1🔅🔆

1🔅🔆


කොරෝනා ලෝකය පාලනය කරන්න නිපදවූ වෛරසයක් බව හෙළිවේ

NOVEMBER 27, 2020 4:49 PM0 COMMENTS

ලොව පුරා ඉතා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ්-19 වෛරසය මිනිසා විසින් සෑදුවක් ද යන සැකය දැන් දැන් අප කා තුළත් පැන නැගෙමින් පවතී.


ඒ පිළිබඳව කරුණු සොයමින් සිටි මට, Dr.James Fetzer විසින් 2020/09/30 වන දින principia-scientific.com නම් වෙබ් අඩවියේ පළ වූ ඇඟ ලොමු දැහැ ගැන්වෙන ලිපියක් හමුවිය.


එම ලිපියේ සම්පූර්ණ සිංහල පරිවර්තනය තොරතුරු පිපාසිත ඔබ වෙත ගෙන එමින් එය අවසානය තෙක් ම ඉතා විචාරශීලිව කියවන මෙන් ඉල්ලා සිටිමි.


මෙම ලිපියේ එන නිගමනයන්ට පදනම් වන මූලාශ්‍ර දැක්වීම සඳහා 1 සිට 20 දක්වා අංක යොදා ඇත.මෙම පරිවර්තනයට පාදක කරගත් මුල් ලිපිය කියවීම සඳහාත්, එකී මූලාශ්‍ර පරීක්ෂා කිරීම සඳහාත් පහතින් දැක්වෙන දිගුවට පිවිසෙන මෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිමි.

(මෙහි එන කරුණු කිසිවක් පරිවර්තක වන මාගේ අදහස් නොවන බව කාරුණිකව සලකන්න).


ජර්මනියේ වෛද්‍යවරුන් 500 කට අධික සංඛ්‍යාවකින් සමන්විත ‘තොරතුරු සඳහා වෛද්‍යවරු’ ( Doctors for Information) නම් සංවිධානය ජාතික පුවත්පත් සාකච්ඡාවකදී ලොව තිගැස්සෙන ප්‍රකාශයක් කෙළේය: (1)German group of Doctors For Information


‘ කොරෝනා භීතිය නාට්‍යයකි. එය වංචාවකි. බරපතල වංචාවකි. අප ගෝලීය අපරාධයක මධ්‍යයේ සිටින බව තේරුම් ගැනීමට මෙය කාලයයි’


ප්‍රධාන පෙලේ මාධ්‍යවලින් ප්‍රචාරය කරන දැවැන්ත වැරදි තොරතුරු පිළිබඳව මහජනයා දැනුවත් කිරීම සඳහා මෙම විශේෂ දැනුමැති කණ්ඩායම සෑම සතියකම පිටපත් 500,000 ක වෛද්‍ය පුවත්පතක් ප්‍රකාශයට පත් කරයි. මිලියන 12 ක ජනතාවක් සහභාගි වන බවට, නම් ලබාදුන් එසේම මිලියන ගණනක ජනතාවක් ඇත්ත වශයෙන් ම සහභාගි වූ 2020/08/29 වන දින පැවැත් වූ විරෝධතා ව්‍යාපාරය ආකාරයේ දැවැන්ත මහජන විරෝධතා ව්‍යාපාර ඔව්හු යුරෝපයේ සංවිධානය කරති.


මෙම 500කට අධික වෛද්‍යවරු මේ Covid-19 වසංගතය ගෝලීය අපරාධයක් යැයි පවසන්නේ ඇයි? අප නොදන්නා එහෙත් ඔවුන් දන්නා දෙය කුමක් ද?


මෙම වසංගතය කලින් සැළසුම් කර ඇති බව සිය ගණනක් ස්පාඤ්ඤ වෛද්‍යවරු පවසති.

ස්පාඤ්ඤ වෛද්‍යවරු 600 කට අධික සංඛ්‍යාවකින් සමන්විත ‘සත්‍යය සඳහා වෛද්‍යවරු’ (Doctors for Truth) නම් සංවිධානය පුවත්පත් සාකච්ඡාවකදී එවැනිම ප්‍රකාශයක් ⁣කෙළේය.


‘ කොවිඩ් -19 යනු දේශපාලන අරමුණු සඳහා නිර්මාණය කරන ලද ව්‍යාජ වසංගතයකි. මෙය සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනයෙන් සමාවක් ලබා ගත හැකි ලෝක ආඥාදායකත්වයකි. සත්‍යය පතුරුවා හැර මෙම අපරාධ මෙහෙයුම නතර කරන ලෙස අපි වෛද්‍යවරුන්ගෙන්, මාධ්‍යවලින් සහ දේශපාලන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.’ (2)Spanish group of Doctors For Truth


ජර්මනිය සහ ස්පාඤ්ඤය උදාහරණ දෙකක් පමණි. මෙවැනිම වෛද්‍ය ප්‍රවීනයින් සිය ගණන්වලින් සමන්විත විශාල කණ්ඩායම් ලොව පුරා රටවල් වල සිටිති.


කොවිඩ්-19 , සාපරාධී මෙහෙයුමක් ලෙස හෙළි කරන PLANDEMIC නම් වූ ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්වන වාර්තා චිත්‍රපටයට වෛද්‍යවරුන් 27,000 කට වැඩි පිරිසක් සහාය දක්වයි!


