1234

1234


" ඔය කොස්ස එවපන් "



ක්ලාස් එක ඉස්සරහ තිබ්බ ලොකු රොබරෝසියන් ගස් පේළියෙන් පෙරිලා එන ඉරඑළිය ජනෙල් අස්සෙන් හිමින් සීරුවට ලා එළියක් පන්තියට එක්තු කරලා තිබුනා වෙද්දි හරිහමන් හේතුවක් නැතුව පුරුද්දට වගේ මැත්ස් එකේ උන් එක්ක කොමස් එකේ උන් රණ්ඩු වෙවී උන්නා .



හැමදාම වගේ මේකට හේතුව දැනන් උන්නෙ මගෙ ඉස්සරහ අත් දෙකත් බැදන් බල උන්නු ආයුග් සහ මම විතරක් වෙද්දි මගෙ කන ගාවින් ගිහින් තම්බපු බිත්තරයක් බිත්තියෙ වැදුනා . ඒත් එක්කම මගෙ මූනට ඩස්ටර් එකෙන් තද පාරක් වැදෙද්දි ඒක විසිකරලා කට කොනින් හිනාවෙවී උන්නු ආයුග්ව දැක්කම මන් අහු උනු හැම දෙයක්ම උගෙ පැත්තට වේගෙන් විසි කරා.



" ගෙවල්වලින් ෆෝස් කරන එකේ තමුසෙ මට කැමති උනා නන් ඉවරනෙ ආකේලී ."



මල්මුතුවැන්න රාජ්‍ය ඇමති පුතා උරහිස් දෙකත් අකුලන් මගෙ පාරවල් වලින් බේරෙන්න උත්සාහ කරමින් උපහාසෙන් කියද්දි මන් උත්තරයක් දෙන්න කලින්ම මගෙ අතට ටිකක් බරට අහු උන දේ උගෙ පැත්තට විසිකරේ බලන්නෙවත් නැතුව.




ඊළගට ආයුග් ඇස් දෙක ලොකු කරන් එහාට පනින්නයි

ඊට පිටිපස්සෙ පන්තිය කෙළවරේ පාඩුවෙ හිටපු ළමයෙක් ගෙ ඔලුවෙ වැදිල මොකක් හරි කුඩුවෙලා ලේ වැක්කෙරෙන්නයි හැමෝම ඉදිකට්ටක් අතෑරියත් ඇහෙන ගානට නිශ්ශබ්ද වෙන්නයි ගතවුනේ මොහොතක් විතරයි.











***************










මන් උන්නෙ දුඹුරු පාට වුඩ්න් ටේබල් එක උඩ තිබුනු ලෝකගෝලෙයි ෆයිල්ස් තට්ටුව යි දිහා බලාගෙන වෙද්දි මේසෙ හරි මැදට වෙන්න Principal H.M.N.Herath කියලා ගහපු ලෝහ කෑල්ල දිලිසෙමින් තිබ්බා . මට එහා පැත්තෙන් ආයුග් අත්දෙකත් පිටිපස්සට කරන් පහසුවෙන් හිටන් උන්නා වෙද්දි අපේ ඉස්සරහ ප්‍රින්සිපල් එක්ක රාජ්‍ය අමාත්‍ය මල්මුතුවැන්නයි ව්‍යාපාරික රණසිංහ මහතායි කතා කරපු දේවල් අහන්න මට උවමනාවක් තිබුනෙ නෑ.




මගෙන් උනේ මොකක් ද කියලා අහන්නෙවත් නැතුව සැරින් සැරේ තාත්තා මට ම වැරැද්ද දදා කතා කරද්දි

ස්කෝලෙන් බාගයක් විතර හදලා තියෙන තාත්තයි මල්මුතුවැන්න ඇමතිගෙ බලෙයි එක්ක ප්‍රින්සිපල් මුකුත් කරන්නැති බව මන් දැනන් උන්නා . පොඩි කාලෙ ඉදන් ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස් ලා උනත් වාසනාවකට ආයුග් සහ මම ෆැමිලි එනිමීස් ලා වෙලා උන්නා.


වුන දේ සරලවම කිව්වොත් මන් බලන්නැතුව විසි කරලා තිබ්බෙ ටීචර්ස් ටේබල් එක උඩ තිබ්බ වීදුරු වාස් එක වෙද්දි ඒක ක්ලාස් එකේ කොල්ලෙක්ගෙ ඔලුවෙ වැදිල තිබුනා.












ටිකකින් මන් උන්නෙ කුණු පොදක්වත් නැති BMW එකේ පිටිපස්සෙ වෙද්දි තාත්තා ඉස්සරහ ට වෙලා ඩ්‍රයිවර් එක්ක ලොකු කතාවක් උනත් මන් කියලා ජීවියෙක් එතන නැති ගානට එයා හැසිරෙද්දි මට මන් ගැන ම හිතලා හිනාවක් ගියා.




Lanka Hospitals ඉස්සරහ වාහනේ නැවැත්තුවෙත් මගෙ අතට කාඩ් එක හම්බුනෙත් තාත්තා මන් දිහාවට

කුණුගොඩකට වුනත් ලැබෙන්න හොද නැති බැල්මක් දැම්මෙත් එකටමයි. කාඩ් එකෙන් අදහස් වෙන්නෙ මන් හොස්පිට්ල් බිල් එක පේ කරන්න ඕනි බව වෙද්දින් මන් වාහනෙන් බැහැලා බෑග් එකේ පටියත් කරකවන ගමන් ඇතුළට ගියෙ කිසිම හැගීමක් නැතුව.





හහ් ! එයාට මන් වෙනුවෙන් එච්චර පොඩි වෙලාවක්වත් නෑ.







Room No. 138
සිහරු මේකුළ් සූරියබණ්ඩාර










****************







නිදහසේ පාවෙන වළාකුළු වෙත,



ඔයා තරම් සැහැල්ලු වෙන්න මට පුලුවන් වුනා නන් කියලා හිතෙන හැම වතාවෙම මන් කරන්නෙ ඔයාට අකුරු අමුණලා එවන එක. මේ ලෝකෙ මහ පිස්සු එකක් නෙවෙයි ද මිනිස්සු එයාලට දැනෙන දේ කියන්නැති තරමට කියන දේ පෙන්නන්නැති තරමට .



මට දැන් ඕනෙ කරලා තියෙන්නෙ කවුරුත් නැති ලෝකෙක ඔහේ ජීවත් වෙන්න. මෙහෙන් අතුරුදහන් වෙලා යන්න .සුරංගනා කතාවක වගේ කැලයක් මැද්දෙන් හිතුනු හිතුනු පැත්තට දුවන් යන්න.තණකොළ ගොඩක වැතිරිලා නිදහසේ හුස්ම ගන්න මේ බිත්ති හතරෙන් එහා . මන් දන්නවා මන් එහෙම අතුරුදහන් වුනත් කාටවත් ගානක් නැති බව.වලාකුළු වලින් එහා ලස්සන ලෝකයක් තියෙනවා ද .උත්සාහ කරොත් මාව එහෙට ගන්න ඔයාට බැරි වෙන එකක් නෑ.





මීට,



උත්තර නැති බව දැන දැනත් වලාකුළු වලට ලියුම් ලියන,



මෝඩ කෙල්ල.











***************



අලුත් ආරම්භ වල මායාකාරි බව විශ්වාස කරන්න මගේ ආදරණීය ළමයෝ !

#DraSith


Report Page