21

21

🇱🇰

21 කොටස


යුවතිය සුසුමක් අතහැරියාය.

ආගන්තුක තරුණයා ගේ කෙලිලොල් හැසිරීම් රටා ඈ සිතෙහි සැරි සැරුවාය. ඊට සාපේක්ශව මොහු අසල දැනෙන හැඟුම් පීඩාකාරී නොවන්නේදැයි ඈ සිතුවාය.!


නැවත දොරටුව ඔහු පැමිණෙන බැව් ඉඟි කරමින් විවර වෙද්දී ගීලී සිටි සිතුවිල්ලට සමු දුන් යුවතිය වතට ආයාසයෙන් සිනහා රැල්ලක් කැන්දා ගත්තාය..!!


පෙර කොටසට 👇

https://m.facebook.com/story.php?story_fbid=540523494468526&id=110268544160692


*********************🌸************************


මං මාවත් පසු වෙනා අධික වේගය අධිවේගී සුඛෝපභෝගී බස් රථය තුලට එතරම් නොදැනුනා උවත් පාන්දර ජාමයෙහි පටන් ගත් ගමන දැන් බොහෝ දුරක් ගෙවා විත් ඇති බැව් විවාදයෙන් තොරය.!


පාසල් මිතුරියන් කෙළිදලෙන් පාසල් බස් රථය තුල මියුරු ගීත වාදනයෙන් සතුටු වෙද්දී, බස් රථයෙහි පිටුපසට වන්නට පැවති අසුනකින් වාඩි වී හිස ජනෙල් පියනට තබා ඉන්නා ඈ සිත නිහඬවම මීට දිනකට පෙර රැයට දුවවන්නට වූවාය.!


දණහිස තුවාල වී ඉදිමී ඇති අයුර ඔහු දුටු අයුරු, කුඩා ඖෂධ මල්ලක් රැගෙන නැවත කාමරයට ඇතුළු වූ අයුරු , සීරුවෙන් තුවාල පාදයට ඖෂධ තැවරූ අයුරු ඈ මනසෙහි සිතුවමක් සේ නැගෙන්නට වූවාය..!


එපමණක් නොව..!


ඔහු විනෝද ගමනට ඔහුගේ ඒකමතික කැමැත්ත ලබා දෙමින් ජාත්‍යන්තර පාසල් විදුහල්පතිනිය හා සාකච්ඡා කලයුරු මෙන්ම උදෑසනම විනෝද චාරිකාව බලා යාමට පාසලට ගෙනැවිත් ඇරලූ අයුරුත්, අවවාද දහසකට පසුව ඔහු ඈ නලලත සිප ඇයට සමුදුන් අයුරු පවා ඈ මනසෙහි සිතුවම් නගද්දී පාලනයෙන් තොර මනස පාලනයෙන් යුතුව තබා ගැනුමට ඈ වෙහෙස වූවාය..!


" අපෝ සෙනුල්‍යා..!


" ට්‍රිප් එක වෙලාවෙදිත් පැත්තකට වෙලා ඉන්නෙ නැතුව එන්නකෝ අපි එක්ක සිංදුවක් කියන්න..!


" අනේ මට බෑ මංදිරා..මං ආසයි මෙහෙම වටපිට බල බල යන්න..!


සවන් අසලින් ඇසුණු යෙහෙළියගේ කෑ ගෑමට සිනා මුසුවතින් ඈ පිළිතුරු බඳිද්දී තරුණිය වත හකුලා පසෙකට වූවාය..!


ජාත්‍යන්තර පාසල් විදුහල්පතිනිය පවා ගමනට සහභාගී වී සිටියදී සිතෙහි පවතින ඒකායන අරමුණ සාක්ශාත් කර ගැනුමට ඈ තනිව අදිටන් කර ගත්තාය.!


ඇය බස් රථය තුලදීම ලද කෙටි නිදිසුවයකින් මෙන්ම, කෙළිදෙලෙන් හෝරා කිහිපයක් ගතව යද්දී උදෑසනම පාසල් බසයෙන් ගමන ඇරඹූ ඔවුනොවුන් ගේ ගමනාන්තය ලඟා වෙමින් පවතින බැව් ගත හොර රහසේ වෙලා ගන්නා නුහුරු සීතල කියා පෑවේය.!


"ස්කූල් බස් එකේ ජනෙල් පියන් සේරම ලොක් කරලා එළියට බහින්න ළමයි..!


