16

16

🇱🇰

16 කොටස


"එහෙම නැති උනොත් උඹ මගෙ සහෝදරී කියන එක මට අමතක වෙයි අක්කේ..ඒක මතක තියාගනිං..!!


ඔහු ගුගුලන්නට විය.!


දින ගනනාවක් වෙලුණු කෝපය වදනට කැටි කොට සුධර්මා වෙතින් පිට කරමින් කෝපාග්නියෙන් දැවුණු සහස් ගේ කෑ ගෑමට සිත බිය වූවද ඒ බවක් නොපෙන්වා නිහඬව සිටීමට සුධර්මා වෙහෙසෙද්දී ආ වේගයෙන්ම තරප්පු පෙල තරණය කල සහස් , කෝපාග්නිය සඟවා ගනිමින් නිදන කාමරය බලා ලං වූවේය.!!


පෙර කොටසට👇

https://m.facebook.com/story.php?story_fbid=535201538334055&id=110268544160692


********************🌸************************


කොළඹට නුදුරෙන් තදාසන්න පෙදෙසක දෙමහල් නිවස ඉදි උවද පරිසරය පුරා පවතින නිහැඩියාව, නිස්කලංක බාවය තමා නිවසට ප්‍රිය කිරීමට එක් හේතුවක් වන්නේය..!


වැඩ රාජ කාරී බහුලව පැවතියද ඇයව රෝහලෙන් නිවසට ගෙනා දින සවස් යාමයෙහි නිවසෙන් පිටව යාමට නොසිතෙනා තැන කුඩා ලැප්ටොප් වර්ගයෙහි පරිගණක තිරය නිවසෙහි උද්‍යාන මේසයක් මත තබා, දෙව්නක එවු ලිපිගොනුවකට ඔහුගේ අවධානය යොමුව ඇත.!


රාජකාරි කටයුතු වල නිරතවී හෝරාවක් ගත වෙත්ම නිවසට වාහනයක් ඇතුළු කොට නැවතූ ශබ්ධය සවන් වැකෙද්දී පරිඝනක තිරයට යොමු වූ දෑස සහස් වහා වාහනය දෙසට යොමු කලේය..!


කළු පැහැ බෑග් මළු කිහිපයක් ඔසවා සුදු පැහැ වෑන් රථයෙන් බැස ගත් සහචරයන් නෙත ගැටෙද්දී දිග හැර ගත් පරිඝනක තිරය ඔහු වසා දමන්නට වූවේය..!


" බොස්..!!


" ගෙනාවද..?


" ඔව් බොස්..එකක් නෑර ගෙනාවා..!


කළු පැහැ බෑග් මලු සහස් ඉදිරිපිටින් , සහචරයන් තබද්දී සහස් නිහඬව ඊට අවදානය දෙන්නට විය.


" කොල්ලො ටික අරං ක්ලබ් එකට පලයං ධර්මේ..අද රෑ වෙද්දි පුලුවන් උනොත් මම අර වැඩේට එනවා..!


" එහෙමයි බොස්..!!


මොහොතකට ලැබුණු විධානයෙන් සහචරයන් පිට වෙද්දී සහස් ගේ අතැඟිලි සෙමෙන් බෑග් මළු මතට සිර වන්නට විය. කුඩා ලැප් ටොප් පරිඝණක තිරය වසා දැමූ ඔහු දෑතින් බෑග් දරා උද්‍යානයට සමු දෙන්නට වූවේය..!!


නිවසෙහි තරප්පු පෙළ, දෑතෙහි රැඳි බෑග් මළු දරා නිහඬ සිතුවිල්ලෙන් තරණය කල ඔහු ඈ කාමරය අසල ලං වූවද ඈ ඔහු නොදැක්කාය...!!


මෙවන් හිස් කාමරයක් තුල මීට පෙර තමා විසුවාදැයි සැක සහිතය..!


ඔහු ගේ කමරයෙන් අනතුරුව ඔහු පිළියෙල කොට දුන් හුරුබුහුටි නිදන කාමරයෙහි විසල් සයනයට අමරතව, කුඩා කණ්නාඩි මේසයක් මෙන්ම විසල් අල්මාරියක් පමණක් පවතිද්දී නිදන කාමරයෙහි ජනෙල් පියන් කමරය තුලට සුළං දහරාව කැන්දමින් විවර කල ඈ මොහොතක් පිටත පරිසරයට අවධානය දුන්නාය..!!!!


