15

15

🇱🇰

15 කොටස


" ධර්මේ...!! වාහනේ ගනිං ...ඉක්මන් කරපං..!!


අපස්මාර රෝගියෙකු මෙන් නොනවත්වා තිගැස්මෙන් ඉහල පහල යන ඈ ගත ඔහුගේ සවිමත් දෑතට ඔසවා රථය දෙස්ට ඇදී ඔහු ඇතුළු වූ සැනින් ඔහුගේ සහචරයන් නගරයට නුදුරෙන් පවතින රෝහලක් වෙත වේගයෙන් රථය ධාවනය කලේය...!!!


පෙර කොටසට 👇


https://m.facebook.com/story.php?story_fbid=534566118397597&id=110268544160692

********************🌸************************


මළ හිරු අහසෙහි බැස යන සැදෑ අහස් කුස දසුන නෙතට බෙහෙවින් අලංකාර වන්නේය..!


කහ පැහැයට හුරු තැඹිලි පැහැයෙන් වර්ණ ගැන් වුණු වලා තීරයන් ඔබ මොබ සරණ අහස් කුසෙහි එක් පෙදෙසක පමණක් අඳුරු වලාකුළක් පවතින්නේය..නමුදු සවස් කල මහ වැස්සක් පෙරළීමට තරම් එම වැහි වලාව ප්‍රභලත්වයෙන් තොර වන්නේය..!!


තට්ටු සතක පෞද්ගලික රෝහල් සංකීර්ණයෙහි තුන් වන මහලෙහි රෝහල් කුටීරයක ප්‍රතිකාර ලබනා යුවතිය ගේ දිනයට අදාලා ප්‍රතිකාර නිම කරමින් වෛද්‍යවරුන් කණ්ඩායමක් යුහුළුව වෙහෙසෙමින් සිටින්නේය..!


" ඩොක්ටර් තුශාරිකා..!!!

මං හිතන්නේ පේශන්ට සිහිය එනවා වගේ..!!!


බොහෝ දුර ඈතක සිට කිසිවෙකු පවසද්දී සිහිනයෙන් මෙන් සවන් වැකෙන වදන් පෙළ වටහා ගැනුමට ඈ මනස වෙහෙසුවාය. කිසිවෙකුගේ දෑතක සුවදායක පහස ඉහ මතින් ඔහේ දුවද්දී තදින් එකිනෙක ඇලී ඇත්තාක් මෙන් දැනෙන ඇසිපිය ඈ විවර කලාය..!!


" දුව...දැන් කොහොමද..ම්...!!


විවර වූ දෑසට පළමුව ඉහ ඉද්දරින් නොනවත්වා කැරකැවෙනා විදුලි පංකාවත්, කාමර බිත්තියක සවි කොට ඇති කුඩා වායුසමීකරණයත්, හැර දමා ඇති රෝහල් කුටීරයෙහි විසල් ජනේල විවරයත් හසු වෙද්දී ඇසුණු කරුණාබරිත හඬ වෙතට ඈ දෑස සෙමෙන් යොමු කලාය.!


සුදු පැහැ කබායක් ගත දරා ඉන්නේ

වෛද්‍ය වරියක බැව් හඳුනා ගැනීමට තරම් ඈ දැන් මානසික සුවයක උන්නාය..!


" ම..ට මොක..ද උනේ..?

ඔළුව රි..දෙනවා මගේ..!!


දෑස එක් වරක් තදින් පියා සිටි ඈ නැවත දෑස විවර කරමින් මිමිනුවාය.


" දුවට පොඩි ඇක්සිඩන්ට් එකක් උනා දූ. සතියක් මේ හොස්පිට්ල් එකේ ඉන්නේ ඔයා..සතියකට පස්සෙ තමයි ඔයා ඔය කතා කරන මට්ටමට සනීප උනේ..ම්..!!


" මං කොහො..මද මෙ..තැනට ආවේ..!


වෛද්‍යවරියගේ කාරුණික හඬ විවර වෙද්දී හිස් කඩදාසියකට සම මනස වෙහෙසමින් ඈ නැවත ඇසුවාය.


" දුවට දුවගෙ නම මතකයිද..? එතකොට අම්මා තාත්තා ගැන..දුව ගෙ ජීවිතේ ගැන..මොනවාම හරි මතකයක් තියෙනවාද..?