" කාගෙවත් බෑග්ස් එහෙම බස් එක ඇතුළෙ දාලා යන්න එපා..එහෙම උනොත් ආපහු බෑග්ස් ගන්න වෙන්නෙ අනිද්දා උදේට තමයි.

සිහිකල්පනාවෙන් අවශ්‍ය කරන සේරම දේවල් අරං එළියට එන්න..!


කඳු මුදුනක පවතින සුන්දර සංචාරක බංගලා සමූහයක උද්‍යානයට කෙමෙන් බස් රථය ඇදී නවතා ලද්දී පංතිභාර ගුරුතුමිය ගේ අණට සිසුවියන් අනුගතව බස් රථයෙන් පිටතට පැමිණෙන්නට විය.!


අධික සීතලෙන් ගත ආරක්ශා කර ගනු පිණිස සීත කබා ඇඳ ගන්නා යෙහෙළියන් ගේ ඉරියව්වට අනුගත වෙමින් ඈ ගෙන ආ ගමන් මල්ලෙන් රෝස පැහැ දිගු සීත කබායක් ගෙන යුවතිය වහා ඇඳ ගත්තාය!


පාරා වලල්ලක් සේ බංගලාව වට කොට ඇති මීදුමත්ටත්, අළු පැහැ ඝනැති මීදුමෙන් වැසුණු කඳු පංතිය දෙසටත් මාරුවෙන් මාරුවට දෑස ගෙන ගිය යුවතිය දෑත් එකිනෙක පිරිමැද ගනිමින් වත සිනහවකින් සරසා ගත්තාය.!


සොබාදහම මෙතරම් අලංකාර වන්නේද..?

ඈ තනිව සිතුවාය.!


" ළමයි..!!


" දෙන්නා දෙන්නා පෙළගැහෙන්න..දෙන්නෙක්ට එක රූම් එකයි ලැබෙන්නේ.!


පංතිභාර ගුරුතුමිය ගේ හඬ අවසන් වෙත්ම සිසුවියන් දෙදෙනා බැගින් විගෙස පෝලිම් වී අවසානය.!


ඈ කාමර සගයා ලෙස අසලින් සිට ගත් පංතියෙහි නිශ්ශබ්දම සිසුවියක වූ මිනුකි වෙතට යුවතිය මදහසක් පා කරද්දී ඇයද පෙරළා සිනහවකින් යුවතියට සංග්‍රහ කලාය.!


අත් අල්වා ඔවුනොවුන් බංගලාව තුලට වැදෙද්දී වේලාව සවස් යාමයෙහි හතරේ කණිසම පසුව යමින් පවතින්නට විය.!


***


ඈ විනෝද ගමනට අවසරය ලබා දුන්නා උවද එතැන් පටන් සිතෙහි සැනසුම අහිමි වී ගියා සේය.!


විටින් විට ගමන පුරාම යුවතිය ගේ තොරතුරු විමසමින් ජාත්‍යන්තර පාසල් ගුරුතුමිය ඇමතූවද සවස් යාමයෙහි ඇගේ දුරකතනය ක්‍රියා විරහිත වීම සිතෙහි කැලඹුම දෙගුන තෙගුණ කරවීමට සමත් වන්නේය.!


පෙළක් විටෙක දුරකතන තරංග බණ්ඩාරවෙළ නගරයෙහි ඔවුන් නතර වන ස්ථානයට අහිමි වන්නට ඇත.!


ව්‍යාපාරික ප්‍රධානියාට හිමි කාර්‍යාල කාමරය තුල ඔබමොබ ඇවිදමින් ඔහු සිත සමඟ සටනකය.!


පෙර දිනෙක ඇය ගේ සිරුරෙහි අයිතිය පමණක් ලබා ගත් දින පටන් ඇයගේ ජීවිතයට මෙතරම් බද්ධ වී ඇතැයි සිතුවද එය මුසාවක් බැව් ඔහු සිත මේ මොහොතෙහි මැනවින් ඔහුට පවසා දෙන්නට වූවේය..!


ඇය නමින් සිතෙහි හැඟුමක් නොපවතිනේ නම් සිත මෙතරම් නොසන්සුන් වීමට හේතු සාධක නොපවතින බැව් සහතිකය..!


දිනය පුරා පැවති ව්‍යාපාරික හමුව නිසාම පැළඳි කබාය ගලවා පසෙකට විසි කොට දැමූ සහස් කර අගටම සිර කොට පැවති තද නිල් පැහැ ටයි පටිය දෑතින් ලිහිල් කලේය..!