ලොව පුරා වෙසෙන වෛද්‍ය වෘත්තිකයන් දහස් ගණනක් කොවිඩ්-19 වසංගතය අපරාධයක් යැයි පවසන්නේ ඇයි? ප්‍රධාන ධාරාවේ මාධ්‍යයෙන් අපට නොලැබෙන තොරතුරු මොනවාද?


පහත දැක්වෙන කරුණු දෙස විවෘත මනසකින් බලන ලෙසටත් පසුව ඔබේම නිගමනවලට පැමිණෙන ලෙසටත් මම ඔබට ආරාධනා කරමි.


COVID-19 පරීක්ෂණ ක්‍රමයක් සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගෙන ඇත්තේ 2015 දී!

රිචඩ් රොත්ස්චයිල්ඩ් (Richard Rothschild) නම් පුද්ගලයා 2015 දී නෙදර්ලන්ත රජයේ සංවිධානයක් සමඟ එක්ව ‘ COVID-19 සඳහා පරීක්ෂණ ක්‍රමයක්’ වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක් ලබා ගෙන ඇත.

2015 දී, එනම් රෝගය ඇතිවීමටත් වසර හතරකට පෙර COVID-19 සඳහා පරීක්ෂණ ක්‍රමයක් සකස් කර ගෙන තිබේ.(2b)Richard Rothshild patented a testing method for COVID-19 in 2015


COVID-19 පරීක්ෂණ කට්ටල මිලියන ගණනක්

2017 සහ 2018 දී විකුණා ඇත

අප දන්නා පරිදි COVID-19 රෝගය 2019 අග වන විට චීනයේ ඇති විය. එබැවින් එය COVID-19 ලෙස නම් කරන ලද අතර එය Corona Virus Disease-2019 සඳහා වන කෙටි යෙදුම ය. එය කෙසේ වෙතත්, World Integrated Trade Solution(WITS) හි එන තොරතුරු විශ්මය ජනක දෙයක් පෙන්නුම් කරයි:


ඒ COVID-19 ඇති වීමට වසර දෙකකට පෙර එනම් 2017 සහ 2018 වසරවල දී COVID-19 සඳහා වූ පරීක්ෂණ කට්ටල (Covid-19 Diagnostic Test Instruments යන නමින්ම) මිලියන සිය ගණනක් ලොව පුරා බෙදා හැර ඇති බවයි.


එහෙත් යමෙකු විසින් මෙම අපකීර්තිමත් තොරතුර 2020 සැප්තැම්බර් 05 වන දින සමාජ

මාධ්‍යවල පළ කරන ලදී. ඊළඟ දවසේ එය ලොව පුරා ලැව් ගින්නක් සේ ප්‍රචාරය විය. එවිට හදිසියේ ම සැප්තැම්බර් 06 වන දින World Integrated Trade Solution(WITS) විසින් මුලින් යොදා තිබූ නම වූ ‘COVID-19’ යන්න කපා හැර ඒ වෙනුවට ‘වෛද්‍ය පරීක්ෂණ කට්ටල( Medical Test Kits)’ ලෙස නිශ්චිත නැති නමක් යෙදීය.


එහෙත් වෙළඳාමේ දී මෙවැනි දේ සඳහා අවසරයක් නැත. මක්නිසාද යත් විවිධ රෝග සඳහා පරීක්ෂණ කට්ටල වර්ග බොහොමයක් තිබෙන බැවින් ඔබ නිශ්චිත විය යුතුය (නිශ්චිත වචන යෙදිය යුතුය).


මෙම තොරතුර ලොව පුරා ප්‍රසිද්ධියට පත්වීමෙන් පසුව ඔවුන් විසින් ‘COVID-19’ යන නිශ්චිත පදය ඉවත් කිරීමෙන් සනාථ වන්නේ ඒ ගැන වෙන කිසිවෙකු දැන ගන්නවාට ඔවුන් කැමති නැති බවය. කෙසේ වෙතත් ඔවුන්ට එක් විස්තරයක් මකා දැමීමට අමතක විය: ඒ මෙම ‘වෛද්‍ය පරීක්ෂණ කට්ටල’ සඳහා වූ නිෂ්පාදන කේතය වන 300215 යි. එහි තේරුම: ‘COVID-19 පරීක්ෂණ කට්ටල ( Covid-19 Diagnostic Test Instruments) යන්නයි.


වසන් කිරීමට ඔවුන් ප්‍රමාද වැඩි විය. දැන් මෙම තීරණාත්මක තොරතුරු ලොව පුරා මිලියන සංඛ්‍යාවක ජනතාවක් වෙත හෙළිදරව් වී ඇත.

(මෙම දත්ත සහිත PDF එක බාගත කර ගැනීමට මුල් ලිපියට පිවිසෙන්න https://www.stopworldcontrol.com/2017-covid19-testkits.pdf)


COVID-19 ආරම්භයට වසර දෙකකට පෙර ඇ⁣මෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය, චීනය සහ ලොව පුරා ජාතීන් විසින් COVID-19 සඳහා රෝග විනිශ්චය කිරීමේ පරීක්ෂණ උපකරණ මිලියන ගණනක් අපනයනය කිරීම ආරම්භ ඇත.