වෛද්‍යවරිය විමසද්දී ඈ කෙමෙන් සයනයෙහි පිටුපසට බර විය. වෛද්‍ය වරුන් කණ්ඩායමක් ඇගේ පිලිතුර සටහන් කරවා ගැනුමට සූදානමෙන් ඇය දෙසම බලා සිටියදී ඈ , ඇය පිලිබඳ මතකය සිතට කැන්දා ගැනීමට වෙහෙසුණාය..!!


තමා කවුරුන්ද..?

ජීවිතයෙහි මතකයන් මොනවාද..?


තමා වටා තිබෙන සියළුම වස්තූන් තමා හට හඳුනා ගත හැකිය..හොඳින් කතා බහ කල හැකිය..අවට සිටින්නා වුන් වෛද්‍යවරුන් බැව් හඳුනා ගත හැකිය..එසේ නම් තමා කා ගේ කවුරුන්දැයි හඳුනා ගත නොහැක්කේ මන්ද..?


" ආ..හ්..!!!


" මට..මට මු..කුත් ම..තක් වෙන්නෙ නෑ..මං කවුද...?


ඈ දෑත් , ඈ හිස මතම දුව ගියාය.!


" ඕකේ..රිලැක්ස් දූ..බලෙන් හිතට මතක් කර ගන්න වෙහෙසෙන්න එපා..තව මාසයක් දෙකක් යද්දී ඔයාට ඔයා කවුද කියලා මතක් වේවි..ම්..අපි දිගටම ප්‍රතිකාර කරමු..!!!


කුඩා වීදුරු බෝතලයක බහාලූ බෙහෙත් පෙති ද්විත්වයක් ඈ දෑතට දිගු කරමින් කාරුණික වෛද්‍යවරිය පැවසුවාය.


" මේක බීලා ඉන්න..අද දුවව හොස්පිට්ල් එකෙන් ගෙදර යවනවා...ම්..ඒ නිසා ගෙදර අය එනකං ටිකක් නිදා ගන්න..!


" මේ විස්තරේ ඔයාලා ලියා ගත්තා නේද..?


" ඔව් මැඩම්..!!


" හ්ම්..යමු..!!


ඇය යටතේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් සමඟම වෛද්‍ය වරිය කාමරයෙන් පිට වෙද්දී ඈ නිසල දෑස කුටීර කවුළුවෙන් පිටතට යොමු වීය..!


තේරුම් ගත නොහැකි දුක්ඛිත බවක් හදවත රිදවීමට උත්සාහා දැරුවා උවද ආයාසයෙන් දෑස වසා ගත් යුවතිය නොනවත්වා ඈ කවුරුන්දැයි ඇගේ සිතෙන්ම විමසන ඈ හිස් මනසට මොහොතක විවේකයක් ලබා දීමට වෙහෙසුණාය..! සුදු පැහැ කොට්ටයක් ඈ ලයට තද කොට තබා ගත් ඈ තදින් දෑස වසා ගත්තාය..!


************


නොසිතූ මං මාවතකට මුළු ජීවිතයම හැරි අවසානය..!


සතියක කාලයක් පවණට බඳු වේගයෙන් ගතව ගියද පැනයන් තවමත් එලෙසමය.. ව්‍යාපාරික කටයුතු , සමාජ ශාලාවෙහි කටයුතු, අභිරහස් අයුරින් මිහිදන් කෙරූ තවමත් සිදු කෙරෙමින් පවතින ඇමතිවරයාගේ මරණ පරීක්ශණයට අදාලා කටයුතු , උමතු යුවතියට අදාල කටයුතු තවමත් නොනවත්වා මානසික නිරවුල් බව අහිමි කරවා ලද්දී අතැඟිලි ද්විත්වයක් නලලට සිර කොට සිටි ඔහු ගැඹුරු සුසුමක් අතහරින්නට වූවේය..!


" බොස්...හොස්පිට්ල් එකට හැරෙව්වා..!!


වාහනය නැවතූ බවවත් නොදත් ඔහු සහචරයා ගේ හඬින් වහා දෑස ඉදිරිපසට යොමු කලේය..රෝහල් රථ අංගනය දෑසට හසු වෙද්දී වාහනයෙහි දොරටුව හැර ගත් සහස් අවු කණ්නාඩි යුගල දෑසට දමා ගත රැඳි බ්ලේසරය හරියාකාරව සකසමින් වාහනයෙන් බැස ගත්තේය..!


