15

15

Ishara

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

*15*


ම්හ් දොර වහල දාල... මන් හිතන්නේ ඩොකා කොල්ලා ආයෙත් ගිහින්....මට ඇහුන නැන්දි එහෙම කතාවක් අම්මලා අතින් කියනව.....


ඇත්තට එයාගේ නම මොකද්ද දන්නෑ.... මන් ඩොකා කොල්ලා ඩොකා කොල්ලා කිව්වට මන් හිතන්නේ මට වඩා අව්රුදු නවයක් දහයක්‌ වත් වැඩිමල් ඇති.....


සිංදුවකුත් දාගෙන ඇදට වැටුනේ පාළුවක් දැනෙද්දී..... මෙච්චර දවසක් සතුටින් පිරිලා තිබුන ගෙදර අද අම්මයි තාත්තියි විතරක් තනිවෙලා ඇති....



*ඔයා මගේ හිත අරන් ගියා පුදුමයක් නෙවේ....*


එක එක ඒවා හිත හිත හිතින් ගොඩක් දුර ගිහින් තිබුන මට ඇහුනේ ඒ වචන ටික....


අහේතුකවම මගේ මූනේ හිනාවක් ඇදෙන්න ඇති.....


ඒ සින්දුවේ මන් කැමතිම වචන ටික....


මන් නැගිට්ටේ වොෂ් එකක් දාගන්න යන්න...


මොකද්ද මේ....


ස්ටඩි ටේබල් එක උඩ තිබුනේ ලස්සනට රැපින් කරපු පොඩි පාර්සල් එකක්.... මන් හිතන්නේ පොතක්....

ඒත් ඇයි මෙතන... මගේ රූම් එකේ....


මතක විදිහට ඕඩර් මොකුත් දැම්මේ නෑ....


අතට අරන් බැලුවේ එඩ්රස් එකක් තියේද කියල.... ඒත් නෑ.... මේක කොහෙන්ද එතකොට....


- නැන්දි මේ පාර්සල් එක..... ඒක මේ.... කොහෙන්ද....


ඩිෂස් වගයක් හෝදන ගමන් හිටපු නැන්දි මන් දිහා බලල හිනා උනා....


ආ චූටි.... ඕක ලොකු අයියා එද්දී ගෙනත් තිබුනේ ඔයාට...අව්රුද්දට.....කතා පොතක් ඇත්තේ.....ඔයත් එයා වගේම පොත් පිස්සෙක්නේ....


මාව මොංගල් වෙලා ගියා....එයාගෙන්......ගිෆ්ට් එකක්...මේ මට.....


- අහ්හ් එහෙමද....අයියට තැන්කියු කියන්න නැන්දි.....


මන් රූම් එකට ආවේ හීනෙන් වගේ..... දොර වහපු ගමන් ඒකත් තුරුළු කරන් හිනාවෙන් ගමන් උඩපැන්නේ දැනුන සතුටට.....


එකපාරටම නතර උනේ කන්නාඩිය දැකල....


පිස්සුනේ මටත්.....


ඉක්මනට පරිස්සමින් කොලේ අයින් කලේ මොකද්ද තිබුන පොත කියල බලන්න.....


*බලා ඉන්නම්.*


ලස්සන කවර් එකක් එක්ක තිබුන පොතේ නම..... ඊට යටින් තව එකක්....



*ඉතින් අවසරයි නික්ම යන්න ඔබ*


මම ආයෙත් පුදුම උනා....


එහෙනම් එයා ඒකත් දැකල.... එදා මන් මේ පොත කියෙව්වේ ස්කූල් එකේ ලයිබ්‍රි එකෙන් අරගෙන. ලේබල් එක දකින්න ඇති...


ඒත් ඇයි මේ පොතම දුන්නේ.... එයා දන්නවනේ මම මේක කියවල ඉවර කළා කියල....මට නම් දැන් මොකුත්ම හිතාගන්න බැරිව ඉන්නේ ....


ගිෆ්ට් එකක් ..... මම මේ වගේ දෙයක් හීනෙකින්වත් හිතුවේ නෑ... මන් හිතුවේ එයාට මාව අමතකම වෙලා ඇති කියල....


ආයෙමත් උඩ පැන පැන නටන්න හිතුනා....


කොච්චර තෑගි විදහට පොත් හම්බ වෙලා තිබුනත් අද දැනුනේ අමුතුම සතුටක්....


අහ්.. ගන්න ඕනි ෆොටො එකක්....


පොත් දෙකම බදාගෙන ෆොටෝ ටිකක් ගත්ත.... ආශ් ඔය තියෙන්නේ ලස්සනට.....


*බලා ඉන්නම්*


මේකත් ගොඩක් ලස්සන ඇති.... ටිකක් කියවල අකමැත්තෙන් උනත් නැගිට්ටේ වොෂ් එකක් දාගන්න....


මම තාමත් කන්ෆියුස් වෙලා ඉන්නේ..... දැන් එයාව අන්තිමට දැකල මාස දෙකකටත් වැඩි....


