🆃🆁🆄🅴

🆃🆁🆄🅴


☘️කෙට් කතාවක්☘️


....🆃🆁🆄🅴 ......


🙎හෙලෝ ..📞☎️

🧑හෙලෝ.📞☎️..

. ඉක්මනින් කියන්න

මං මේ වැඩ ගොඩක හිර වෙලා ඉන්නේ..


🙎අනේ රශේන් මාර වැඩේනේ අම්මට හදිස්සියේ අයියලාගේ ගෙදර යන්න වෙලා ..

ඔයාට පුලුවන්ද ධනූව ස්කූල් එකෙන් ගන්න..


🧑 බලන්නකෝ අප්පා මේ වැඩ ගොඩ ගැහිලා ..

එක්කෝ,. උදේ කියන්න ඔනේ ..

අනේ මන්දා ඔයාලගෙ අම්මලත් ...

හරි... හරි.., මන් මොකක් හරි කරන්න බලන්නම්කෝ....

බායි මන් තියනවා


රශේනුත් නෙතුකිත් හිට්යේ නෙතුකිලාගේ මහ ගෙදර

ඒ දෙන්නා වැඩට ගියාම බබා බලා ගත්තේ නෙතුකිලාගේ අම්මා..


🙎හලෝ..☎️📞..

🙎 හලෝ ..

ඔයා ගියාද බලන්න මන් මේ ගත්තේ..


🧑හ්ම් ..හ්ම්.. මන් මේ යන ගමන් ..


🙎හ්ම් මටත් අද වැඩ ගොඩ ගැහිලා

තියනවා එහෙනම් බායි..❤️


නෙතුකිට රශේන් ගැන දුකත් හිතෙනවා කොච්චර වැඩ තිබ්බත් රශේන්ට හැමදේටම වඩා දරුවයි නෙතූවයි වැදගත් උනා.. ඒ අතින් නම් රශේන් හොද මනුස්සයෙක්..


🧕හෙලෝ 📞☎️

මේ ධනුකලගේ අම්මද.?..


🙎ඔව්..


🧕මං මේ ෆ්‍රී ස්කූල් එකේ ටීචර්


🙎 මිස්


අද ධනුකව එක්ක යන්න දනුකගේ කිරි අම්මා ආවේ නෑනි ..ස්කූල් එක ඇරිලත් දැන් පැයක් විතර....


🙎මිස් අද ධනුකලගේ කිරි අම්මා එන්නෙ නෑ එත් එයාගේ තාත්තා ආවනේ පුතාව ගන්න..


හරි මිස් මන් කෝල් එකක් දීලා බලන්නම්..


මේ මනුස්සායා කොයි ලෝකේ ගියාද ඒ පාර .. එහෙම හිත හිත නෙතූ පෝන් එක අතට ගත්තේ කෝල් එකක් ගන්න හිතාන .. ඒත් කෝල් ර්මිස් යනවා විතරයි... උත්සන්නේ නෑ..


ඔන්න කෝල් විසිපහක් විතර ගන්න කොට යන්තං පෝන් එක ඉස්සුවා...


🙎කොහෙද අනේ ගියේ.. මන් හොදටම බය උනා.. ස්කෝලේ මිසුත් කතා කරා දැන් මට..


👳සොරි මිස් .. මේ පෝන් එක අයිති කෙනා මිස්ගේ කවුද..??


🙎මන් එයාගේ වයිෆ් ..මිස් කලබල වෙන්න එපා මෙත්න පොඩි ඇක්සිජන්ට් එකක් උනා...මං හිතන්නේ ඒ මිස්ගේ මහත්තයා වෙන්න ඇති


ලෙඩාට ඔන කරන බඩු ටිකත් අරන් මිස් ඉක්මනට හොස්පිටල් එකට ආවොත් තමා හොද..