" බොස්..!! මාත් එන්නද..?


" උඹ වාහනේ හිටපං ධර්මේ..!!!


රෝහල් සංකීර්ණයට ඇතුළු වීමට වේගවත් දෙපා තබමින් ඇදෙන සහස් නෙතු සහචරයන් වෙතට යොමු නොකොටම පවසා දමන්නට වූවේය..ජනාකීර්ණ බවින් හෙබි මහල් සතකින් සමන් විත රෝහල් සංකීර්ණයෙහි තෙවන මහල බලා යෑමට විදුළි සොපානයට ඔහු ගොඩ වන්නට විය..!!


**************


පුරා පැයක් , නැතිනම් හෝරාවන් ද්විත්වයක් තමා දැනටමත් කල් මරා අවසන් බැව් සහතිකය..!


තවමත් ඈ භාරකරුවන්, හිස්ව ගිය මනසට නොනැගුණු නිසාම නිවැසියන් කවුරුන්දැයි දැක බලා ගැනීමේ ආශාව ඈ වෙලා ගනිද්දී රෝහල් කාමරයෙහි දොරටුව දෙසින් ඈ දෑස එහෙ මෙහෙ නොවන්නට වූවාය..!!!


නොනවත්වා එක දිගට රෝහල් දොරටුව දෙසම බලා සිටියදී ඖෂධ මතට කෙමෙන් දෑස පිය වීමට උත්සාහා කලත් දෑසට තරවටු කරමින් ඈ පියවි සිහියෙන් පසු වීමට උත්සාහා කලාය..!!


ඈ දිගු සිහින් දෑඟිලි මතින් වැසී ගාමට වෙර දරන දෑස ඈ නිරන්තරයෙන් පිස දැමුවාය..!


රෝහල් කාමරයෙහි දොරටුව ඈ බලාපොරොත්තු මල් ඵල ගන්වමින් සෙමෙන් විවර වෙද්දී යුවතිය ගේ මලානික දෙතොලතර සිනා රැල්ලක් ඇඳෙන්නට වූවාය.!


පළමුව වෛද්‍යවරියත්, ඉන් පසුව ඇතුලට ආ රුවෙහි අයිතිකරු දෙසටත් දෑස යොමා පසු වූ යුවතිය කෙමෙන් සයනයෙන් නැගී සිටීමට සයන ඉද්දරට වාරු වූවාය.!


" සෙනුල්‍යා..!!


"දැන් ඔන්න ඔයාට ගෙදර යන්න වෙලාව.

මේ ඇවිත් ඉන්නේ ඔයාගේ ෆියුචර් හස්බන් මිස්ටර් සහස් දෑලබණ්ඩාර.!


වෛද්‍යවරිය ගේ වදනට ඈ දෑස වේගයෙන් ඔහුගේ දේහදාරී රුව මත පතිත විය..එසේ නම් තමා විවාහා ගිවිස ගෙන සිටින්නේද..?

ඈ මනසින් ඇසුවාය..!


" සහස් දෑලබණ්ඩාරව දුවට අඳුර ගන්න පුලුවන්ද..?


තියුණු නෙතු යුගලක හිමි කරු හඳුනා ගත නොහැකි උවත් ඔහුගේ දසුනින් හදවත යම් කැලඹුමකට ඇද දැමීමට උත්සාහා දරද්දී ඇසුණු ඔහු ගේ නාමය ඈ සවනෙහි දෝංකාර දුන්නාය. හරි හැටි සිදුවීම් දාමයක මතකය අහිමි වීම නිසාම ගත රැඳි පොරවනය ලය තෙක් ගුලි කොට අල්වා ගත් යුවතිය නොමැති බැව් පවසමින් හිස දෙපසට සැළුවාය.


" හ්ම්...ටික දවසකින් දුවට මතක් වෙයි..හැම සති අන්තෙකම දුවට හොස්පිට්ල් එකට එන්න වෙනවා..ම්...!


"එහෙනං දැන් දුවට මිස්ටර් සහස් දෑල බණ්ඩාර එක්ක යන්න පුලුවන්..ම්..!!