COVID-19 ‘ව්‍යාපෘතිය’

2025 දක්වා සැලසුම් කර ඇත

COVID-19 යනු 2025 මාර්තු අවසානය දක්වාම කරගෙන යාමට සැලසුම් කර ඇති ව්‍යාපෘතියක් බව ලෝක බැංකුව පෙන්වා දෙයි! එබැවින් එහි අරමුණ තවත් අවුරුදු පහක් සඳහා එය දිගටම කරගෙන යාමයි. (2 C)World Bank shows planned end date of project COVID-19


ඊළඟ අවුරුදු දෙක තුළ වසංගතයක් ඇතිවන බව ඇන්තනි ෆවුසි 2017දී සහතික කොට කියයි.


2017 දී ඇන්තනි ෆවුසි අමුතු නිශ්චිතභාවයකින් යුතුව ඉතා අමුතු අනාවැකියක් පළ කළේය. ජනාධිපති ට්‍රම්ප්ගේ පළමු ධූර කාලය තුළ බෝවන රෝගයක් පුදුමාකාර ලෙස පැතිර යන බව ෆවුසි පූර්ණ විශ්වාසයකින් යුතුව ප්‍රකාශ කළේය. ඔහු පැවසූ දේ මෙන්න: (3)Fauci guarantees an outbreak with the next two years.


කිසිදු ප්‍රශ්නයක් නොමැත.එය බෝවන රෝග පිළිබඳ ක්ෂේත්‍රයේ ඉදිරි පරිපාලනයට අභියෝගයක් වනු ඇත.


“ඉදිරි වසර දෙක තුළ විශ්මය ජනක පැතිරියාමක් සිදුවනු ඇත. මේ ගැන කිසිවෙකුගේ සිතේ කිසිදු සැකයක් නැත.”

ට්‍රම්ප් පරිපාලනයේ පළමු ධූර කාලය තුළ වසංගතයක විශ්මය ජනක පැතිරයාමක් සිදුවනු ඇතැයි ෆවුසි සහතික කොට කියන්නේ කෙසේද? ඔහු දැන සිටි එහෙත් අප නොදන්නා දෙය කුමක් ද?


“ඉදිරි වසර දෙක තුළ විශ්මය ජනක පැතිරියාමක් සිදුවනු ඇත. මේ ගැන කිසිවෙකුගේ සිතේ කිසිදු සැකයක් නැත.”


-ඇන්තනි ෆවුසි


ළඟ එන ගෝලීය වසංගතයක් ගැන බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් සහතික කොට කියති.

මිලියන 30 ක ජනතාවක් අතුගා දැමිය හැකි ගෝලීය වසංගතයක් මග එන බව 2018 දී බිල් ගේට්ස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. ඉදිරි දශකය තුළ මෙය සිදුවනු ඇතැයි ඔහු පැවසීය. (4)Bill Gates announced a global pandemic


සකස්කරන ලද වෛරසයක් මානව වර්ගයාට විශාලතම තර්ජනයක් වන අතර ඉදිරි වසරවලදී මෙය මානව වර්ගයාට බලපානු ඇති බවට මෙලින්ඩා ගේට්ස් පැවසීය. (5)Melinda Gates says humanities greatest threat is an engineered virus


“ගෝලීය වසංගතයක් මග එයි.

සකස්කරන ලද වෛරසයක් යනු මානව වර්ගයාට ඇති ලොකුම තර්ජනයයි.

මෙය සිදුවන්නේ ඉදිරි දශකයේදී ය.”


-බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස්


ඔවුන් කියා සිටින්නේ ලෝකයේ අධික ජනගණත්වය මෙම මග එන ගෝලීය වසංගතය සහතික කරන බවයි. නමුත් අපි අවංක වෙමු: පෘථිවියේ වැඩි කොටසක් ජනාවාස වී නොමැත. ඇ⁣මෙරිකාව හරහා ගුවන් යානයකින් පියාසර කරන විට කවුළුවෙන් පිටත බලන්න. ඔබට බොහෝ විට හිස් ප්‍රදේශ පෙනේවි. අතන මෙතන පිහිටි නගර කිහිපයක් පමණක් ඇත. එක්සත් ජනපදයේ බොහෝමයක් ප්‍රදේශ තවමත් පළල්ව පැතුරුණු විවෘත හිස් බිම් ය. සෙසු ලෝකයට ද එය එසේම වේ. ඕස්ට්‍රේලියාව, රුසියාව, ඉන්දියාව, චීනය, ඇමරිකාව, අප්‍රිකාව….මිනිස් වාසයක් නැති ප්‍රදේශය. බිල් ගේට්ස් අප ලවා විශ්වාස කරවන්නට හදන තරමට අපේ පෘථිවිය ජනාකීර්ණ නොවේ. මෙම ලෝක සිතියම එය පැහැදිලිව පෙන්වයි.


පෘථිවියේ වැඩි ප්‍රදේශයක කිසිදු මිනිස් වාසයක් නැති තරම්ය. එබැවින්, ලෝකයේ අති විශාල ජනගහනයක් ඇති අතර ඒ නිසා එය මග එන ගෝලීය වසංගතයකට මුහුණ දීමට නියමිතය යන අදහස බොරුවකි.


ගුවන් ගමන් මගින් ගෝලීය වසංගතයක් ඇති වන බව ද ගේට්ස් කියා සිටියේය. නමුත් පසුගිය ශතවර්ෂයේ ගණනය කළ නොහැකි තරම් සංඛ්‍යාවක් පුද්ගලයින් ගුවන් යානා වල ගමන් කර ඇත.ගෝලීය වසංගත රෝග නිරන්තරයෙන් පැතිරයාමට එය හේතුවක් වූවාද? කිසිසේත් ම නැත!


