තාමත් ආදරෙයි මන්( Reply Story )

තාමත් ආදරෙයි මන්( Reply Story )

Ishuu💖💖



"ලොකු දූ...... ලොකු දූ........"


"ඇයි අම්මා...... මම කාමරේ....."


"හෙට අර මිනිස්සු එනවා කිව්වා....... මේ කටයුත්තටවත් කැමති වෙන්න දරුවෝ.....

කවදා වෙනකන් ඔහොම ඉන්නද......"


"අනේ මට බෑ අම්මා... ඇයි ඔයාලා තේරුම් ගන්නේ නැත්තේ..... මට බෑ මම කැමති නෑ......."



"දැන් ඔහොම බලන් හිටියා කියලා ගිය මිනිස්සු ආපහු එනවද දරුවෝ..... ඇයි මේ...... දැන් කී කාලයක් නම් මෙහෙම ඉන්නවද.... තව කොච්චර කල් ඔයා ඔහොම තනියම ඉන්නද.... මේ නාකි මායි අප්පච්චි දෙන්නත් මැරිලා ගිය දවසට උඹ කොහොමද තනියම ජීවත් වෙන්නේ....... අනේ පුතේ මේ අම්මයි අප්පච්චි ගැන හිතලවත් හෙට එන දරුවට කැමති වෙන්න......"



අදට හරියටම අවුරුදු තුනක්.... ඔව් අයියේ ඔයා ඔයාගෙම කියලා අලුත් ජීවිතේකට ගිහින් අදට හරියටම අවුරුදු තුනක්.... එදායින් පස්සේ මම ඔයාව දැක්කෙත් නෑ...... ඔයා ගෙදර ආවත් මම ඔයාලගේ ගෙදර ආවේ නෑ..... ඒ ඉරිසියාවකට නෙමේ.... ඒත් මේ විදවන හිතට ඔය රූපේ දැක්කම දරාගන්න බැරි වෙයි... මම දන්නවා ඔයා ඔයාගේ ආදරේ එක්ක ගොඩාක් සතුටින් ඇති.... සමහරවිට දැන් චූටි පැටියෙකුත් ඇති..... හැමදාම ඔයා සතුටින් ඉන්න ඕනි..... හැමදාම සතුටින් ඉන්න ඕනි.....



ඒත් මම...... හ්ම්ම්ම්.... අදටත් එතනමයි..... ඔයාගේ මතක එක්ක තාමත් විදවනවා.... තනියෙන් ඔයාට ආදරේ කරපු හිත තාමත් එතනට වෙලා තනියෙන් විදවනවා....ඔයා වැරදි නෑ..... ආදරේ කරේ මම..... ඉතින් තනියම ආදරේ කරපු වැරැද්දට මම විදවනවා..... ඒත් මම හින්දා මගේ අහිංසක අම්මටයි අප්පච්චිටයි තවත් දුක් දෙන්න බෑ..... හෙට එන්නේ කවුරු උනත් ඒ දෙන්නගේ සතුට වෙනුවෙන් මම කැමති වෙනවා.... කොහොමත් මට වැරැද්දක් වෙන දෙයක් කවදාවත් එයාලා කරන්නේ නෑ කියලා මම දන්නවා....

................................................................

උදේම නිල් පාට සාරියක් ඇදලා ඉනෙන් පහලට වෙන්න තියන කොන්ඩෙත් ගොතාගෙන ලෑස්ති වෙලා ඇදේ ඉදගෙන හිටියේ අම්මා ඇවිත් කතා කරනකන්...... කවුරු ආවත් කැමැත්ත දෙන්න මම හිතාගෙන ඉවරයි.....


ටිකකින් ඇහුනේ වාහනයක් ඇවිත් ගෙදර මිදුලේ නතර කරන සද්දේ..... අඩි සද්ද වගේකුත් ඇහුනා ගේ ඇතුලට කට්ටියක් එන.....


" ලොකු දූ...."


විනාඩි දහයක් යන්න ඇති..... ඇහුනේ අම්මා මට කතා කරගෙන කාමරේට එන සද්දේ.... සාරියත් ටිකක් හදාගෙන ඇදෙන් නැගිටිනකොටම අම්මා ආවේ කාමරේට......


"අනේ මගේ රත්තරන්.... ඇස්වහක් නෑ දරුවෝ... ගොඩාක් ලස්සනයි මගේ දූ..... "


ඒ ඇස්වල කදුලු.... මම දන්නවා ඒ සතුටට කියලා..... අම්මා දුන්න හෙප්පුවත් අතට අරන් අම්මගේ පිටිපස්සෙන්ම එලියට ගියේ බිම බලාගෙන....