කලන්තේ දාන්න තරම් බය වෙන්න ඔනා කාරනයක් උනත් නෙතූට එහෙම උනේ නෑ ..මොක්ද නෙතූ කියන්නේ හොදට දුක් විදපු කෙල්ලක් ..ඉතිං එයාට මේ දුකත් දරාගන්න පුලුවන්..

...................................................................................


....................................................................................

..

නෙතූ යාලුවෙකුට ලමයව ස්කූල් එකෙන් ගන්න කියලා ඉක්මනට උවමනා බඩුත් අරන් හොස්පිටල් එකට ගියා..

රශේන්ට පේන්න තරම් අමාරුවක් නැතිවුනත්.. බඩේ පැත්තක කැක්කුමක් තියෙනවා කියලා කිව්වා .. අපි හිතුවේ වැට්ච්ච පාරට මොකේ හරි වැදිලා වෙන්න ඇති කියලා..


කොහොම උනත් ඉදිමුමත් වේදනාවත් දවස් දෙක තුනක් ගියත් අඩු උනේ නැතිනිසා පස්සෙ ගිහින් ස්කෑන් එකකුත් කර ගත්තා


ක්කෑන් එකෙන් පස්සෙ තමා කිසි ප්‍ර්ශ්නයක් නැතුව ගෙවුනු අපේ ජීවිත වලට කන කොකා හඩන්න පටන් ගත්තේ..


ඩොක්ට කියන විදියට නම් ‍රශේන්ගේ වකුගඩුවකට හානි වෙලාලු එදා ඒ එක්සිජන්ට් එක නිසා.. බද්ද කිරීමක් කරන්න වෙයිලු..එකත් පුලුවන් ඉකමනටම..

එත් සාමන්‍යයෙන් එක වකුගඩුවකින් මනුස්ස්‍යෙකුට ජීවත් වෙන්න පුලුවන්නේ..එත් කරුමේ කියන්නේ රශේන් ට ඒ හැකියාවත් නෑ..


දැන් ඉතින් කොහොම ඩොක්ටලා කියන තරම් සල්ලියක් එකපාර හොයනද.?? අපිට ඉතිං විකුනන්න කියලා මහදේකුත් නෑ... අනේ මන්ද පුරා කූබියෙකුටවත් කිසිදෙයක් කරපු නැති අපිටම මෙහෙම වෙන්නෙ ඇයි කියලා..


පන දෙන්න තරම් යාලුවෝ හිටියා උනත් දෙයක් උනාම., ඒ යාලුවෝත් නෑ. උන්ගේ පනත් නෑ..

රශේන් මේ වෙනකොට ශාරිරිකව වගේම මානසිකවත් වැටෙන්න පුලුවන් උපරිමේට වැටිලා හිටියේ ..


🧑නෙතූ....


🙎හ්ම් ..


🧑නෙතූ ඔයා මං හින්දා ගොඩක් දුක් විදිනවා නෙතූ...

ඔයාට මං නැතුව උනත් ජීවත් වෙන්න ශක්තිය තියෙනවා


🙎අනේ රශේන් මේ..අයේ නම් ඔය ගොන් කතා කියන්න එපා.. ලෙඩ කියලා බලන්නේ නෑ මං...


🧑එත් නෙතූ..


ස්ස්ස් කියලා නෙතූ රමේශ්ගේ කටට ඇගිල්ල තිබ්බේ කදුලු පුරෝගෙන .. ඇද වියලට හෙත්තු උන රමේශ් ව තමන්ගේ පපුවට අදලා ගත්ත නෙතුකි රමේශ්ගේ ඔලුව අතගෑවේ කියා ගන්න බැරි ආදරයක් එක්ක..


ඔයාට මොකුත් වෙන්නේ නෑ මන් ඉන්න කම් බය නැතුව ඉන්න..නේතූගේ ඇස් වල කදුලු එකින් එක රශේන්ගේ හිස කෙස් මත මිහිදන් උනා..