ඉදිරි වසර කිහිපය තුළ ගෝලීය වසංගතයක් ඇතිවන බවට සහතිකව ප්‍රකාශ කිරීම සඳහා හේතු ලෙස ඔවුන් ඉදිරිපත් කළ තර්ක බොරු ය. එබඳු සහතික කළ අනාවැකි පැවසීමට පැවති සැබෑ පදනම කුමක්ද?


වසංගතයක් සදහා පුහුණුවීම


වසංගතය ඇති වීමට මාස කිහිපයකට පෙර, ලොව අංක එකේ එන්නත් බෙදාහරින්නා වන බිල් ගේට්ස් නිව්යෝක් නගරයේ උත්සවයක් සංවිධානය කළේය. සිදුවීම කුමක් දැයි අනුමාන කළ හැකිද? එය ‘කොරෝනා වෛරස් වසංගත ව්‍යායාමයක්’ ය. ඔව්! ඔබ එය කියෙව්වා නිවැරදිව ය.


බිල් ගේට්ස් කොරෝනා වෛරස් වසංගත ව්‍යායාමයක් සංවිධානය කළේය.


ශ්‍රවණාගාරයෙහි තිබෙන විශාල තිරය මත මුද්‍රණය කොට ඇති අකුරු ඔබට පෙනේ. ‘වසංගතයක් බවට පත්වන සිදුවීම සඳහා අප සූදානම් විය යුතුය’. මෙම වසංගත අභ්‍යාසය Event201 ලෙස නම් කරන ලද අතර එය සිදු වූයේ 2019 ඔක්තෝම්බර් මාසයේදී ය.


ඔවුන්ගේ නිගමනය වූයේ සියලු මනුෂ්‍ය වර්ගයාට එන්නත ලබා දිය යුතු බවය.


Event201 හි අරමුණ වූයේ කොරෝනා වෛරස් වසංගතයක් සඳහා ලෝකය සූදානම් කිරීමයි.

ඊළඟ වසරේදී එන්නත් විකිණීම පිළිබඳව ඔහු තුළ වූ උද්යෝගය

කොරෝනා වසංගතයක් සඳහා වූ මෙම අභ්‍යාසයයෙන් ටික කලකට පසු එය බිල් ගේට්ස් ට්විටර් පණිවිඩයක් මගින් පළ කළේය:


“ගෝලීය සෞඛ්‍යයේ හොඳම මිලදී ගැනීම් වලින් එකක් සඳහා ඊළඟ වසරේ කුමක් අදහස් විය හැකිද යන්න ගැන මම වික්ෂිප්ත වෙමි: එන්නත්.”


මේ ගැන සිතා බලන්න: ලෝකයේ අංක එකේ එන්නත් බෙදාහරින්නා ඉදිරි වසර කිහිපය තුළ ගෝලීය වසංගතයක් ඇති විය හැකි බවට සහතික වීමත්, ඔහුගේ බිරිඳ අප සැවොම ඉංජිනේරුමය වෛරසයකට බිය විය යුතු බව පැවසීමත්, ඔවුන් මග එන ගෝලීය වසංගතයක් සඳහා ව්‍යායාමයක් සංවිධානය කිරීමත්, එන්නත් එකම විසඳුම වනු ඇතැයි පැවසීමත්, මීළඟ වසරේදී එන්නත් විකිණීම පිළිබඳව ඔහු කෙතරම් උද්දාමයට පත්වේදැයි ට්විටර් හි පළ කිරීමත්, ඉන් ඉක්බිතිව, නිවේදනය කරන ලද වසංගතය පුපුරා යාමත් පිළිබදව සිතා බලන්න.


ඇත්ත වශයෙන්ම, බිල් ගේට්ස් ප්‍රකාශ කරන්නේ මානව වර්ගයාට ඇති එකම විසඳුම ඔහුගේ එන්නත් මිලදී ගැනීම බවයි.


2020 දී ඇතිවන කොරෝනා වෛරස් වසංගතය පිළිබඳව 2013 දී අනාවැකියක්:

2013 දී සංගීතඥයෙක් ‘පැන්ඩමික්’ (PANDEMIC) නමින් ගීතයක් ලිවීය. මිලියන ගණනක් මිනිසුන් මරා දමන, ආර්ථිකයන් වසා දමන සහ කැරලි ඇති කරන ගෝලීය වසංගතයක් ගැන ඔහු සිය පද රචනයෙන් විස්තර කළේය.


අවුරුදු හතකට පසු අපේ ලෝකයේ අපි අද දකින දේ ඔහුගේ ගීතය වචනවලින් විස්තර කරයි.


වසංගතයේ නිශ්චිත වර්ෂය: 2020 සහ

නිශ්චිත වෛරස් වර්ගය: කොරෝනා වෛරසය යන්න පවා ඔහු සඳහන් කළේය. (6) Lyrics of 2013 song that predicted coronavirus pandemic in 2020 මෙය 2013 දී ඔහුගේ පද රචනයේ පේළියකි:


‘2020 කොරෝනා වෛරසය සමඟ ඒකාබද්ධව සිරුරු ගොඩගැසීම’


මෙම ගීතය ඇමරිකාව පුරා දැන් පැතිර යන කැරලි ගැන ද පුරෝකථනය කර ඇත:


‘රාජ්‍යයේ පිටත වීථිවල කැරලි ඇතිවෙනවා. එය ඔබගේ දොරකඩටත් එනවා’


2020 දී කොරෝනා වෛරස් වසංගතයක් ඇතිවිය හැකි බවත්, මෙම වසංගතයේදී කෝලාහල ඇතිවිය හැකි බවත් මෙම සංගීතඥයා 2013 දී දැනගත්තේ කෙසේද? ඔහු එය මෙසේ පැහැදිලි කරයි.


