31

31

🇱🇰

31 කොටස


" අත දියං මෙ හෙට..!


සයනය පිටුපසට දෑස වසා හිස තබා කඳුළු සලන යුවතියට ඔහු පවසද්දී ඈ කිසිඳු ප්‍රාණයක් නොමැති සේ සිරුරම ගිනියම්ව ඇති විට දෑස වසාම දෑත ඔහු වෙතට දිගු

කලාය..!


Nuragee Album Link👇

https://m.facebook.com/story.php?story_fbid=564610345298910&id=100052498485812


*********************🌸************************


තුවාලය පෑරී රුධිරය ගලා ගිය මොහොතින් පසුව ඔහු ගෙන් නැවතත් ගෙවුණු රැය පුරා කිසිඳු බලහත්කාරයක් සිදු නොවෙද්දී පාන්දර ජාමයෙහි සයනයෙන් පිටව ගිය ඔහු දහවල පුරාම නැවතත් නිවසට නොපැමිණියද ඔහු කොහිදැයි සෙවීමට ඈ වෙහෙස නොවන්නට වූවාය.!


දෑසට ප්‍රිය කරන සත්වයෙකු කුඩුවක හොවා සියළුම කෑම් බීම් පහසුකම් සැපයූවද ඉන් ඌ ප්‍රීතියක් නොලබන්නාක් මෙන් කෑම බීම් නිසි වේලාවක ඔහුගේ පුද්ගලයෙකු ගෙනැවිත් දුන්නද ඈ සිත ඉන් සෑහීමකට පත් නොවන්නට වූවාය..!


දිනයෙහි උදෑසන ආරම්භයෙහිම රැයෙහි ඔහුට භාර කල ගතෙහි පිලිකුල සෝදා හැරීමට මෙන් පුරා පැයක් පමණ ස්නානය කල යුවතිය ඈ දිගු වරල නිදහසේ මුදා හැරියාය..!


ඔහුගේ කුඩා නිවස වටා ඔහුගේ ආරක්ශකයන් බහුලව සරණු දැස් ගැටෙද්දි කුඩා නිවසෙහි දොරටුව අසලට පැමිණි යුවතිය කුඩා වූත් සුන්දර උද්‍යානයට දෑස යොමු කලාය..!


කුඩා නිවසෙහි ගෙවුණු දිනයන් ත්‍රිත්වයෙහිම නොදැකි නේක විධ පලතුරු ගස් උද්‍යානය පුරා සිටවා තිබීම හේතුවෙන් ගෙබිමට බිම් කරුවලක් ගෙන එන බැව් දෑස ගැටෙද්දී යුවතිය උද්‍යානයට පිවිස අඳුරු අඹ ගසක් වෙතට ලං වූවාය.!


එතරම් කඳ උස් නොවුණු අඹ ගසෙහි වියනක් මෙන් පත්‍ර බොහෝමයකින් වැසී ඇති අතුපතර යුවතිය දෑස සීරුවට ගෙන ගියාය.!


*සෙනුල්‍ යා..!

මැඩම් වෙනොෆ් එනවද බලන්න..!


" අනේ මට බයයි අමීශා..අහු උනොත් ඔෆිස් එක ගාව දණ ගහන් ඉන්න වේවි..!


" පොඩ්ඩක් බය උනා වගේද සෙනූ..හවසට අඹ අච්චාරුවක් දන්න පුලුවන්..!


නිහඬ දෑසින් උද්‍යානයෙහි කෙටි අඹ ගසෙහි අතු පතරින් දිස් වෙන පීදුණු අඹ ගැටයක් පැසී දිලිසෙණු දෑස ගැටෙද්දී යුවතිය ගේ සිත ඇගේ අතීතයට දිව යන්නට වූවාය.!


එදවස ජාත්‍යන්තර පාසලෙහි ක්‍රීඩාංගනයට මෙහා පස හුදකලා බිම් තීරයෙහි සිටවා ඇති කෙටි අඹ ගස් වල අතු වැසී යන තෙක් පූදින අඹ ගැට එකම යෙහෙළිය ගේ දැඩි පෙරැත්තයෙන් කඩා ගන්නා අයුර ඈ මනසෙහි සරද්දී හැඟුමට අනුරූපව ඈ දෑසෙහි මදහසක් සටහන් වූවාය.!