දවස් දහයකට විතර පස්සේ අදුරන මාමා කෙනෙක්ගේ මාර්ගයෙන්. ලොකු මහත්තයෙක් හම්බෙන්න රශේනුත් නෙතුකිත් ගියේ වෙන කරන්න තවත් දෙයක් ඉතිරිවෙලා නැති නිසා..


කොහොම හරි එක එකා ලග කකුල් දෙක අල්ලලා වැදලා හරි මන් මේ දේ කරගන්නවා නෙතුකි තමන්ගේ හිත තව තවත් දැඩ් කර ගත්තා..


👩‍💼සර්... ඔය දෙන්නට එන්න කිව්වා..

කෙට්ටු මිස් කෙනෙක් ඇවිත් අපිව උඩ තට්ටුවට එක්ක ගියා..

ලොකු කොම්පනි එකක්.., එත් ඉතිං ඔය ලොකු මිනිස්සු ගාව පොඩ් අපි ගාව තරම් මනුස්සකම නෑනි .. දිනුකි රහසේ හීල්ලුවා..


👩‍💼එන්න..

ඒ මිස් දොරක් ඇරලා අපි දෙන්නට ඇතුලට යන්න ආරාධනා කාරා..


මොකක්.. නිත්ල් ...


👨ඉදගන්න...


ඒ සර් අව්‍යාජව හිනා වෙලා පුටු වලට අත් දික් කරා..

මට කියාගන්න බැරි උන නිසා..

රශේන් මන් දිහා බලලා කතාව කියන්න පටන් ගත්තා..කතාව ඉවර වෙනකන් නිත්ල් වචනයක් කිව්වේ නෑ..


මේකයි අපිත් කැමතියි ඔයාලට උදව් කරන්න ඒත් අපේ බිස්නස් මේ දවස් වල හොදටම වැටිලා තියෙන්නෙ.. බොහොම අමාරුවෙන් තමා අපිත් වැඩ කටයුතු කරගෙන යන්නේ ..

ඔපරේශ්න් එක ලං උනාම කියන්න මං උදව්වක් දෙන්නම්.. හැබයි ඉතිං ලොකු ගානක් නම් නෙවේ ෆිෆ්ටි තව්සන් වගේ

මෙච්චර කෝට් ගානක වටින් දේපල තියාන රැපියල් පනස්දහසක්

ඒකත් තියාගනින් කියන්න හිත කිව්වත් වෙලාවේ හැටියට ඒකත් වටින නිසා ඔලුව පාත් කරගෙන මාත් රශේනුත් එලියට ආවා..


🧑ඔහොම තමයි නෙතූ ලොකු මිනිස්සු .. අවුලෙන් වගේ හිටිය නිසා වෙන්න ඇති රශේන් මා දිහා බලලා එහෙම කිව්වා.


දන්නවද ඒ කොම්පනි එකේ සර් කවුද කියලා අවුරුද්දක් මට පන දීගෙන ආදරේ කරලා එයාගෙම හේතු හදාගෙන මාව දාලා ගියපු කෙනා..

නෙතුකිට ඒ හැම දේම එකින් එක ඔලුව වටේ කැරකෙන්න ගත්තා..

නිත්ල් ව නෙතුකිට හම්බුනේ හම්බුනේ හරි අහම්බෙන් .. ඒ බස් එකක එ දවස්වල නෙතිල්ට ඔච්චර සල්ලි නෑ.. ඔච්චර තියා කොහොම වත් නෑ..ගෙවල් වලත් සෑහෙන ප්‍රශ්න එතකොට එයාට... ඒ හැමදේම දැනගෙන තමා මන් එයාට මැරීගෙන ආදරේ කරේ.. එත් කවදාවත් එයා මට මන් හිතපු තරම් ආදරේ කරේ නෑ... කවදාවත් ආදරෙන් කතා කරේ නෑ... මං එයාගෙන් ඒ දේවල් බලාපොරොත්තු උනෙත් නෑ...

