23

23

🇱🇰

23 කොටස


" උඹව *ක්වීන්ස් පාක් එකේදි බදා ගත්තේ මොකාද..???


ඔහු ගුගුලන්නට විය.!

ඈ දෙතොල් වෙව්ලා ගියාය.!


සිහිනයෙන් අවධි වූ අයුරින් ඇය ඔහු දෙස බලා සිටියද්දී ඔහු සෙමින් ඈ වෙත දෙපා තැබුවේය..කෝපයෙන් වෙව්ලන ඔහුගේ දෑස් පවා බැලිය නොහැකි තරම් තියුනු බැල්මෙන් යුක්ත වෙද්දී දෑස තද කොට වසා ගත් යුවතිය ගේ දෑසින් කඳුලැලි ඇද වැටෙන්නට වූවාය.!


**********************🌸***********************


ගිනි උඳුනක් පැවතුනද එය දල්වා නොමැති බණ්ඩාර වෙළ සුඛෝපභෝගී හෝටල් කාමරය තුල නුහුරු සීතලක් වෙලා ගෙන ඇති මොහොතේදීත් ඒ සිසිලස, උණුසුම් වී ඇති යුවතිය ගේ ගත සිසිලසෙන් පුරවා දැමීමට සමත් නොවූවාය..!


දෙකණ් දෙපසින් ගෙල සෝදා ලැම තෙක් ගලා යන දා බිඳු විරාමයක් නොගෙනම නොකඩවා ගලා යද්දී ඈ දෙතොල් සියුම් වෙව්ළුමකට ලක් වූවාය..!


එසේ නම් සිත් ගත් තරුණයාගේ වැළඳ ගැනීම ඔහු දැක ඇති බැව් නිසැකය..!


සිතට මුසාවක් එක වර නොපැමිණෙනා තැන වෙව්ළනා අතැඟිලි මතට හසු වන සයන ඇතිරිල්ල යුවතිය ගේ අත්ලට සිර වෙද්දී ඈ සියළු හැසිරීම් ඔහුගේ තියුණු නිරීක්ෂණයට ලක් වූවේය.!


ඈ බියපත්ව පසු වනු හොදාකාරවම දෑසට හසු වෙද්දී කෝපයෙන් දැවෙන ඔහු සෙමෙන් ඇය වෙතට දෙපා තබනා විට යුවතිය ඔහුගෙන් නිහඬවම පියවරක් පිටුපසට වූ නමුදු ඔහුගේ දෑත් යුවතියගේ දෑත් වහා ආක්‍රමණය කරන්නට වූවේය..‍!


" ආහ්..වු..!


" උඹ මොකද දුවන්නේ..?


" මාව අතාරින්න..!


"මට උත්තරයක් දියං සෙනුල්යා.!

උඹෙන් මං ප්‍රශ්නයක් ඇහුවා..මොන බල්ලාද පාක් එකේදී උඹව බදා ගත්තේ..!


" කතා කරපං..!


" ඇයි මෙ..හෙම...කා ගැන..ද කියන්නේ..

මට රිදෙනවා.අතාරින්න..!!


හෝටල් කාමරයෙහි ඝනැති බිත්තියක් මතට ඇසිල්ලෙන් සිර කොට ගත් යුවතියගේ සිරුර ගතට තෙරපා ඔහු නගන වියරුවට බියෙන් උස් හඬින් හඬමින් ඈ දෑස වසා පවසද්දී නලියන දෑස් කෙවෙනි සහස් යුවතියගේ වතෙහි අතුරන්නට වූවේය.!


" උඹ දන්නෙ නැහැ..?

පාරේ යන උන් ඇවිත් උබව බදා ගන්නවද..? ඇඬිල්ල නවත්තපං.!


"මං අහන්නෙ පාක් එකේදී උඹව බදා ගත්තු එකා ගැන..ඌ ඌ කවුද.?


" ඌට කොහෙන්ද අයිතියක් උඹව බදා ගන්න..!

ඌව උඹ දන්නවාද සෙනුල්‍යා..??


" ම..ට මතක නෑ..කා ගැනද කිය..න්නේ.?


ඇසෙනා නෑසෙනා හඬින් දෑස වසා හඬමින් ඈ විමසන්නට වූවාය.!


දරා ගත නොහැකි කෝපයෙන් කෑ ගැසුවද, කෙතරම් විමසුවද හැඬීමක් විනා වෙන යම් පිළිතුරක් ඇගෙන් නොලැබෙද්දී ඔහු දෑස වියරුවෙන් පිරී යන්නට විය..!