එදවස කෙතරම් සුන්දරද..?

යුවතිය සුසුමක් හෙලා දැමුවාය.


කුඩා අඹ ගස් සෙවණෙහි සිට ගෙන ඉන්නා ඇය , ගේට්ටුව මුර කරනා ඔහුගේ මුරකරුවන් වෙතට මොහොතකට දෑස ගෙන ගියාය.!


කිසිවෙකුගේත් අවධානයක් ඈ මතට යොමු නොවනා බැව් පසක් වෙද්දී ඈ සිත අහිංසක සොර වැඩකට මුල පිරුවාය..!


කුඩා අඹ ගසට පිටුපසින් තනා ඇති කුඩා වූත් උස් සිමෙන්ති බංකුවට නැග ගත් යුවතිය අතුපතර හිනැහෙන පැසුණු අඹ ගැටයට දෑත දිගු කලාය..!


පැසුණු අඹය ආයාසයක් දරා , බංකුව මත සිට ගෙනත් දෙපයින් තරමක් එසවී කඩා ගත් ඈ සිමෙන්ති බංකුවෙන් බැස ගැනීමට මත්තෙන් ඔහුගේ ජීප් රථය කුඩා නිවසෙහි ගේට්ටුවෙන් ඇතුළු කරනු දෑසට හසු වෙද්දී ඈ හද ගැස්ම වේගවත් වූවාය..!


රෑ බෝ වීමට මත්තෙන් සවස් යාමයෙහිම නැවත කුඩා නිවසට ඔහුගේ පැමිණීම මේ මොහොතෙහි බලාපොරොත්තු නොවූ යුවතිය ඔහු රථයෙන් පිටතට බසිද්දී නිවසට ඇතුළු වීමට කාල වේලාව නොවූ නිසාම වහා සිමෙන්ති බංකුවෙන් බැස විසල් අඹ ගසෙහි කඳට මුවා වූවාය.!


" මනෝජ්..!


" බොස්..!


" ධර්මේ කතා කලොත් මට විස්තරයක් දියං..!


" මම දැන් ටිකකට කලිනුත් කතා කලා බොස්..තාම ඌව අල්ල ගන්න බැරි උනා කිව්වා..හවස් වෙද්දි ධර්මෙ අයියා කෝල් එකක් ගනියි..!


දෑසෙහි රැඳි අවුකණ්නාඩි යුගල ගලවා අසල සහචරයා වෙතට පිරිනැමූ සහස් කුඩා නිවසට දෙපා තැබුවේය. නිවස නිහැඬියාවක ගිලී ගොසිනි..නිදන කාමරයෙහි දොරටු හැර දමා ඇතත් ඈ ඒ කිසිම තැනක නොවෙද්දී සහස් කුඩා නිවසෙහි විසල් ඔන්චිල්ලාව අසලට ඇදී ඇයව විපරම් කරන්නට වූවේය.!


නිවස තුල නොමැති නම් ඈ උද්‍යානෙහි වත් ද..ඔහුගේ නෙතු විමසිල්ලෙන් බර වෙද්දී සහස් දෙපා ඔංචිල්ලාව සැකසූ බිම් තීරයෙන් උද්‍යානය දෙසට තැබුවේය..!


විසල් වූත් එතරම් උස් නොවූ අඹ ගසකට මුවා වී ඈ කුමක් කරන්නේද..? නිවසෙහි ඉදිරිපස දොරටුව දෙස බලා අඹ ගසක් පිටුපස සැඟව ඉන්නා ඇගේ පිටුපසින් ඇය වෙතට ලං වූ සහස් දෑත් ඉණට තබා මොහොතක් ඈ නිරීක්ෂණය කරද්දී ඔහු ඇයට පිටුපසින් ලං වු බැව් යුවතිය නොදත්තාය.!


" සෙනුල්‍..යා..?


