අදුරෙහි ගිලුණු – 28

අදුරෙහි ගිලුණු – 28



   




“අම්මෙ අනේ ඇත්තටම සුරේෂ් ගියේ කොහෙද?බිස්නස් වැඩකට ගියා නම් ඇයි මෙච්චර දවසක් නවතින්නෙ?අඩුම තරමෙ මට කෝල් එකක්වත් දුන්නෙ නැහැනෙ.එයාගෙ ෆෝන් එකත් ඕෆ්.සෙනේෂ් අයියගෙන් ඇහුවත් එයා මොකුත් කියන්නෙ නැහැ.මට නම් තේරෙන්නෙ නැහැ අම්මෙ මේ මනුස්සයට මොනවා වෙලාද කියලා………………………..”

දුකිනුත් කෝපය මුසු වුනු ස්වරයෙන් මං සුරේෂ් අම්මට එහෙම කිව්වා.දරුවා ලැබිලා මාසයක් ගෙව්නා.එදා හොස්පිටල් එකේ හිටිය අන්තිම දවසින් පස්සෙ මං සුරේෂ්ව අද වෙන තුරු ඇස් දෙකට දැක්කෙ නැහැ.ගෙදර අයගෙන් ඇහුවම එයාලා කිව්වෙ සුරේෂ් ගොඩාක් හදිස්සි බිස්නස් වැඩකට රට ගියා කියලා.ඒත් මට නම් ඒක දැන් දැන් විශ්වාස කරන්න බෑ.රට ගියා නම් ඇයි එයා ඒක මට කියලා නොගියෙ.අඩුම තරමෙ ඇයි මට කෝල් එකක්වත් නොදුන්නෙ?එයාට තේරුම් ගන්න බැරිද මං දැන් එයාට ආදරේ කරනවා කියලා. දරුවා ගැන අබ මල් රේණුවක් තරම්වත් ආදරයක් එයාගෙ හිතේ නැද්ද?

“එයාට වෙච්චි දේ ඔයා තාම දන්නෙ නෑ දුවේ.අපි මේ දේවල් ඔයාට කියන්න කල් ගත්තා වැඩියි කියලත් හිතෙනවා.ඒත් ඔයා දැන්වත් ඇත්ත දැන ගන්න ඕනි. ලොකු පුතා……………………..”

අම්මා මොකක්ද මේ මට කියන්න හදන ඇත්ත?

සුරේෂ් ගැන මොකාක් හරි නරක ආරංචියක්වත්ද?මොකක්ද මේ ඇත්ත.සෙනේෂ් කාමරේට ආවෙ මොකක්ද මන්දා ලියුමකුත් අතේ තියාගෙන.මං දිහා දුකින් වගේ බලාගෙන හිටපු සෙනේෂ් ඒ ලියුම මගෙ අතට දීලා ඇඳේ අනික් කොනේ වාඩි වුනා.මොකුත්ම හිතා ගන්න බැරිව හිටපු මන් ඒ ලියුම කියවන්න පටන් ගත්තා.ලියුම දකිද්දිම මට තේරුණා ඒ අත් අකුරු සුරේෂ්ගෙ කියලා.ලියුම ලියලා තිබුනේ දුව ඉපදුනු දවසට පහුවදා දවසෙ.එදා තමයි මං සුරේෂ්ව අන්තිමට දැක්කෙ.

*මගේම ආදරණීය මහීමා,

*දෛවය මට මේ තරම්ම කුරිරු වෙයි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නැහැ.මං ඔයාව මුලින්ම දැක්කෙ මීට අවුරුදු හතකට විතර කලින්.එතකොට ඔයාට අවුරුදු පහලවක් විතර ඇති.ඒ කාලෙ මං කිසිම වගකීමක් නැතුව ඔහේ ජීවත් වෙච්චි කෙනෙක්.මගේ හතුරෙක්ව විනාශ කරන්න හිතාගෙන මං ප්ලෑන් එකක් හැදුවා.

ඒ මනුස්සයාව ඇක්සිඩන්ට් කරවලා මරන්නයි මං හැදුවෙ.මං මොන තරම් අපරාධ වැඩ කරත් කවදාවත් මිනිහෙක්ව මරලා නෑ. ඒත් මට ඒ මිනිහව මරන්නයි උවමනා වුනේ.ඒත් කවදාවත්ම නොවුනු විදියට මගේ ඒ වැඩේ වැරදුනා.ඌ මට විරුද්ධව පොලීසි ගියා.

