14

14


💕නිවුන් පෙම 14 වන දිගහැරුම 💕


   🌸 ළමයි ස්ටිකර්ස් කමෙන්ට්ස් දාන්න එපා . පුළුවන් නම් පුංචි හරි වචනෙකින් කමෙන්ට් එකක් දාන්න. ඒක මේ කතාව ලියන අපිට සතුටක්.🌸


     🎶🎶ගීටාරයේ තත් මැදින් වැයෙනා යුගයේ ආදර අන්දරය🎶🎶 


" හ්ම් ඒකනම් ඇත්ත බං . අද කාලේ එහෙම කෙල්ලෝ අඩුයිනේ. මේ අයියා අර නූඩ්ල්ස් කොණ්ඩෙත් එක්ක ඉන්න අනිත් කෙල්ල ගැන මොනා ද හිතන්නේ." අකීෂ කියනකොට අකීර ඇස් හීනි කරලා බැලුවේ අකීර දිහා.


🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟


   " මොකෝ මල්සරා හීය උබේ පැත්තටත් හරෝලද? "


   " පිස්සු ද ? මං නිකන් බං අහන්නේ ?"


   " තෝ මට ඉතිං කොලේ වහන්න එපා . මං හිතන්නේ අරයගේ හොඳම යාළුවා වෙන්න ඇති. පේන්නේ නැද්ද? දෙන්නට තියෙන දාංගලේ."


   අකීර කියනකොට අකීෂත් බැලුවේ ඒ පැත්ත. දෙන්නත් එක්ක බලු පැටියව තියන් හුරතල් කරනවා. ඒ මදිවට ඌත් එක්ක කතා කරනවා. පුදුම කෝලන් දෙකක් තමා ඉතිං .


    මේ අතරේ තාමත් අර කට්ටියගේ රණ්ඩුව නෙමෙයි ඉවර උනේ. එක්කෙනෙක් ඉවර වෙනකොට තව කෙනෙක් පටන් ගන්නවා. වටේ හිටපු කට්ටියත් යන්න ගියේ රණ්ඩුවේ ඉවරයක් නැති නිසා. දැන් ඉතිං එතන ඉන්නේ ශනුලගේ කට්ටියයි,අකීරලගේ කට්ටියයි . 


     " මේ බං මේක ඉවර වෙන පාටක් නෑ . මුංගේ මේ කුකුල් පොරේ ඉවර වෙනකොට මේ සතා මැරිලා ඉදී. " දිනු කිව්වේ රණ්ඩුව දිහා බලන් ඉදලා බැරි තැන.


    " ඔක්කොටම වඩා හපං අපේ මේ තරු අක්කි . බලපං අර හෙඩා එක්ක කියවන් යන හැටි. පුදුමයි ඕකා අර කිව්වත් වගේ ගේට්ටුවෙන් එළියට නොදැම්මා. දැන්වත් යමන් නැත්තම් අපි ඔක්කොටම එළියට බහින්න තමා වෙන්නේ" මං කිව්වේ බලු පැටියා ගාවින් නැගිටින ගමන්.


   " ශනු අරබලන්නකෝ අතන බලන් ඉන්නේ කවුද කියලා. " දිනු මට ඇස් වලින් පෙන්නුවේ අකීරවයි අකීෂවයි.


    " හ්ම් මං දැක්කා. ඒවා දැන් වැඩක් නෑ දිනූ. අපි ඕවා කතා නොකර ඉමූ. මෙන්න මේ බලු පැටියා සනීප කරලා ඉක්මනට යමූ මෙතනින්."


   " අනේ මංදා බං එකපාරටම උබට මොනා උනාද කියලා.යමන් යමන්. තව ටිකක් හිටියොත් සමී කාගෙහරි ඔළුවකුත් පලයි."


    රණ්ඩුව මැද්දට හෙන අමාරුවෙන් අපි දෙන්නා රිංග ගත්තා. අත පය දික් කර කර මුන් ටික අර කොල්ලොන්ට බනින විදිය දැක්කම දුකත් හිතුණා. මායි දිනුයි දෙන්නම ගිහින් දෙගොල්ලන්ගෙම මැදින් හිටගත්තේ මේකේ නවතින පාටක් නැති නිසා . ඔන්න ඒ පාර නම් කට්ටියගෙම කටවහල් වැහුනා. 