" ආ..හ්..?


ඈ තිගැස්සී ගියාය.

අඹ ගසට පිට දී ඇය වහා පිටුපසට හැරෙද්දී දෑතෙහි පැවති කුඩා අඹ ගැටය ඔහුගෙන් වසන් කරගත් යුවතිය දෑත පිටුපසට ගෙන ගියාය.!


" මේ ගහක් අස්සෙ රිංගන් උ ඹ මොකක්ද කරන්නේ..?


ඈ ඇසිපිය වේගයෙන් සැලෙද්දී සහස් ඇයට ලං වූවේය.ඇ ඔහුගෙන් දෑස වසන් කර ගත්තාය.


" මුකුත් නෑ..!


" මොකක්ද උ ඹ කරපු හොර වැඩේ..?


" මුකුත් හොර වැඩක් කලේ නෑ..!


" නැත්තං උ ඹ ගැස්සුනේ මොකද..?


" ගැස්සුනේ නෑ..!


" මොනවද උ ඹ ඔය හංගන් ඉන්නේ..අත් දෙක ඉස්සරහට ග නිං..!


" මට බෑ..!


නොනවත්වා පැණයන් විමසන සහස් හට වේගයෙන් පවසා දැමූ ඈ නිවසට දිව යාමට පෙරමුණ ගත්තද ඔහු ඇයට පෙර ඉක්මන් වූවේය..ඈ දෑත් සිරව අල්වා ගත් සහස් යුවතියගේ දෑත ඔහු දෑස මානයට ඇද ගනිද්දී ඈ වත වෙනතකට හරවා ගත්තාය.!


" උ ඹට ගස් නගින්නත් පුලුවන්ද..?


ඇගේ දෑතට සිරව තිබූ කුඩා අඹ ගැටය දෑතින් ගත් සහස් විමසද්දී වෙනතක් බලා ඈ නිහඬව සිටියාය.


" තව මොනවද මං නොදන්න උ ඹ ට කරන්න පුලුවන් දේවල්..ම්.!


අඹ ගසෙහි කඳට යුවතිය පිට දෙද්දී සහස් ඈ බඳ වටා අතක් ගෙන ගෙන යන්නට වූවේය..ඔහුගේ දෑස් අමුතු බැල්මකින් දිදුලද්දී මොහොතකට ඔහු මතට යොමු කල දෑස යුවතිය නැවත වෙනතකට හරවා ගත්තාය.!


" ඕක දෙන්න..!


" ගන්නවා..!


එක් අතකට කුඩා අඹ ගැටය සිර ගත් සහස් එය ඈ දෑස් මානයට සමීප කරද්දී ඔහුගේ දෑතින් එය උදුරා ගැනීමට යුවතිය උත්සාහා කලද ඇයට නොහැකි වීය..!


ඔහුගේ දෑතින් එය උදුරා ගැනුමට ඈ වෙහෙසෙද්දී සහස් ඇයව අල්වා ගත් ග්‍රහණය සිර කලේය..විටින් විට විවිධාකාර හැඟුම් අරක් ගන්නා ඈ පිරුණු දෙතොල සහස් එක් නිමේශයකට ඔහුගේ දෙතොලට මැදි කොට ගන්නා විටෙක ඉහලට එසවුණු ඔහුගේ දෑත් අල්වා ගැනුමට යුවතිය දැරූ අසාර්ථක උත්සාහය ඈ අතැර දැමුවාය.!


රිදවමින් මොහොතකට සිප ගත් ඈ දෙතොල අතහැර දැමූ සහස් උපහාසයෙන් යුවතියට සිනහා වෙද්දී ඈ වත කෝපයෙන් පුරවා වෙනතකට හරවා ගත්තාය.!


" ආ..!


" එපා.!


" ගන්නවා..ගන්නවා..!


ඔහු නැවත කුඩා අඹ ගැටය ඇය වෙතට දිගු කලේය..මොහොතක් පසු බෑවද ඇය ඔහු වෙතට දෑත් දිගු කරද්දී දෑත දැරූ කුඩා අඹ ගැටය සහස් නිවසට යාබද හිස් ඉඩමට වේගයෙන් විසි කොට දැමුවේය..!