උසාවි ගියා. මගේ පැත්තට කොච්චර දක්ෂ ලෝයර්ස්ලා කතා කරත් අර මිනිහගෙ පැත්තට කතා කරපු ඔයාගෙ තාත්තා නිසා මට අවුරුද්දක් හිරේ යන්න සිද්ද වුනා.

අවුරුද්දකට පස්සෙ මං හිරෙන් නිදහස් වෙලා ආවෙ ඔයාගෙ තාත්තගෙන් පලි ගන්න හිතාගෙන.එදා මං කීයටවත් හිතුවෙ නැහැ මං මේ කරන්නෙ ලොකු වැරැද්දක් කියලා.

ඔයාලගෙ ගෙවල් ගාව ඉඳන් මං කීප වතාවක්ම මගේ මිනිස්සු එක්ක ඔත්තු බැලුවා.එදා මං ඔයාව දැක්කෙ ඔයා මිදුලෙ බංකුවක් උඩ වාඩි වෙලා මොනවද මන්දා කකා ඉන්නවා.මට නිකමටවත් දැනුනෙ නැහැ ඔයා අන්ධයි කියලා.

මගෙ හිත පුරාම පැතිරුනේ ඔයාගෙ තාත්තා නිසා මං අවුරුද්දක් හිරේ ලැගලා දුක් විඳපු හැටියි.ඒ ගැන මතක් වෙද්දී මගෙ හිතට දැනුනේ පුදුමාකාර තරහක් වගේම කේන්තියක්.අන්තිමට මං තීරණයක් ගත්තා ඔයාගෙ තාත්තට රිද්දන්න පුලුවන් ඔයාගෙන් පලි ගත්තොත් කියලා.ඒ හින්දයි මං එදා රෑ වහිද්දී හොරෙන්ම උඩ තට්ටුවෙ ඔයාගෙ කාමරේට ආවෙ.එවලෙයි මං දැන ගත්තෙ ඔයාගෙ ඇස් පේන්නෑ කියලා.ඒ ගැන මට කිසිම දුකක් දැනුනෙ නැහැ.

එදා ඔයා මගෙන් බේරෙන්න සෑහෙන උත්සහ කරත් ඔයාට බේරෙන්න බැරි වුනා.අන්තිමට මගේ වැඩේ කරගෙන යන්න හද්දියි මං දැක්කෙ ඇඳ රෙද්ද උඩ තියන ලේ පැල්ලම් කිහිපය.ඒක දැකලාවත් එදා මගෙ තිරිසන් හිතට ඔයා ගැන දුකක් ඇති වුනේ නැහැ. එදායින් පස්සෙ මට ආරංචි වුනා ඔයාලා වෙන කොහාටද මන්දා පදිංචියට ගියා කියලා.ඊට පස්සෙ මං ඔයාගෙ පව්ලෙ අය

ගැන මොකුත්ම හෙව්වෙ නැහැ.

අවුරුදු පහකට විතර පස්සෙ මං ඔයාව එදා දැක්කෙ අපේ තාත්තගෙ බණ දවසෙ.එදා ඔයාව දැක්ක මුල්ම මොහොතෙ මට ඔයා ගැන අමුත්තක් දැනුනා.

මගෙ හිත ගියේ ඔයාගෙ ලස්සන රූපෙට.ටික දවසක් යද්දියි මං දැන ගත්තෙ ඔයා අපෙ අයියගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා.ඒක අහපු ගමන් මගෙ හිතට ඇති වුනේ පුදුම ඊර්ෂ්‍යාවක්.අයියගෙන් ඔයාව වෙන් කරලා මං ගාවට ගන්න ඕනියි කියන කුරිරු සිතුවිල්ල මගෙ හිත පුරාම සැරිසරන්න වුනා.

