💗💗10

💗💗10


අද ඉතින් යාලු එක්ක කදේ දාගන්න යන්න බැරි උනා නිසා පිදුරුතලාගල කන්ද වගේ බත් කන්ද interval ඉවරවෙන්න කලින් කාලා ඉවරයක් කරගන්න පුළුවන් උනා.

වෙනදාට නැත් නම් යසි, චම් දෙන්න මන් එන්න පරක්කුයි කියාල දෙහි කප කපා ඉන්නේ ඉතින්.


කළා ඉවර වෙලා මන් desk එකක් උඩ ඉදගෙන පිට්ටනිය දිහා බලන් ඉන්න අතරේ yasi,චම් දෙන්නත් පුටු දෙකක් තියාගෙන ඉදගෙන ඔපයක් කියවන්න ලස්ති වේගෙන එද්දිම,...............

මරන්න අරන් යන හරකෙක් ඇදගෙන එනවා වගේ යාලු තිනුකවත් ඇදගෙන එනවා.තිනුකත් යාළුගේ අතින් පිටි පස්සට ඇද ඇද යලුගේ කට ත් මිරිකගෙන.හෙන පොරයක් එතන.


"බු....ද්.....ධි....බූ... ද්...ධි....'

"මේ මොකද අනේ මේ."

"පොඩ්ඩක් එනවකෝ දෙයක් කියන්න."

"අනේ මහන්සි බං.ඔහොම ඉදගෙන කියහං.නැත් නම් පන්තියට වරෙන්.අපි තුන්දෙනා විතරයි ඉන්නේ.බලු බල්ලෙක් නැහැ."

"වරෙන්කො කිඋවාම අහලා."

"හා..හා...අයියෝ මන්දන් නැහැ ඉදගත්තා විතරයි.මොකද....."

"මූ...මූ.... උබ.. ට.. කැ.... මතිලු...."

"කවුරු කාට කැමති කිව්වා."

"තීනුක. උබට"

🤣🤣🤣🤣😅😅😅😅(මට හිනාව නාවත්තගන්නම බැහැ ඉතින්.බැරි තැන ආයේ ඇතුලට ආවා මන්.චම් හසි දෙන්න මෙකියිට පිස්සුද වගේ බැල්මකින් ඉන්නවා.මට තවත් හිනා ඉතින්)


"මුගේ බොරු බුද්ධියෝ."

"කවුද බොල බොරු කියන්නේ මන් ද.....බොල.............."


ඒ ගමන තිනුකයි යාළුයි මරා ගන්නවා.යාලු තීනුක ව හොඳටම පව දෙනවා.එයාලා දන්නේ නැහැ මන් ඔය කතාව හොරෙන් අහගෙන හිටියා කියලා.interval එකට කලින් තිණුකයි යාළුයි කතා උනා ඔක්කොම යාලු දිග අරිනවා.අම්මෝ මට බැහැ දෙයියනේ........🤣🤣😅😄


පහුවදා......

Red cross room.


"තරහද මාත් එක්ක."

"තරහා වෙන්න තරම් යාලු වෙලා හිටියද අනේ."

"නැහැ නැහැ එහෙම නෙවෙයි ඉතින්. ඊයේ චාමෝදයා කියාපුවට."

"නැහැ ඒව කීවේ චමෝද්නෙ. මන් ඔය එක්ක තරහ නැහැ."

"මන් කිවුව මූට ඕක ඔයාට කියන්න එපා කියලා.අහුවෙ නැහැනේ."

"ආ........ඒ කියන්නේ චමොද් කිවේ අත්ත ද🤭🤭.ඒ ඇත්ත කියන්න එපා කියලා ඔයා කියවට චමොද් ආහුවෙ නැහැ නේ.ඔක්කොම දිග අරිය😆😆"


වෙනදාට එකක් කියවම දාහක් කියන එක්කෙනා බිම බලාගෙන හිනවත් හංගන් වගේ සද්ද නැතුවම මාරු උනා.

..........................💫💫💫💫...........................