ඇය අල්වා සිටි ග්‍රහණය අතහැර දැමූ ඔහුගේ දෑතින් එල්ල වුණු වේගවත් කොපුල් පහරක් ඈ වතෙහි සනිටුහන් වෙද්දී යුවතිය පසෙකට විසිව ගියාය.!


ඔහුගේ දෙපා මුල ඇද වැටුණු ඇය කෙරේ සිතෙහි අනුකම්පාවක් ජනිත නොවනා තැන පිළිතුරු අපේක්ශාවෙන් බිම ඇද ඇටුණු අයුරින්ම පසුවන ඈ දෑත් අල්වා ගත් සහස් ඇගේ සිරුර ඔහු දෙසට ඇද ගත්තා උවද ඉන් පලක් නොවීය..!!


කෝපය දරා ගැනුමට නොහැකිව එල්ල කල වේගවත් කොපුල් පහර හේතුවෙන් ඈ පියවි සිහිය ඇයගෙන් මෑත් වී ඇති බැව් ඔහුගේ දෑසට හසු වෙද්දී දෙගුණ තෙගුණ වන කේන්තිය අතකට මිටි කල සහස් හෝටල් කාමර බිත්තියක් මතට දමා ගසන්නට වූවේය.!!


ඈ සිරුර දෝතට ඔසවා සයන මධ්‍යයට ඇද දැමූ ඔහු අසාමාන්‍ය වියරුවෙන් කැලඹෙනා හැඟුම් දරා ගැනුමට වෙහෙසෙමින් කාමරයට යාබද බැල්කනි තීරයට ඇදුණේය!


****


වතු යාය පුරා බණ්ඩාරවෙල නගරයට උරුම සීතල නොඅඩුව වෙලා තිබියදී මං මාවත් පවා මීඳුම් තට්ටු ගණනාවකින් වැසී ගොස් ඇත.!


රාත්‍රී අටේ කණිසම පසුව ගොස් ඔහු නිවසට පැමිණෙන තෙක් දෑස අයා කල් මැරූ වියපත් ගැහැණිය නොසන්සුන් අයුරින් ඇමතුමක් සුධර්මා හට ලබා ගත්තාය.!


" සුධර්මා.!


සහස් තාම ගෙදර ආවේ නෑනේ.!

මං දෙපාර තුන් පාරක් කෝල් අරං බැලුවා ෆෝන් එකත් වැඩ නෑ මේ ළමයාගේ..!


ඇමතුම හා සුධර්මා සම්බන්ධ වූ විගෙස වියපත් ගැහැණිය තෙපලද්දී ඈ දෑස බංගලාවෙහි දොරටුව වෙතට යොමු වූවාය.


" සුධර්මා..!


ඔන්න සහස් එක්ක ආපු ඩ්‍රයිවර් එනවා. සහස් එන්න තව පරක්කු උනොත් ඔයාට කෝල් එකක් ගන්නං..ඔයත් සහස්ට අරං බලන්න..!


මොන මොනවාදෝ එහා පසින් සුධර්මා පවසද්දී ඇය හට නිහඬවම සවන් දුන් ගැහැණිය බංගලා දොරටුවෙන් ඇතුලට පැමිණි ඔහුගේ සහචරයා අසලට ඇමතුම විසන්ධි කොට ලං වූවාය.


" අපේ දරුවා කොහෙද කියලා දන්නවාද..?


සහස් ගෙන් පණිවිඩයක් ඔය ළමයටවත් හම්බුනාද..හවස ගෙදර එනවා කියලා ගිය ළමයා නේ..!


" අපේ සර් බණ්ඩාර වෙල හොටෙල් එකක නතර වෙලා මැඩම්..!


" හොටෙල් එකක නතර වෙලා..ඒ මොකද.?


වියපත් ගැහැණියගේ වත කුතුහලයෙන් බර වූවාය.


" ඒ ඇයි කියන්න නං හරියටම දන්නෙ නෑ මැඩම්.අපේ සර් ගේ කෙල්ල එක්ක තමයි හොටෙල් එකට ගිහිං තියෙන්නෙ.ඒ කෙල්ලගෙ ඇඳුම් බෑග් එක සර් කතා කරලා හොටෙල් එකට ගෙනත් දෙන්න කිව්වා.!


" සර් ගේ කෙල්ල..??