මොහොතක් ඈතින් දිස් වෙන ජනාකීර්ණ කොළඹ නගරයට නෙතු යොමා පසු වූ ඔහු ඒකමතික තීරණයකට එළඹියේය.!


හයේ කණිසමට ආසන්න වෙත්ම රථයෙහි යතුරු කැරැල්ල දෑතට ගත් සහස් ව්‍යාපාරික ගොඩනැගිල්ලට සමු දුන්නේය..!


" ධර්මේ..වාහනේ ගනිං..!


" කොහෙටද බොස්..ගෙදරටද..?


" බණ්ඩාරවෙළට.!


" බණ්ඩාරවෙලට..?


රියදුරු සේ කටයුතු කරන ඔහු නැවත ප්‍රති උජ්ජාරණය කලද ඔහු පිළිතුරු ලබා නොදෙමින් රථයෙහි පිටුපස අසුනට බර වී හිස ආසනය මතින් තබා ගන්නට විය.!


ඔහුගේ නිහඬ පිළිතුරෙන් රථය මාවතට ගත් රියදුරු රථයෙහි වේගය වැඩි කලේය.!


" බොස්..ඇයි හදිස්සියේ බණ්ඩාරවෙල යන්නේ..බණ්ඩාර වෙල ගිහින් අදම එන්න බැරි වෙයි නේ..!


" අර කේස් එකට කට උත්තරයක් ගන්න හෙට දහය වෙද්දී බොස්ව පොලීසියට කැඳෙව්වා නේද..?


සුක්කානම හසුරවමින් ඔහු විමසද්දී සහස් ගැඹුරු සුසුමක් හෙළා දමන්නට වූවේය.


" ලෝයර් සමරවික්‍රම ඒක බලා ගනියි ධර්මේ. ඒකට වඩා මේ වැඩේ වැදගත්..!


සිරුරම ගිනිගන්නා සේ දැනෙන හැඟුම් නිසා වෙනත් කටයුත්තකට සිත යොමු කිරීමට ඔහු අපොහොසත් වෙද්දී කෙටි පිළිසඳරකින් කතා බහ නැවතූ සහස් දෑස වසා ගත්තේය..!


****


දර කුළුණු ත්‍රිත්වයකින් සෑදූ ගිනිමැලය විශාල සංචාරක බංගලා උද්‍යානයෙහි අඳුරු සීතල කෙමෙන් දුරු කරමින් පවතිද්දීත් තරමක සීතලක් ගත වෙලා ගනිද්දී තබා ඇති කළු ගල් අසුනකින් වාඩි ගත් යුවතිය දෑතම ලැමට බැඳ ගත්තාය..!


ගුරුවරියන් ඈතින් සතුටු සාමිචියක නිරතව ඇත..!


මිතුරියන් කෙළිදලෙන් සංගීත භාණ්ඩ වාදනය කරන්නට විය. මන්දිරා වයන වයලීනයෙහි තත් ස්වරයන් ඇය ගේ සිත අසාමාන්‍ය සැනසුමකට ඇද දමද්දී මොහොතක් දෑස වසා ඊට සවන් දුන් යුවතිය කළු ගල් අසුනෙන් නැගී සිටියාය..!


" කොහෙද යන්නෙ සෙනුල්‍යා.!


" කොහෙටවත් නෙමෙයි මිනුකි..අර ගහ ලඟට..!


සංචාර බංගලාවට එහා පසින් පවතින අනෙක් සංචාරක බංගලාවෙහි පිරිසද සතුටින් ගී නද වයනු සවන වැකෙද්දී ඈ දෙතොලතර සියුම් සිනහා රැල්ලක් ඇඳී මැකී ගියාය.!


ඈතින් පෙනෙන රූස්ස වෘක්ෂයක් යට පැවති කුඩා සිමෙන්ති බංකුවක් පෙන්වා ලමින් මිතුරියට පැවසූ යුවතිය එදෙසට දෙපා තැබුවාය..!


ළයම නිදහස් කොට ගනිමින් සුසුමක් අත් හල යුවතිය ඈතින් සවන් වැකෙන මියුරු ගී නදට සතුටින් සවන් දුන්නාය..!