මට කොයි වෙලාවකවත් දැනුනෙ නැහැ අවුරුදු ගානකට කලින් මගෙ අතින් විනාශ වුනු ඒ අහිංසක කෙල්ල ඔයා කියලා. ඔයා මගෙ කම්මුලට ගහපු එකට මං හිටියෙ ඔයත් එක්ක සෑහෙන ලොකු වෛරෙකින්.මං මහ තිරිසන් මිනිහෙක් මහීමා.අයියගෙන් ඔයාව වෙන් කියලා මගේ කරගන්න මං ප්ලෑන් කරා.එදා වැස්ස දවසෙ මගේ මිනිස්සු දම්මලා මං ඔයාව කිඩ්නැප් කෙරෙව්වා.ඔයාගෙ හිතේ සෙනේෂ් අයියා ගැන තියන ආදරේ ඔයාගෙ වචන වලින් ඔයාගෙ හැසිරීම් වලින් මං තේරුනා.

මට ඕනි ඔයාලව වෙන් කරලා ඔයාව මං ගාවට ගන්න.අන්තිමට මං ඒක කරා.ඔයාට මාව කසාද බඳින්න සිද්ද වෙන තැනට වැඩ සිද්ද කරා.ඔයා සෙනේෂ් අයියත් ආපහු එක්ක සම්බන්දයක් ඇති කර ගනියි කියන සිතුවිල්ල මගේ හිතේ හැමදාම තිබුනා.ඒකයි මගෙ හිතට සැකයක් ඇති වෙන හැම වෙලාවකම මං ඔයාට තිරිසනෙකුට වගේ ගැහුවෙ.

හැමදාම ඔයා මගෙන් ගුටි කෑවා බැනුම් ඇහුවා.මං ඔයාගෙ හිත කොයි තරම් රිදවලා ඇත්ද?සමාව ඉල්ලන්නවත් මං සුදුසු නෑ මහීමා.

මං මොන තරම් අවාසනාවන්තයෙක්ද කියලාදැන ගත්තෙ මීට මාස කිහිපයකට කලින්.ඒ කාලෙ සෙනේෂ් අයියා හිටියෙ රට.මං නිතරම අසනීප වෙන්න පටන් ගත්තා. ඒ අසනීපෙ කොයි තරම් වැඩි වුනත් එච්චර ගනන් ගත්තෙ නැහැ.ඔයාට මතකද මහීමා ඒ කාලෙ බිස්නස් වැඩට කියලා මං සති ගනන් ගෙදරින් ගිහින් ඉන්නවා.

මං ඒ ගියේ බිස්නස් වැඩට නෙවෙයි මහීමා.මං ඒ ගියේ හොස්පිටල්.කොච්චර ටෙස්ට් කරත් අන්තිමට ලෙඩේ හොයා ගන්නකොට පරක්කු වැඩියි.මට බ්ලඩ් කැන්සර් එකක් මහීමා.ලෙඩේ දරුණුවටම ඇඟ පුරාම පැතිරිලා.මං හැමදාම ප්‍රාර්ථනා කරේ මගේ දරු පැටියා මේ ලෝකෙ එලිය දකිනකල්වත් මට ජීවත් වෙන්න ලැබෙන්න කියලයි.

දෙවියො මගෙ ඒ ඉල්ලීම නම් ඉශ්ඨ කරලා දුන්නා.ඒත් ඒ දවස් වල මං හිටියෙ ගොඩාක් අමාරුවෙන්.මං හීනෙකින්වත් හිතුවෙ නැහැ ඔයා මට ආදරේ කරයි කියලා. එදා ඔයා මට ආදරෙයි කියලා කියද්දී මගෙ හිතට දැනුනු සතුට වචනයෙන් විස්තර කරන්න බැරි තරම්.ඒත් ඒ ආදරේ උපන් ගෙයිම වළලලා දාන්න ඔයාට සිද්ද වෙනවා මහීමා.ඒකයි මං එදා ඔයාට කිව්වෙ මට ආදරේ කරන්න එපා කියලා.

මට මැරෙන්න බය නෑ.මට තිබුනු එකම දුක මං මැරුනු දවසක ඔයයි දරුවයි තනි වෙනවනෙ.