අපෙ සහස්ට කොහෙන්ද කෙල්ලෙක්.?

මං ඇහුවේ ඒ කෙල්ල ඉස්කෝලේ යන එකියක්ද..?


" ඔව් මැඩම්..සර් බලාකියා ගන්න ගෑනු ළමයා තමයි..!


වැඩිදුර සංවාද අනවශ්‍යය..!

වැඩිදුර තොරතුරු ඔහුගේ අනවසරයෙන් පැවසීමට සිතට චකිතයක් දැනෙද්දී තවත් වියපත් ගැහැණිය සමග දොඩමළු නොවුණු ඔහු බංගලාවෙහි කාමරයක් තුලට වැද ගන්නට විය.!


" එහෙනං සුධර්මා කිව්ව කතාව ඇත්ත උනා..!


අතින් පොඩි කරන්න තියෙන අත්ත පොරවෙන්

කපන තරමටම ගියා එහෙනං..!!


මීදුමෙන් වටවුණු පිටත පරිසරයට නෙතු අයා ඕ තෙපලන්නීය. පිටස්තරයෙකු සමග මෙතරම් ඇගෑළුම් කමක් කිසි දිනෙක නොපැවැත්වූ ඔහුගේ හැසිරීම් රටා මෙතරම් වෙනස් වීමට හේතුව පාසල් යුවතියක් බැව් පසක් වෙද්දී ඈ වත කෝපය මුසු වූ උපහාසාත්මක සිනහවකින් වැසී යන්නට වූවාය..!!


****


නිරුවත් උඩුකයෙන් යුක්තව, බැල්කනි තීරයෙහි දුම් වැටියක් උරමින් පසු උවද ගිනියම් සිරුර බණ්ඩාරවෙළ නගරයෙහි පිටත සීතලින් සිසිල් කිරීමට සමත් නොවන්නේය.!


බැල්කනි තීරයෙහි යකඩ අත් වැටෙහි සිසිල වැලමිට දිගේ අත් බාහු පීරුවද ඒ බව සිතුවිලි විසිරී ගිය ඔහු හට නොදැනෙන්නේය..!


ඈත මීදුමෙන් වැසී දිස් වෙන තේ වතු සහිත කඳු පංති වෙතට ඔහු දෑස තියුණු අයුරින් යොමුව ඇත.!


මනසට දිනයෙහි සිද්ධීන් අමතකව යන තෙක් මත් වන ලෙස සිත බල කලද ඔහු ඊට එකඟ නොවූවේය. මත් වීමට පෙර හදවත පෙළා දමන ගැටළුව විසඳා ගත යුතුය.!


සැබවින්ම ඇයව වැලඳ ගත් පිටස්තරයා කවුරුන්ද..?


තමා එතරම් දරුණු අයුරින් ඇගෙන් කරුණු විමසීම වරදක්ද..?


සිතුවිලි පාලනය කරවා ගැනීමට තිබුණා නොවේද..?


" ශික්..!!


උරනා දුම් වැටිය පවා අද දින අප්‍රසාදයක් ගෙනෙද්දී තවමත් ගෙවී අවසන් නොවුණු දුම් වැටිය හිස් අවකාශයට විසි කොට දැමූ සහස් දෑතින්ම යකඩ වැට ග්‍රහණය කර ගන්නට වූවේය.!


නිහැඩියාවක ගිලී තිබුණු කාමර මධ්‍යයෙන් සිහින් හඬින් ඉකිබිඳුමක් සවන් පීරද්දී කෝපයෙන් තද කොට වසා ගත් දෑස ඔහු විවර කලේය..!


ඔහුගේ සවන් යුවතිය ගේ හඬ හඳුනා ගද්දී බැල්කනි අඳුරෙහි සිටම ඔහු දෑස තරමක අඳුරක ගිලී ඇති කාමරයට යොමු කලේය.!


ඔහු කාමරයට ඇතුළු වෙද්දී අඳුරෙහිම සයනය දෙසට ඇදෙන ඔහුව සිහි ලද යුවතිය හඳුනා ගත් බැව් පසක් කිරීමට ක්‍රමයෙන් වැඩි වූ ඈ හැඬුම සමත් විය.!


සයනයෙන් වහා නැගිට ගත් ඈ වේගයෙන් හෝටල් කාමරයෙහි වසා ඇති දොරටුව වෙතට දිව ගොස් හඬමින් එය විවර කිරීමට උත්සාහා කරණු ඔහු නිහඬවම මොහොතක් බලා සිටියේය.!