ඈ හිස් මනස නිරන්තරයෙන් වෙහෙසවූවද , ඈ ගැන මතකයක් ඈ මනසට නොනැගෙද්දී ඈ මුවින් වේදනාබර සුසුමන් පිට වූවාය.!!


තමා සිටින්නේ තමා විවාහා වීමට නියමිත ඔහුගේ නිවසෙහි නම් කුඩා කල තමා විසුවේ කොහිද..තම දෙමාපියන් කවුරුන් වන්නට ඇතිද..? තම ජීවිකාව කෙලෙස ගත වන්නට ඇතිද..?


" සෙනුල්‍යා..!!!


වියවුල් සිතුවිලි ධාමය කොනකින් ලිහා ගැනීමට නිහඬව ඈ මනස වෙහෙසද්දී ඇසුණු ගොරහැඩි හඬට ඈ තරමක් තිගැස්සුණාය. ජනෙල් පියන් මතට බර කොට සිටි දෑත පසෙකට ගෙන ඈ වහා අනෙක් පසට හැරුණාය.!


" මේවා ඔයාට..!!


" මොනවද මේ..?


මොහොතකට යුවතිය මත රැන්ද වූ දෙනයනෙහි බැල්මට සමු දුන් සහස් අතැති බෑග් මළු සයනය පාමුලෙන් තබද්දී එදෙසට දෙපා තැබූ යුවතිය විමසූවාය.


" ඔයාගේ බඩු වගයක් සෙනුල්‍යා..!

මේ බෑග්ස් දෙකේම ඔයාගෙ ඇඳුම්..!

අනික් බෑග් එකේ ස්කූල් එකට ඕන දේවල්..!!


" එතකොට මේ ඔයාගේ අයි.ඩී කාඩ් එක..!!


හැඳුනුම් පතක් ඔහු ඈ දෙසට දිගු කලාය..ඈ වහා හැඳුනුම් පත දෑතට ගත්තාය.


* සෙනුල්‍යා අධිකාරී..*

වාසගම සමග ඈ නාමය දෙතොලින් මුමුණද්දී සහස් දෑත බැඳ නිහඬව යුවතිය ගේ ඉරියව් නිරීක්ෂණය කලේය.


" තව මොනවා හරි ඕන නං මට කියන්න..!!


" ටිකක් ඉන්න..!!


" ඇයි..?


" මට අහන්න දෙයක් තියෙනවා..!!


පිටව යාමට සූදානමෙන් කාමරයෙහි දොරටුව වෙතට පියවර තැබූ ඔහු සිටි තැනම නතර වී තියුණු දෑස යුවතියගේ දෑසට යොමු කලේය.!


" මොනවද..?


" ම්...මං මෙහෙට අවේ කවදා ඉඳන්ද...?

මං පොඩි කාලේ හිටියේ කොහෙද..?

මගෙ අම්මා තාත්තා කවුද...?

මං...මගෙ මතකේ අමතක වෙන්න කලින් කොහොම කෙනෙක්ද...?

කොහෙද මම අන්තිමට හිටියේ...මට කිසි දෙයක් මතක් වෙන්නෙ නෑ..! මට ඒවා දැනගන්න ඕන..!


දෑතෙහි දෑඟිලි, සිතෙහි නොසන්සුන් බව නිසාම එකිනෙක තෙරපමින් ඈ විමසුවාය..යුවතිය ගේ පැනයන් සවන් වැකෙද්දී විනාඩි කිහිපයක් නිහැඬියාවක පසු වු සහස් අතැඟිලි ද්විත්වයකින් දෙබැම පිරිමැද ගත්තේය..!


පියවරකින්, පිලිතුරක් අපේක්ෂාවෙන් පසු වෙන යුවතිය අසලට ලං වූ ඔහු නොසන්සුන් ඈ දෑඟිලි කෙමෙන් අල්වා ගත්තේය..ඔහුගේ විසල් දෑඟිලි මධ්‍යයෙහි ඈ අතැඟිලි සැඟවී ගියාය..!


" ඔය හැම දේකටම ඔයාට උත්තර මතක් වේවි සෙනුල්‍යා..මාව තවත් බොරුකාරයෙක් නොකර එතකං ඉවසන්න..!


" මට එතකං ඉන්න බෑ...මගෙ ඔළුව පිස්සු හැදෙන්න වගේ ඒ ගැන කල්පනා කරලා..

ප්ලීස් මට කියන්න..!


ඈ දෑස් කඳුළු පටලයකින් වැසුණාය..ඈ දෑත් අල්වාලූ අතැඟිලි වලින් ඈ දෑසෙහි කඳුළු පිස හැරි ඔහු ඈ මුහුණ දෙපසින් දෑත් තබන්නට විය..ඔහු මුවින් ගැඹුරු සුසුමක් පිට වූවේය.!