    " ඉවරද?" මං අත් දෙකත් බැදන් රවාගෙන ඇහුවේ මුන් නැත්තන් ආයි ඕක පටන් ගන්න නිසා. 


   " නෑ නෑ ශනු පොඩ්ඩක් ඉන්නකෝ මට මෙයාලට තව ටිකක් කියන්න තියනවා. ඔහොම හිටපංකෝ. මේ අයියේ ...." සමී ආයි පටන් ගන්න යනකොටම මං කලේ මගේ අතින් ඒකිගේ කට වහපු එක.


   " මේ දෙගොල්ලම ඇති වෙනකන් රණ්ඩු වෙන්න හැබැයි දැන් නෙමෙයි . නැත්තන් ඔයාලගේ රණ්ඩුව ඉවර වෙනකොට අර සතා මැරිලා ඉදී. ඒ නිසා මං මේ කියන බේත් ටික මට ගෙනත් දීලා ඔයාලා ඇති වෙනකන් රණ්ඩු වෙන්න." ඊටපස්සේ මං කලේ එතන හිටපු පිරිමි ළමයෙක්ගේ අතේ තිබ්බ පොතක් ඇදලා අරන් මං දන්න විදියට ඕන කරන බේත් ලියපු එක.


   මේ වේලාවේ අකීරයි අකීෂයිත් ළගට ආවේ කෙල්ලෝ දෙන්නා මොනාද කරන්නේ කියලා බලන්න. 


   බේත් ටිකත් ලියලා ඉවර වෙලා මං බැලුවේ එතන හිටපු පිරිමි ළමයි දිහා.දැන් මේක දෙන්න ඕනෙත් මෙයාලාගෙන් එක්කෙනෙක්ටනේ. මං බල බල ඉන්නකොටම තරු අක්කි එකපාරටම මගේ අතේ තිබ්බ කොළ කෑල්ල ඇදලා ගත්තා.


    " මේ දැන් මෙච්චර වෙලා මහලොකුවට කියෙව්වානේ මේ මල්ලීගේ අතේ වැරැද්දක් නෑ කියලා. ඒ නිසා මල්ලී වෙනුවෙන් මේක කරන්න බැරිකමක් නෑනේ. ආ මේක අරගෙන මේකේ තියෙන් බේත් ටික අරන් එන්න." තරු කිව්වේ ශෙරාන්ගේ අතින් ඇදලා කොලේ අත උඩ තියන ගමන්. 


     ශෙරානුත් බැලුවේ බටු ඇටේ වගේ ඉදන් තමන්ගෙන් ගේම ඉල්ලන මේ කෙල්ල දිහා. මොකද ශෙරාන් ගැන දන්න කෙනෙක් නම් මේ විදියට කවදාවත් කටගහන් එන්නේ නෑ. ශෙරාන් කියන්නේ ලංකාවේ ප්‍රබල ඇමති කෙනෙක්ගේ පුතෙක්. ඒ වගේම RA කියන ප්‍රසිද්ධ ව්‍යාපාර ජාලයේ අනාගත අයිතිකාරයා. මේ දේවල් දන්න නිසාම ගොඩක් අය බයයි ශෙරාන් එක්ක ගේමට එන්න. හැබැයි පිටින් පේන තරම් ශෙරාන් නපුරු කෙනෙක් නෙමෙයි අකීරලා වගේම පිස්සු කොල්ලෙක්. ශෙරාන් ඉන්නවා කියන්නේ එතන හිනා සාගරයක් කියලා එයාගේ ළගින් ඉන්න යාළුවෝ දන්නවා.


   " කෝ දෙනවා මෙහාට. බල්ලා පව් නිසා ගෙනත් දෙන්නම්. නැත්තම් තමුසෙලට බයේ නෙමෙයි හරි ද?" එතන හිටපු කොල්ලෙක්ට කොළේ දෙන ගමන් ශෙරාන් කිව්වා .