ඒ ගැන මතක් වෙද්දී මං මැරි මැරි ඉපදෙනවා වගේ වේදනාවක් මට දැනුනා මහීමා. මං ගොඩාක් අසරණ වුනා.මට කැන්සර් එකක් කියලා මං මුලින්ම කිව්වෙ සෙනේෂ් අයියට.එයා මාව ලංකාවෙ හිටපු හොඳම ඩොක්ටර්ස්ලාට පෙන්නුවා.ඒත් වැඩක් වුනේ නැහැ.ඒ වෙනකොටත් ලෙඩේ මුලු ඇඟ පුරාම පැතිරිලා ඉවරයි.අයියා මාව සිංහල වෙදකම් කරන තැන් වලටත් ගෙනියන්න හැදුවා.ඒත් පලක් නොවන නිසා මං කැමති වුනේ නැහැ.අයියා මාව එක දවසක් බලෙන්ම එහෙම තැනකට ගෙනිච්චා.

එතනිනුත් කිව්වෙ මාව බේර ගන්න බැහ කියලයි.අන්තිමට මං හිත හදා ගත්තා මැරෙන්න.මං එදා අයියගෙන් එක ඉල්ලීමක් ඉල්ලුවා.මං මැරුනු දවසට ඔයාවයි මගෙ දරුවවයි තනි නොකර රැක බලා ගන්න කියලා.

අයියා මට ඒක පොරොන්දු වුනා.දැන් මට මැරෙන්න බය නෑ.ඔයාට ඔයාගෙ ආදරේ ලැබෙනවා.අයියටත් එයාගෙ ආදරේ ලැබෙනවා.සෙනේෂ් අයියා ගාව ඇති අපේ දූගේ උප්පැන්න සහතිකේ.

ඒකෙ තාත්තාගෙ නම විදියට ලිව්වෙ සෙනේෂ්ගෙ අයියගෙ නම.දූට කවදාවත් දැන ගන්න ඉඩ තියන්න එපා සෙනේෂ් එයාගෙ දරුවෙක් නෙවෙයි කියලා.ඔය තුන් දෙනා හැමදාම සතුටින් ඉන්න.මේ ලියුම ඔයා කියවද්දී මං මේ ලෝකෙන් සදහටම ගිහින් ඉඳියි.




“අනෙ අම්මෙ සුරේෂ්…………………………”


එසේ කෑ ගැසූ ඇය සිහි මුර්ජා වී වැටුනා.වහා ක්‍රියාත්මක වූ සෙනේෂ් ඇයගේ මුහුණට වතුර බිඳක් ඉස්සා. මිනිත්තු කිහිපයකින් ඇය ප්‍රකෘති තත්වයට පත් වුනා.වැලහින්නක් මෙන් හඬා වැටුනු ඇය පිස්සියක මෙන් සිය කොණ්ඩය දෙපසට ඇද ගනිමින් මහා හයියෙන් ගිරි යටින් කෑ ගසා හැඬුවා.
“අනේ දැන් හිත හදා ගන්න දුවේ. ඔහොම ඇඬුවා කියලා සුරේෂ් පුතා ආපහු එන්නෙ නෑ දුවේ.තාම ඔයාට හරියකට සනීප නෑ.මෙහෙම හයියෙන් කෑ ගහලා මහන්සි වෙලා අඬන්න හොඳ නෑ දුවේ.හිත හදාගන්න රත්තරං දුවේ……………………….”


“මං කොහොමද අම්මෙ හිත හදාගෙන ජීවත් වෙන්නෙ.අනේ මං ඇත්තටම හිතුවෙ සුරේෂ් රට ගියා කියලා.ඇයි ඔයාලා මං සුරේෂ්ගෙ මිනිය බලන්න එක්කන් නොගියෙ?කවදද මගෙ සුරේෂ් මාව දාලා ගියේ අම්මෙ?…………………….”


මං අම්මගෙ දෙපා පාමුල කඳුලු සලමින් හඬා වැටුනා.හිතේ එයා ගැන ආදරයක් ඇති වෙලා දවස් කීයද ගියේ.හරියට හොරු අරන් ගියා වගේ.හැම දෙයක්ම හීනයක් වගේ.හිතා ගන්නවත් බෑ.
“ඔයා ඉන්න තත්වෙ අනුව කොහොමද දුවේ අපි ඔයාව සුරේෂ්ගෙ මිනිය බලන්න එක්කන් යන්නෙ?දරුවා ඉපදිලා දවස් හයයි මගෙ පුතා මැරෙද්දි. ඔයාට මතකද එදා අපි සුදු ඇඳගෙන ගෙදරින් ගියේ.ඔයා එදා අපි කොහෙද යන්නෙ කියලා ඇහුවම අපි කිව්වෙ මළ ගෙදරක යනවා කියලනෙ.අපි එදා ගියේ සුරේෂ්ගෙ අවසන් කටයුතු වලට මගෙ දුවේ.එයා ජීවතුන් අතර ඉන්නැද්දි කිව්වා එයාගෙ අවසන් කටයුතු වලට ඔයාට එන්න දෙන්න එපා කියලා.ඒ වෙන මොකුත් නිසා නෙවෙයි.ඔයාගෙ හිතට තවත් දුක දෙන්න බැරි නිසයි දුවේ.හිත හදාගන්න මගෙ දුවේ…………………………”


