වැරදිකාරයෙක් ද..

වැරදිකාරයෙක් ද..

💖Inhaa💖



මුලු ගෙදරම කණපිට හරවලා.

 කුස්සියෙ තිබුණ හැලි වලං , අල්මාරියෙ තිබුන රෙදි , මේසෙ උඩ තිබුණු පොත් ටික...  




"ඇයි මේ..."



"පොලිසියෙන් ඇවිල්ලලු. හොරට කසිප්පු පෙරලා කියන්නෙ.."



"හහ්.. අර අම්මණ්ඩිගෙ උද්දච්චකමනම් කොහොමද.."




"ඔහොම වෙලා මදි ඕකුන්ට." 




"මම කවදාවත් හිතුවෙ නෑ ඌ ඔය වගේ වැඩ කරනවා ඇති කියලා.." 





"අරකිගෙ තාත්තා පොලිසියෙන් අල්ලන් ගිහින්ලු බන්. හොඳ වැඩේ ඕකිලගෙ ලොකුකමට." 




"මොන තරම් සල්ලි නැති උනත් ඕවා කරන්න ඕනි නෑනෙ.."





ගමේ තැන් තැන් වල කසු කුසු... සමහර කතා ඉරිසියාවට. තවත් සමහරු තරහට...






ඒත්.. ඒ හිතේ තිබුණ කතාව...




ඒ කතාව දන්නෙ ඒ බිත්ති හතර ඇතුලෙ ජීවත් උණ යන්තමින් පණ ගැහෙන හදවත් හතර විතරයි. 




"අම්මේ.. හෙට පන්ති සල්ලි ගෙව්වෙ නැත්තන් පන්තියට යන්න දෙන්නෙ නෑ කීවා." 




"අම්මේ හෙට එනකොට ඉස්කෝලෙට රුපියල් දාහක් ගෙනියන්න කීවා."




"ගේ හරියෙ උයන්න කිසි දෙයක් නෑ. කෙල්ලො දෙන්නට කන්න හදන්නවත් දෙයක් නෑ." 




"හ්ම්ම්. බලමුකෝ" 



ඒ වචන ඇතුලෙ ලොකු වේදනාවක්.





කැඩිච්ච අතත් එල්ලගෙන රුපියල් එක්දාස් පන්සීයක දවසෙ පඩියට වැඩ කරන හයිය මනුස්සයෙක්.. 




ගෙදර වියදම් පිරිමහගන්න කරන්න පුලුවන් හැමදේම කරන යකඩ ගෑණියක්...




අම්මා තාත්තා විඳින දුක දන්න ඒ දුකෙන් ගැලවෙන්න දඟලන කෙල්ලො දෙන්නෙක්..



ගෙදර හැමදේම කරන්න. කෙල්ලො දෙන්නට උගන්නන්න දවසකට හම්බවෙන මේ සොච්චම් ගාන ඇතිද...




යාලුවො කියලා ඉන්න උන් ඉන්නෙ ළඟ සල්ලි තියෙනකල් විතරයි...




වෙන විකල්ප නෑ. මේක තමා එකම විසඳුම...




සීනි කිලෝ දහයක් කඩෙන් ගත්තෙ ණයට..



කවදා කරපු දේවල්ද මේ...




කෙල්ලො දෙන්නා ඉගෙන ගන්නකල් විතරයි මේ සේරම...



~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


"තමුන්ගෙ නම.."



"සිරිසේන සර්.."




"වයස.."



"හතලිස් තුනයි මයෙ හිතේ.."



"නෝනගෙ නම."


"කාන්ති.."



"ඇයි මේවා කරන්නෙ.කෙල්ලො දෙන්නෙක් නේද ඉන්නෙ. උන් පාරෙ බැහැලා යන්නෙ කොහොමද කියලා හිතුවද... උන්ට ලැජ්ජා වෙනවා කියලා හිතුනෙ නැද්ද තමුසෙට.."





"කෙල්ලො දෙන්නා වෙනුවෙන් තමා සර් මේ සේරම. උන්ට කන්න දෙන්න. උන්ට උගන්නන්නයි මේවා කරන්නෙ. නැතුව ආසාවකට කරනවා නෙවෙයි අපිත්." 




"හහ්.. කන්න දෙන්න උගන්නන්න ඕවා කරන්නම ඕනිද.. තමුන්ට නඩුවක් දානවා. අදාල දවසට උසාවියට එනවා. මින් පස්සෙවත් මේවා නොකර ඉන්න බලනවා."




"එහෙමයි සර්."



~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~



"ආ කුමාරිහාමිගෙ රැස් බැහලා දැන්"



"මොන රැස්ද අනේ. මෙච්චරකල් ලොකු කමට ඉඳලා තියෙන්නේ තාත්තා හොරට කසිප්පු පෙරද්දිනෙ.."




"ඔව් ඒයි. අපේ තාත්තත් ගිහිල්ලනෙ එදා.. ශික්. මොන ලැජ්ජාවක්ද නේහ්..." 





අමතර පන්තියේ දොරලඟින් ඇහෙන ඒ කතා..



කෙල්ලගෙ කකුල් ගල් වුනේ ඉබේටමයි..