කුඩා සිමෙන්ති බංකුවෙන් වාඩි වී දෑත ළයට බැඳ ඈතින් ඇසෙන පිරිමි ළයාන්විත හඬට ආත්මය මුසු කල යුවතිය මීදුමෙන් වට වුණු කඳු පංතියට දෑස ගෙන යද්දී හෝරා බාගයක පමණ ඇවෑමෙන් සංගීත ස්වරය නතර වූ බැව් ඇයට වගක් නොවූවාය..!!


ගැඹුරු කල්පනාවෙහි ප්‍රභලත්වය කෙතරම්ද යත් අසලට කිසිවෙකු පැමිණි බැව් වත් ඇය හට නොදැනෙන්නට වුවාය.!


" වට් අ සප්‍රයිස්..! මම ඈත තියා අඳුර ගත්තේ..! සෙනුල්‍යා..? ඔයා මෙහෙ..?


කෙළිලොල් පිරිමි හඬක් සවන් වැකෙද්දී ඈ කල්පනා ලොව බිඳී ගියාය.වහා අසුනෙන් නැගී සිටි යුවතිය ගේ දෑස අඳුරෙහි එහා පස බංගලාවේ උද්‍යානයෙහි සිට ඇදෙන පිරිමි රුව හඳුනා ගැනීමට වෙහෙසුනාය.!


" මලි..ත්..!!


ඈ දෙකොපුල් සිනහවකින් පිරී ගියාය.

සැබවින්ම දෛවෝපගත හමුවක සිරි සිතට කැන්දන හමුවේදී ඈ තව තවත් බංගලාවෙහි උද්‍යාන කෙළවරට ලං වූවාය.!


" මගෙ ඇස් දෙක හොඳයි..කළුවරෙත් මං ඔයාව අඳුර ගත්තා..!


" ඔයා කොහෙද මෙහෙ..?


" මගෙ මියුසික් කොන්ස(ර්)ට් එකක් තියෙනවා සෙනුල්‍යා අනිද්දාට බණ්ඩාර වෙලදී.ඒකයි අද මම මෙහෙ ආවේ..එතකොට ඔයා..?


" මම ස්කූල් එකෙන් ට්‍රිප් එකක් ආවා..අපේ අන්තිම අවුරුද්ද නිසා..!


" ඕහ් වාව්..!!


ගිටාරයක් දෑත දරා පසු වන ඔහු උස් හඬින් සිනහවක් නගද්දී ඇයද ඔහු සිනහවට හවුල් වූවාය..!


" සෙනුල්‍යා..හරි ලස්සනයි හිනා වෙද්දී.එනවද මේ පැත්තට සිංදුවක් අහන්න..!


පාදයක් නමා කුඩා කළු ගලක් මතට තැබූ මලිත් අනවසරයෙන් ඈ අතක් අල්වා ගනිද්දී ඈ වත රත් පැහැ වන්නට විය..!


" බෑ...!


"අපේ ස්කූල් එකේ මැඩම් ඇවිල්ලා ඉන්නවා අපිත් එක්ක.අපිට කොහෙවත් යන්න එපා කිව්වා..ඒ නිසා දැන් බෑ..!


" ඕකේ සෙනූ..එහෙනම් අනිද්දාට එන්න මගෙ ශෝ එක බලන්න..බණ්ඩාරවෙල තියෙන්නේ.!


" අපිට ඕන ඕන තැන් වල ඇවිදින්න බෑ..!

මට එන්න බැරි වෙයි ඉතිං..!


නුහුරු සීතල පරදා ගත උණුසුම් වනු දැනෙද්දී යුවතිය ඇසෙනා නෑසෙනා හඬින් පවසන්නට වූවාය.!


" අයියෝ..හ්ම්..එහෙනම් හෙට කොහෙද ඔයාලා යන්නේ..!


" ක්වීන්ස් පාක් යනවා..!


" ඕහ් වාව්..මාත් එන්නද..!


" කොහොමද ඔයා එන්නේ..?


" මට එන්න පුලුවන් සෙනූ කැමැති නං. නිදහසේ කතාකරමු..!


යුවතිය ගේ අතැඟිලි අල්වා ලූ ග්‍රහණය අත් නොහැරම ඔහු ලයාන්විතව පවසද්දී ඈ ඊට එකඟතාව ලබා දෙමින් නිහඬව හිස සැළුවාය.!


" මම දැන් යන්න ඕන..!!


" හ්ම්ම්..ගුඩ් නයිට් සෙනූ..ස්වීට් ඩ්‍රීම්ස්..!!