" ඔයාගේ අම්මා දාලා ගිහින්...තාත්තා අද වෙද්දි ජීවතුන් අතර නැහැ සෙනුල්‍යා..ඔයා තනි වුණ කෙනෙක්...ඔයාගේ තාත්තා අම්මා ඔයාගේ අයිතිය දීලා තියෙන්නෙ මට..ම්..ඒ නිසයි ඔයා මං ගාව ඉන්නේ..!!


" එතකොට ඔයා තාම ඉගෙන ගන්නවා..මේ අවුරුද්දේ exam..ඔයා ස්කූල් ගියේ බොක්ස්වෙල් ඉන්ටර්නැෂනල් ස්කූල් එකට..මම මේ කියන හැමදේම ඔයාට දවසක මතක් වෙයි..එතකං ඉවසන්න..!!


දෑතට මැදි කරවා ගත් යුවතිය ගේ දෑස් ඔහුගේ පාපොච්චාරණය හේතුවෙන් තෙමාලන කඳුලැලි අතැඟිල්ලකින් පිස හැරි සහස් මොහොතකට යුවතිය හා කල් මරා ඈ අසලින් පිට වන්නට වූවේය..!


ඔහු පැවසූ කරුණු සිතෙහි දෝංකාර දෙද්දී ගැඹුරු වූත් වේදනාබර සුසුමක් මුවෙන් පිට කල යුවතිය විසල් බෑග් මළු වෙතට අවධානය දුන්නාය.!


******


නිහඬ රාත්‍රීය සංසුන් උවත් ඈ බෙහෙවින් නොසන්සු ය..සොහොයුරු රාත්‍රීයෙහි නිවසෙන් පිට වන තෙක් කල් යල් බලා සිටි සුධර්මා ඇමතුමකට සම වැදී හෝරාවක් ගතව ගොස් අවසානය.!


" මෙයා මං කියන දෙයක් අහන්නෙ නෑ ලොකු අම්මේ....දැන් එයාගේ හිතුමනාපෙට වැඩ කරන්නේ..!!


" මේකට මොකක්ද කරන්නේ..?


"තවත් මෙයාට ඉඩ දීලා හිටියොත් මෙයා මොනවා කරයිද කියලා මට හිතා ගන්න බෑ....මේ එක්ක ආපු පොඩි කෙල්ල මෙයාගෙ වයසට ගැලපෙනවද කියලා මුලින් හිතන්න ඕන නේ..!


" අපිටත් කටකතාවක් හැදෙනවා මෙහෙම ගියොත්..!


" අපි අතින් වරදක් උනා..ඒක ඇත්ත..ඒත්...ඒත් මෙච්චර ඒජ් ගැප් එකක් එක්ක මැරේජ් එකක් කර ගත්තොත් රට්ටු මොනා නොකියයිද.අනික ඒ කෙල්ලත් අපෙ නිපූ ගේ වයසෙනෙ ලොකු අම්මා..!!


ඇමතුමෙන් කිසිවෙකු හා නිවසෙහි තොරතුරු දොඩමළු වෙන මෑණියන් දෙසට මොහොතක් දෑස් යොමා පසු වූ නිපුනි සයනයට වී ඈ නරඹමින් සිටි පුවත්පත සයනය මතින් තබා නැගී සිටියාය..!


පිටත සිදුවන කිසිවකට අවධානයක් නොමැත්තාක් සේ මෑණියන් දුරකතනය සමග පසු වෙද්දී ඈ දෙපා කෙමෙන් කාමරයෙන් පිටතට ඇදුණාය.!


මව කෙතරම් දෙවන මහල බලා නොයනා ලෙස තරවටු කලද එය එසේ සිදු කල නොහැකි වෙද්දී ඈ වහා දෙවන මහලෙහි තරප්පු තරණය කලාය..!


දෙවන මහලෙහි යුවතිය හට ලබා දුන් කාමරය තෙක් ලං වූ ඈ , අගුළු නොදමා ඇති කාමරයට හිස පෙව්වාය..සයනය මත පොත් කන්දරාවක් දිග හැර පාසල් මිතුරිය කල්පනාවක පසු වෙද්දී ඈ කෙමෙන් කාමරයට ඇතුළු වූවාය..!


" සෙනුල්‍යා..!!


තරමකට තිගැස්වුමෙන් යුවතිය ගේ දෑස

හුරු ගතියක් දැනෙන ඇගේ වයසේම යැයි කිව හැකි තරුණිය වෙතට යොමු වූවාය.


