☸️🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏☸️

☸️🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏☸️

Poornima Gunasekara

🥀🌹සමාජය දෙස බලනකොට, ආදරය කියන වචනයේ අර්ථය හරිම සංකීර්ණ බවකුයි පෙනෙන්නේ. නමුත් ධර්මයේ ඇසින් ආදරය කියන අර්ථය විග්‍රහ කරත්දී, ආදරය කියන්නේ සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන අර්ථයටයි.��සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවයේ , උපකාරයෙන්, භවයෙන් භවය, ආදරය බැඳීම් සොයාගෙන යනවා. කුසල් සංස්කාරයන්ගේ හේතුවෙන් ආදරය ශක්තිමත් වෙනවා වගේම, අකුසල් සංස්කාරයන්ගේ ප්‍රතික්‍රියා හේතුවෙන්, ආදරය අනාදරයක් බවටත් පත්වෙනවා.��වරක් භික්‍ෂුව මුණගැසීමට ආදරය, අනාදරයක් බවට පත් කොටගත් තරුණ මහත්මියක් පැමිණියා. ඇය ප‍්‍රකාශ කළේ, ස්වාමින් වහන්ස, මම මගේ සැමියාට දෙවියකුට වඩා ආදරයෙන් ගරු කරනවා. යුතුකම් ඉටුකරනවා. නමුත් මගේ සැමියා වෙනත් කාන්තා ඇසුර වගේම, මත්වතුර බොනවාය කියලා.��ඉහත ප‍්‍රශ්නය තුළින් භික්‍ෂුව සුන්දර ධර්මයක් දැක්කත්, එම තරුණ බිරිඳ, මෙම ප‍්‍රශ්නය දැක්කේ දික්කසාදයට මාර්ගයක් හැටියටයි. ඇය තුළ දික්කසාදයක් උදෙසා සකස්වෙන සිතත්, අතීත සංස්කාර හේතුවෙන් සකස් වෙන දැනීමක් බව, ඇය දැනගෙන සිටියේ නැහැ.��පිංවත් ඔබ ආදරයට ආදරය කරන්න, ඔබ ලබන අවංක ආදරයට ඔබ වංචා කළොත්, ඔබ ගරු නොකළොත්, අනාගත භව ගමනේ, ආදරය ඔබට, සෙනෙහසක් නැති කාන්තාරයක්ම වේවි.��ආදරය කියන්නේ බොරුවක්ය කියලයි, භික්‍ෂුව, අත්දැකීම් තුළින් සටහන් තබන්නේ. නමුත් මේ බොරුව, පින්වත් ඔබේ පින විසින් ඔබට සඟවලයි තිබෙන්නේ. ඔබේ පටිච්චසමුප්පන්න පින, ආදරය බොරුවක්ය කියලා, කවදාකවත් ඔබට හඳුනාගන්න දෙන්නේ නැහැ. ��නමුත් භික්‍ෂුවගේ ගිහි ජීවිතයේදී, අකුසලය කියන කාරණය නිරතුරුවම විපාකයට පැමිණියා. ඒ නිසාම භික්‍ෂුවට පුළුවන් වුණා. ආදරය කියන්නේ බොරුවක්ය කියලා හඳුනාගන්න. පින්වත් ඔබේ පටිච්චසමුප්පන්න පින ශක්තිමත් නම්, ආදරය ඔබට සුන්දර ආදරයක්මයි. පින්වත් ඔබේ පටිච්චසමුප්පන්න පින දුර්වලවෙත්දී ආදරය ඔබට විරහවක්, වේදනාවක්ම වෙනවා.��මෙය සටහන් තබන භික්‍ෂුව, අද හොඳාකාරව දන්නවා, ආදරයත්, අනාදරයත්, කියන්නේ සංස්කාරයන් හේතුවෙන් සකස්වෙන, අනිත්‍ය වූ සංස්කාරයක්මයි කියලා. ඒ නිසාම භික්‍ෂුව නැවත කවදාකවත්ම, කාටවත්ම ආදරය කරන්නේ හෝ අනාදරය කරන්නේ නැහැ. ආදරයත්, අනාදරයත්, හේතුඵල ධර්මයේ උපේක්‍ෂාව තුළින්ම දකිනවා.