.)

අපි දෙන්නා පොඩි පිට්ටනිය ගාවට ගියා.යාලු පිට්ටනිය මැද්දේ මොකද වගේ දුවනවා කොල්ලො පස්සෙන්.🤭🤭

පිට්ටනිය මැද ට යන්නත් බැහැ.ටිකක් වෙලා බලන් හිටියා මේ පැත්ත බලයද කියලා.


මොන...🤣 මූට සෙල්ලම් සිහිය.




මන් පොඩ්ඩක් පිට්ටනියට බහල නම කියලා කතා කළාම.ඔන්න යන්තං දැක්කා.

"මොකද... ඉක්මනට කියහං.මට සෙල්ලම් කරන්න පරක්කු වෙනවා."

"පරක්කු වෙනවා නම් යනවා ඉතින්.මන් කියන්න ඇවේ චමෝදි උබට කතා කරන්න එන්න කිඋව කියලා."

"ඇහ්.....ඒ මොකටද කෝ දැන්"

"අයි දන් හදිස්සි කියෙව්වේ.හදිස්සි නැති වෙලාවක වරෙන්.මන් යනවා."

"නැහැ නැහැ යමන්.මාත් එනවා.පස්සේ සෙල්ලම් කරනවා."

(මූට යාකෝ ප්‍රියම්බිකාව කතා කරනවා කියා විතරයි කරපු සෙල්ලමත් අමතකයි.අනේ බොල..🙄🙄)(. කියන්න ගියේ නැහැ පව් නේ මොන උනත්🤣🤭.)




ඔන්න පටන් ගත්තා අපේ මැඩම් ප්‍රශ්න අහන්න ගත්තා වගේ.


"මොනාද මේ ළමයි කියන කතා.ඔයා මට කැමැති කියලා.මොකද්ද මේකේ තේරුම.වීහිළුවක්ද.බෝරුවක්ද මොකද්ද.එක බොරුවක් නම් අයි කටක් අරල කියන්න බැරි ඔයාගේ ඔයා යාළුවන්ට"

(යාලුට මුකුත් අතරමද්දෙන් කියන්න හම්බුනේ නැ. ඔය ඕකොම එක හුස්මට අහගෙන ගියා. යාලුත් මුනට හිනවක් අරගෙන චම් ගේ කාට දිහා බලාගෙන ඉන්නවා.)

"දැන් අහන්න තියෙන ප්‍රශ්න ඔක්කොමාද ඔයා ආහුවේ."

"ඔව්..😏😬"

"මන් බොරුවක් නෙවෙයි කීවේ.මන් කැමති තමයි ඔයාට.ඉතින් මට යාලුවන්ව නවත්තන්න උවමනා නෑ.ඕනිම නම් මන් උන්ට කියන්නම්.ඔයාට මුකුත් කියන්න එපා කියලා ආයේ."

" හ්ම්ම්...."

"එතකොට මොකද්ද දන් ඔයා නෝනගේ උත්තරේ."

"මාත් කැමති."

"එහෙනම් හරි නෙ. ඉතින් ඔච්චරනේ.ඕකටනේ මේ කේන්ති ගත්තේ.පරිස්සමට යන්න දැන්."

( ඇහ්... මන් මේ හීනයක්ද දකින්නේ. චම් යාලුට කැමති කිව්වා නේද? මේක වෙන්න පුලුවන් දෙයක්ද. කටත් ඇරගෙන මං කල්පනා කළේ මුකුත් හිතා ගන්න බැරිව)






























Report Page