2021

2021

Prabhath Rathnayaka

අගෝස්තු 26, 2021

කාලීන සිදුවීම් සහ දේශපාලන

2021- 2030 දක්වා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමණාකරණය සඳහා දස අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්මක් හඳුන්වා දෙයි.

අගෝස්තු 26, 2021

පරිසර අමාත්‍යාංශය 2021- 2030 දක්වා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමණාකරණය සඳහා දස අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්මක් හඳුන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බැවින් එම ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පරිසර අමාත්‍යාංශය විසින් ඊයේ (25) දින 2021- 2030 දක්වා දස අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්මක් (National Action Plan on Plastic Waste Management – 2021- 2030) හඳුන්වා දෙනු ලැබීය.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මෙම ජාතික ක්‍රියාකාරි සැලැස්ම පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දෙනු ලැබීය. ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ක්‍රියාකාරි සැලැස්ම සකස් කිරීම සඳහා ජපාන රජය මගින් එක්සත් ජාතින්ගේ පාරිසරික වැඩසටහන, IETC- Technology for Environment, Environment Stratagies සහ පරිසර අමාත්‍යාංශය යන ආයතන විසින් අනුග්‍රහය දක්වන ලදී.

මෑත කාලය තුළ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමේ දී පවතින අවිදිමත් බව සැළකිල්ලට ගනිමින් ඉදිරි දස වසර තුළ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ක්‍රියාත්මක කළ යුතු වැඩ පිළිවෙළ මෙමගින් යෝජනා කර තිබේ. විශේෂයෙන් 3R සංකල්පය අනුගමනය කරමින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීම (Reduce) , නැවත භාවිතා කිරීම ( Re- Use) හා ප්‍රතිචක්‍රියකරණය ( Recycling) යන ක්‍රියා පිළිවෙත තුළින් පරිසරයට එක් කෙරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම මෙහි අරමුණ වේ.

අපේ රටට වාර්ෂිකව ආනයනය කරනු ලබන ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 03කි. එමෙන්ම අපේ රටේ නාගරික ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය දිනකට මෙට්‍රික් ටොන්
10,768කි. එමෙන්ම පළාත්පාලන ආයතනවලින් දිනකට එකතු කරනු ලබන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය දිනකට මෙ. ටො. 3458කි. ඒ අනුව දිනපතා අප රටේ බැහැර කරන ඝන අපද්‍රව්‍යවලින්
සියයට 50ක් එකතු නොකර පරිසරයට බැහැර කරනු ලබන බව පෙනී යයි.

මෙම බරපතල පාරිසරික ගැටළුව විසඳීම සඳහා දැනටමත් පියවර රැසක් ගෙන ඇතැයි මෙම ක්‍රියාකාරි සැළැස්ම අමාත්‍යවරයාට බාර දෙමින් පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා අප රටේ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා පියවර රැසක් මේ වනවිටත් පරිසර අමාත්‍යාංශය විසින් ගෙන ඇතැයි පැවසීය. ඒ අනුව
පරිසරයට වැඩිපුරම එකතු වෙන නොදිරණ ප්ලාස්ටික් හා පොලිතීන් උපයෝගී කර ගනිමින් නිපදවන ලබන නිෂ්පාදන රැසක් මේ වනවිට නිෂ්පාදනය, අලෙවිය හා බෙදාහැරීම තහනම් කර ඇති බව සඳහන් කළේය.

පසුගිය මාර්තු 31 සිට සැෂේ පැකට් ඇතුළු ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන 05ක් තහනම් කරනු ලැබීය. එමෙන්ම පසුගිය අගෝස්තු 01 දින සිට නොදිරණ ලන්ච්ෂීට් නිෂ්පාදනය,
බෙදාහැරීම හා අලෙවිය මුළුමනින්ම තහනම් කළේය. එමෙන්ම ෂොපිං බෑග් ඇතුළු තවත් නිෂ්පාදන 08ක් තහනම් කිරීමට අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට දැනටමත්
ඉදිරිපත් කර ඇතැයි ද අමාත්‍යවරයා කීය.
මෙම දස අවුරුදු ජාතික ක්‍රියාකාරි සැළැස්ම මගින් යෝජනා කර තිබෙන කරුණු සියල්ලම ක්‍රියාත්මක කරමින් මේ රට ගිළ ගනිමින් තිබෙන පොලිතීන් හා ප්ලාස්ටික් වසංගතයට තිරසාර විසඳුමක් ලබා දීමට පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Tweet back to top

අප හා සම්බන්ධවන්න

නවතම පුවත්

  • 2021- 2030 දක්වා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමණාකරණය සඳහා දස අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්මක් හඳුන්වා දෙයි.