මං දැනගෙන හිටියා එයා කවදා හරි මාව දාලා යන බව .... එත් දන්නවද එයාගේ නපුරු කමට .. එයාගේ ඒ මුරන්ංඩු කමට මං සෑහෙන ආදරේ කරා... ආසා කරා.. ඒ වගේම එයාගේ ඒ අහිංසක ඇස් වලට

මන් එයා එක්ක ජීවත් වෙන්න හේතුවක් හොය්ද්දි එයා වෙන් වෙන්න හේතු දාහක් හෙව්වා...මාත් ඉවසුවා අන්තිම වෙනකන්..

දන්නවද එයා අවසානෙට කියපු දේ...


එයා මාව දාලා යන්නේ මගේම හොදටලු..

එයා එක්ක හිටියොත් මට ගොඩක් දුක් විදින්න වෙනවලු... එයා කැමති නෑලු මං එහෙම විදවනවා බලන්න...

එයාට ඔනේ මං වෙනකෙන්ක් ලග හරි සතුටින් ඉන්නවා බන්නලු...


කියවන්නේ නම් හරි දාර්ශනිකයෙක් වගේ.. මන් දැන ගත්තා ඔය සේරම බයිලා මාව දාල යන්න හදාගත්ත ඒවා බව.. ඒත් එයා දන්නේ නෑ එයාට නැති උනේ එයාට අවංකව ආදරේ කරපු කෙනෙක් බව...


එයාට ඔන විදියට අපි දෙන්නා වෙන් උනා ඒ මට ඔනා හින්දා නෙවේ එයාට ඔන හින්දා මං කොච්චර ඇඩුවද නපුරු උබව ඉල්ලලා ..


උබ එතකොට මට කිව්වා මං කවදාවත් උබට ලං වෙන්නෙ නෑ කියලා..මට මතකයි අද වගේ ඒ දවස ..උබ වෙන එකෙක් හොයා ගනින් කියද්දි, ..මාව උබට පෑහෙනේ නෑ කියද්දි සත්තයි මගේ පපුව පැලෙන්න තරම් වේදනා දුන්නා.. මං උබට ලං උනොත් උබට ගොඩක් දුක් විදින්න වෙයි...

මං උබට ආදරෙයි එක මැරෙනකම් තියෙයි..ඒ වගේම මං උබ ඇර වෙන කෙනෙකුට මේ තැන දෙන්නේ නෑ... එත් උබව ලං කරං උබට දුකක් දෙන්නත් බෑ..

උබ ඔය කියන තරම් සැපක් හෙව්වේ නෑ බන් මන් උබ ලග...එත් එදා උබ මාව දාලා ගියපු එක හොදයි එක අතකින් හොදයි බන් .. මොකද අද මට පන වගේ ආදරේ කරන කෙනෙක් හම්බ උනේ උබ මාව එදා දාල ගියපු නිසා..


උබ එදා සෑහෙන දාර්ශනික වෙලා මාව එලෝ ගන්න මාරම කතා මැව්ව ..උබට ඔන විදියම අපි වෙන් උනා...

අන්තිමේ මන් හොයපු ආදරේ , මගේ ලොකේ, මට හම්බුනා ඒ උබෙන් වෙන් වෙලා ටික කාලෙකට පස්සේ රශේන් ගෙන්..රශේන් එයාගේ ජීවිතේ හැමදේම මාත් එක්ක බෙදාගත්තා දුක සතුට හැමදේම.. ලැබෙන හැම තප්පරේම මං වෙනුවෙන් කැප කරා අදටත් එයා එහෙමයි.. ඒ ආදරේ ට සමකරන්න ආදරයක් තවත් නෑ

කතාවත් තියෙනවානේ හොදම කෙනා ජීව්තේට එන්නෙ පහුවෙලා කියලා...


මං අතීතෙන් මිදිලා අසරණ රශේන්ගේ අතින් අල්ලන් තීවිල් එකට ගොඩ උනා..