අසීරුවෙන් වුව හැඟුමන් දරා මොහොතක් පසු වුණු ඔහු අතැඟිලි ද්විත්වයකින් ඝනැති ඇහිබැම පිරිමදින්නට වූවේය.!


" ඕක ලොක් කරලා තියෙන්නේ. කොච්චර ලොක් එකේ එල්ලුනත් ඕක අරින්න බැහැ. බොරුවට මහන්සි නොවී ඉන්නවා සෙනුල්යා..!


" මට මෙ..හෙ ඉන්න බෑ..මට යන්න ඕන.!


" ඊට කලින් මාව පවුකාරයෙක් නොකර කලින් අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා සෙනුල්යා..!


" එපා..!


" මෙහෙ එනවා..!!


දොරගුළු මතට සිරවූ ඈ දෑත ග්‍රහණය කොට ගත් සහස් අඳුරු කාමරය යම් තාක් දුරකට ආලෝකමත් කරවමින් කණාමැදිරි ආලෝකයක් ගෙන ආ විදුලි බල්බය ක්‍රියාත්මක කලේය. ඔහුගෙ දෑතින් මිදීමට වෙර දරණ යුවතියව අසල දොරටුවට සිර කෙරූ සහස් ඈ බඳ වටා දෑඟිලි ඇතිරූවේය.!


කොපුල් පුරා කඳුළු වැගිරෙන ඈ දෑස ඔහුගේ දෑසට යොමු නොවීමට යුවතිය ගත් බොළඳ උත්සාහය වැලකූ ඔහු ඈ නිකට මතින් අතැඟිලි තබා ඈ දෑසට බෙහෙවින් සමීප වූවේය.!


"සෙනුල්යා..මට කියන්න..ඒ කවුද..ඒ කොල්ලා කවුද සෙනුල්‍යා..ම්.!


ඕ නිහඬව පසුවන්නීය.!

ඈ පිළිතුරු පමා වත්ම ඈ බඳ මත ඇතිරූ දෑඟිලි ඔහු සිර කලේය.!


" රිදෙනවා..මට.!


" කවුද ඌ..?


" මැඩ..ම් වැනොෆ් ගේ නෑදෑයෙ..ක් එයා..!


ඈ ඇසි පිය වේගයෙන් සැළුණාය.

ඔහු වත කුතුහලයෙන් බර වූවේය.


" නෑදෑයෙක්..මිසිස් වැනොෆ් ගේ..?


" ඔ..ව්..මැඩම් වෙනොෆ්ව පාක් එකේ දැකලා ඇවිත් කතා කලා..මැඩම් මාව එයාට අඳුන්වලා දුන්නා..ඒකයි හග් කලේ.!


" අඳුන්වලා දුන්න පළියට ඌට අයිතියක් කොහෙන්ද බදා ගන්න.?


ඈ වදන්හි නොගැලපෙන සුළු බවක් පැවතියද ඇ සිතෙහි පවතින අදහස් ඔහු සිහිනෙකදු අනුමාන නොකලේය.ඈ දෑසට සම වැදුණු ඔහුගේ තියුණු බැල්ම දරා ගත නොහැකි තැන ඈ දෑස වසා ගත්තාය.!


" එයා මියුසීශියන් කෙනෙක්ලු.

මැඩම් වෙනොෆ් මාව අඳුන්වලා දුන්නේ වයලීන් ප්ලේයර් කෙනෙක් විදිහට.

ඒකයි එහෙම උනේ..!


" ඔය ඇත්ත නේද කියන්නේ.?


ඈ වහා හිස සැළුවාය..!


සැබවින්ම ඇයව සැක කිරීමට කිසිඳු හේතු සාධකයක් නොපවතින්නේය..ඇය තමා හට ලෙංගතු බැව් සිතට සහතිකය..එබැවින් වරදක් වන්නේ කෙසේද..ආගන්තුකයෙකු ඈ දිවියට පැමිණීමට කෙසේවත් ඉඩක් නොමැත.!


ඈ බඳ සිර කල ග්‍රහණය ලිහිල් කල සහස් ගැඹුරු සුසුමක් අතහරිද්දී ඈ සිහින්ව දෑස විවර කලාය.!


හිරු දුටු පිනි මෙන් සිතෙහි කෝපය වාශ්ප වී ගොසිනි..දැන් ඉතුරු සිතෙහි පසු තැවීම පමණි.


