01

01


01

October 07, 2021

මන්දාරම් තරු 🤎🖇~

J_me & Ziya_hSeptember 15, 2021





Episode 01 🖇


පුර පසලොස්වක හදින් ජපන් අහස ඒකාලෝක වී ඇත . සදට දෙවෙනි නොවෙමින් තන නිල්ලක ඇසිරූ සේපාලිකාවන් මෙන් අහස් කුස පුරා දිදුලමින් සිටිනා තාරකාවෝය . ටෝකියෝ නගරයද විදුලි එලියෙන් ඒකාලෝක වී ඇත . රාත්‍රිය වුවද මහා මාර්ගයන්හි විදුලියන් මෙන් එක පෙලට ඇදෙනා රතවාහනය . රාත්‍රී නවයට කිට්ටු වී තිබුනත් ටෝකියෝ හි කලබල කාරීත්වය මදකුදු අඩු වී නොමැත ...

නගර මද්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති නිලනිවසේ සදලුතලය මතට වී එකි අත්වැටට බර වූ ඔහු බබලන අහස් කුස දෙසට බැල්මක් හෙලීය . කාර්‍යබහුල දිනක නිමාව සනිටුහන් කීරීමට ඔහු හැමදාම මේ පිලිවෙත අනුගමනය කලේය .. කලබලකාරී නගරයේ සිහියෙන් මිදී අහස් කුස දෙසට යොමු කල දැහැන බිද වැටුනේ නද දුන් දුරකතනයේ හඩිනි... ..


බීප්........බීප්............"


ඔහු දුරකථනයේ තිරය දෙස බැල්මක් හෙලා නැවත අහසට තමන්ගෙ අවදානය ලබා දුන්නේය.


නැවතත්


" බීප්......බීප්............"



අහසට මොහොතකට සමුදුන් ඔහු දුරකථන සක්‍රිය කලේය...



" හෙලෝ අම්මා.............."



" අකිලේශ් කෑවද , අද වැඩ කොහොමද , දැන්ම නිදාගන්නවද , මහන්සිද පුතේ...."



එකදිගට එල්ලවෙන ප්‍රශ්න හමුවේ ඔහු සන්සුන් වන්නට වෙර දැරුවේය...



" අම්මා මන් කාල ඉන්නෙ.....අම්මට ඔහෙට වෙලාව රෑ 7 යි ගානක් උනාට මෙහෙ දැන් රෑ 12 ත් පහු වෙලා..."



" මට හැමවෙලේම අමතක වෙනව පුතේ ඔය වෙලා එහෙම....ඉතින් වැඩ කොහොමද....චූටි එහාට වෙන්න ඔයා පස්සෙ ගන්න අයියට....."


අකිලේශ්ගෙ මුහුනේ නොදැනුවත්ව සිනහවක් ඇදුනේ නංගිගේ කෑගැසිල්ලෙන්..ඇය අම්මා ගාවට වී කරදර කරන බව ඔහුට ඉවෙන් මෙන් දැනුනා..


" අම්මා..නංගි ලගද....."



" ඔව් පුතා..චූටිගෙ වැඩේ මට කරදර කරනව..මන් දැනුත් බැන්න......."



" බයින්නෙපා අම්මා..තාම පොඩීනේ..නංගිට දෙන්නකො ෆෝන් එක......."



" පොඩි.....හොද පොඩි...ඉස්කෝලෙ ගිහිල්ලත් ඉවරයි..කොහෙද දන්නැ පොඩි......පුතා මං ගත්තෙ විශේෂ කාරණාවකට......."



" ඒ ගමන මොකක්ද අම්මා.."



" පුතාට තක්කෙටම ගැලපෙන ගෑනුලමය හොයාගත්තා... අපිටම ගැලපෙන පව්ල.. ගැනුලමයගෙත් වරදක් නෑ....වයසනම් ටිකක් අඩුයි..ඒක ගලපල ගන්න බැරියෑ.."




" අනේ අම්මා මට වැඩ තියෙනව..ඕව පස්සෙ කතාකරගමු....."




" අකිලේශ් ඔයාගෙ කසාද බදින වයසත් පහු වේගෙන එන්නෙ....අනික මේ ලමය දුනුසිංහ පරම්පරාවෙ කෙනෙක්....අරලියා රිශ්වි දුනුසිංහ..සීදේවි නම.....ඊලග සතියෙ අනිවාර්යයෙන් මෙහෙට එන්න ඕනෙ මේ කටයුතු පිලිවෙලක් කරගන්න.....මන් තියනව...බුදුසරණයි පුතා....."