ආයෙමත් ඒ මූන දකින්න නම් තවත් මාසයක් දෙකක් විතර බලන් ඉන්න වෙයි.....


*බලා ඉන්නම්*


ඒක නිකම් මටම ලියල වගේ.....


🖤🖤🖤🖤🖤🖤🖤


I found a love..... For... Mee.....

Darling just dive right in....


අමාවක අහසේ හැමතැනම තරු විසිරිලා දිලිසෙනවා. හද පායපු දවසට වඩා මන් කැමති හද නැති කළුවර අමාවක අහසට.... හද තියෙන දවසට පෙන්නේ නැති චූටි චූටි තරු ගොඩක් අමාවක අහසේ දිලිසෙනවා....


Baby I'm... Dancing in the dark... You between my arms.... Bare foot on the.....


මියුසික් එක ඇහෙද්දී පාට්නර් කෙනෙක් නැති උනත් මට ඕනි උනා ඩාන්ස් කරන්න.....


තාලෙට අඩි තියන ගමන් වෙනද වගේම *පාට්නර් ව හිතින් මවාගන්න ඇස් දෙක පියාගත්ත වෙද්දී මෙච්චර කාලයක් අපැහැදිලිව තිබුන ඒ මුණ ටික ටික පැහැදිලි වෙන්න ගත්ත....*


*හ්ම්... මන් හිතන්නේ මම එයාව අදුරනවා.....*


මූනේ ඇදුන ලා හිනාවත් එක්ක තව ටිකක්‌ සැහැල්ලුවෙන් නිදහසේ එහෙට මෙහෙට පා උනා....


විනාඩි ගානක් වෙනම ලෝකෙක අතරමන් වෙලා හිටපු මන් මියුසික් එක ඉවර උනාම ඩාන්ස් එකත් ඉවර කලේ හෙමින් ඇස් අරින ගමන් ප්‍රේක්ෂකයන්ටත් ආචාර කරල.....


ඒත්... ඕහ්....😳🫣


මෙච්චර කාලෙකට හිස්වෙලා තිබුන ඕඩියන්ස් එකේ අද කෙනෙක් ඉන්නවා....


*පාට්නර්...*


ඇස් දෙකත් ලොකු කරන් කටත් ඇරගෙන බලන් හිටපු මට ටික වෙලාවකින් දැනුනේ කන් දෙකත් එක්කම කම්මුල් හිටන් රත් වෙනවා වගේ.....


ඒත් ඒ හැමදේකටම වඩා දැනුනේ ලොකු සතුටක්....


බැල්කනි එකේ හිටපු මන් තප්පරෙන් රූම් එක ඇතුලේ.....


ඒව්‍... මොකද්ද ඒ උනේ..... එයා මුල ඉදන්ම බලාගෙන ඉන්න ඇති.....


ෂිට්.වස ලැජ්ජාව....වලක් කපන් වැලලෙන්න හිතයි.....😖😖😖😖


හිනාවීගෙන බලන් හිටපු විදිහ....


ඉඉව්....කොහොමද අයියෝ ආයෙත් එයා ඉස්සරහට යන්නෙ.....🥲😖


ඒ අස්සේ මතක් උනේ ගිෆ්ට් එක..... තැන්ක් කරෙත් නෑ.... කමක් නෑ නැන්දිට කිව්වනේ. එයා කියන්න ඇති.....


මෙයා ගිහින් නැද්ද.... මට අහුනනේ එහෙම කතාවක් කිව්ව... ඒත් කියන්න බෑ හෙට උදේම ආයෙත් අතුරුදහන් වෙයිද දන්නෑ......ශිට් හරියට මූන බලාගන්ත් බැරි උනා...


ඩොකා කොල්ලෝ ඇයි ඔයා මට මෙහෙම කරන්නේ....🤧😒


I'm so lonely Brocken Engel.... I'm so lonely.....


- හෙලෝ කියපන්.


ආ අකීයෝ මොකෝ වෙන්නේ...... උබ ගෙදරද....


- නෑ බන් නැන්දිලාගේ ගෙදර....


ආ ගියාද.... මේ ඩොකා කොල්ලා එහෙම ඉන්නවද ඉතින්.


( කලින් උන සීන් එක කියන්නත් හිතයි... නෑ නෑ ඕනි නෑ.... විහින් චාටර් වෙන්න ඕනි නෑනෙ....)


මොකෝ උබ ඌ ගැන ඇහුව විතරයි සයිලන්ට් උනේ.....


- ආ ඔය ඉන්නේ.....


කොල්ලා තව ටිකක් ලස්සන වෙලා ඇති නෙහ්..... පව් අසරණයා....ගෝඩ් ප්ලීස් අපේ අකිගෙන් ඒ කොල්ලව බේරගන්න.....


(මට ඉතින් කියන්න දේවල් මතක් වෙනෝ මේකිට. ඒත් ඉතින් ඕවට උත්තර දෙනවට වඩා හොදයි කටපියාගෙන ඉන්න එක.)


උබ දැන් ගත්තේ ඌ ගැන අහන්නද..... තියපන් ෆෝන් එක....මගුල...

Report Page