කවුරු මොනා කීවත් වචනයක් නොකියන කෙල්ල ආපහු හැරිලා පන්තියේ දොර ලඟට ගියේ තමන්ගෙ තාත්‍තට මේ අපහාස විඳින්න වුනේ අපිට උගන්නන්න සල්ලි හොයන්න ගියපු නිසා නේද කියලා මතක් වුන නිසා.




"මොනාද තමුසෙලා කියවන්නෙ. ලොකුකමද.. රැස් බැහැලද.. ආ... උබලට හැමදාම පෙනුනෙ වැරැද්ද විතරයි.කවමදාවත් ඒ මනුස්සයා ඒ වැරැද්ද කරන්න පෙළඹුනේ ඇයි කියලා හිතලා තියේද.. ඔව් මගේ තාත්තා හොර අරක්කු පෙරුවා.මම ඒක කියන්න ලැජ්ජා වෙන්නෙ නෑ. මොකද මම දන්නවා මගේ තාත්තා එච්චර දුක් විඳින්නෙ මෙච්චර අපහාස විඳින්නෙ ඇයි කියලා. මගේ තාත්තා මේ හැම දේම කලේ මටයි නංගිටයි උගන්නන්න. අපිට කන්න දෙන්න. 




සමාජෙ මිනිස්සු කරන වැරදි වලට උබලා ගරහනවා විතරයි. කවමදාවත් උබලා වගේ උන් හිතන්නෑ ඇයි මේ මනුස්සයා මෙහෙම දෙයක් කලේ කියන එක. කවමදාවත් නෑ.  




උබලා කවුරු මොනවා කොහොම කීවත් සමාජෙ මිනිස්සු මොන මොන කතා කියලා හිනා වුනත් මට මගේ තාත්තා වැරදි කාරයෙක් නෙවෙයි යකෝ. මගේ තාත්තා තමයි මගේ ලෝකෙ වීරයා. මගේ වීරයා..



~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~  



වසර දහයකට පසු.... 





" ඔව්.. මීළඟට මම ආරාධනා කරනවා අපේ ප්‍රධාන ආරාධිත අමුත්තිය වන වෛද්‍ය භාශිනී සංකල්පනා මෙනවියට ඔබ සැම අමතන ලෙස..  





මෙච්චර පිරිසකගෙ අත්පොලසන්... ඔව්. ඒ ඈ වෙනුවෙන්... ඒ හැමෝම ඇගේ කතාව අහන්න ආපු අය..




සියලුදෙනාගෙන්ම අවසරයි... මම අද කියන්න යන්නෙ මගේ කතාව. 



මීට අවුරුදු ගානකට කලින් එක දවසක්.....




මුලු ගෙදරම කණපිට හරවලා... කුස්සියෙ තිබුණු හැලි වලං , අල්මාරියෙ තිබුණු රෙදි , මේසෙ උඩ තිබුණු පොත් ටික.............


ඔව්.. ඔන්න ඕකයි මගේ කතාව... අද මම ඩොක්ටර් කෙනෙක්.. මගේ නංගි පයිලට් කෙනෙක්.. අම්මයි තාත්තයි දෙන්නම රජ මාලිගාවක ජීවත් වෙනවා වගේ මගේ ලඟ ජීවත් වෙන්නෙ..



හැබැයි... මම අදටත් පිලිගන්නෙ නෑ මගේ තාත්තා වැරදිකාරයෙක් කියලා. මගේ තාත්තා එදා කලේ වැරැද්දක් කියලා. මොකද මගේ තාත්තා ඒ හැමදේම කලේ කවුරු වෙනුවෙන්ද කියලා මම දන්නවා. 




ඒක නිසා හැමදාටම මගේ ලෝකෙ වීරයා මගේ තාත්තා...







දන්නෑ...


මම මුකුත් කියන්නෑ.



ගොඩාක් කාලෙකින් කතාවක් ලීවෙ..



ලීවෙ මොනාද ලියවුනේ මොනාද ලියන්න හිටියෙ මොනාද කිසිම දෙයක් මම දන්නෑ...


ඔහේ ලියාගෙන ගියා..


ඒක නිසා ඔයාලම කියන්න. මම බලන් ඉන්නවා ඔයාලා කියන දේවල් අහන්න.


අද කතාවෙ අඩුපාඩු ගොඩාක් ඇති. මොකද වෙනදට මම කතාවක් ලියපු ගමන් යවන කෙනා. ඒ කෙනා අද මං ලඟ නෑ. ඒක නිසා මේක කොහොමද කියලා මම දන්නෙත් නෑ..


බලමු නේහ්...

ආ ලස්සන ලවර් පික් එකක් හදලා දුන්නා මගේ හිරුසඳුවා. තැම්කූ බබා.


එතකොට කෞපියෝ.. තැම්කූ කතාවට නමක් දාලා දුන්නට..



මගේ හසී බම්ලෝ. උබටත් තැම්කූ ගොඩාරියක් ඒයි.


මොකද හිතන්නෙ.. භාශිනීගෙ තාත්තා වැරදිද... මේ සමාජ ක්‍රමේ වැරදිද...



කියන් යන්න..



ආයෙත් එන්නම් බුදුසරණයි


මං ඉන්හා 💖💫




Report Page