" ක..වුද ඔයා..!!


" ඒ කියන්නේ අම්ම කියපු ඒවා ඇත්ත..ඔයාට මාව මතක නැද්ද...? අපි එකම ස්කූල් එකේ..!!


යුවතිය හිස දෙපසට සැළුවාය..සැබවින්ම ඈ ගැන මතකයක් සිතට නොඑන්නේය.


" මම නිපූ...නිපුනි සේනාධීර...ඔයාට ඇයි සෙනුල්‍යා මෙහෙම උනේ...ඔයාට ඇයි එකපාරටම මතකේ අමතක උනේ..!


" මම දන්නෙ නෑ...ඒත් මට මතක නෑ..!!


යුවතිය අසලට ලං වූ නිපුනි සයන අද්දරින් වාඩි වී නිහඬ පිළිවෙතක් දැරූ ඈ දෑත් සෙමෙන් අල්වා ගත්තාය.


" ඔයාට ඇක්සිඩන්ට් එකක් උනාලු..!

එච්චරයි මාත් දන්නේ..හවස මාමි කිව්වා ඔයාට ස්කූල් එකේ පහු ගිය නෝට්ස් ටික දෙන්න කියලා..නෙක්ස්ට් මන්ත් එක්සැම් නිසා ඒවා ඔයාට ඕන වෙයි..!!


ඈ තෙපලද්දී යුවතිය නිහඬව සවන් දුන්නාය.


" ඒත් මට කිසි දෙයක් මතක නෑ...එක්සෑම් එකකට මම මොනවා ලියන්නද..?


" ආපහු පාඩම් කරන්න සෙනුල්‍යා..මට විශ්වාසයි ඔයාට පුලුවන්..!!!


තිර බැල්මක් දෑසට නගා ඈ පවසද්දී දෙගිඩියාවෙන් පිරී තිබූ පුංචි යුවතිය ගේ දෑස සුන්දර සිනහා රැල්ලකින් ආලෝකමත් වූවාය..!!


*******


දිනයෙහි රාත්‍රීය වෙනත් විශේෂ සිදුවීමකින් තොරවම ගෙවී ගොස් පසු දින උදෑසන සටහන් වනා තෙක් නොදැනුනද රාත්‍රීය පුරා ඖෂධ මතින් නින්දට වැටුණු යුවතිය තවමත් නින්දට සමු දීමට උත්සුක නොවූවාය.


" සෙනුල්‍යා..!! නැගිටින්න..!! සෙනුල්‍යා..!!


නැවතත් පෙර දින හමුවූ මිතුරිය ගේ හඬය..කාමර මධ්‍යයෙහි ඔරලෝසු මුහුණතේ වේලාව උදෑසන හය පසුව යාමට මත්තෙන් නැවත ඈ අඬ ගසන්නේ ඇයි දැයි නොසිතෙද්දී සියුම් ඖෂධ මතයකින් ගත පෙළුණද සයනයට සමු දුන් ඈ වහා නිදන කාමරයෙහි දොරටු විවර කලාය.!


" ඇයි නිපූ...?


" සෙනූ..මාමි ඔයාට ලෑස්ති වෙන්න කිව්වා..!!


" ඇයි ඒ..කොහෙ යන්නද..?


" ස්කූල් යන්න සෙනූ..ආ..මේක ගන්න..!

අදට මේක ඇඳ ගන්න..හෙට ඉඳන් ඔයාගෙ යුනිෆෝම්ස් මිලී අයන් කරයි..!


ක්‍රමානුකූලව සකසා ඇති පාසල් නිල ඇඳුමක් ඈ යුවතියට පිරිනැමුවාය..මනස හිස් උවත් භාරකරු ඔහු කී නිසාම වහා නාන කාමරයට වැදගත් ඈ හිස් මනසකින් පෙළුණද ලහි ලහියෙ සැරසුණාය...මිතුරිය පෙර දින පැවසූ අයුරින් වහා ඈ හිස කෙස් ගොතා දැමූ යුවතිය දෙපයෙහි පාවහන් පැලඳ ගත්තාය..!!


සුන්දරව දිස් වෙන පාසල් නිල ඇඳුම් වෙතින් සියුම් මතකයක් නොපැහැදිලි සිතුවම් ලෙසින් ඈ මනසෙහි සැරිසැරුවද පැහැදිලි සිතුවම් මනසෙහි නොනැගෙනා තැන ඈ නිදන කාමරයට සමු දුන්නාය..!!!