" රිදෙනවාද..?


ඈ කොපුල් මතින් ඔහු අතැඟිලි තැබුවේය.

ඈ හිස සැළුවාය..!


පසු තැවීමෙන්ම ඈ කොපුල් පිරිමැදි සහස් යුවතිය ගේ නළලත සිප ගන්නට විය. මොහොතක් ඈ දෑසෙහි සම වැදුණු සහස් යුවතියගේ අතැඟිලි අල්වා ගත්තේය..ඇයව සයනය මතින් වාඩි කෙරවූ ඔහු සුඛෝපභෝගී හෝටල් කාමරයෙහි පවතින කුඩා ශීතකරණය වෙතට දෙපා තැබුවේය.!


ඝනැති අයිස් කැට ද්විත්වයක් කුඩා වීදුරුවකට දමා ගත් ඔහු එය රැගෙන ඇය අසලට ලං වූවේය. සයනයෙන් වාඩි වී සිටින ඈ අසලට දණක් නමා පහත් වූ ඔහු එක් අයිස් කැබැල්ලක් යුවතියගේ කොපුලෙහි සියුම්ව අතුරද්දී ඈ වත හකුලා ගත්තාය.!


" එපා..!!


" දඟලන්න එපා..මුලදි ටිකක් රිදුනට පස්සෙ හරියනවා..!


" සීතලයි..!!


කොපුල් මත එහෙ මෙහෙ වෙන අයිස් කැටයෙන් වෑස්සෙන සීතල ජල බිඳු කොපුල් දිගේ වැගිරී ගෙල මතට වෑස්සෙද්දී ඈ අප්‍රසාදයෙන් තෙපළුවාය..!


අයිස් කැට බහාලූ වීදුරුව සයන පාමුලෙන් තැබූ සහස් යුවතිය වෙතට සෙනෙහසින් මදහසක් පා කලේය.


ඈ ගෙල මතින් ගලා යන සීතල ජල බිඳු මතට ඔහු දෙතොල් තබද්දී ඈ වත තිගැස්මෙන් බර වූවාය.


ඈ ගෙලෙහි වැගිරුණු ජල බිඳු දෙතොලින් උරා දැමූ සහස් මදහසක් දෑසට නගා ගනිමින් යුවතිය වෙතට දෑස යොමු කරද්දී ඈ වෙනතක් බලා ගත්තාය.


අප්‍රසාදය, පිලිකුල, තිගැස්ම විටින් විට ඈ වතෙහි අරක් ගන්නා හේතු වටහා ගැනුමට නොහැකි වෙද්දී සහස් සුසුමක් අත හැර දැමුවේය.!


" බඩගිනිද..?

කන්න මොනවා හරි ගෙනත් දෙන්නද..?


" ගෙදර යන්නෙ නැද්ද..?


" අද මෙහෙ ඉන්න වෙනවා සෙනුල්‍යා..!

මේ මීදුම එක්ක වෙහිකල් එකක් පාරට දාන් එක අවධානම්..පේනවනේ වහිනවත් එක්ක..!


"ආපහු මාව මැඩම් වැනොෆ්ට භාර දෙන්න..මට අද රෑ මෙහෙ තනියම ඉන්න බෑ.!


" ඒ ඇයි..!

මෙහෙ තනියම කොහෙද..මාත් ඉන්නවා නේ..ඇයි මෙහෙම බය වෙන්නේ..?


ඔහු විමසද්දී ඈ දෑස කඳුළින් පිරුණාය.


" ඇයි සෙනුල්යා මේ.?


සංවේදීව යුවතිය ගේ අතක් අල්වා ගත් සහස් ඈ කර වටින් අතක් දමා ඇයව තුරුළට ඇද ගනිද්දී ඔහුගේ ළයට හිස තබා ඈ නිහඬව දෑස වසා ගත්තාය.!


" සෙනුල්යා..!


රෑ මාත් එක්ක එක රූම් එකක ඉන්න බයයි කියලා නං මට කියන්න එපා.උඹ හැසිරෙන්නෙ ඒ විදිහට..ඒත් එක දෙයක් උඹට අමතක වෙලා..!


" උඹ මගෙ වෙලා ඉවරයි..!

මාත් එක්ක ජීවිත කාලෙටම ඉන්න පොරොන්දු වෙලා ඉවරයි..ඇයි තවත් මට බය වෙන්නෙ.