  " කවුද කිව්වේ අපිට බය වෙන්න කියලා. ඔයාලාගේ වැරැද්ද ඔයාල මුලින් බාරගත්ත නම් මේ කිසි ප්‍රශ්නයක් නෑනේ. " තරු අක්කි ආයි කියවන්න පටන් ගන්නකොටම මං මමයි දිනුවයි එයාවත් ඇදන් එතනින් එන්න ආවා. තව ටිකක් හිටිය නම් අර කොල්ලගෙන් ගුටි කාලා තමා එන්න වෙන්නේ කියලා අපිට තේරුනා.


   " බේත් ටික ගෙනාවම මෙහෙට එවන්න අයියේ " කියන ගමන් අපිත් එන්න ආවා.


    " අතහරිනවා ශනු මං ගිහින් අරකගේ ඔළුව පලලා එන්නම්. ඌ හිතන් ඉන්නේ එළිසබෙත් රැජිනගෙ පුතා කියලා." තරු අක්කි කියනකොට තමා අපිටත් තේරුනේ නිලූ මිස් කියන කතාව හරි කියලා . යකෝ මේකි අපිටත් වඩා හපන්නේ.


   " ඇති ඇති බං අක්කේ. තව ටිකක් හිටිය නම් උගේ ඔළුව කෙසේ වෙතත් අපේ ඔළු පලලා තමා ඕකා නවතින්නේ.යකෝ ඌ මේකේ හෙඩා . මේ උන්ගේ ස්කූල් එක. ටිකක් තේරුම් ගනින්." 


  " ශික් තව ටිකක් හිටියා නම් මං ඕකගේ හෙඩාකම ඔළුවෙන් බස්සනවා." තාමත් එතනට වෙලා අපි දිහා බලන් ඉන්න කොල්ලෝ සෙට් එකට රව රව ඒ අස්සේ සමීත් බනිනවා.


   " අනේ යකුනේ දැන් ඇති ඔය තොපි රණ්ඩු කලා. මෙහේ ආවේ රණ්ඩු කරන්නද? තව ටිකක් හිටියානම් ආපු වැඩෙත් අමතක වෙනවා . මේන් වැන්දා දැන්වත් ටිකක් කටවහන් හිටපං. " මං කෑගැහුවට පස්සේ තමා කට්ටිය ටිකක් හරි සන්සුන් උනේ. මුන්ටත් ඉතිං වලියක් කියන්නේ ආයේ මුකුත් ඕනේ නෑ. 


.


.


.


   " බලපංකෝ යකෝ අරුන්ගේ කටවල් ටික. තව ටිකක් හිටියා නම් මං අර බටු කෙල්ලව උස්සලා විසික් කරනවා. ශිට් කෑවා මගේ නම්බුව. මං මේ ස්කූල් එකෙ හෙඩා කියලවත් නෙමෙයි උන්ට ගාණක්වත් තිබ්බේ."


   " අම්මෝ මොනා නැතත් මරු සෙට් එක රණ්ඩු වෙන්න. මට මතක ඇති කාලේක කෙල්ලෝ සෙට් එකක් නම් හිටියේ නෑ අපෙන් ගේම ඉල්ලන."


   " බලපං උදේ මුන් දෙන්නා ඇදන් නාගත්තා. දැන් ඒ පාර උබ නාගත්තා . තව ටිකකින් මොකා නාගනීද දන්නේ නෑ ඔය යක්ෂ කෙල්ලෝ නිසා. " 


   " දැන්වත් යමන්."


   " හිටපන් හිටපන් ප්‍රමුක ගියා ඉස්සරහ ෆාමසි එකට . බෙහෙත් අරන් ආවම දීලම යමූ. " අකීෂ කිව්වේ එතනින් යන්න අකැමැත්තෙන් වගේ. මේ වෙලාවේ කොල්ලො කේන්තියෙන් හිටපු නිසා ඒක එච්චර ගාණක් උනේ නැති උනත් අකීරට නම් මල්ලීගේ වැඩේ තේරුණා. 