ලහි ලහියේ හෝරාවකට පසු පාසල් නිල ඇඳුමින් සැරසී යුවතිය පළමු මහලට ඇතුළු වෙද්දී ඇය දුටු සුධර්මා ගේ වත වෙව්ලා ගියාය..ඈ දෑස කෝපයෙන් පිරුණාය...!!!


" නිපූ...!! හතත් පහු වෙලා..එනවා යන්න..!


අත්බෑගය වහා දෑතෙහි මිරිකා දමමින් ඕ වෙව්ළන්නීය.


" එනවා අම්මේ...!!


" සෙනූ..ස්කූල් එකේදී කතා කරමු..!!


මවට නෑසෙනා අයුරින් මිතුරියට දැසින් සන් කල ඈ වහා මව සමඟ වාහනයට ඇතුළු වෙද්දී පාසල් බෑගය කර මතින් දමා විසල් දෙමහල් නිවසෙහි දොරටුව මතට යුවතිය හිස බර කලාය..තම මව් පියන් කෙලෙසක මිය යන්නට ඇතිද..? ඔවුන් සිටියා නම්..!


පාසල් බෑගය තදින් දෑතින් අල්වා ගත් ඈ සුසුමක් පිට කලාය.!


" සෙනුල්‍යා..!!!


ඇගේ නාමය සවන් වැකෙද්දී නිපුනි රැගෙන පිටව යන ඇගේ මෑණියන් ගේ වාහනයට දෑස යොමා සිටි ඈ වහා දෑස පිටුපසට යොමු කලාය.

පෙර දින සවස පටන් නොදැකි ඔහු නැවත දෑසට හසු වෙද්දී නිවසෙහි ඈ දැකීමට ප්‍රිය කරන එකම රුව ඔහු බැවින් ඈ දෙකොපුල් සුන්දර සිනහවකින් දිප්තිමත් වූවාය.!


" මොකද මේ..?


" ඇයි..!


" ඇයි අහන්නේ..මොනවාද කල්පනා කලේ..!


ගත රැඳි තද නිල් පැහැ බ්ලේසරය හරියාකාරව සකසා ගත් සහස් කමිසයෙහි දෑත් හි බොත්තම් පියවූවේය.


" මුකුත් කල්පනා කලේ නෑ..එනකං හිටියේ..!!


" මං එනකංද..ම්...!!


ඈ වහා හිස සැළුවාය.


" මේ ටයි එක දාන්නෙ මෙහෙම නෙමෙයි සෙනුල්‍යා...මේක අල්ල ගන්න..!!


වැහි දිය පිටත වෑස්සෙද්දී ව්‍යාපාරික ලිපි ගොනු යුවතියට ගේ දෑතට දිගු කල ඔහු ඈ අනවසරයෙන් වහා ඈ ලය රැඳි කුඩා ටයි පටියට දෑඟිලි තැබුවේය..ඈ ලය මතින් එය නිසියාකාරව සැකසූ ඔහු ගේ කාර්‍ය නිම වන තෙක් ඈ සමීපව දිස් වන ඔහුගේ මුහුණෙහි සිතුවම් පිරික්සීය..!


ලඟ ලඟ දිස් වෙන ඔහුගේ දෑසෙහි සිතුවම් අඳුරු මතකයක් සිතට ගෙන එන්නට විය. සිතුවම පැහැදිලි නොවූවද සිතුවිලි කැලඹෙද්දී සමීපව ලංව ඉන්නා ජීවිතයෙහි එකම ආදරණීය භාර කරු වූ ඔහුගේ ලය මතට හිස බර කොට , ඈ ඔහු වැලඳ ගනිද්දී ඇගෙන් එවැනි ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවුණු ඔහු ඇතුලාන්තයෙන් තරමක් තිගැස්සී ගියේය..!


********


මැයි මාසයේ පූදින ඇසළ මල් කිණිති කහ පැහැයෙන් හිනැහෙද්දී පාසල් කෙටි විවේක කාලයෙහි පාසල් උද්‍යාන බංකුවක වාඩි වී නෙතු ඇසල මල් කිනිත්තට යොමා කල්පනාවක සිටි ඈ දිනයෙහි සිදුවීම් මනසට නැගුවාය..!!


ඔහු ඇයව පාසලට ගෙන ආ අයුරු, විදුහල්පතිනිය සමග දීර්ඝ වේලාවක් පිළිසඳරක නිරතව සිටි අයුරු, නැවත පාසල නිම වෙත්ම ඈ රැගෙන යාමට පැමිණෙන බැව් තිර අදිටනින් පැවසූ අයුරු ඈ මතකයෙහි සිතුවම් නගන්නට වූවාය..!