කලින් මං ටිකක් කලබල උනා.ඒත් ඒක ඉවරයි දැන්.!


කෝපයක් සිතෙහි අරක් නොගත්තද සිතුවිලි බෙහෙවින් වියවුල් බැවින් ඔහු ඈ ආමන්ත්‍රණය කල අයුර වෙනස් වූවේය.!


වටහා ගත නොහැකි හැඟුම් සමුදායක් සිත පෙළා දමද්දී නිහඬව පසුවන ඈ හිස සෙමින් පිරිමැදි සහස් ඈ වතට සිපුමක් එක් කලේය.!


ඈ නිහඬය.!


"අද රෑ මාත් එක්ක මෙහෙ ඉඳලා හෙට උදේම ගෙදර යමු..! ඕනෙ නං යාළුවො ට්‍රිප් එක යන ඕන තැනකට අරං යන්නං..හෙට දවසම උනත් මට වෙන් කරන්න පුලුවන්.‍!


තිර හඬින් ඈ කොපුල් පිස හරිමින් පැවසු සහස් ඔහුගේ ළයට හිස තබා පසු වුණු යුවතියගේ කඳුළු පිරුණු වත දෝතට මැදි කරවා ගත්තේය..!


" දවල්ට කෑවේත් නෑ නේද..මොනවාද කන්න ඕන..!


" මුකුත් එපා...! මගෙ ඔළුව රිදෙනවා.!


මලානික වතින් පැවසූ ඈ සයනයෙන් වැතිරී දෑස වසා ගත්තාය.ඈ අමනාපව පසුවන්නේ ඔහුගේ ඉක්මන් කෝපය නිසා බැව් ඔහුගේ සිත කෑ ගසමින් පවසද්දී පසුතැවුණු දෙනෙතින් ඈ වත පිරික්සූ ඔහු මොහොතකට නිහැඬියාවක ගිලී ගියේය..!


***


රැය ගෙවී ගියේ ඔහු ගේ දිවියෙහි ඔහු ගෙවා දැමූ නීරසම රාත්‍රීය එය බැව් ඔහු හට සපථ කරවමිනි..!


තිස් වසරකට ආසන්න කාලයක් එකම සහෝදරියට විනා වෙනත් කිසිවෙකුට හදවතෙහි හැඟුමන් හට බලාපෑම් කල නොහැකි සේ පැවති මානසික සුවය ඇගේ එක් හැසිරීමකින් සුනුවිසුණු වෙද්දී ඊට හේතූන් සෙවීමට ඔහු නිහඬ රාත්‍රීයම කැප කලේය.!


රාත්‍රී අහර පවා ප්‍රතික්ෂේප කොට උදෑසන හිරු අරුණැල්ල නැගෙනා තෙක් නින්දෙහි පසුවන යුවතිය වෙතට කාමරයෙහි තබා ඇති කුඩා සොෆාවෙහි පසුවන සහස් ගේ දෑස එක එල්ලේ යොමු වී ඇත.!


බණ්ඩාරවෙළ නගරයෙහි සීතලින් හිරිගඩු ගැන්වෙන ගතට ආදරණීය උණුසුමක් ඇය ගෙන් අපේක්ශා කරමින් සිත ඇතුලාන්තයෙන් කෑ ගසද්දී ඒ සියළු හැඟුම් රැයපුරා දරා සිටි සහස් ගේ දෑස මුළු රැය පුරා එක් මොහොතකට හෝ නිදිසුව විඳ නොගන්නට විය..!!


" * ඒ ගිනි කන්ද ලෝකෙට පේන්නේ සීතල හිම කන්දක් වගේ..ගිනි කන්දක ලෝදිය කොයි වෙලාවේ පුපුරයිද කියලා අපිට කියන්න බෑ.. හැම පියවරකදිම පරිස්සම් වෙන්න ඕන..!!


විදුහල්පතිනිය හා ඇය අතර සිදු වුණු සංවාදයෙහි සවන් වැකුණු කොටස ඇය දෙස නෙත නොපියා බලා ඉන්නා ඔහු මනසෙහි දෝංකාර නගන්නට වූවේය.!


ඇය පැවසූ ගිනිකන්ද කවුරුන්ද..?

පුංචි යුවතිය ප්‍රවේසම් විය යුතු කාගෙන්ද..?

දහවල දුටු ආගන්තුකයා ගෙන් වත්ද..?

ඇය හට කිසියම් ගැටළුවක් තිබේද..?