බලාපොරොත්තු සුන් වූ බැල්මෙන් මොහොතක් සහස් වෙතට නෙතු අයා යුවතිය පසු වෙද්දී සහස් ගේ මුවින් උස් සිනහා හඬක් නිකුත් වූවේය.!


" මහ න ර ක මි නි හෙ ක්..!


අප්‍රසාදය වත පුරා දුවද්දී ඈ දෙතොල් සෙලවූවාය.


" ඒක උ ඹ දැනං ඉන්න තරමට හොඳයි.දැන් ගිහින් ලෑස්ති වෙනවා..බෑග් එකකට රෑට ඇඳගන්න පුලුවන් ඇඳුමක් දාගන්නවා..!


" කොහෙ යන්නද..?


" උ ඹ ව ම ර න් න ගෙනියන්න..!


" කොහෙවත් යන්න එන්න බෑ මට..!


" තව පැය බාගයක් යන්න කලින් කියපු විදිහට ලෑස්ති උනේ නැත්තං උ ඹ ව මම මෙහෙම හරි එක්ක ගෙන යනවා..!


ඔහුගේ සීතල තර්ජනය ඈ දෙසවනට රිංගා ගන්නා විටෙක සුසුමක් අතහැරි ඈ ඔහු අසලින් මෑත් වීමට සැරසෙද්දී ඇයව අල්වා සිටි ග්‍රහණය සහස් අතහැර දැමුවේය..!


නිහඬවම ඔහු අසලින් දිව ගිය යුවතිය කුඩා නිවසට ඇතුළු වන අයුරට නෙතු අයා පසු වුනු සහස් ගේ දෑස එක් මොහොතකට කුඩා අඹ ගසෙහි දිදුලන අඹ ගැට මතට යොමු වූවේය..!


***


ගමනාන්තයක් ගැන ඔහු සඳහන් නොකල නමුත් ඔහුගේ සීතල තර්ජනයට අනුගත වෙමින් හෝරාවක්ම වැය කොට ඔහුම ගෙන දුන් ඇඟළුම් කිහිපයක් බෑගයකට දමා ගත් ඈ දම් පැහැය පමණක්ම අරක් ගත් කුඩා ගවොමකින් සැරසුණාය.!


කුඩා නිදන කාමරයෙහි ඔරලෝසු මුහුණතෙහි වේලාව සවස් යාමයෙහි හය සටහන් කරද්දී සැකසූ ගමන් මල්ලද දෑතින් ඔසවා ගත් ඈ හිස කාමරයෙන් පිටතට යොමු කලාය..!


ඔහුගේ සහචරයන් කිහිප දෙනෙකු සමග සංවාදයක පසුවන සහස් හට ඔහුගේ සහචරයකු රිවෝල්වරයක් දෑතට ලබා දෙනු ඈ දෑසට හසු වෙද්දී යුවතිය වෙව්ලා ගියාය.!


* උ ඹ ව ම ර න් න ගෙනියන්න..!


ඈ සිතෙහි ඔහුගේ වදන් රැව් පිළිරැව් දුන්නාය.


" ඇඳුම් අරං ම ර න් න ගෙනියන්නෙ මොන රටේද..?


ඈ සිත සමග සංවාදයක ගිලී බිම් කළුවර වැටෙන මොහොතෙහි නිවසින් පිටතට පැමිණියාය.ඇයව දුටු ක්ශණික සහචරයා හට යමක් පවසමින් සිටි සහස් කතා බහ නවතා ගනිද්දී යුවතිය ඔහු වෙතට දෙපා තැබුවාය!


" න ගි න වා..!


වාහනයෙහි පිටුපස දොරටුව ඇයට හැර දුන් සහස් නිහඬ නෙතු අයා පසුවෙද්දී යුවතිය වාහනය තුලට නැග ගත්තාය..ඇයට අනුරූපව රථයට ගොඩ වී වාහනයෙහි දොරටුව ඔහු උස් හඬින් වසා දැමුවේය.!