හිස් මනසක් හෙබි තම දිවියෙහි යෝධ සෙවනැල්ලක් සේ ඔහුත් නොසිටින්නට වූවා නම් දිවිය නීරස වන්නට ඉඩ තිබුනා නොවේද..?


" සෙනූ...මොකද මේ තනියම...යමු ක්ලාස් එකට...!!


කහ පැහැ වර්ණ දැරූ ඇසල මල් කිනිත්තට යොමු වූ ඈ දෑස සවන් අද්දරින් ඇසුණු හඬින් මල් කිනිත්තෙන් මිදුනාය..ඈ වහා මිතුරිය වෙතට දෑස යොමු කලාය.


" මෙතන හරි ලස්සනයි නිපූ...මම මෙතන කලින් මේ විදිහටම හිටියා වගේ මතක් වෙනවා නිපූ..!!


" ඔයා මෙතන හිටියා සෙනූ...හැබැයි නිකං නෙමෙයි..අමීශාත් එක්ක..වයලීන් එක ප්ලේ කරන ගමන්..ඉස්සර මං හැමදාමත් දකින්නේ ඔයයි අමීශයි මෙතන වයලීන් ප්ලේ කරන එක..!!


ඕ සිනා සෙන්නීය..!

නමුත් යුවතියගෙ වතෙහි කුකුසක් නැගුනාය..පංතිභාර ගුරුතුමිය සියල්ලන් හටම තමා හඳුන්වා දුන්නද එවන් නමක් හඳුන්වා නොදුන් බැව් ඇය හට මතකය.


" කවුද නිපූ අමීශා කියන්නේ..?


" ඕහ් ගෝඩ් සෙනුල්‍යා..ඔයාට එයාවත් අමතකද..? ඒ ඔයාගෙ බෙස්ටී...ඔයා එක්ක එකටම ඉන්නෙ එයා ඉස්සර..ඒත් එයා දැන් ස්කූල් එකේ නැහැ සෙනූ..!!


" ස්කූල් එකේ නැහැ..ඒ ඇයි..?


පාසල් උද්‍යාන බංකුවෙන් වාඩි ගත් මිතුරිය වූ නිපුනිගේ දෑසට ඈ තිර බැල්මක් යොමු කලාය.


" නෑ සෙනුල්‍යා..මීට සති දෙකකට තුනකට උඩදි අමීශා ගේ අම්මයි තාත්තයි එයාව ස්කූල් එකෙන් අස් කරගෙන අරං ගියා...එයාලා කොහෙ ගියාද දැන් කොහෙද ඉන්නේ කියන්න කිසි දෙයක් මේ ස්කූල් එකේ කවුරුත් දන්නෙ නෑ සෙනූ..!!


" හැබැයි පොඩි කටකතාවක් තියෙනවා..!!


විරාමයක් නොදෙමින් ඈ තෙපළූ වදන් අතරමග බිඳී යන්නට විය.


" ඇයි නිපූ...මොකක්ද කටකතාව..!!


මිතුරියගේ දෑත් අල්වා සිටි ග්‍රහණය නොදැනුවත්වම ඈ දෑතින් සිර වෙද්දී කුතුහලයෙන් යුවතිය විමසූවාය..ඇගේ විමසුමට නිපුනිගේ වත පුරා කැලඹුමක සේයාවක් ඇඳුනාය..!


" කියන්නකෝ නිපූ..මොකක්ද කටකතාව..?


" සෙනූ...ඔයා කාටවත් කියන්නෙ නැහැ කියලා මට ප්‍රොමිස් වෙන්න..!


" ප්‍රොමිස් නිපූ..කාටවත් කියන්නෙ නෑ..!


මිතුරියගේ දැත් මතින් යුවතිය දෑත් තැබුවාය.


" සෙනූ...අපේ ක්ලාස් එකේ ළමයි කතා උන විදිහට නම් අමීශාව ස්කූල් එකෙන් අස් කර ගන්න උනේ ඔයා නිසාලු...!


"ස්කූල් එකේ වයලීන් කම්පිටිශන් එක දවසේ හවස ඔයාගෙ අතින් අල්ල ගෙන අමීශා, මැඩම් වෙනොෆ්ව හම්බෙන්න ගියාලු...ඔයා ආඬ අඬ ඉන්න ගමන්ලු හිටියේ..අපේ මන්දිරා තමයි දැකලා තියෙන්නේ..!!