'යකෝ මූ මටත් කලින් ඉස්සර වෙන්න වගේ හදන්නේ ' අකීර හිතින් හිතන ගමන් කිණ්ඩියට වගේ හිනා උනා. 


   ඒත් එක්කම එතනට ආවේ බේතුත් අරන් ප්‍රමුක.


   " අඩෝ ශෙරා බෙහෙත් නම් ගෙනාවා. දැන් අර යක්ෂ පැටව් ටිකට මේක ගිහින් දීපන්. මං නම් යන්නේ නෑ . මටත් ඇදන් නාන්න වෙන්නේ ඊටපස්සේ ." 


   " මෙහෙට දීපන් . මොනා හරි කිව්වොත් නම් ගහනවා උස්සලා පොලොවේ ." ශෙරා කේන්තියෙන් කියලා ගියේ කෙල්ලෝ ඉන්න පැත්තට. කොල්ලෝ සෙට් එකත් පිටිපස්සෙන් ගියේ මූ මොන මගුලක් කරගනීද කියලා දන්නේ නැති නිසා.


    " ඒ බං අන්න අරුන් ටික මෙහෙට එනවා . බේත් ගෙනත් ද කොහෙද? " ජෙනී කියනකොට තමා මං දැක්කේ අපේ පැත්තට එන කට්ටිය.


   " ආ නංගී බේත් ටික. " ශෙරා කිව්වේ කෙල්ලෝ දිහාට පාර්සලේ දික් කරන ගමන්. හැබැයි තරහ වැඩි නිසාම අහක බලන් තමා බේත් ටික දුන්නේ .


   " තෑන්ක්ස් " මාත් වෙන මුකුත් නොකියම ඒ ටික අරන් ඇවිත් බලූ පැටියා ගාවින් වාඩිවුනා .


    කොල්ලොත් බලන් හිටියේ කිසිම දෙයක් නොකියා බේත් ටිකත් අරන් බලු පැටියා ළගින් වාඩි උන කෙල්ලෝ ටික දිහා. අඩුම එක කෙල්ලෙක් නෙමෙයි ඔළුව උස්සලා බැලුවේ. එකෙක්වත් ගණන් ගත්තේ නෑ කොල්ලෝ ටිකව. ඒ නිසාමද කොහෙද ශෙරාලට තවත් මල.


   " සමී ඔය වතුර එක දෙන්න." 


 වතුර වලින් බලු පැටියා පිහිදලා ගෙනත් තිබ්බ බේත් වලින් පුළුවන් විදියට බෙහෙත් කලා. අනික දිනූලා උදව් උන නිසා වැඩේ එච්චර අමාරු උනේ නෑ . අපි බෙහෙත් දානකම් අර කට්ටියත් වට වෙලා ඇස් ලොකු කරන් බලන් හිටියා. අපි ගණන් නොගත්ත එකට නම් කට්ටියට රිදිලා වගේ.😂


   " දිනූ අපි මෙයාව අපේ රූම් එකෙන් තියාගමූ. තාමත් ශොක් වෙලා වගෙනේ. කෑම ටිකක් දුන්නම මේ ගතිය ඇරිලා යයි." මං කිව්වම කට්ටියම ඒකට එකග උනා. 


   මං බලු පැටියව රෙද්දෙන් ඔතාගෙන වඩාගත්තා. ඊටපස්සේ කට්ටියත් එක්කම ආයි රූම් එකට ආවේ අරගොල්ලන්ව ගණන්වත් නොගෙන. 


    " අඩෝ බලපංකෝ අකියා උන්ගේ ලොකු සීන්. ශික් මොනා හරි කිව්වනම් මං හොඳ දෙකක් කියන්න ආවේ. " ශෙරා කිව්වේ ශනුලා ගිය පැත්ත බලන ගමන්.


    " අන්තිමට කෙල්ලොන්ගේ ලොකු සීන් බලන්නත් උනා අපිට . බලපං කවදා කාපු කටුද කියලා." අකීර කිව්වේ හිනා වෙවී.