” මම 2012 දී පර්යේෂණ කළා. කියවන්න ‘කුමන්ත්‍රණ න්‍යායන්’ (‘Conspiracy Theories). ඔබ දන්නවා, මාධ්‍යයන් ට අවශ්‍ය නැහැ අප එම විමර්ශනයන් දැන ගන්නවාට. එම න්‍යායන්ට අනුව, 2020 – 2030 දශකය තුළ වසංගතයක් ඇති වීමට නියමිතව තිබුණා. ඒනිසා මම ඒ ගැන Pandemic නම් ගීතය ලිව්වා.”

‘ගෝලීය කොරෝනා වෛරස් වසංගතයකට සූදානම් වන්න’

ගෝලීය සූදානම පිළිබඳ අධීක්ෂණ මණ්ඩලය විසින් (The Global Preparedness Monitoring Board/ GPMB) 2019 සැප්තැම්බරයේ දී එනම් කොරෝනා වෛරස් වසංගතය පුපුරා යාමට පෙර ‘අවදානම් සහිත ලෝකයක්’ නමින් වාර්තාවක් නිකුත් කරන ලදී.


කොරෝනා වෛරස් රෝගයක් සඳහා සූදානම් වීමේ අවශ්‍යතාව එයින් අවධාරණය කෙරිණි!


වාර්තාවේ පිට කවරයේ කොරෝනා වෛරසයක පිංතූරයක් සහ මුහුණු ආවරණ පැළඳ සිටින පුද්ගලයින්ගේ පිංතූරයක් ඇත.


අපි එම වාර්තාවේ එන පහත දැක්වෙන රසවත් ඡේදය කියවමු:


” මාරාන්තික ශ්වසන රෝග කාරකයක් හිතාමතාම මුදා හැරීම ආවරණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය (WHO ද ඇතුළුව) අඩු තරමින් පද්ධතිමය වශයෙන් පුහුණු හා සමාකරණ අභ්‍යාස දෙකක් වත් පවත්වයි.”


ඔබට එය තේරුණාද?


මාරාන්තික ශ්වසන රෝග කාරකයක් හිතාමතාම මුදා හැරීම ආවරණය කිරීම සඳහා ඔවුන් පුහුණුවීම් කර ඇත.

චීනයෙන් පැතිරීම නිවේදනය කරයි


2018 දී රෝග ආකෘතිකරණය පිළිබඳ ආයතනය )The Institute for Disease Modeling) විසින් චීනයේ, වුහාන් ප්‍රදේශයෙන් ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වී මිලියන ගණනක් මිනිසුන් මරා දමන උණ වෛරසයක් පෙන්වන වීඩියෝවක් නිපදවන ලදී. ඔවුන් එය හැඳින්වූයේ ‘ගෝලීය උණ වසංගතයක් සඳහා වූ සමාකරණයක්’ (A Simulation For A Global Flu Pandemic) යනුවෙනි. දැන් එය හරියට ම වසර දෙකකට පසුව සිදු වී ඇත. එය චීනයෙන් පැමිණෙනු ඇතැයි ඔවුන් කීවේ ඇයි? තවත් බොහෝ රෝග ඇති අප්‍රිකාවෙන් පැමිණෙන බව නොකීවේ ඇයි? නැත්නම් දකුණු ඇමරිකාවෙන් , එසේත් නැත්නම් ඉන්දියාවෙන් යැයි නොකීවේ ඇයි?

මුළු ලෝකයට ම ආසාදනය වන උණ වෛරසයක් චීනයෙන් පැමිණෙන බවත්, චීනයේත් වූහාන් ම ආරම්ක ප්‍රදේශය ලෙසත්, ඔවුන් දැන සිටියේ කෙසේද?.


මෙම කොරෝනා වෛරසය නිර්මාණය කරන ලද්දක්ද?


වෛරසය පැමිණියේ කොහෙන්ද? ලොව ප්‍රමුඛතම ජීව විද්‍යාත්මක අවි පිළිබඳ විශේෂඥයෙකු වන්නේ ආචාර්ය ෆ්‍රැන්සිස් බොයිල් (Dr. Francis Boyle) ය. එය ආරම්භ වූයේ වුහාන් හි පිහිටි ජීව විද්‍යාත්මක අවි පිළිබඳ විද්‍යාගාරයක් වන Bio Safety Lab Level 4 වලින් බව ඔහු ට අවබෝධව තිබේ.


මෙම විද්‍යාගාරය කොරෝනා වෛරස සංවර්ධනයට සුවිශේෂකරණය කර තිබේ.


සැලැස්ම: DNA වෙනස් කරන එන්නත මිනිස් සංහතියට එන්නත් කිරීම.