ඇය හට ගැටළුවක් පවතී නම් එය ඈ තමා හට පැවසීමට මැලි වන්නේ ඇයිද..?


දින දෙකකින් පැවැත්වීමට නියමිත ඈ පාසල් අවසන් විභාගය නිම වූ සැණින් ඇයව නීත්‍යානුකූලව පතිනිය සේ දිවි ගමනට ලං කොට ගැනීම වඩාත් උචිත නොවන්නේද..?


ඔහු සිත නොකඩවා ඔහුගෙන් ප්‍රශ්න නගද්දී උරා දැමුණු දුම් වැටිය සහස් අළු බඳුනට අත් හැර දමමින් රැයම ගෙවා දැමූ කුඩා සෝෆාවෙන් නැගී සිටියේය.!


සහචරයා හට පවසා ගෙන්වා ගත් ඔහු ඇගළුම ගෙන නානකාමරයට වැදුණු ඔහු පුරා පැයක් නුහුරු සීතල පරදා අයිස් කැට වන් සීතලක් පවතින සිසිල් වතුරින් නා ගත්තේය..!


කළු පැහැ සැහැල්ලු කොට කලිසමකින් මෙන්ම කළු පැහැ කමිසයක් ගත දැරූ සහස් නානකාමරයෙන් පිටතට පැමිණෙද්දීත් ඇය නින්දෙහිය.!


" සෙනුල්‍යා..!


ඈ සයනය අසලට ලං වූ ඔහු යුවතිය සුවට නිදන සයනයට ගොඩ වූවේය..බෙහෙවින් ඈ සිරුරට සමීපව අතක් විසිරී ඇති ඈ හිස කෙස් මතින් ගෙන යමින් සහස් ඈ හිස සිප ගනිද්දී රැය පුරා කිසිවෙකුගේත් බාධාවකින් තොරව නිදි සුව විඳි ඈ නින්ද ඇයගෙන් ගිලිහී ගියාය.!


ඉහ ඉස්මත්තේ සිට හිස පිරිමදින ඔහුගේ දෑසෙහි ආදරණීය බැල්ම නෙත ගැටෙද්දී ඈ වහා සයනයෙන් නැගී සිටියාය.!


" ලෑස්ති වෙන්න..!


පෙර දින ඔහු ගැසූ කොපුල් පහරින් සුදුමැලි ඈ කොපුලක් රත් පැහැ වී ඇති අයුරට නෙතු යොමා ඔහු පවසා දමද්දී ඈ වහා සයනයෙන් පිට වූවාය.!


ඔහුම ගෙන දුන් ඇඟළුම් බෑගය දෙසට ඔහුගේ අණින් නිහඬවම යුවතිය ඇදෙද්දී ඇයට නිදහසේ සූදානම් වීමට ඉඩ දුන් සහස් කාමරයෙන් පිට වූවේය..!


ජාත්‍යන්තර පාසල් ගුරුතුමිය ගේ දැඩි

අකමැත්තෙන් *ආදරය* පළිහක් කොට ඔහුට රිදවීම එකම අපේක්ෂාව වූවා නොවේද..?


ඔහු හට මංගල යෝජනාවක් ගෙනෙන බැව් දැන ගත් මොහොතෙහි ඉක්මන් තීරණයක් ගෙන ඔහු අසලින් රැඳී පලි ගැනීම ඒකායන අපේක්ශාව වූවා නොවේද..?


එසේ නම් සිතුවිලි මෙතරම් වියවුල් වන්නේ ඇයිද..? දෙදිනකට පෙර හමු වූ ආගන්තුකයා හට තම හදවත ප්‍රේම කිරීමට පටන් ගෙන ඇතිද..?


නාරි දේහය පුරා දැඩි සීතලක් ගෙනෙමින් යුවතියගේ ගත සෝදාලන සිසිල් වතුරට හිස අල්වා ඕ කල්පනා කරන්නීය..!


එදින රාත්‍රීයෙහි තමා ඉක්මන් නොවූවා නම්..?

ඈ මුවින් සුසුමක් ගිලිහී ගියාය..!


ලා රෝස පැහැ දණහිසට කෙටි ගවොමක් හැඳ ගත් ඈ තෙත හිස කෙස් වියලා ගැනුමට හෝ පමා නොවෙමින් මලානික වතින් නාන කාමරයෙන් පිටතට පැමිණියාය..!