" කොහෙද යන්නේ මේ..?


ඈ නැවත විමසුවාය..!

ඔහු නිහඬව දුරකතනය දෙස බලා සිටියා විනා පිලිතුරක් ලබා දීමට උත්සහා නොකරන්නට විය..කුඩා නිවසෙන් පිටතට රථය ඇදී යද්දී පසුවන මංමාවත් හඳුනා ගැනුමට ඈ වෙහෙසුණාය..!


මුහුදු බඩ මාර්ගයක ඇදී ගිය රථය හෝරා බාගයක පමණ ගමනාන්තයකින් පසුව හුරු පුරුදු දෙමහල් නිවසකට ඇතුළු කරනු දෑසට හසු වෙද්දී අඳුරෙහි ගිලුණු එම නිවස හඳුනා ගැනුමට ඈ වෙහෙසුණාය.!


මේ මිතුරිය ගේ නිවස නොවේද..?


ඈ විමසිලිමත් බැල්මක් නිවසට යොමු කරද්දී නැවතූ රථයෙන් සහස් පිටතට බැස ගත්තේය.


" බ හි න වා..!


ඇඳුම් බෑගය දෑතින් අල්වා යුවතිය ඔහුගේ වාහනයෙන් පිටතට ඇතුළු වෙද්දී සහස් වාහනයෙහි දොරටුව වසා දැමුවේය. විසල් නිවසෙහි දොරටුව අසලට බණ්ඩාරවෙලදී දුටු වියපත් ගැහැණිය ලඟා වෙනු දෑසට දිස් වෙද්දී ඇය මෙහි කුමක් කරන්නේදැයි නොදත් යුවතිය ඔහුගේ ගතට සමීප වූවාය.!


සිත පුරා නොසන්සුන් බවක් සරද්දී ගැඹුරු සුසුමක් හෙලා දැමූ ඈ අතැඟිලි නොදැනුවත්වම ඔහුගේ කමිස කෙලවරක් අල්වා ගනිද්දී ඔහුගේ දෑස යුවතිය වෙතට බිම් අඳුර මැදින් තියුණු අයුරින් යොමු වූවේය!


" මෙහෙද ආවේ..?

ඇයි මෙහෙට ආවේ..මෙහෙ මාව නතර කරනවද..?


ඔහුගේ දෑස ඇය වෙතට යොමු වූ බැව් නොදත් යුවතිය ඈතින් වියපත් ගැහැණිය බිම් කරුවල මැදින් ඔවුන් දෙසට ඇවිද එනු පෙනෙද්දී ඔහුගෙන් ඇසුවාය..,


ඇයට පිලිතුරක් දීම මොහොතකට පමා කල සහස් එක් අතක් ඈ කර වටින් දමා ගනිද්දි මෙතෙක් ඔහු වෙතට යොමු නොවුණු ඇයගේ නෙතු වහා ඔහු නෙතු හඹා ගියාය.!


සිව් නෙත් එකට හමු විය..සහස් දෙතොල බෙහෙවින් ඈ සවනට ලං කරන්නට වූවේය.!


" මෙහෙ ඉන්න කිසි එකෙක් උ ඹ යි මායි අතර තියෙන ප්‍රශ්න දන්නෙ නෑ..මෙහෙට ආවේ

මු න් ගෙ උවමනාවට එක රැයක් ඉඳලා යන්න විතරයි..උ ඹ එහෙදි වගේ මුන් ඉස්සරහා මගෙත් එක්ක එකට කියන් ආවොත් ගෙදර ගිය ගමන් මං උ ඹෙ කට කණ ගාවට කපලා දානවා..උ ඹ ට තේරුණාද..?


ඔහුගේ සීතල තර්ජනය ඈ සිත චකිතයකට ඇද දැමුවාය!


ඔහුගේ තර්ණය සවන්පත් අතරින් රිංගා ඈ මනසට වැටෙද්දී යුවතිය වහා හිස සැළුවාය..නොදැනුවත්වම ඈ අතක් යුවතිය කොපුලකට ගෙන යද්දි තර්ජනට ඈ බිය වූ බැව් ඔහු හඳුනා

ගත්තේය.!