අම්මා ගිහින් නැවතුනාම මමත් ඔලුව උස්සලා බැලුවා.... මුලින්ම දැක්කේ කහ පාටින් ඔසරියක් ඇදන් ඉන්න අපේ අම්මගේ වයසේ වගේ ගැහැනු කෙනෙක් එක්ක කහ පාටම ශර්ට් එකක් ඇදගෙන හිටපු පිරිමි කෙනෙක්......... මම හිතන්නේ ඒ තමා අම්මයි තාත්තයි..... ඊටපස්සේ මම බැලුවේ එතනම එහා පැත්තේ හිටපු මනමාලයා දිහා....


මනමාලයා දැකපු මගේ ඇස් දෙක අදහාගන්නත් බැරි උනා.... මොකද මම හීනෙන්වත් හිතුව කෙනෙක් නෙමේ ඒ හිටියේ..... විහස් අයියා..... ඔව් මිනුක අයියෙගේ හොදම යාලුවා.... අවුරුදු ගානක් මගේ පස්සෙන් ඇවිත් මම කැමති උනේ නැති නිසා විහස් අයියා මගේ පස්සෙන් එන එක නතර කරා.... ඒත් මිනුක අයියා නම් කිව්වේ මට කරදර කරන්න බැරි නිසා එහෙම ඉන්නේ නැත්තන් තාමත් විහස් අයියා මට කැමති කියලා.... ඒ මොන දෙයක් උනත් මිනුක අයියා මාත් එක්ක විහස් අයියා ගැන කතා කරලා නෑ... එයා කැමති නෑ මාත් එක්ක විහස් අයියා ගැන කතා කරන්න.....


කල්පනාවෙන්ම මම ගිහින් හෙප්පුව දුන්නේ විහස් අයියගෙ අතට..... ඒ මූණ නම් සතුටින් පිරිලා... ඇස් වලිනුත් එක්ක හිනා වෙනවා..... ඔව් සතුටු ඇති අවුරුදු ගානක් තනියම ආදරේ කරලා ඒ ආදරේ සදහටම අයිති කරගන්න පුළුවන් කියලා දැනෙනකොට ගොඩාක් සතුටු ඇති ඒ හිතට.... ඒත් මට පුළුවන් වෙයිද විහස් අයියට ආදරේ කරන්න..... සමහරවිට කාලය හැමදේටම උත්තර දේවි......

...............................................................



බාහුං සහස්ස මභිනිම්.........



පෝරුව උඩට වෙලා ලස්සනම ලස්සන ඔසරියක් ඇදගෙන මාල හතකුත් දාගෙන සුරංගනාවියක් වගේ ඉන්න උඹ දිහා මම බලන් හිටියේ හිනා වෙලා.... ඒත් මේ හිත අඩන තරම් දන්නේ නෑ වෙන කවුරුත්..... දන්නේ මමම විතරයි.... මම උඹට ආදරේ කරපු තරම්.... නෑ කරපු තරම් නෙමේ කරන තරම්.... අදටත් ආදරෙයි මම.... ගොඩාක් ආදරෙයි මගේ මැණික..... ඒත් මම වෙන කෙනෙක්ගේ වෙලා.... උඹට ආදරේ කරන මේ හිත උඹ ගාවම තියලා මට වෙන කෙනෙක්ගේ වෙන්න උනා.... තාත්තත් නැතුව මාව බලාගත්ත මගේ අම්මට පිටුපාන්න බැරි හින්දා උඹට ආදරේ කර කර මට වෙන කෙනෙක්ගේ වෙන්න උනා....

උඹත් මට ආදරෙයි කියලා මට නොදැනුනා නෙමේ.... ඒත් මොකක්ද බං මම කරන්නේ....අම්මා මට කසාද බදින්න කෙල්ලෙක් හොයලා කියලත් මම උඹට නොකිව්වෙත් උඹ මගෙන් ඈත් වෙයි කියලා.... මම හිතුව දේම උනා.... උඹ ඒක දැනගත්ත දවසෙන් පස්සේ මට මූණ දෙන්න ආවේ නෑ... අඩුම අපේ ගෙදරවත් ආවේ නෑ උඹ.... දන්නවා උඹත් විදවනවා කියලා..... උඹ හිතන්නේ මම සතුටින් ඉන්නවා කියලද බං..... නෑ බං නෑ..... මට තාම බැරි උනා හිත හදාගන්න......