වසා ඇති කාමරයෙහි දොරටුව තෙක් ඇදුණු යුවතිය කාමරයෙන් බලාගත් අත බලා පිට වූවාය..!


කාමර ගණනාවකින් හෙබි විසල් හෝටලයෙහි ඔහු කොහිද..? ඔහු තමා තනි කොට පිටව ගොසින්ද..?


ඈ සිතද්දී හුරුපුරුදු විලවුන් සුවඳක් යුවතියගේ නාස්පුඩු ආක්‍රමණය කලාය.!


" සෙනුල්යා..!


ඈ වහා පිටුපසට නෙතු යොමු කලාය.

ඔහු යුවතිය අසලට ලං වූවේය.ඈ දිගු හිස කෙස් තෙමාලන වතුර බිඳු නොකඩවා ඈ ඇඳ ඉන්නා ගවොම පවා තරමකට තෙමා දමමින් ගලා යන අයුර ඔහු නිහඬව නිරීක්ශණය කලේය.!


" මේ සීතලේ නාගත්තද..?


තරවටු හඬින් ඔහු විමසද්දී යුවතිය හිස සැළුවාය..ඔහු ඈ අතක් නිහඬවම අල්වා ගත්තාය..කාමරයට ඇතුළු වූ ඔහු කෙටි තුවායක් යුවතිය වෙතට දැමුවේය.


" හෙයාර් ඩ්‍රයර් එකක් හොයා ගන්න නැහැ..ඔළුව පිහිද ගන්න හොඳට..!


ඈ නිසොල්මන් ය..!

ඈ හිතුවක්කාර හැසිරීමෙන් කෝපයෙන් සිතුවිලි වියවුල් වීමට ආසන්න වෙද්දී දෑතම ඉණට තබා ගත් ඔහු ගැඹුරු සුසුමක් පිට කලේය.!


සියල්ල තම වරදිනි..!


ඇය වෙතට විසි කල කෙටි තුවාය නැවත දෑතට ගත් සහස් ඈ වෙතට ලං වූවේය. ඈ හිස කෙස් තෙමාලූ වතුර හැකිතාක් ඈ ඉහමත්තෙන් ගිලිහී යන තෙක් පිස දැමූ සහස් ගේ ඉරියව් ඈ නිහඬවම නිරීක්ශණය කලාය.!


එක් ආදරණීය වදනකින් වෙනස් කල හැකි සේ දැනටමත් ඔහු තමා වෙතට නැඹුරු වී ඇතුවා නොවේද..මදහසක් ඈ දෙතොලෙහි සටහන් වූවාය.!


" හ්ම්..දැන් යමු..?


" ගෙදර නේද..?


" නෑ විශේෂ තැනකට..මට දෙයක් තියෙනවා ඔයාට කියන්න..!


" මොකක්ද කියන්න තියෙන්නෙ..?


" එන්න..ගිහිං කියන්නං.!


කෙටි තුවාය පසෙකින් දැමූ සහස්, විසිරී ඇති යුවතිය ගේ හිස කෙස් දෑතින් සකසා දැමුවේය.

වදනකදු ඔහු හා දොඩමළු නොවීම ඈ පසු වෙද්දී ඇගේ අතක් සෙනෙහසින් අල්වා ගත් සහස් පෙර දින රැයෙහි තීරණය කල ඒකමතික තීරණය පැවසීමේ අපේක්ෂාවෙන් ගමනෙහි පෙරමුණ ගත්තේය.!


**********************🌸***********************


ජිවිතේ බොහෝ දුරක්

නුඹ එක්ක යන්න මං

තාමත් සිතුවේනැහැ..

ජිවිතේ යම් දිනක

නුඹ නමින් පෙම්වත්ව

නුඹ ලගින් ඉද ගන්න

අවැසි නැහැ

ලෝකයම මට

එරෙහි වුවත්

නුඹ මගේ වෙන්නේ නැහැ...

දිනක්වත් ඔය නෙතේ

ගැවසෙන්න ඉන්න⁣නේ නැහැ...

දුන්නු දුක විතරමයි

නුඹ හමුවුනදා සිටම...


සෙනුල්‍යාගෙන් සහස්ට 💕


Nadeeka Thushari ♥️ ස්තූතියි මැණික නිසදැසට..!


අද කතාව පෝස්ට් කලේ හරි අමාරුවෙන්. කතාව දකින අය sticker comments ටිකක් දාන්න.


#උපුටා_ගැනුම_තහනම්


සයූ සත්සරා.

Report Page