   " ඒක නම් ඇත්ත අයියා බලපංකො අපි දෙන්නවවත් ගණන් ගත්තද කියලා. "


   " අනේ මං දා බං කොහෙන් ආපු කෙල්ලෝ ටිකක් ද කියලා. අපූ වෙලේ ඉදන් අපිව සප්‍රරයිස් කරනවා."


   " හ්ම් හ්ම් ඔහොම යමුකෝ නංගීලා. අපිටත් චාන්ස් එකක් එයිනේ එදාට දෙන්නම්කෝ මේ වගේ රිටර්න් එක." 


   කට්ටියත් එක්කම ආපහූ හෝල් එකට ගියේ මේ ගැන කතා කර කර.


.


.


.


.


     ශනූලාත් මේ වෙනකොට හිටියේ හෝල් එකේ. මොකද ඊළග අයිටම් එක ශනූලගේ. ස්ටේජ් එක පිටිපස්සේ හිටන් ඉන්නකොට තමා දැක්කේ අකීරලත් ඇවිත් හෝල් එකේ ඉස්සරහ පුටුවල ඉදගන්නවා. ආයිත් ශනූගේ හදවත ගැහෙන්න ගත්තේ දැන් මෙයා ඉස්සරහ නේ පර්ෆෝම් කරන්න ඕනේ කියලා හිතනකොට . 


    ඒත් එක්කම ඊළගට ශනූලගේ ස්කූල් එකේ නම අනවුන්ස් කරන කොටම කට්ටිය ස්ටේජ් එකට ගියා.


   කලුවර වෙලා තිබ්බේ ස්ටේජ් එකේ චූටි එළියකින් පෙනුන ශනුව අකීර දැක්කා. හිංදී නිලියක් වගේ ලස්සනට අඩිය තිය තිය නටන ඒ රංගනය ඇත්තටම ඕන කෙනෙක්ගේ ඇස් ඇදලා ගන්නවා. ඉන ළඟට දිගු කොණ්ඩේ , දිගටි හීනී ඇස්, හිනාවෙනකොට වල ගැහෙන කම්මුල්, ඩාන්සින් කරන හැම ගෑණු ළමයෙකුටම ආවේණික හැඩති සිරුර. ඉතිං අකීර වගේම අකීෂත් ශනුයි දිනුයි දිහා බලන් ඒ රූප හිතින් රසවින්ද. මේ දෙන්න වගේම තව කෙනෙක් මේ ගෑණු ළමයි දිහා බලන් හිටියා ඒ වෙන කවුරුත් නෙමෙයි ශෙරාන්. මේ වෙලාවේ ශෙරාගේ ඇසුත් තිබ්බේ තමන් එක්ක ගේමට ආවා බටු ඇටේ ගාව ඒ කියන්නේ අපේ තරු ගාව.


    කොහොම කොහොම හරි කෙල්ලෝ ටිකට පුළුවන් උනා ප්‍රේක්ෂකාගාරයේම ඇස් එයාලා ගාව රදවලා තියාගන්න. හරිම සැහැල්ලුවෙන් හිනා වෙවී නටන ඒ නැටුම බලන් ඉන්න අයට නම් පෙනුනේ ලස්සනම ලස්සන ෆිල්ම් එකක් විදියට. ඒ නිසාමද කොහෙද ඩාන්ස් එක ඉවර වෙනවත් එක්කම ඇහුනේ කන් බීරී කරවන තරම් අත්පුඩි හඩවල්. 


 හැබැයි කෙල්ලෝ ටික නම් ස්ටේජ් එකෙන් බැස්සෙ රතු වෙලා. මොකද ඩාන්ස් එක ඉවර වෙනවත් එක්කම ඉස්සරහ පෝලිමේ වාඩි වෙලා හිටපු ශෙරාලා අකීරලා ඔක්කොම විසිල් පාරක් ගහපු නිසා. සමී නම් ආයිත් හැරිලා බැලුවේ ඉස්සෙල්ලා රණ්ඩු කරපු කොල්ලො ටිකමද හිටියේ බලන්න. 