දෑස මානයෙහි කිසිවෙකුත් නොමැති බැව් සැකහැර දැන ගත් නිපුනි සවන් අසල මුමුණන වදන් යුවතිය ගේ දෑසෙහි කුතුහලය බෙහෙවින් උත්සන්න කලද ඈ නිහඬව ඇහුම්න් දුන්නාය.!!


එසේ නම් මිතුරියත් තමා අතරත් සීමා වුණු පෞද්ගලික කරුනු තිබෙන්නට ඇත..ඒ සියල්ල පැරණි මිතුරිය දැන ඉන්නට ඇත..ඒවා සියල්ල තමා හට දැන ගන්නට සැලසුණි නම් යෙහෙකිය..සැබවින්ම මිතුරිය පවසනා ලෙස අමීශා හට පාසල හැර යාමට හේතු වූයේ තමාද..?


" ආ..හ්..!!


" ඇයි සෙනූ..!


" මගෙ ඔලුව පුපුරන්න වගේ නිපූ..!!


" මං ඔළුව ටිකක් අතගාන්නද..?

අද උදේ බෙහෙත් බිව්වද සෙනූ ඔයා..?


දෑතම හිසට තබා ඈ හිස උකුල මත රුවා ගනිද්දි නිපුනිගේ වදන් කලබලයෙන් පිරුණාය.

හිස දෙදන මත තබා ගෙනම යුවතිය නැතැයි පවසමින් හිස සලද්දී වාඩි වී සිටි අසුනින් නිපුනි වහා නැගී සිටින්නට වූවාය.


" සෙනූ..ඔයා ස්කූල් බෑග් එකේ දාගෙන ආවා නේද බෙහෙත් ටික..මං ගිහින් අරං එනකම් ඔතනම ඉන්න සෙනූ..!!!


යුවතිය කිසිත් නොපවසාම පසු වෙද්දී දිව ගෙන මෙන් පංති කාමරයට ලඟා වු නිපුනි ඈ පාසල් බෑගය තුල ඖෂධ බහාලුම සොයන්නට වූවාය..!!!


*******


පාසල නිම වනා වේලාව සටහන්ව පුරා හෝරා බාගයක් ගතව ගියද කිසිවෙකුත් තමා ගෙන යාමට පාසල වෙත නොපැමිණියා නොවේද..?


ඔහුට තමා අමතක වීද.?


වැහි වලාවන් ,වැහි වතුරින් බරව අහස් කුස සරසද්දී මිතුරියන් සියල්ලම පාහේ පිටව ගිය පංති කාමර කොරිඩෝවට දෙපා තැබූ ඈ ඈතින් දිස් වෙන මාවතෙහි දෑස ගෙන ගියාය. පාසලින් ඔහු එනතෙක් පිටතට නොඑනා ලෙස ඔහු විධානයක හඬින් පැවසූ නිසාම හෝරාවක් කල් මැරුවද තවත් හුදකලාවෙහි පංති කාමරයෙහි සිටිය නොහැකි තැන ඇ පාසල් බැගය කරෙහි රුවා ගත්තාය..!


පන්ති කාමරයෙන් නික්මි කොරිඩෝවෙහි දෙපා තබමින් නිහඬ සිතුවිල්ලෙන් ඉදිරියට ඇදෙනා ඈ මොහොතක් එක් ස්ථානයක නතර වූවාය..!!


සංගීත ප්‍රසංග පැවැත්වෙනා විසල් පාසල් ශ්‍රවණාගාරය දෑසට හසු වෙද්දී දොරටු හැර දමා ඇති ග්‍රවණාගාරය තුලට කෙමෙන් ඈ දෙපා ඇදුනාය..!


ඇයව කුරා කුහුඹියෙකු කරමින් පතාක යෝධයෙකු ගේ සිරි ගත් ආසන සියයකට අධික අඳුරු ශ්‍රවණාගාරයෙහි තැන් තැන් වලින් එක් එක් විකාර රූපී සිතුවම් ඈ මනසට නැගෙන්නට වූවාය..‍!!


" සෙනූ...මේ කම්පිටිශන් එකෙන් වින් කරන්නෙ ඔයා..!


" ආහ්..‍!!!


" ඕල් ද බෙස්ට් සෙනූ..!!