    කාලීන සිදුවීම් සහ දේශපාලනඅගෝ 26, 2021
  • කොවිඩ්-19 වසංගතය අතරතුර විදේශ අමාත්‍යාංශය කොන්සියුලර් සහාය ලබා දෙයි

    කාලීන සිදුවීම් සහ දේශපාලනඅගෝ 26, 2021
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව නිර්දේශ සහ තීරණ ඉදිරිපත් කිරීමට උපදේශක මණ්ඩලයක්

    කාලීන සිදුවීම් සහ දේශපාලනඅගෝ 26, 2021
  • දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

    කාලීන සිදුවීම් සහ දේශපාලනඅගෝ 26, 2021
  • නුවරඑළියේ එළවළු අඛණ්ඩව රට පුරා බෙදා හැරීමේ වැඩ වැඩපිළිවෙලක්

    කාලීන සිදුවීම් සහ දේශපාලනඅගෝ 26, 2021
  • ඉන්දීය මහ කොමසාරිස් හා සෞඛ්‍ය අමාත්‍යවරයා අතර හමුවක් - මෙරට ඔක්සිජන් අවශ්‍යතාව වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රමුඛ අවධානයක්

    කාලීන සිදුවීම් සහ දේශපාලනඅගෝ 26, 2021
  • ජපාන රජය හා යුනිසෙෆ් එක්ව මෙරට එන්නත්කරණ ක්‍රියාවලියට උපකරණ තොගයක් පිරිනමයි

    කාලීන සිදුවීම් සහ දේශපාලනඅගෝ 26, 2021
  • කොවිඩ් -19 ආසාදිතයින් 4483ක්

    කාලීන සිදුවීම් සහ දේශපාලනඅගෝ 26, 2021
  • කොවිඩ් ආසාදිත මරණ 198ක්

    කාලීන සිදුවීම් සහ දේශපාලනඅගෝ 26, 2021
  • පාස්කු ඉරිදා ප්‍ර‍හාරයේ විමර්ශනය පිළිබඳව ඇතැම් පුද්ගලයින් පදනම් විරහිත ප්‍රකාශ කරනවා

    කාලීන සිදුවීම් සහ දේශපාලනඅගෝ 26, 2021
  • කොවිඩ්-19 ආසාදිතයින් 3390ක්

    කාලීන සිදුවීම් සහ දේශපාලනඅගෝ 25, 2021
  • වැඩිමිලට සහල් අලෙවි කරන වෙළඳුන්ට එරෙහි දඬය ඉහළට

    කාලීන සිදුවීම් සහ දේශපාලනඅගෝ 25, 2021
  • ජනාධිපති
  • අග්‍රාමාත්‍ය
  • පාර්ලිමේන්තුව
  • අධිකරණය
  • රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
  • රජයේ ගැසට් පත‍්‍රය
  • නවතම
  • ජනපති
  • ආර්ථික
  • දේශපාලන - පාර්ලිමේන්තුව
  • සංවර්ධන
  • සංස්කෘත සහ කලා
  • ක්‍රීඩා
  • ප්‍රසම්පාදන දැන්වීම
  • මුල් පිටුව
  • පුවත්
    • නවතම - ආරක්ෂක
    • ජනපති - පාර්ලිමේන්තුව - අගමැති
    • කාලීන සිදුවීම් සහ දේශපාලන
    • සංවර්ධන - ආර්ථික
    • සංස්කෘතික සහ කලා
    • විදෙස් - ක්‍රීඩා
    • දිස්ත්‍රික් සංවර්ධන පුවත්
    • පුවත් සේයා
    • මාධ්‍ය නිවේදන
    • COVID-19
  • ආර්ථික
  • ශ්‍රව්‍ය දෘශ්‍ය කවුළුව
    • ප්‍රභාලේඛන මැඳුර
    • වීඩියෝ රඟහල
  • විශේෂාංග
  • කැබිනට් තීරණ
  • විමර්ශන
  • විශේෂ ආවරණ
    • තරුණ සමුළුව
    • 2015 අයවැය
    • අද මිල
  • විමසීම්
    • පෙර වෙබ් අඩවිය
      • පෙර වෙබ් අඩවිය - 1
      • පෙර වෙබ් අඩවිය - 2
    • ටෙන්ඩර් දැන්වීම්
    • අයඳුම්පත් භාගත කිරීම්

Report Page