නිර්මාණය කරන ලද වසංගත හා අනිවාර්ය එන්නත් මගින් ලෝකය පාලනය කිරීමේ සැලසුම් පිළිබඳව සුප්‍රසිද්ධ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන ඇන්තනි පැච් (Anthony Patch) විසින් වසර ගණනාවක් පුරා පර්යේෂණ සිදු කරන ලදී. 2014 දී සම්මුඛ සාකච්ඡාවකදී මෙම පර්යේෂකයා පහත සඳහන් දෑ පුරෝකථනය කළේය:


‘ ඔවුන් මිනිසා විසින් සාදන ලද කොරෝනා වෛරසයක් මුදා හරිනු ඇත. එහි ප්‍රතිපලයක් ලෙස ජනතාව ඔවුන්ව ආරක්ෂා කිරීම සඳහා එන්නතක් ඉල්ලා සිටිනු ඇත. මෙම එන්නත මගින් සිරුරට DNA හි තුන්වන වික්‍රිය (Third Strain of DNA ) එකතු කරනු ඇත. පුද්ගලයෙකුට එන්නත් කළ වහාම ඔවුන්ගේ DNA පරිවර්තනයකට භාජනය වේ. මෙම ජානමය වෙනස නිසා මිනිසුන්ට තමන් ගැනම සිතීමේ හැකියාව නැති වී යනු ඇත. මේ නිසා ඔවුන් පහසුවෙන් පාලනය කළ හැකිය; ප්‍රභූ පැලැන්තියේ වහලුන් බවට පත්වේ.’


ඇත්ත වශයෙන්ම එය උමතුවක් මෙන් පෙනෙන අතර ඇත්තෙන්ම එය උමතුවකි. එහෙත් මෙම වෘත්තීය විමර්ශකයා මෝඩයෙකු නොවන බව අප දැන සිටිය යුතුය. ඔහු වසර ගණනාවක් පර්යේෂණ කර ඇති අතර එම වසර ගණනාව පුරා කළ පර්යේෂණවලින් ඔහු සොයා ගත්තේ මෙයයි.


මෙම මාතෘකා පිළිබඳ අපගේ අනවබෝධය නිසා වසර ගණනාවක් පුරා සිදුකළ පර්යේෂණ මත පදනම් වූ මෙම පූර්ණ දැනුම ප්‍රතික්ෂේප නොකිරීමට අප වගබලා ගත යුතුය,.

අවුරුදු 20 ක පර්යේෂණ මෙසේ කියයි:

එන්නත අපගේ DNA වෙනස් කරයි.

වෛද්‍ය කැරී මාඩෙජ් (Dr. Carrie Madej) මානුෂීය කටයුතු සඳහා ඩොමිනිකන් ජනරජයට යාමට පෙර ජෝර්ජියාවේ විශාල සායන දෙකක් මෙහෙය වූවාය. ඇය පසුගිය විසි වසර පුරා DNA සහ එන්නත් පිළිබඳව අධ්‍යයනය කළ අතර කොවිඩ් -19 සඳහා ඉතා භයානක එන්නත් මානව වර්ගයාට එන්නත් කිරීමේ සැලසුමක් ඇති බවට අනතුරු අඟවන හදිසි වීඩියෝවක් ඉදිරිපත් කළාය.


මෙම නව එන්නත් වල අරමුණ දෙයාකාර ය


1). අපගේ DNA ප්‍රතික්‍රමලේඛණය (reprogramming) කිරීම මගින් අපව පාලනය කිරීමට පහසු දෙමුහුන් බවට පත් කිරීම.

2).නව පාලන ක්ෂේත්‍රයක් විවෘත කරවන

ඩිජිටල් එන්නත් හැඳුනුම්පතක් (Digital Vaccine ID) හරහා අපව කෘතිම බුද්ධියට සම්බන්ධ කිරීම.


ගුවන් යානා මගින් මිනිසුන්ට රෝග ප්‍රචාරණය කරන ආකාරය ඇය කිහිප වතාවක් නිරීක්ෂණය කර ඇති බව වෛද්‍ය කැරී මාඩෙජ් (Dr. Carrie Madej) පවසයි. සාධාරණ හේතු නිසා ඇයට මේ පිළිබඳ වැඩි විස්තර ප්‍රසිද්ධියේ බෙදා ගැනීමට නොහැකි වී තිබේ.


සංවිධානාත්මක වසංගත ක්‍රම මගින් ජනගහන පාලනය


ආචාර්ය ජෝන් කෝල්මන් (Dr. John Coleman) CIA සංවිධානයෙ හි සුප්‍රසිද්ධ බුද්ධි නිලධාරියෙකි. ඔහු ‘The Committee of 300’ (300 කමිටුව) නමින් පොතක් ලියා තිබේ. රහස් සමාජ (Secret Societies) විසින් ආණ්ඩු, සෞඛ්‍ය සේවා, ආහාර කර්මාන්ත, මාධ්‍ය යනාදිය හසුරුවන ආකාරය එහි විස්තර කරයි. මෙම පොත CIA වෙබ් අඩවියෙන් සොයාගත හැකිය. (15) http://Download the book of CIA officer Coleman


ආණ්ඩු සහ මාධ්‍ය පාලනය කරන ඉහත බොහෝ රහස් සමාජවල ( Secret Societies ) මූලික අරමුණු වලින් එකක් වන්නේ පෘථිවි ජනගහනය පාලන⁣ය කිරීමයි.