" ස හ ස්..!!

මොකද ඔතන නතර වෙලා කරන්නේ..ඔය ළමයාවත් අරං ඇතුලට එන්න..!


" ඉස්සර වෙ යං..!


ඇඟළුම් බෑගය දෑතින්ම අල්වා ගත් යුවතිය පෙරමුණ ගත්තාය..වියපත් ගැහැනිය සමග ඔවුනොවුන් නිවසට ඇතුළු වෙද්දී කොහේදෝ සිට නිපුනි පහත මාලයට දිව එනු යුවතියගේ දෑස ගැටුණාය.!


" අනේ සෙනූ..! මට හරි පාලුයි ඔයා ගෙදරින් ගිය දවසෙ ඉඳන්..!


" වාඩිගන්න දූ..!


" ඇයි ලොකු අම්මේ හදිස්සියෙ මෙහෙට කතා කලේ..ලොකු අම්මා බණ්ඩාරවෙල ඉඳන් මෙහෙ ආවා කියලා නිකමටවත් මං දන්නෙ නැහැ නේ..!


යුවතිය අසුන් ගත් අසුනට සමීප අසුනකට දෑත දෙපය දිග හැර වැටුණු සහස් කමිස බොත්තම් යුගලක් ලිහිල් කරද්දී යුවතිය ගේ දෑත් අල්වා නිපුනි ඇය සමග ආගිය තොරතුරු දොඩමළු වන්නට වූවාය.!


" කිය කිය ආපු ගමනක් නෙමෙයි පොඩි පුතා..!

අක්කා කිව්වා ඔයා මේ දරුවව ඔයා ගාවට ගත්තා කියලා..!


" ඉතිං ඒකේ වැරැද්ද මොකක්ද..?


" කසාද නොබැඳ එක ගේක පවුල් කන එක හරි නැහැ පොඩි පුතා..එක්කො ඔය දෙන්නගෙ කසාදේ නීත්‍යානුකූල වෙනකං මේ ළමයාව මෙහෙ තියන්න..මේ දරුවට මෙහෙ ඉන්න බැරි කමක් නැහැ නේ..!


වියපත් ගැහැණිය ගේ වදන් සවන් පත් අතරින් රිංගනා විටෙක නිපුනි සමග සංවාදයක පසුවූ ඈ දෑස සතුටින් ඔප වැටුණාය..කුඩා නිවස අපායකට සම වෙද්දී ඈ දෙමහල් නිවසට ප්‍රිය කලාය.!


" ඒක කීයටවත් වෙන දෙයක් නෙමෙයි ලොකු අම්මා..මම සෙනුල්‍යාව එහෙට එක්කගෙන ගියේ පවුල්කන්න හිතාගෙනම නෙමෙයි..ප්‍රශ්නයක් තියෙන නිසා..!


යුවතියගේ දෑසෙහි දීප්තිමත් බැල්ම හිරු දුටු පිනි මෙන් පහව යද්දී සහස් මුවඟට උපහාසයක් නගා ගත්තේය.!


" මොකක්ද පොඩි පුතා ප්‍රශ්නේ..!


" ඔය කතාව දැන් නවත්ත ගන්න ලොකු අම්මා..මේ දේවල් මමම පිලිවෙලක් කරනකං මේ දේවල් වලට මැදිහත් වෙන්න එපා..!


සිසිල් බීම වීදුරු බහාලූ බංදේසියක් දෝතින් හොවා සුධර්මා නවීන මුළුතැන්ගෙය දෙසින් පිටතට පැමිණෙන විටෙක සහස් ඒකායන හඬින් පවසා දැමුවාය.! වියපත් ගැහැණිය නිහඬ වූවාය.!


" බොන්න ස හ ස්..!

ඔයත් ගන්න දුව..!!


ඈ ඔවුනොවුන් හට සිසිල් බීම පිරිනැමුවාය..නිවස මිනිත්තු කිහිපයක් නිහැඩියාවක ගිලී ගියේය.!


