..................................

..................................

Poornima Gunasekara

ඛන්තී පරමං තපෝ තිථික්ඛා...

ඉවසීම උතුම් ම තපසයි...

ජීවිතයේ බොහෝ අවස්ථාවන් හි අපි ඉවසිය යුතුය .. ධර්ම මාර්ගය තුල පුහුණු වන ඉවසීම සාමාන්‍ය එදිනෙදා ජීවිතය තුල දීද ලබා දෙන්නේ අප්‍රමාණ සහනයකි . මූලිකව උපේක්ශිත නොවීමෙන් ලැබෙන ආදීනව සම්මර්ශනය කිරීමම ඉවසීම උපේක්ෂාව පුහුණු ව උදෙසා මනස මෙහෙයවාලීම උදෙසා උපකාරි වේ.. බොහෝ විට අප බාහිර ලෝකය අපට උවමනා ආකාරයට සකස් කරගැනීමට උත්සාහ කරන මුලාව නිසාම සිතේ සහනය අහිමි කරගනී... කිසිවිට බාහිර සාධක බාහිර පුද්ගලයන් ගේ සිතුම් පැතුම් අපේ සිත සනසන පරිදි නොපවතී ... බාහිර ලෝකය නිසා අප සිත් සන්තානය දුකට පත් නොවනා ආකාරයෙන් මනස හසුරවාලීමම පමණි අපට කල හැක්කේ... සුලභ ලෙසම සැවොම අත්දකින දෙයක් ලෙස අනුන්ගේ රළු පරලු වදන් නිසා අපේ සිත තැවෙනවා දැවෙනවා යැයි සිතේ.. ඒත් සත්‍ය ලෙසම ඒ ශබ්දය අල්ලා හටගත් මනසිකාර තුලින් මිස දුක ඉපදවූ අන් හේතුවක් නැත . ශබ්දය කනේ වැදුනු විගස මනසිකාරය සුභ අතට පෙරලා ශබ්ද පිටකිරීමේ අයිතිය අන් අයෙක් සතුය මේ ශබ්දය කෙරෙහි මා උපේක්ශිත වෙමි.. යි සිතුවිලි පවත්වා බලන්න පෙර මෙන් සිතේ ගැටීමක් හට නොගනී.... මේ උදෙසා බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇති ආකාරයට අට්ඨාරස මනෝ සංචේතනා පිලිබද මනා අවබෝධයක් ලබා ඇති අයෙක් නම් ඉතා පහසුවෙන් ශබ්දය අලලා ඇතිවන මනසිකාරයන් එතැනින්ම නවතාලිය හැක... ගැටෙන්න ට එන අයට ගැටෙන්නටම ඉඩදී දිනන්නට එන අයට දිනන්නම ඉඩදී ප්‍රන්‍යාගෝචරව නිහඩ වීම නිවටකමක් නොවේ... අතීතය ආවර්ජනයන් සම්බන්ධ යෙන්ද උපේක්ශිත විය යුතුම වේ.... අතීතයේ සිදුවූ දෙයක් නොසිදුවූ දෙයක් කිරීමේ නොහැකියාවත් වර්තමාන යේ ඒ සිදුවීම් අලලා මනසිකාර පැවැත්වීම වෙහෙසක් නිසාවෙනුත් අතීතය සහමුලින්ම සිතින් ඉවත් කොට උපේක්ශිත වීම වටී.... තමාට ලබා ගත නොහැකි වූ අධ්‍යාපන සුදුසුකමක් හෝ වෙනත් අවස්ථාවන් නොලැබුනා කියා දුක්වීමෙන් ඇති ඵලක් නැත.. කායික වේදනා සම්බන්ධ යෙන්ද අප උපේක්ශිත විය යුතුය .. කයේ වේදනා සිතින් අල්ලා දැගලීමෙන් කායික වේදනා උත්සන්න වීම හැර අන් යහපතක් සිදු නොවේ ... විදර්ශනා ග්‍යානයන් ප්‍රගුණ කල නොමැති අයෙකුට වුව මේ වේදනාව කෙරෙහි මා උපේක්ශිත වෙමි උපේක්ශිත වෙමි උපේක්ෂාව උපදවා යම් සහනයක් ලද හැක.. ධ්‍යාන මාර්ගඵල ආදිය ගැනත් උපේක්ශිත වීමම වටී...... මනස ඒ ඔස්සේම පුහුණු කර ප්‍රථිපලය ඒමට යම් කාලයක් ගත විය හැක උපේක්ශිත ව ඉවසීමම මේ ධර්මයෙන් උසස් ඵල නෙලාගත හැකි එක් සාධකයකි.


~~~අමා සුව~~~

Report Page