ආචාර්ය කෝල්මන් ඔවුන්ගේ උපාය මාර්ගය ගැන පහත සඳහන් දේ පවසයි.


සීමිත යුද්ධ සහ වේගවත් මාරාන්තික රෝග සහිත සංවිධානාත්මක වසංගත මගින් 2050 වර්ෂය වන විට ලෝකයට ප්‍රයෝජනයක් නැතිව ආහාර අනුභව කරන්නන් අවම වශයෙන් බිලියන 4 ක් පමණ තුරන් කළ යුතුය.


DR. JOHN COLEMAN,

CIA INTELLIGENCE OFFICER


500,000,000 යටතේ මානව වර්ගයා පවත්වා ගැනීම


1980 දී ජෝර්ජියාවේ ග්‍රැනයිට් ස්මාරකයක් පිහිටුවන ලදි. එය ‘Guidestones’ ලෙස නම් කොට ඇත. එහි මාර්ගෝපදේශ 10 ක් නූතන භාෂා අටකින් කොටා ඇත. එම ග්‍රැනයිට් ස්මාරකයේ ම ඉහලින් කෙටි පණිවිඩයක් පැරණි භාෂා හතරකින් කොටා ඇත. පළමු මාර්ගෝපදේශය පහත පරිදි වේ:


1. සොබාදහම සමඟ නිරන්තර සමතුලිතතාවයෙන් යුතුව 500,000,000 ට අඩුවෙන් මානව වර්ගයා පවත්වා ගැනීම.


CIA නිළධාරි ආචාර්ය කෝල්මන් හෙළි කළේ ‘ජනගහනය පවත්වා ගැනීම’ සඳහා ඔවුන්ගේ එක් ක්‍රමයක් වන්නේ ‘මාරාන්තික වේගවත් රෝගවලින් යුතු සංවිධානාත්මක වසංගත’ ඇති කිරීමයි.


මානවවර්ගයා අඩු කිරීම සඳහා එන්නත් භාවිතා කිරීම

ලෝක ජනගහනය 10 – 15% දක්වා අඩු කිරීමේ ඉලක්කය සඳහා නව එන්නත් භාවිතා කළ හැකි බව බිල් ගේට්ස් TED කතාවකදී ප්‍රකාශ කළේය.(16) http://Gates talks about reducing world population using vaccines


‘මේ වන විට පෘථිවියේ බිලියන 6.7 ක ජනතාවක් සිටින අතර ළඟදීම බිලියන 9 ක් වනු ඇත. කෙසේ වෙතත්, නව එන්නත්, සෞඛ්‍ය සේවා සහ උපත් පාලනය ආදිය යොදා ගෙන අප පලදායි කාර්‍යයක් කළහොත් එම සංඛ්‍යාව සියයට දහයේ සිට පහළොව දක්වා අඩු කළ හැකිය’


BILL GATES, VACCINE DEALER


කොවිඩ්-19 එන්නත

ජනගහන පාලනය සඳහාද?

මයික් ඇඩම්ස් (Mike Adams) යනු සුප්‍රකට ආහාර විද්‍යාඥයෙකි.ඔහු ජනප්‍රිය විද්‍යා පොතක් වන Food Forensics හි කතුවරයා වන අතර ISO පිළිගැනීම ලත් CWC Labs හි නිර්මාතෘවරයා ය. මීට වසර ගණනාවකට පෙර ඔහු පහත සඳහන් දේ පැවසීය.


2010 දී රොක්ෆෙලර් පදනම විසින් ප්‍රකාශිත අනාගතය සඳහා වූ කෙටුම්පතේ 2020 ඇති වන වසංගතය භයානක ලෙස විස්තර කර ඇත.

එහිදී, ඔවුන් විසින් පුරෝකථනය කරන ලද වසංගතයට ඇමෙරිකාව සහ චීනය දක්වන එකිනෙකට වෙනස් ප්‍රතිචාර දෙකක් සංසන්දනය කරයි. ඇ⁣මෙරිකා එක්සත් ජනපදය මිනිසුන්ගේ ගුවන් ගමන් දැඩි ලෙස අධෛර්යමත් කළ අතර චීනය සියළු පුරවැසියන් සඳහා අනිවාර්‍ය නිරෝධායනයක් ක්‍රියාත්මක කළේය. පළමු ප්‍රතිචාරය මගින් වෛරසය තව තවත් පැතිරීම සිදු කරන බවට චෝදනා කරන එය හුස්ම හිරවන අගුළු දැමීමක් යෝජනා කරයි.

මෙසේ ඒකාධිපති පාලනය ක්‍රියාත්මක කිරීම විස්තර කරයි.


වසංගතය අතරතුර, ලොව පුරා සිටින ජාතික නායකයින් තම අධිකාරි බලය යොදවා දුම්රිය ස්ථාන සහ සුපිරි වෙළඳසැල් වැනි මහජනයා ගැවසෙන තැන් වලට ඇතුල් වීමේදී අනිවාර්යයෙන්ම මුහුණු ආවරණ පැළඳීමේ සිට ශරීර උෂ්ණත්ව පරීක්ෂාවන් දක්වා තද නීති රීති සහ සීමාවන් පැනවූ හ.


පැහැදිලිව ම අධිකාරි බලය යෙදවීම අපේක්ෂිත ප්‍රතිචාරයයි.නමුත් මෙම ‘අනාගතය සඳහා වූ කෙටුම්පත’ ට අනුව

එය වඩාත් නරක අතට හැරෙයි.