හීන මැව්වේ උඹත් එක්ක පෝරුවට නගින්න..... විහස් උඹව ඕනි ඕනි කියනකොට මම ඌට කිසිම උදව්වක් නොකර හිටියේ මට උඹව ඕනි හින්දා.... වෙන එකෙක්ට උඹව දෙන්න ලෝභ හින්දා.... ඒත් ඒ හීන මුකුත්ම හැබෑ කරගන්න බැරි උනා.... මේ ආත්මේ හැබෑ කරගන්නත් බැරි වෙයි.... මොකද අකමැත්තෙන් උනත් මම දැන් වෙන කෙනෙක්ගේ....උඹත් එහෙමයි..... උඹ දැන් විහස්ගේ....ඌට අයිති වස්තුවක්..... මම දන්නවා ඌ පන ඇරලා ආදරෙයි උඹට.... දුකක් නොදී බලාගනී උඹව.... ඉතින් ඒ ගැන හිතලා සතුටු වෙන්නම් මම.... හැමදාම සතුටින් ඉන්න මැණික......



පෝරුවෙන් බැහැලා උඹ එනවා විහස් එක්ක.... අවුරුදු කීයකට පස්සෙද මම මේ දකින්නේ.... ලගට ඇවිත් රිදෙන්නම තුරුල් කරගන්න හිතෙනවා.... ඒත් බෑ උඹ මට අයිති නෑ දැන් කොහොමටවත්.....



" මචං මිනුකයා...."


" ඉතින් ඉතින් උඹ කොහොමහරි අයිති කරගත්තා නේද.... "



" දන්නවනේ කොල්ලෝ මේ මගේ පණ.... අවුරුදු ගානක් ඉදන් ලව් කරන්නේ..... කොහෙද ඉතින් කැමති උනේ නෑනේ ඒ කාලේ... එහෙනම් ඉතින් මේ වෙනකොට මම අප්පච්චියෙක්....."


" හම්මෝ ඉතින් ඔව් ඔව්.... දැන් ඉතින් ලියලම අරන්නේ තියෙන්නේ..... අප්පච්චියෙක් කරන්න කියපන් ඉක්මනින්....."



කොහොමද අයියේ ඔහොම හිනා වෙලා කතා කරන්නේ.... පොඩිම දුකක්වත් නැද්ද ඔය හිතේ මම වෙන කෙනෙක්ගේ උනාට....


හ්ම්ම්ම් මට සතුටුයි අයියේ..... ඔයා සතුටින් නම් මම සතුටින්.... විහස් අයියත් මට ගොඩාක් ආදරෙයි.... ඇත්තටම එයා ගොඩාක් සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්.... මට කැමති විදියට ඉන්න දීලා පිටිපස්සෙන් ඉදන් මාව ආරක්ෂා කරන කෙනෙක්.... මගේ අම්මයි අප්පච්චි වැරැද්දක් කරේ නෑ කියලා එයාගේ ගතිගුණවලින්ම තේරෙනවා...ඒත් මට බයයි.... ඒ වගේ එයාටත් ආදරේ කරන්න මට මගේ හිත හදාගන්න තාම බැරි උන හින්දා....


ඒත් ඒ ආදරේට කිසිම බොරුවක් වංචාවක් කරන්නේ නෑ මම... එහෙම කරොත් ඒක ගෙවාගන්න බැරි පවක් වෙයි....


ඉතින් මෙතනින් පටන් ගත්ත මේ ජීවිතේට මම හුරු වෙනවා...... කලිනුත් කිව්වා වගේ මම විශ්වාස කරනවා කාලය හැමදේම හරිගස්සවයි...




සමහරවිට දවසක් ඒවි... ඒ හිමි නොවුන ආදරණීය හිත් දෙකම සතුටින් පිරෙන... නැතිනම් එක් හිතක් සතුටු වෙන විටෙකදී තවත් හිතක් මරණය තෙක්ම විදවන.... එසේත් නොවේ නම් ඒ හිත් දෙකම විදවාවි ජීවිතයේ අවසානය එන තෙක්..... ඒ කෙසේ වුවත් අනෙකාට පෙනෙන්නට දෙදෙනාම සිනාසේවි..... තමන් සතුටින් බව අගවාවී... ඉතින් අනෙකා සතුටින් සිටිනවා යැයි සිතා දෙදෙනාම හිත හදාගනීවී......




🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

රෙශානි අක්කගේ කතාව රිප්ලයි එකක් විදියට ලිව්වේ මේක.... මගේ පලවෙනි රිප්ලයි ස්ටෝරිය....කලින් නම් රිප්ලයි ස්ටෝරි ලියලම නෑ....

ඉතින් හැමෝම අදහසක් කියාගෙන යමු...


අක්කගේ කතාව...

https://telegra.ph/%E0%B6%AD%E0%B6%B8%E0%B6%AD-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-%E0%B6%B8%E0%B6%B1-12-30



මම ishuu💖💖









Report Page