කොහොම උනත් මගෙන් කැමැත්ත අහපු අනිත් කොල්ලන්ව වගේ මන් මඩවන්න ගියේ නැහැ.එහෙම කරන්න මගේ හිත දුන්නේ නැහැ.ඒ වෙනුවට උනේ තිබ්බටත් වඩා යාළුකම වැඩි උන එක විතරයි.


සමහරවිට එය කොච්චර පණ්ඩිත උනත් මැරැටි වැඩ කරපු කොල්ලෙක්වත්,සිතුම් වගේ අවැදගත් විදිහට හැසිරුන කොල්ලෙක්වත් නොඋන නිසා වෙන්න ඇති.


හැබැයි මේ වෙනකොට අපෙන් බේරිලා ඉන්න වාසනාවන්ත උන කොල්ලො දෙන්න තමයි තිනුකයි,යාළුයි කියන්නේ.අනෙක් හැමෝටම සම්බුව දුන්නා මදි නොකියන්න.

.............................💫💫💫💫.........................


අපේ ඉස්කෝලෙට අල්ලපු ඉස්කෝලෙ කොල්ලෙක් අපේ chamodige පස්සෙන් එන්න ගත්තා.කොල්ලගේ අවාසනාවට ඒ කොල්ලා අස් වෙලා අපේ ඉස්කෝලෙට අව.නිකන් නෙවෙයි අපේ පන්තියට.

නයා පෙනේ කරන්න කලින් පොල්ල අතට ගත්තා වගේ අපිත් මේ කොල්ලගේ කැරැට්ටුව අපේ පන්තියේ කොල්ලන්ට කියලා තිබ්බ.

ඉස්කෝලෙට ආපු පළවෙනි දවසේ suprise නොකලොත් හරි නැහැ වගේ නෙ.අපි කොලුවාගෙ බෑග් එක කණපිට හරවලා හංගලා තිබ්බා.

කෝමහරී බෑග් එක හොයාගන්න නම් හම්බුනේ නැහැ.හොයලා හොයලා හෙම්බත් වෙලා අවසනේදි ඉස්කෝලෙ ඇරිලා ළමයිනුත් ගියාට පස්සේ තමයි එක හොයාගත්තේ.කොමාහරි කොල්ලා අපේ chamodiyage පස්සෙන් ආපු ඒකත් එතනින් අහවරයි.

............................💫💫💫💫...........................


වේගෙන් කාලය ගෙවිලා ගිහින් sport meet එකත් අව.

ඔන්න ඉතින් අපි එදා අපේ සුදු ගවුම ඇදලා,වෙනදාට ගොතන කරල් දෙක වෙනුවට තනි පාළුවට කොන්ඩේ ගොතලා,කොන්ඩේ නවල කටු ගහලා.nursig cap එකත් දාලා ලෑස්ති උනා.


Red croos room

"හැමෝම පෝලිමක් හැදෙන්න. මේ නම් කියන අය වෙනම පෝලිමක් හැදෙන්න.

ගිහාන්,chamth,හිරුෂි,චමෝදි......................"


අනේ මගේ නම ඒ ගොඩේ නැහැ නේ.අයි ඒ.😥😥

"දැන් මන් නම් කියපු අය දෙන්න දෙන්න ground එක වටේම cover වෙන විදිහට ඉන්න ඕනි." "තව එකක් දෙන්නෙක්ට එක first aid unit එක ගනේ ගන්න."


" එතකොට චමෝදි එළියේ නම් duty,එතකොට මන්."(මගේ හිතෙන්ම අහන්වා මිසක් කාගෙන් අහන්නද🤔🤔)


"අනෙක් අය මාත් එක්ක duty"


"ඒ කියන්නේ මන් සර් ඉන්න තැන.මට පිට්ටනියට යන්න බැහැ ඒ කියන්නේ.එතකොට මට sport meet එක බලන්න වෙන්නේ නැහැ."😔😔🥺


මන් ඉතින් මුනත් කජු ලෙල්ල කරගෙන සර් ඉන්න තැනට වෙල ඉන්න උනා.තිනුක නම් හිටියා.ඒත් ඉතින්..............