අකිලේශ්ගෙ කල්පනාව රැදී තිබුනේ ඇයගෙ නමටය.....



" අරලියා රිශ්වි දුනුසිංහ..............."



ඇයගෙ නමෙන්ම ඔහුගෙ මුහුනට ආලෝකයක් ගෙන ආවා.....ඔහු හිස් අහස් තලය දෙස බලා සිටියේ ඇගේ නම මුමුනමින්..............



.........................................................................................................................................



"අනේ බෑ අප්පච්චි.... මට කසාද බදින්න බෑ.... අනික මොන මනුස්සයෙක්ද කවුද දන්නේ...මට බෑ....."

අරලියා තේ කෝප්පය පොලවේ ගසා කැගසන්නට වූවාය.


"නොදන්න මනුස්සයෙක් නෙවේ... වර්නකුලසූරිය වලව්වේ ලොකු පුතා...ජපන් තානාපති කෙනෙක් ලමයෝ.. ඔයාට නිදහස දුන්න හොදටම වැඩී... ඔයා මොඩ්ලින් කරන්න ඕනෙ කිව්වා අපි ඔයාට නිදහස දුන්නා.. දැන් අපි කියන දේ කරන්න... කිසි වෙනසක් නෑ මේ තීරනේ...අනික ඔය පොලෙ ගැහුව කෝප්ප තමන් ඉපදෙද්දි ගෙනාපුව වෙන්නැති... සිරිපාල!! අල්ලන්නෑ උබ ඕක... අරලියා අස් කරල දායි..."

රෝහන කේන්තියන් පිලිතුරු දී නැගිට තම කාමරයට වැදුනි...


අරලියාට හැඩුම් එන්නට විනි..


කදුලු වලට දෙකම්මුල් ආක්‍රමණයට ඉඩ දුන් ඈ ගැහෙන ඇගිලි තුඩින් වීදුරු කටු අස්කර සදලු තලයට ආවාය....


සදලුතලයේ අත්වැටට බර වූ ඈ අදුරු අහසට දෑස් යොමු කලාය.. දෙකොපුල් තමමින් කදුලු කැට එකිනෙක වැටෙන්නට විනි...


අරලියා දුනුසිංහ වූ කලී දුනුසිංහ වලව්වෙ එකම දරුවා වූ අතර ඒ නිසාම ඈට කුඩා කල සිටම අසීමිත නිදහසක් තිබිනි.. නමුත් ඇගේ සිහිනය වූ නිරූපිකාවක් වීමේ සිහිනයට නිවැසියන්ගෙන් බාධා එල්ලවූයේ ඔවුන් වලව්කාරයන් වූ බැවින් ඔවුන් තුල තිබූ හණමිටි අදහස් නිසාය...


"මෙන්න විශේෂ පුවතක්


වසර මිලියන 1200කට පසුව එලෙඹෙන අද 2020.01.10 වන දින උල්කාපාත වර්ශාවක් ඇද හැලීමට නියමිතය.චන්දන බණ්ඩාර මහතා පවසන ආකාරයට මෙවන් සිදුවීමක් නැවත එලෙඹෙන්නෙ තව වසර 900කට පමණ පසුවය....ඒ වගේම මේ සිදුවීම සියැසින් දැකගැනීමට අවස්තාවක් ශ්‍රීලන්කාකියන්ට උදාවන්නේ වසර 7800කින්... මෙවර මෙම උල්කාපාත වර්ශාව දර්ශනය වන්නේ ජපානය , තායිවානය , කාම්බෝජය , ශ්‍රී ලන්කාව , උගන්ඩාව සහ නයිජීරියා යන රටවල් වලටය.. ඉතින් මේ ආශ්චර්‍යමත් දර්ශනය සියැසින් දැක ගැනීමට ඔබත් එකතු වන්න..." හඩතලන රූපවාහිනිය ක්‍රියා විරහිත කල ගිය අරලියා ජනේලයෙන් අහස දෙස බැල්මක් හෙලා විගසින් මැදමිදුලට දිව ගියාය...


....................................................................................................................................


සදලුතලයේ අත්වැටට බර දුන් අකිලේශ් අහසට දෑස් යොමුකලේ වෙනදාට වඩා වෙනස් යමක් දැකීමේ ආශාවෙනි..