" ඒක නෙමෙයි සහස්..!


අපේ එන්.ජී.ඕ එකෙන් ට්‍රිප් එකක් යනවා හෝ(ර්)ටන් වලට. ට්‍රී හවුසස් වගයක් බලන්නත් එක්ක..මම ඔය දෙන්නටත් ටිකට්ස් දෙකක් ගත්තා..කාලෙකින් ගියෙ නැති එකේ ගිහින් එමු නේ..?


" ට්‍රී හවුසස්.?? හෝ(ර්)ටන් වල මේ අවාරේ..?


" ඕවගෙ යන්න වාරයක් අවාරයක් කොහෙද සහස්..අනික ඔන්න දැන් බෑ කියන්න නං එපා..!


සොරැහින් සහස් ගේ වතෙහි ඉරියව් වියපත් ගැහැණිය නිරීක්ෂණය කරද්දී සුධර්මා අමනාපයෙන් පවසා දැමුවාය.!


" අනේ සෙනූ..ඔයා එනවා නේ..?

මටත් යන්න කවුරුත් නෑ..ඔයා කැමැතියි නේ..?


මිතුරියගේ දෑත් අල්වා නිපුනි විමසද්දී ස හ ස් අසල ඉන්නා බැව් වත් මතකයට නොනැගුණ යුවතිය ගේ කොපුල් සිනහවකින් ආලෝකමත් වූවාය.!


" අනේ මං කැමැති නිපූ..මම අහලා තියෙනවා ඒවා හරිම ලස්සනයි කියලා.!


උස් හඬින් නිකුත් වූ ඇයගේ වදන් හමුවේ සියල්ලන්ගේ අවධානය ඇය වෙතට යොමු වූවාය..පවසා ආ වාක්‍ය අතර මග නවතා ගත් යුවතිය සියල්ලන්ගේ දෑස මග හැර ඔහුගේ දෑසට නෙතු යොමු කලාය.!


දෑසින් පවා කෝපයෙන් රවන ඔහු ගේ බැල්මින් වහා දෑස මුදා ගත් යුවතිය නිහඬ පිළිවෙතක් දරද්දී සහස් අසුනින් නැගී සිටියේය..!


" මේ දරුවත් කැමැති එකේ ඔන්න එහෙ නං මම ගමන කන්ෆ(ර්)ම් කරනවා..!!


වේගයෙන් නිවසෙහි තරප්පු පෙළ දෙසට සහස් දෙපා තබද්දී සුධර්මා සිනහා වතින් පවසා දැමුවාය.!


" සෙනුල්යා..!

ටිකකට එන්න උඩට..!


දැඩි ආදරණීය ස්වරයෙන් ඔහු ඇය අමතද්දී යුවතිය නිහඬ නෙතු අයා මොහොතක් ඔහු දෙස බලා සිටියාය..!


වේගයෙන් තරප්පු පෙල නැග ඔහු ඔහුගේ නිදන කාමරයට ඇතුළු වෙද්දී ගමන් බෑගය අතැඟිලි මතින් සිරව අල්වා ගත් යුවතිය පහත මාලයෙහි සරන නිවැසියන්නට සිනහාවකින් සමු දුන්නාය.!


සෙමින් දෙපා තබා ඔහුගේ අඳුරු කාමරයෙහි දොරටුව වෙතට ලං වු යුවතිය කාමරයට ඇතුළු නොවීම මොහොතක් දොරටුව අසල චකිතයෙන් කල් මැරුවාය.!


***********************🌸*********************


සරාගයේ රුදුරු ඇයි සයනයම

මෙතරම්.

රැදෙනු නොහැකිද පවන යට

අලුපොදක් වී මනරම්..

කදුල තව මං උහුලන්නේ

කෙලෙසකද සතුටින්...

මියැදෙමි සහතිකින් නොරැදෙමි

නුඹ නමින්..!


sadu ♥️ ස්තූතියි මැණිකේ ලස්සන නිසදැසට.


#උපුටා_ගැනුම_තහනම්


සයූ සත්සරා.

.

Report Page