ඈ දෑත් දැඩි ලෝබකමකින් මුදා හල මලිත් යුවතියට මුව පුරා සිනාසෙමින් සුභ පතද්දී අනපේක්ෂිත හමුවෙන් උද්‍යෝගයෙන් පසුවන යුවතිය වේගවත් දෙපා තබමින් මදහසක් වතට කැන්දා දිව ගියාය.!


****


අධික නුහුරු සීතලෙන් ගැලවීමට දල්වා ගත් දුම්වැටියෙහි දුම් වලලු මවගේ වැඩිමහල් සොහොයුරිය ගේ විසල් බංගලාවෙහි බැල්කනි තීරය වෙලා ගනිද්දී පසුදා රැයෙහි පදමට මත් වී කාමරයෙහි ලී පොලව මත දිගෑදී නිදන සහචරයා වෙතට ඔහු නෙතු යොමු වීය.!


බැල්කනි තීරයෙහි සිට ඈත කඳු වලල්ලට යොමා සිටි දෑස තියුණු අයුරින් කාමර මධ්‍යයට යොමා ඔහු නිදන කාමරයට ඇතුළු වූවේය.!


" ධර්මේ..! ධර්මේ..!!!


හිරු අරුණැල්ලක් නැතත් උදෑසන හයේ කණිසම පසුව ඇති විටෙකත් තවමත් නිදන සහචරයා වෙතට පා පහරක් ගසමින් කතා කලද , පෙර දින රැයෙහි ලබා ගත් මත් පැන් හි ප්‍රභලත්වය කියා පාමින් ඔහු පියවි සිහියට පැමිනීම ප්‍රමාධ වෙද්දී අග්ගිස්සටම බී අවසන් කල දුම්වැටිය බහාළුමට අතහැර දැමූ සහස් කළු ජැකටුවක් ගතට දමා ගනිමින් කාමරයෙන් පිටතට පැමිණෙන්නට විය.!


" උදේ පාන්දර කොහෙද පොඩි පුතා යන්න හදන්නේ..?


" වැඩකට ලොකු අම්මේ..!


" කාලෙකට පස්සෙ ඇවිල්ලත් වැඩද සහස්..මට ඔයා එක්ක කතා කරන්නත් ඕන පොඩි පුතා.!

අද යනවද ඉන්නවාද..?


" අද ඉන්නවා..!

මගෙ රූම් එක පොඩ්ඩක් අස් කරවලා දාන්න..විශේෂ අමුත්තෙක් ඉන්නවා ලොකු අම්මට අද හවස පෙන්නන්න..!


" ඒ කවුද..?


බරැති අඩි තබමින් සියුම් සිනහා රැල්ලක් මුවඟ පතුරා සහස් බංගලාවෙහි පිවිසුම් දොරටුව අසලට ලං වෙද්දී උපැස් යුවල ගලවා පසෙකින් තැබූ ගැහැණිය විමසිලිමත් දෑස ඔහු වෙතට යොමු කරන්නට වූවේය..!


" කවුද ඒ කියලා යන්න සහස්..කවුද අමුත්තා ?


" හවස ආවාම බලාගන්න..!


කළු පැහැ ජීප් රථයෙහි රියදුරු අසුනට නැග ගත් සහස් උදෑසන නිහැඩියාව බිඳදමමින් රථය කඳු පල්ලම් මතින් ධාවනය කිරීම අරඹමින් පවසන්නට වූවේය..!


ඔහු පැවසූ වදනෙහි අරුත් වටහා ගත නොහැකි තැන අමුත්තා කවුරුන්දැයි නොදත් ගැහැණිය වහා නිවස තුලට දෙපා තබා බංගලාවෙහි ගෘහස්ථ දුරකතනයෙන් ඇමතුමක් සුධර්මා හට ගැනීමට වෙහෙසුණාය..!


*********************🌸************************


හද අරණ මැද සෙමින් නැලවෙන..!

නුරාවක ඇදි තත්සරේ..

නොදනිමි සිත කෙලෙස බැදුනිද..

මත් වෙලා සිටි ඒ රැයේ.

පාළු වීගිය රුදුරු කතරට .

අසෙනියක් විය හැම වරේ..

ඉදන් කෙලෙසද ඈත් වෙන්නේ ..

නුඹ ව සිහිවෙන හැම වෙලේ..!


❤️❤️ සහස් ❤️❤️


ස්තූතියි මැණික ලස්සන නිසදැසට

@vindya premarathna♥️


#උපුටා_ගැනීම_තහනම්


සයූ සත්සරා

Report Page