වසර මිලියන 1200කට පසුව සිදුවීමට නියමිතව තිබූ ආශ්චරියමත් ක්‍රියාවලිය අහසේ සිදුවීමට ගත්තෙද ඒ මොහොතේදීමය........දිලිසෙන බෝල වැනි උල්කාපාත අහසේ එහාකොනක සිට මෙහා කොනකට යද්දි අකිලේශ්ට මතක් වුනේ පොතක තිබූ වගන්තියකි..


" උල්කාපතයක් වැටීමේදි ප්‍රාර්ථනාවක් සිදුකලහොත් එය ඉටුවෙයි......."



අතීතයේදි එය බොළද දෙයක් ලෙස සිතුවත් උල්කාපාත වැටෙන අහස දෙස බලාසිටි ඔහුට එය නොකර ඉදීමට හේතුවක් නොපෙනුනේය....


ඔහු සෙමෙන් දැස් පියාගත්තේය..


තරු ගහන අහස දෙස බලාහුන් අරලියාටද මතක් වූයෙ කුඩා කල අත්තම්මා කියාදුන් සුරංගනා කතාවකි.. එය කඩා වැටෙන තරුවක් දැක ප්‍රාර්තනා කල ගෑනුලමයෙකු පිලිබද කතාවක් විය.. මදහසක් නගාගත් ඈ දෑස් පියාගත්තාය



" මම........."



" මම....."



" ප්‍රාර්ථනා කරනව........"



" ප්‍රාර්ථනා කරනව........."



" අරලියා මගෙ හිතේ මැව්න රූපෙම වෙලා අපි දෙන්නට ජීව්තකාලෙටම සතුටින් ඉන්න ලැබෙන්න කියල.........."



" මේ කසාදෙ කොහොමහරි කැඩිල යන්න කියල............"



දුනුසිංහ වලව්වෙ අරලියාගෙ සහ ටෝකියො නුවර සිටි අකිලේශ්ගෙ ප්‍රාර්ථනාවද තාරකාවන් සමග මුසුවී අහස් තලයෙන් නික්මුනහ.


.........................................................................................................................................



දිනය : 2021.01.17

වෙලාව : ප.ව 02.05

ස්ථානය : කටුනායක ගුවන් තොටුපල


කලු පැහැ සූට්කේසයක් රැගත් අකිලේශ් ආරක්ශකයන් පිරිවරාගෙන ගුවන්තොටුපලෙන් නික්මුනේය...


"ආයුබෝවන් සර්..."

තමාව පිලිගැනීමට සූදානම් ව සිටි අය දෙස මදහසක් පෑ ඔහු එලියට එනවිටම දුටුවේ.........


To be Continued...



Hello 💙🍀

අපි J_me & Ziya_h💗🖇~

INTERNATIONAL සහ සිතුවමක ඇදි ආද්‍යා ඔස්සෙ ඔයාල අතරට වෙන වෙනම ආපු අපි මේ සැරෙ මන්දාරම් තරු කියන කතාව ඔයාලට ගෙන එනව...

මේක අපි දෙන්නම එකතු වෙලා ලියන පළවන කතාව...

ඒ වගේම ඔයාල දකින්න ඇති උඩින් bold කරල තියෙන වාක්‍ය..

" සදට පෙම්බැදි තාරකාවො නිල්පලසෙන් නික්ම යති.."

අපි අද එකේ සිට ඊලගට එන හැම එපිසෝඩ් එකෙන්ම ඒ වගේ කතාවට ගැලපෙන වාක්‍ය නිසදැසක් දානව.....ඒක පොඩි theme එකක් වගේ..උදාහරණයකට අද theme එකෙන් මුලු එපිසෝඩ් එකම සාරාංශ කරල තියෙනව.

ඔයාලා මේ වෙනසට කැමතිවේවි කියල අපි හිතනව.ඔයාලටත් පුලුවන් අද කොටස ගැන ඒ වගේ වාක්‍යයක් ලියල දාන්න...ලස්සනම ගැලපෙනම වාක්‍ය අපි ඊලග කොටසෙ යටින් දානව.......🍀



ඉතින් කියවල අපේ අලුත් කතාවෙ අඩුපාඩු සහ අදහස් අනිවාර්යයෙන්ම යටින් දාගෙන යන්න.


                                Thank you 🤎🖇~

                                J_me & Ziya_h














Report Page