පුරවැසියන්ගේ සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් කෙරෙහි වූ මෙම අධිකාරී පාලනය සහ අධීක්ෂණය වසංගතය මැකී ගිය පසු පවා නතර ව තීව්‍ර විය.


සංවර්ධිත රටවල මෙම උච්ච වූ අධීක්ෂණය විවිධ ස්වරූපයන් ගත්තේය: නිදසුනක් වශයෙන්, සියලු පුරවැසියන් සඳහා ජෛවමිතික හැඳුනුම්පත් (Biometric IDs) සහ ජාතික අවශ්‍යතාවන්ට අත්‍යවශ්‍ය යැයි සැලකෙන ප්‍රධාන කර්මාන්ත දැඩි ලෙස නියාමනය කිරීම ගත හැකිය.


මෙම අනාගතය සඳහා වූ කෙටුම්පතට අනුව (Scenario For The Future) ගෝලීය වසංගතය, ආරක්ෂිතව සිටීම සඳහා මිනිසුන් තම නිදහස සිය කැමැත්තෙන් ම පාවා දෙන උග්‍ර පාලනයක් ඇති කරයි.

ගෝලීය පාලනය සඳහා අත්පොත

ප්‍රකාශිත වසංගතය ඇත්ත වශයෙන්ම දැන් මෙහි ඇති හෙයින්, රොක්ෆෙලර් පදනම තම දෙවන පියවර සමඟ ඉදිරියට පැමිණියේ ය. එය වසංගතය අතරතුර නව පාලන පද්ධති ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳ අත්පොතකි (National Covid-19 Testing Action Plan). අවශ්‍ය සියලු පාලන ජාලා ක්‍රියාත්මක වූ විට පමණක් ලෝකය නැවත විවෘත කළ හැකිය.


උක්ත රොක්ෆෙලර් ග්‍රන්ථ දෙක ඒකාබද්ධ කළ විට, පහත සැලැස්ම හෙළි වේ.


1) . පළමුව ඔවුන් කොරෝනා වෛරසයක් සහිත ගෝලීය වසංගතයක් ප්‍රකාශයට පත් කර එමගින් කුමක් සිදු විය යුුතුද යන්න කියා පායි:එනම් සම්පූර්ණයෙන්ම නව ඒකාධිපති පාලනයක්.


2) . දෙවනුව ඔවුන් මෙම පාලන ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රායෝගික පියවර කියා දෙයි.


” වඩාත් සම්පූර්ණ සම්බන්ධතා ලුහුබැඳීම සක්‍රීය කිරීම සඳහා ඩිජිටල් යෙදුම් සහ පුද්ගල-ආරක්‍ෂිත ලුහුබැඳීම් මෘදුකාංග පුළුල් ලෙස භාවිතා කළ යුතුය.



කොවිඩ් -19 වසංගතය සම්පූර්ණයෙන් පාලනය කිරීම සඳහා, ජනගහනයෙන් බහුතරයක් සතිපතා පරීක්ෂා කළ යුතුය”.


මෙම ‘ අනාගතය සඳහා වූ කෙටුම්පතට ‘ අනුව, එන්නත් ලබා ඇත්තේ කව්රුන් ද යන්න දක්වන ඩිජිටල් හැඳුනුම්පතක් මුළු ලෝක ජනතාවටම ලැබිය යුතු අතර එමගින් ප්‍රමාණවත් එන්නතක් ලබා ගැනීමෙන් තොරව පාසල්, ප්‍රසංග, පල්ලි, පොදු ප්‍රවාහන යනාදිය සඳහා ඇතුළු වීම ප්‍රතික්ෂේප කරයි.


දැන් 2020 දී බිල් ගේට්ස් සහ බොහෝ රජයන් ඉල්ලා සිටින්නේ එයයි.


සෑම කෙනෙකුගේම සම්බන්ධතා පරික්ෂා කළ යුතුය


කාන්දු වූ රජයේ වීඩියෝවකින් (10) Andrew Cuomo talks with Bill Clinton about authoritarian control හිටපු ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ නිව්යෝක් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඇන්ඩ්‍රෘ කියෝමෝ අතර සංවාදයක් දැක්වෙයි. සමස්ත ජනගහනය පරීක්ෂා කිරීම සහ ඔවුන්ගේ සියලු සම්බන්ධතා පරීක්ෂා කිරීම සඳහා විශාල පාලන පද්ධතියක් සකස් කරන්නේ කෙසේදැයි ඔවුහු සාකච්ඡා කරති. මෙම පාලන ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා හමුදාවක් ගොඩ නගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුහු සාකච්ඡා කරති.


‘සිය දහස් ගණනින් පාලන නියෝජිතයන් පත් කළ යුතුය. ඔවුහු සෑම කෙනෙකුම පරීක්ෂා කර පසුව ඔවුන්ගේ අනෙක් සියලු සම්බන්ධතා ද පරීක්ෂා කරති. මෙය මීට පෙර මෙම පරිමාණයට කිසි විටෙකත් සිදු වී නොමැත. මෙය සියලු දෙනාගේ සම්බන්ධතා පරීක්ෂා කරන ප්‍රශ්න කරන්නන්ගේ හමුදාවකි.’

ANDREW CUOMO,

GOVERNOR OF NEW YORK

ගෝලීය පාලනයේ නව මට්ටමක්



Report Page