ආගන්තුක රුවෙහි අයිතිකරු සමග ඈ තනි කොට වෛද්‍ය වරිය මුවඟ සිනහවෙන් පවසා කාමරයෙන් පිට වෙද්දී ඈ නෙතු කෙමෙන් ආගන්තුකයා නිරීක්ෂණය කරන්නට විය. හිස පටන් දෙපා දක්වා ඈ ඔහු නිරීක්ෂණය කරද්දී මොහොතක් ඇයට ඉඩ දුන් සහස් දෑසෙහි රැඳි තියුණු බැල්මෙන්ම ඇය වෙතට කෙමෙන් ලං වූවේය..!


" සෙනුල්‍යා..!! යමුද මාත් එක්ක..??


ගැඹුරු හඬ හැකිතාක් ආදරණීය කොට ඔහු විමසද්දී ඈ හිස සැළුවාය..හිස් මනස ඔහුගේ දසුනින් කැලඹෙන්නේ ඇයි දැයි නොතේරුණද ඇය වෙතට දකුණත ඔහු දිගු කරද්දී ඈ ඔහුගේ සවිමත් දෑතෙහි පැටළුණාය.!


ඇසිල්ලෙන් ඇගේ ගත වටා එක් අතක් යොමාළු ඔහු යුවතිය බෙහෙවින් සිරුර සමීපයට ලං කොට ගත්තේය..තරමක බර ගතියක් දැනෙන හිස වේදනාව නිසාම ඔහුට ලංව පසුවද්දී කැලඹෙනා හිස් මනස පාලනය කර ගැනීමට උත්සාහා දැරූ යුවතිය ඇගේ භාරකරු යැයි කී ඔහුගේ අතකට වෙහෙසකාරී ඈ හිස සෙමෙන් බර කලාය..!!


***************


" ලොකු නෝනේ..?


"සහස් මහත්තයා කිව්ව වැඩේ මම කරන්නද.?


" උඹට මේ ගෙදර තව වැඩ කරන්න ඕනද නැද්ද..?


" ඕනේ ලොකු නෝනා..!! ඒත් පුංචි මහත්තයා..!


" පුංචි මහත්තයා ගැන මං බලා ගන්නං මිලී. උඹ උඹෙ වැඩක් කර ගනිං..!!!


කෝපය නෙතු පීරද්දී සංසුන් හැසිරීම් රටා අවසානය..නිවසෙහි මෙහෙකාරියට බැන වැදුණු සුධර්මා ගේ හඬින් ඇය අසලින් මෙහෙකාරිය පිට වූවාය.


" ඇයි අම්මා තරහින්..?


" උඹත් පළයං නිපුනි යන්න මෙතනිං.. කොහෙවත් ඉන්න අවජාතක කෙල්ලෙක් මෙහෙට ගේන්න උන එකට උඹත් වග කියන්න ඕන..!!!


තරප්පු පෙළ මත සිටි දියණියට ඈ හඬ තැළුවාය. පුරා හෝරාවක් මග බලා සිටි අයුරින්ම වේගයෙන් නිවසෙහි උද්‍යානයට ඇතුළු කල වාහනයක තිරිංග හඬ සවනට වැකෙද්දී සුධර්මා ගේ දෑස අධික කලබලයෙන් පිරී ගියාය.!


" සෙනුල්‍යා..එන්න..!!


" මේ.. කො..හෙද..?


" මගෙ ගෙදර..එන්න..මෙහෙ තමයි ඔයා ඉන්නේ..!!


වෛද්‍යවරිය පැවසූ ආදරණීය හැසිරීමෙහි ගිලෙමින් හඬ ආදරණීය කොට ඇගේ දෑතින් සෙමින් අල්වා ගත් සහස් අසුනට සමු දීමට චකිතයෙන් පසු වුණු යුවතියව වාහනයෙන් පිටතට ගත්තේය.!


" ඔය බඩු ටික අරං වරෙං ධර්මේ..!!


" එහෙමයි බොස්..!!!


යුවතියව අත් නොහැරම දෙමහල් නිවෙස බලා පුංචි යුවතිය රැගෙන සහස් ඇතුළු වෙද්දී සුධර්මා ගේ මුහුණ කෝපයෙන් වෙව්ලූවාය.!


නිවසෙහි අයිතිකරු, එකම සොහොයුරු සහස් වෙද්දී පුංචි යුවතියව නිවසෙන් එළවා දැමීමේ නොහැකියාවෙන් ඈ පෙළුණාය..!