මට ගෙදර යනකනුත් මතක් උනේ නිතිල් ගැන නිතිල් ඉස්සර වගේම නපුරුයි , ඒ වගේම කුහකයි.... වෙනස් වෙලා තියෙන්නේ සල්ලි විතරයි ..

මොහොතකට හරි, තප්පරේකට හරි මට ආදරේ කරානම් මට, අපිට එයාට උදවි කරන්න තිබ්බා ......ඒත් මං දන්නවා දැන් ඌ මට කවදාවත් ආදරේ කරලා නැති බව..කොච්චර සල්ලි තිබ්බත් මොකටද ඔහොම , ...පුදුම කුනෙක්..


🧝හෙලෝ..📞☎️


නෙතූ මොකෝ අද ගියපු වැඩේ හරි ගියාද..


🙎නෑ නිකී..

ඔයා දන්නවද..?කවුද ඒ කොම්පනි එකේ අයිති කාරයා කියලා..


🧝ඇයි කවුද ?.

🙎නෙතිල්..

🧝නෙතිල් කිව්වේ..???

🙎ඇයි බ්න් මන් රශේන් එක්ක යාලුවෙන්න කලින් සෙට් වෙලා හිටියේ...


🧝ඌ පුදුම එකෙක්නේ බ්න්...එහෙම වෙලත් ඌ උබට උදව් කරේ නැද්ද...

සමහර විට උට උබව මතක නැතුවත් ඇති බ්න් ..

🙎පිස්සුද? බ්න් එහෙම අමතක් වෙන්න...


🧝හරි හරි බ්න් ඔවා ගනන් ගන්න එපා ...

එක නෙවේ මේ මන් කතා කරේ ගුඩ් නිව්ස් එකක් කියන්න...

රශේන්ට ඔකුගඩුවක් දෙන්න කැමති කෙනෙක්ක් මට ෆ්බී එකේ කමෙන්ට් කරලා තිබ්බා.....මන් බ්ෆ් එකේ විශ්තරේ කියලා පොස්ට් එකක් දැම්මා...

මන් උබේ ඩීටේල්ස් දුන්නා මෑන්ට..


🙎අඩේ ලොකු දෙයක් බන් .. ඒ මනුස්සයා සල්ලි කියක් ඉල්ලනවද බම් ....


🧝ඒ මනුස්සයා සල්ලි ඉල්ලන්නේ නෑ බ්න්...

🙎එහෙනම් මොනාද ඉල්ලන්නේ..

🧝මොකුත් නෑ බ්න්

පින් බලාපොරොත්තුවෙන් කරන්නේ ..


🙎එහෙම මිනිස්සුත් ඉන්නවද ?බන් තාමත් මේ ලොකේ


🧝හ්ම්ම්...


🙎මට නොම්බර් එක දෙන්න මං එයාට කතා කරන්නම්..


කොහොම හරි අවසානෙ දෙයියෝ අපේ මුන බලලා රශේන්ට වකුගඩුවක් හම්බ උනා


කොහොම හරි ඒ මනුස්සයා එක්ක කතා කරගෙන අපි ඔපරේශ්න් එකට දින දාගත්තා..ඔපරේශ්න් එක සිද්ද උනේ ඒ මනුස්සයාගේ කැමැත්තට.. ඒ පයිවට් හොස්පිටල් එකක


ඒ මනුශ්ශයාගෙ පව්ද්ගලිකත්වය ආරක්ශා කරගන්න ඕන කියලා අපි ඉස්සරහට එන්න එයා කැමති උනේ නෑ...ඒ මනුස්සයා කිව්ව විදියටම අපි හොස්පිටල් එකට එනකොටත් ඔපරේශ්න් රෑම් එකට එයා ඇඩ්මිට් වෙලා හිටියේ


කොහොම හරි දෙවියන්ගේ පිහිටෙන් ඔපරේශ්න් එක සාර්තකව ඉවර උනා...