��වර්තමාන තරුණ පරම්පරාවේ පින්වතුන්ලා සිතනවා, ආදරය ශක්තිමත් වෙන්න නම්, ඇඳුම් පැළඳුම් ආභරණ, තෑගි භෝග, අවශ්‍යයි කියලා. සත්තකින්ම ආදරයේ බැඳීම් ශක්තිමත්කොට දෙන්නේ, දෙදෙනා දෙදෙනාට විය යුතු යුතුකම් සහ ලැබිය යුතු අයිතිවාසිකම් , නිවැරැදිව ඉටු කිරීමෙන්, ඔබලා තුළින්ම රැස්වෙන පිනේ ශක්තිය විසින්මය. මේ සුන්දර යුතුකම ධර්මානුකූලව තේරුම් ගන්න නම්, අතීත පටිච්චසමුප්පන්න පින අත්‍යවශ්‍යම වෙනවා.��මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේදී පහළවෙච්ච ශේ‍්‍රෂ්ඨම පෙම්වතුන් යුවළ තමයි, සිදුහත් කුමාරයාත්, යශෝධරා දේවියත්. මේ ආදර්ශවත් සුන්දර පේ‍්‍රමවන්තයන් දෙදෙනාගේ ආදර කථාව, කෙටි කාලයකින් අවසන් වුවත්, එම කෙටි පේ‍්‍රම කථාවට, කල්ප ගණනාවක් දීර්ඝ පටිච්චසමුප්පන්න සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවයේ් උපකාරයෙන් සකස් වුණ, තෘෂ්ණා පච්චයා උපාදානම කියන ධර්මයේ ඥාති බැඳීම තිබුණා.��සිදුහත් කුමාරයාගේත්, යශෝධරා දේවියගේත්, කල්ප ගණනාවක් දීර්ඝ පටිච්චසමුප්පන්න ආදර බැඳීම අවසන් කරන අවසාන හෝරාව එළැඹුණු දිනයක් තිබුණා. ඒ අවසාන හෝරාව එළැඹෙන විට, යශෝධරා උත්තමාවියට වයස අවුරුදු හැත්තෑ අටක් (78) පරිපූර්ණ වෙලා.��නික්ලේශි යශෝධරා උත්තමාවිය, බුදුරජාණන්-වහන්සේගේ සිරිපා වන්දනා කොට, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ දාන පාරමිතාව උදෙසා සංසාරයේ බිරිඳක් හැටියට දස දහස් වාරයක් මාව දන් දුන්නා. ඒ සෑම අවස්ථාවකදීම ඔබ සතුටින්මයිි. ඔබ වහන්සේගේ දාන පාරමිතාවට උපකාරක ධර්මයක් වුණේ ඔබ වහන්සේගේ මහා කරුණාවෙන් සියලූ කෙළෙසුන් මුලිනුපුටා දැම්මා. අද රාති‍්‍රයේ මම සියලූ බැඳීම් සිඳ දැමූ හස්ති රාජිනියක් සේ පිරිනිවන්පානවාය කියලා බුදුරජාණන්වහන්සේගේ සිරිපතුල් අභියස වැඳ වැටී පිරිනිවන් පාන්නට අවසර ලබාගත්තා.��නමුත් මීට වඩා හාත්පසින්ම වෙනස් සිදුවීමක්, යශෝධරා දේවියගේ චරිතාපදානය තුළින් ඇයගේ ගිහි ජීවිතයේදී අපි අසා තිබුණා ලොව්තුරු බුදුරජාණන්වහන්සේ, සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධ කොටගෙන ප‍්‍රථම වතාවට කිඹුල්වත් නුවර සුද්ධෝදන රජ මාලිගාවට වැඩම කළ දවසේ, හය අවුරුද්දක්, එකලාම මාලිිගාවේ සිටි යශෝධරා දේවිය, බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් බදාගෙන සිත්සේ හඬන්නට පටන් ගත්තා. එදා බුදුරජාණන්වහන්සේ, ඇයට සිත්සේ හඬන්නට අවසර දුන්නා. ආදරය අයිති කඳුළටත්, සිනාවටත් නිසාම. ��එහෙත් යශෝධරා උත්තමාවිය පිරිනිවන් පාන්නට අවසර ගත් සුන්දර රාති‍්‍රයේදී, ඇය කඳුළත්, සිනහවත්, දෙකම නිරෝධය කරලයි වැඩසිටියේ, යශෝධරා උත්තමාවිය ඒ මොහොතේ විවේකීව වැඩ සිිටියේ සංස්කාර නමැති තෙල් අහවරවූ පහන්වැටියේ දැල්වෙන විඤ්ඤාණය නමැති පහන් දැල්ල නිවී යන තෙක් පමණක් වෙයි. එම විඤ්ඤාණය නමැති පහන් දැල්ල, ඒ මොහොතේ සුවසේ නිවීයන්නට ඇති.