ඈ දියණිය නිපුනි ගේ පුදුමයෙන් විසල් වූ දෑසත් සොහොයුරිය ගේ කෝපයත් මායිම් නොකල සහස් වදනක් හෝ ඔවුනොවුන් සමග දොඩමළු නොවෙමින් දෙමහල් නිවසෙහි දෙවන මහල බලා ඈ රැගෙන පිට වූවේය..!


දෙවන මහලෙහි ඔහුගේ කාමරය ඉදිරිපිටින් ඇති කාමරය තවමත් වසා දමා පවතිද්දී කෝපයෙන් සිත නැහැවුණද යුවතිය ඉදිරිපිට ඔහු සංසුන් වූවේය..!


සුඛෝපභෝගී අයුරින් නිමවා ඇති ඔහුගේ නිදන කාමරයෙහි දොරටු මේ තාක් කාලයක් කිසිවෙකු වෙනුවෙන් විවර නොවුණද කල යුත්තක් සිතා ගත නොහැකි තැන යුවතිය අල්වා ගෙනම සහස් නිදන කාමරයට ඇතුළු වූවේය.!


" සෙනූල්‍යා..මං එනකං ටිකක් ඉන්න ඔහොම..!


" යන්න එපා..!!


වදන් කිහිපක් තෙපලූ සැණින් ඔහු පිටව යාමට සැරසෙද්දී ඔහුගේ ගත රැඳි බ්ලේසරය මත වහා ඈ දෑත් පැටළුණාය..දෑස බෙහෙවින් අඩවන් කොට තියුණු බැල්මක් යුවතියට යොමු කලද ඇගේ දෑසෙහි පෙනුම නෙතට හසු වෙද්දී සහස් දෑසින් කෝපාන්විත ඉරියව් සඟවා ගත්තේය.!


" බය වෙන්න එපා සෙනුල්‍යා..!

ඉක්මනින් එනවා..ඔහොම ඉන්න..!!


ඇය අල්වා ගත් ගත රැඳි බ්ලේසරය සෙමෙන් ඈ දෑතින් මුදා ගත් සහස් ඇයව ඔහුගේ කාමරයෙහි සයනය මතින් වාඩි කෙරවූවේය. යුවතිය සියුම් චකිතයකින් ඔහුගේ කාමරය පුරා දෑස ගෙන යද්දී අඩියට දෙකට තරප්පු පෙළ බැසි සහස් කෝපයෙන් පළමු මහලට ඇතුළු වූවේය.!


" මිලී...! මිලී..!!


" පුංචි මහත්තයා..!


" උඹ අර රූම් එක අස් කලේ නැද්ද..?


" සුධර්මා මැඩම් එපා කිව්වා මහත්තයා..!!


ස්වාමියා ගේ කෝපය හමුවේ සේවිකාව වහා තෙපලූවාය.!


සහස් ගේ දැස් වියරුවෙන් දැවෙද්දී කෙමෙන් ඔහු සොයුරිය අසලට ලඟා විය.!


" උඹලා ඔක්කොම එකතු වෙලා මගෙ ජීවිතේ කෑවා...මේ ප්‍රශ්න ටික මට පාඩුවේ විසඳ ගන්න දීලා උඹලා මං කියන විදිහට ඉන්නවා නං මෙහෙ හිටපල්ලා. නැත්තං මෙහෙං පලයල්ලා.!


"එහෙම නැති උනොත් උඹ මගෙ සහෝදරී කියන එක මට අමතක වෙයි අක්කේ..ඒක මතක තියාගනිං..!!


ඔහු ගුගුලන්නට විය.!


දින ගනනාවක් වෙලුණු කෝපය වදනට කැටි කොට සුධර්මා වෙතින් පිට කරමින් කෝපාග්නියෙන් දැවුණු සහස් ගේ කෑ ගෑමට සිත බිය වූවද ඒ බවක් නොපෙන්වා නිහඬව සිටීමට සුධර්මා වෙහෙසෙද්දී ආ වේගයෙන්ම තරප්පු පෙල තරණය කල සහස් , කෝපාග්නිය සඟවා ගනිමින් නිදන කාමරය බලා ලං වූවේය.!!


********************🌸************************


ඉතින් අවසන් ද සැමදේම.

කවුරුවත් නෑ තනියට.

උහුලන්න බෑ දුක් කද..

හිතෙනවා ඇස් පියවන්න සදහට..!


ස්තූතියි ලස්සන නිසදැසට..♥️

Amila Danushka.


#උපුටා_ගැනුම_තහනම්

සයූ සත්සරා.

Report Page