  " අරුන්ගේ ඔළුව කොහේ හරි වැදිලද බං ? බලපංකෝ කිසිම දෙයක් නොවුනා වගේ විසිල් කරපු හැටි."


   "ඒක තමා මාත් බැලුවේ. අනේ මං දා පිස්සු ද කියලා ." 


   එතකොටම වගේ එතනට ආවේ නිලූ මිසුයි දම්මි මිසුයි . 


    " ළමයි මට ගොඩක් සතුටුයි ඔයාලා ගැන. ඔයාලා හරිම ලස්සනට හැමදේම ඉදිරිපත් කලා. හැමෝම මගෙන් ඇහුවා ඔයාලා ගැන. නේද දම්මි මිස්."


   " ඒක තමා ඔයාලට අනිවාර්යයෙන් ප්ලේස් එකක් තියෙයි. ඒ ගැන නම් බය වෙන්න දෙයක් නෑ . දැන් තමා සමාදිලගෙ අයිටම් එක. "


   දම්මි මිස් කියනකොටම අනවුන්ස් කලේ අපේ ස්කූල් එකේ මියුසික් බෑන්ඩ් එක. එයාලටත් සපෝට් එක දෙන්න ඕන නිසා අපිත් ගියේ ස්ටෙජ් එක පිටිපස්සට. 


    පටන් ගත්ත වෙලේ ඉදන් මමයි දිනුයි නම් කලේ කෑගගහ චියර් කරපු එක. 


    " කමෝන් සමා.... කමෝන් ....... "


    " වන් මෝ වන් මෝ ........... "


 ස්කූල් එකේ නම කිය කිය අපි ඔක්කොම පිස්සෝ ටිකක් වගේ කෑගහුවා. කෑගහන්න නම් අපිට තැන අදාලම නෑ ගායිස්. 


    ඊළඟට තිබ්බේ අකීරලගේ ස්කූල් බෑන්ඩ් එක නිසා අකීරලාත් ඔක්කොම ආවේ ස්ටේජ් එක පිටිපස්සට. එනකොට නම් දැක්කේ එච්චර හොඳ දෙයක් නෙමෙයි . හිතාගන්න පුළුවන් නේ.


    අතුත් පටලවන් මහා හයියෙන් කෑගහන ශනුවයි දිනූවයි තමා දැක්කේ. ඒ මදිවට මේ කෙල්ලෝ දෙන්නා විසිලුත් ගහනවා. ඒක දැකලා අකීරයි අකීෂයි මූණට මූණ බලාගත්තා.


    " අනේ බං අයියේ මුං කෙල්ලොද නැත්තම් කොලූ භාගද ? බලපංකෝ උබේ අර නූඩ්ල්ස් කොණ්ඩකාරි විසිල් ගහන හැටි. "


   " නූඩ්ල්ස් කොණ්ඩේ කොහොමද යකෝ මගේ වෙන්නේ? ඒ වෙලාවේ මං ඒක එහෙම කිව්වට වැඩිය ඒක හිතන්න එපා බං. දන්නවනේ . මේ තියෙන වැඩත් එක්ක කෙල්ලෝ සෙට් කරගන්නේ කොහොමද ? අන්තිමට එකක්වත් හරියට කරගන්න වෙන්නේ නෑ. අනික මියුසික් තියෙද්දී කෙල්ලෝ මොකටද?"


   " මටත් ඕක නම් හිතුණා . මේ තියෙන වැඩත් අපි දෙන්නට කරගන්න බැරුව ඉන්නවා. අන්තිමට කෙල්ලෝ නලවන්නයි , උන් එක්ක ඇවිදින්න යන්නයි උනොත් නම් මියුසික් අතහරින්න වෙනවා. අපි දෙන්නව තේරුම් ගත්ත අපි තරම්ම මියුසික් වලට ආදරේ කරන , අපේ ප්‍රසිද්ධියට නැතුව අපිට ආදරේ කරන කෙල්ලෙක් තමා හරියන්නේ. 


   " හ්ම් ඒක නම් ඇත්ත. එහෙම එවුන් ඉන්නවද කියන එකයි ප්‍රශ්නේ ? " අකීර කිව්වෙ හිනා වෙන ගමන් . 