මන් යන්තං සර් ගෙන් අවසර අරන් opening grill එක බලන්න ගියත්.එකෙන් බාගයක් වගේ තමයි බලාගන්න උනේ.


කොහෙද ඉතින් මගේ කනෙන් ඇදගෙන අරගෙන අව නේ,st.jone එකේ lider අයියා.

වස ලජ්ජාව උනේ මට.අච්චර සෙනග බලන් ඉද්දි " අපිට sport meet බලන්න නැත් නම් උබට විතරක් sport meet බලන්න දෙන්නේ නැහැ" කියලා ඇදගෙන අව.වෙන මොන කරන්නද මාත් අව ඉතින්, ආසාව අත් ඇරල.


ඇවිත් පැත්තකට වෙලා සුපුරුදු මගේ කජු ලෙලි මූනත් හදාගෙන හිටියා කොනකට වෙලා.

ටික වෙලා යද්දී අපේ treat එක හම්බුනා.මන් නෙවෙයි ඒ පැත්ත බැලුවේවත්.අනෙක් අය නම් කන්න ලැස්තිය.


තිනුකයි තව පොඩි මල්ලි කෙනෙකුයි බිම බෝතලෙකුත් උස්සන මන් ලඟට අව.මන් නෙවෙයි ගණකටවත් ගත්තේ ඉතින්.


"අක්කේ මේ.පොඩි උදව්වක් කරන්වකෝ."

"මොකද්ද."(අහක් බලාගෙනම මන් ඇහුව ඉතින් උ පව් නිසා)

"මේ බොතලෙන් ඉස්සෙල්ලම බිම බොන්න ඕනි තිනුක අයියද නැත්නම් මං ද කියල කියන්නකො"

"ම්ම්ම් 10,20,30,40..........ඔයා බොන්න මල්ලී."

(තිනුක මටත් පොඩ්ඩක් රවල අහක බලා ගත්තා.මට පාන් යැයි.අයි යකු.මන් මේ sport meet එක බලන්න නැතුව ඉන්නවා.මෙයාලා මේ බිම බෝතලයක් ගැන අහනවා)


මන් ඒ කේන්තියෙන් පොඩ්ඩක් මිදුණේ සර්ගෙ කෑ ගැහිල්ලෙන්.


"මන් දැන් තමුන්ලට කිව්වද කන්න කියලා.මන් කියලා තියෙනවා නේද මන් කිව්වට පස්සෙයි කන්නේ කියලා.අනික හැමෝම එකට කන්නේ.........මන් මොනාද ඉගැන්නුවේ...මාරු හැදෙන විදිහ.මේවා කියලා දුන්නත් පාඩුයි."


සර් බැන්නට මගේ හිත නම් රිදුනේ නැහැ.මන් කැම කනවා තියා කෑම දිහා බැලුවෙවත් නැ නි.මන් හිටියා වගේම පැත්තකට වෙල ඉඩගෙනම හිටියා.


ටිකකින් තිනුක ලගට ආවා.


"මැණික අද ඔයා නිසයි මන් සර්ගෙන් බැනුම් අහනෙ නැතුව බේරුණේ.thank you."

"හ්ම්ම්...."

"දැන් සර් කන්න කිඋවන් ගිහින් කන්නකෝ.අයි ඔහොම ඉන්නේ."

"මට sport meet එක බලන්න නැහැ නේ ඉතින්.එකයි."

"හරි කාලා එන්නකෝ.අපි කෑම කාලා ඒව අස් කරන්න ගියාම.පිට්ටනිය වටේ රවුමක් දාලා එමු. දැන් ගිහින් කාල එන්න ඉක්මනට."


මාත් ඉක්මනට කාලා ඇවිත්.ඒව අස් කරන්න එළියට පැන්න වෙලේ කෙලින්ම ආයේ room එකට එන්නේ නැතුව පිට්ටනිය වටේ රවුමක් දාලා අව.


ඒ ආකරෙන් ඉතාමත් අජූත දවසක් විදිහට එක කෙළවර උනා.
















Report Page