ඈ බමන්නාක් මෙන් විය..ශාලාවෙහි ආසන ඈ වටා කරකැවෙන්නාක් මෙන් යුවතියට දැණුනාය..කිසියම් ප්‍රීතිමත් සිනහවක් සමග එකි නෙක අත් වැල් බැඳගෙන නොහඳුනන යෙහෙලියක් සමග ප්‍රසංග ශාලාවෙහි ඒ මේ අත දුවමින් යම් සංගීත භාණ්ඩයක් තමා පුරුදු පුහුණු වීම් කල අයුර නොනවත්වා බොඳ වුණු සිතුවම් සේ මනස කලඹද්දී ප්‍රීතිමත් සිනහා හඬ ඇයට දෝංකාරයකට සම විය..!!


" ආහ්..!!


දෙකන් දෑතින් වසා ලූ ඈ වේගයෙන් පාසල් ශ්‍රවණාගාරයෙන් බියපත්ව දිව ගියාය. කොරිඩෝවට පිවිසුම අසන්නයෙහි කිසිවෙකුගේ ගතෙහි වැදුණු යුවතිය ඇද වැටීමට මත්තෙන් ඒ දෑත් ඇ ගත අල්වා ගත්තේය.


" සෙනුල්‍යා..!! ඇයි මේ බය වෙලා...!!

ක්ලාස් රූම් එකට වෙලා ඉන්නෙ නැතුව කොහෙද ගියේ..?


ඒ ඔහුය..!

තවමත් මනසෙහි ප්‍රීතිමත් සිනහ හඬ රැව් දෙද්දී ඈ වහා ඔහු ළයට තුරුළු වූවාය..දෑතින් ඔහු වැලඳ ගත් ඈ ළය වේගයෙන් උස් පහත් වෙද්දී එකම ආදරණීය භාරකරු වූ ඔහුගේ ආරක්ශිත උණුසුමෙහි මොහොතක් යුවතිය දෑස වසා ගන්නට වූවාය.. කෙදිනකවත් ඇගෙන් මෙවන් ප්‍රතිචාර අපේක්ෂා නොකෙරූ ඔහු ඇතුලාන්තයෙන් ඔහු හදෙහි ඇති වෙන තිගැස්ම දරා ගැනීමට වෙහෙසුණේය. වැහි දිය නොකඩවා ගලා යද්දී හදවතෙහි සටනට පැරදුණු සහස් එක් අතක් යුවතියගේ බඳ වටා යවමින් ඈ තව තවත් සිරුරට සමීප කර ගන්නට විය..!!


**********************🌸***********************


ජීවිතේත් හරියට අහස වගේ...

හිතන්නට බැරි තරමට

නිරවුල් නැති කාරනා

මගේ කරපිට...

කෙලෙස නිරවුල් කරන්නද

කිසිත් නැහැ

සිහි වෙන්නේ මට...

නොදනිම් මම

නුඹ ගැන දැනෙන හැහිමන්

කුමක් අරඹයා

සිදු වන්නක්ද කියානම්..

එක දෙයක් දනිමි මම

නුඹව අතහැර

සැනසුමක් නැති බව...

නුරාවියේ නුඹ

මතකය ආ විට

කෙලෙස හැසිරේවිද නොදනි මා..

මගේ රළු වදන් ලග

නුඹ බිය වේවි සැම දින..

මා නුඹට

සිතා මතා රළු නොවෙමි...

එදා සිට මේ මගේ සුපුරුදු රටාවයි..

එහෙත් නුඹ ලග

මා ආදරණීය වන්නට

උත්සහා කරනවා නිරතුරුවම..

ඉවසපන් මැණික

විසදන්නම් හැම දේම..

එත් දවසක

එක දෙයක් නම්

ඉල්ලන්න එපා මැණික ...

නුඹට මට ගෙනත් දෙන්නට

නොහැකි දෙය එයම වේවි...

නුඹට හිටිය එකම සරණ

යන්න ගිහින් නුඹව අතැහැර...

ඉතින් කෙලෙසද මා

ඔහුව ගෙනවිත් දෙන්නේ..

මේ අහපන් මැණික

මගේ හුස්ම වැටේනකන් ..

නුඹව රකිනවා මම...

සෙනු හැමදේම මතකයට ආ දවසට..

වෛයිර කරයි නුඹ මට...

නුඹ නොදන්න කතාවක්

තියෙනවා මට..

හැකිනම් තේරුම් ගනින්

මැණික ...

දවසක මගේ ජීවිතයම

නුඹම වේවි ..

සෙනු මැණික

නුඹටත් මගේ හුස්ම

දැනේවි දවසක...

බලන් ඉමු අපි

අපේම දවසක් එනතුරු


සහස්..!


Niroshani Niroshani..ස්තූතියි ලස්සන නිසදැසට.♥️


#උපුටා_ගැනීම_තහනම්

සයූ සත්සරා.

Report Page