��කල්ප ගණනාවක් දීර්ඝ පටිච්චසමුප්පන්න පේ‍්‍රම වෘතාන්තයක අවසාන මොහොත උදා වුණේ, ආදරයේ සැබෑම අරුත වෙත, ආදරයෙනුත්, අනාදරයෙනුත් මිදීම කියන උත්තරීතර නිවීම සාක්‍ෂාත් කොට ගෙනයි.��සම්මා දිට්ඨියේ අර්ථයන් දුර්වල සමහර පින්වතුන්, සිදුහත් කුමාරයාට චෝදනා කරනවා. ගිහි ජීවිතයේදී, දරුවෙක් සමග යශෝධරා දේවිය අතරමං කළාය කියලත්, ��දුක සහ සැප ධර්මානුකූලව විග‍්‍රහකොටගන්නා බැරි, දුක සහ සැප දෙකේ නිරෝධය සිතා ගැනීමටවත් බැරි, මිථ්‍යාදෘෂ්ටික මනුෂ්‍යයෝ, සැබෑ ආදරය කියලා වර්ණනා කරන්නේ, ආදරයේනාමයෙන් ටජ්මහල් නමැති කොන්කී‍්‍රට් ගොඩක් බැඳපු අපේ කාලයේ පෙම්වතුන්වයි.��ටජ්මහල් නාමයෙන් කොන්කි‍්‍රට් ගොඩක් තිබුණත්, අදාළ පෙම්වතුන් දෙදෙනාගේ ආදරය නම්, කැඞී බිඳී විසිර ගිහිල්ල ඇති.��බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආදරවන්තයන් දෙපළකට, තම ආදරය භවයෙන්, භවයට, පටිච්චසමුප්පන්නව , රැගෙන යන්න අවශ්‍ය නම්, සම සද්ධා, සම ශීල, සම ත්‍යාග, සම ප‍්‍රඥා, මෙම ධර්මතාවයන් සමව වඩන්නය කියලා, ඉහත ධර්මය ටජ්මහල් සිහිවටනය ඉදිකළ ආදරවන්තයන් දෙදෙනා දැනගෙන සිටියේ නැහැ. එම නිසාම ටජ්මහල් ආදරයේ සිහිවටනය මේ මොහොතේ ජීවමානව තිබුණත්, එම ආදරවන්තයන් දෙපළගේ ආදරය නම්, ප‍්‍රශ්නාර්ථයක්මයි.��අපි හැමෝගේම ආදර බැඳීම්, ඉහත ධර්මතාවන් සමග ගලපා බලන්න අපි දක්‍ෂ වෙන්න ඕනේ. එසේ නොවුණොත්, ඔබගේ මේ ජීවිතයේ ඔය සුන්දර ආදරය, පටිච්චසමුප්පන්න ඔබේ ඊළඟ ජීවිතයේදී, තවත් ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් ලබන්න තවත් සංස්කාරයක්ම වේවි.��උතුම් සම්මාදිට්ඨියේ අර්ථයන්ගෙන් පෝෂණය නොවූ ඔබගේ ආදරය, පින්වත් ඔබට භවයෙන්, භවය, එකිනෙකට වෙනස්, ආදරවන්තයන් සහ ආදරවන්තියන් සොයා දෙනවා.��භික්‍ෂුව කැලයේ වැඩසිටිනකොට, බොහෝම සුන්දර පෙම්වතුන්, පෙම්වතියන්, මුණගැසෙනවා, කුටිය අවට නිරතුරුවම සැරිසරන, මොනරන්, සෙබඩියන්, වළිකුකුළන් වළිකිකිළියන්, වඳුරන් වැඳිරියන්, රිළවුන් රිළවියන්, මේ සුන්දර පේ‍්‍රමවන්තයන්ගේ තිරිසන් ලෝකයේ ආදරය කිරීම් දකිත්දී, අනේ අපොයි, අතීත මනුෂ්‍ය ආදරයක අකුසල් විපාකයන්ගේ ඵලයන් හැටියටමයි. භික්‍ෂුව, තිරිසන් ආදරවන්තයින්ව දකින්නේ.��අවිද්‍යා පච්චයා සංස්කාර කියන ධර්මතාවයේ, උපකාරයෙන්, ආදරය, භවයෙන් භවය, දිව්‍ය, මනුෂ්‍ය, තිරිසන්, පේ‍්‍රත, බැඳීම් සොයාගෙන යනවා. ඒනිසාම පින්වත් මේ සටහන කියවන ඔබ අවංක ආදරයට , බොරුකරන්න වංචා කරන්න එපා. ඔබ එහෙම කළොත් අනාගත පටිච්චසමුප්පන්න භවයේදී ආදරය ඔබට සෙනෙහසක් නැති කාන්තාරයක්ම වේවි.

Report Page