  " අකීර අයියේ බලන්නකෝ මේ ස්කූල් එකේ මියුසික් ටිකත් මරු නේ . කෙල්ලෝ උනත් නියමෙට ප්ලේ කරනවා" දෙනෙත් කිව්වේ ස්ටේජ් එකේ ඉන්න සමාලා දිහා බලගෙන.


  " හ්ම් ඒක නම් ඇත්ත. මාත් බලන් හිටියේ මෙච්චර වෙලා . හොඳ ප්‍රැක්ටිස් එකක් තියනවා කට්ටියට. " 


   " මියුසික් උනත් අහන් ඉන්න පුළුවන් ."


  " මේ එක නෙමෙයි කට්ටිය ලෑස්ති නේද? ඊළඟ අයිටම් එක අපේ හරිද?"


  සමාදිලගේ අයිටම් එක ඉවර උනාට පස්සේ තමා ශනුලගේ කටට නිදහසක් ලැබුනේ.


  " අම්මෝ බං මගේ උගුර නිකන් නෑ වගේ" දිනූ කිව්වේ උගුරත් අත ගගා.


   කට්ටිය එතනින් යන්න යනකොට තමා දැක්කේ පිටිපස්සෙ හිටපු අකීරලව. කෙල්ලෝ ටික රතු උනේ දැන් මෙච්චර වෙලා හැසිරිච්ච විදිය මතක් වෙලා. වෙන කරන්න දෙයක් නැතිකමට කට්ටියත් එක්කම එතනින් මාරු වෙලා එන්න තමා ගියේ. ඒත්


    " ආ නංගීලා කෑගහලා හරි මහන්සි ඇති නේ. බොමුද සීතල වතුර වීදුරුවක් ." අකීෂ ඇහුවේ දිනු දිහාත් බලන ගමන්.


   සමී මොනාද කියන්න යනකොටම තරූ රවලා බලපු නිසා මුකුත් නොකියම කෙල්ලෝ ටික එතනින් එන්න ආවා . ඒත් ශනූගේ හිත තිබ්බේ නම් එතන. මොකද ඊළඟට තියෙන්නේ අකීරලගේ ස්කූල් බෑන්ඩ් එක නිසා ශනුට ඕන උනේ එතන්ට යන්න. 


    ශනුගේ මූණ බලපුවම නම් දිනූට ඒක තේරුණා. ඒ නිසා සමීලටත් ඉන්න කියලා ශනූවත් ඇදන් ආයිත් හෝල් එකට ආවේ. 


   " දිනූ ඇයි බං මේ?"


   " ශනු උබ මොනදේ කිව්වත් උබට තවම බෑ අකීරව අමතක කරන්න. උබව මට හොඳට තේරෙනවා. ඒ නිසා මට බොරු කරන්න. උබ ඔය කරන්න හදන්නේ උගුරට හොරා බෙහෙත් කන වැඩක්. දැන් කටවහන් මේක බලපං . මගේ කට අවුස්ස ගන්නේ නැතුව. " 


   ශනු දෙයක් කියන්න යනකොටම.....


🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺


     🧚 සොලි ළමයි හරිනම් කතාව දාන්න ඕනේ සෙනෙසුරාදා ඒත් දවස් 2ක් පරක්කු උනා. ඒ නිසා ඒකට හරියන්න මේ සතියේ අනිවාර්යයෙන් දීග..... කොටසක් දෙනවා . බෝනස් එකක් වගේ. 


   🧚 හැමදාම පුළුවන් තරම් දෙන්න තමා ට්‍රයි කරන්නේ. ඒත් ක්ලාසුත් එක්ක කරගන්න අමාරුයි . මට බනින්න එපා හොදේ..😅 


   🧚 මොකෝ කතාව ගැන ඔයාලා හිතන්නේ ?? තව ටිකක් කෙල්ලෝ දෙන්නා තනියම හිටපූ දෙන් නේ...... ඔයාලා මොකද කියන්නේ ???


  


          මං Ahi🎸💕🥁

Report Page