කවුරු මොන තරම් දේවල් කිව්වත් මට හිත හදාගන්න බැරි වුනා.කාමරේට වෙලා මං මුලු දවසෙම අඬන එකයි කරේ.දරුවට කිරි දෙන්න ඕනි නිසා මං කෑම ටිකක් කෑවා.මගෙ හිත මටම දොස් කිව්වා.මං සුරේෂ්ට සළකපු විදිය වැරදියි කියලාත් හිතුණා.ඒත් එදා මං හරිම අසරණයි.
දවස් ගනන් ගෙවිලා ගියා.සුරේෂ්ගෙ තුන් මාසෙ දානෙත් දුන්නා.දුවට දැන් මාස පහයි.සෙනේෂ් එයාව බලා ගන්නවා.බාහිර ලෝකයෙන් සුරේෂ්ගේ මතකය ඈත් වෙලා ගියත් මගෙ හිතේ නම් ඒක ඈත් කරන්න ලේසියෙන් බැරි වුනා.
“දුවේ,හැම දෙයක්ම සිද්ද වෙලා ඉවරයිනෙ දැන්.වෙච්චි දේවල් වුනා. ඔයාලා ඒ මත්තෙ දැන් හඬා වැටෙන්න එපා.මේ දරුවා ගැන හිතන්න.එයාගෙ අනාගතේ ගැන හිතන්න.ඒ නිසා උත්සව ගන්න අවශ්‍ය නෑ.ලබන සතියෙ ඔයාලා දෙන්නගෙ කසාදෙ රෙජිස්ටර් කරමු.මේ දේවල් තවත් කල් අරින්න එපා……………………..”
හිතේ කිසිම සතුටක් නැහැ.මේකට විරුද්ධ වෙන්න හිත හදාගන්නත් බෑ. හැම දෙයක්ම සිද්ද වුනේ සුරේෂ්ගෙ කැමැත්ත අනුවයි.සකුණි මගෙ මැණික් කැටේ කවදා හරි සෙනේෂ්ට තාත්තා කියයි.සෙනේෂ් ඒ අයිතිය දුන්නෙ හදවතින්මයි.ඒකට විරුද්ධ වෙලා දුවගෙ අනාගතේ විනාශ කරන්න මට බෑ.ඒත් සුරේෂ් ගැන මට හැම තිස්සෙම මතක් වෙනවා.එයාගෙ සුවඳ මට හැම තැනින්ම දැනෙනවා.
“මහීමා……………………….”
වෙනදා මට කට පුරාම මට නංගී කියලා කතා කරපු සෙනේෂ් දැන් මට මහීමා කියලා කතා කරන්න පටන් අරන්.මගෙ හිතේ අන්තිමට හරි සුරේෂ් ගැන ආදරයක් ඇති වුනත් සෙනේෂ් හැමදාම ආදරේ ආදරේ කරේ මට විතරමයි.
“ඇයි සුරේෂ්?………………………….”
“ඔයා තරහින්ද ඉන්නෙ?කාලය හැම දෙයක්ම විසඳයි.ලබන සතියෙ අපි කසාද බැන්දට ඔයා කැමති කාලෙක මට ලං වෙන්න.මං ඔයාට කිසිම දේකට බල කරන්නෙ නැහැ.හිමිහිට හිත හදා ගන්න…………………………..”
“වෙච්චි දේවල් ගැන මට තාම හිතා ගන්ම බෑ සෙනේෂ්.මට හිත හදා ගන්න ටික කාලයක් දෙන්න…………………………”
“හරි මහීමා…………………………”


නැවත හමුවෙමු



Report Page