ඔපරේශන් එකෙන් මාස හයක් විතර යනකන් රශේන්ට මහන්සි වෙන්න එපා කිව්වා .. ඉතිං මං එයාව පොඩ් බබෙක් වගේ බලාගත්තා..

ඇහැට දැක්කේ නැති උනත් රශේන් ට ඒ උදව් කරපු මනුස්සයටත් ගොඩක් පින්...

මොකද අපි අද මෙහෙම සතුට්න් ඉන්නෙ ඒ මනුස්සයට පින් දෙන්න.


කොහොම හරි ඔපරේශ්න් එකෙන් මාස තුන්කට විතර පස්සේ පින්කි අපේ අපේ ගෙදර ආවා...


🙎ඇත්තටම බ්න් උබ දන්නේ නැද්ද කවුද රශේන්ට උදව් කරපු මනුස්සයා කියලා...

අඩුම තරමේ අපිට ඒ මනුස්සයා ට ස්තූති කරන්න වත්...


🧝නෙතුකි උබට මං දෙයක් කියන්නම් හැබැයි උබ කලබල වෙන්න එපා...


🧝නෙතු රශේන්ට උදව් කරේ වෙන කවුරුත් නෙවේ නිතිල්


🙎මොකක් .???..


🧝ඔව් බ්න් ඌ උබගෙන් අයින් වෙච්ච දවසේ ඉදන් වෙන්දටත් වඩා උබ ගැන හොයලා බැලුවා ..

මතකද උබ යුනිවර්සිට් යද්දි උබට මං දුන්න වයලීන් එක... එකත් අරං දුන්නේ ඌ..


🙎එතකොට උබ කිව්වේ උබට නැන්දා රට ඉදං එව්වා කියලා...


🧝සොරි බන් මන් ඒ කිව්වේ බොරු...


🙎එච්චර ඌ මට ආදරේ නම් ඇයි ඌ මාව අත ඇරියේ...


🧝මාත් ඒකම උගෙන ඇහුවා බන්...


ඌ කියනවා උබ ඌත් එක්ක යාලුවෙලා හිටියනම් උබ ඔච්චර ඉගෙන ගන්නේ නෑලු මොක්ද උබ ඒ දවස් වල හිටියේ උගේ සිහියේ මිසක් වෙන ලෝකයක් ගැන හිතන මානසික මට්ටමක නෙවේලු..


🙎හරි එහෙනම් මන් ඉගන ගත්තට පස්සේ ඌට තිබ්බ මං ගාවට එන්න..


🧝ඌත් හිතාන හිටියේ එහෙම තමා බ්න්...

එත් උබ රශේන් ට ලන් උනාම, උබේ සතුට රශේන් ලග කියලා දැන ගත්තම, ඌ පාඩුවේ පැත්තට උනා බ්න්...


අනික තව දෙයක් බන් ...

උබව රශේන්ට අයිති වෙනවට මගෙත් කැමැත්තක් තිබ්බේ නෑ මොකද බන් මාත් රශේන්ට ආදරේ කරන්න පටන්ගෙන තිබ්බේ ඔය වෙද්දි...


🙎එතකොට උබට ඌ කැමති උනාද..??


🧝නෑ බ්න් ඌ කිව්වේ උබට දුන්න තැන වෙන කෙනෙකුට දෙන්න තරම් තවත් උගේ පපුවේ ආදරේ ඉතුරු වෙලා නෑ කියලා..


සොරි බන් උබේ හොදම යාලුවා වෙලත් මේ හැමදේම හන්ගන් හිටියට..


නෙතුකිගේ ඇස් වලින් කදුලු කැට බේරුනත් දැන් නෙතුකිට හැරෙන්න බෑ..මොකද නෙතුකි දැන් ස්වාමියෙකුට බිරිදක් දරුවෙකුට අම්මෙක් වෙලා ඉවරයි...


.......නිම්.....


☘️ඔහොම කතා මේ ලෝකෙ තව කොච්චර නම් ඇත්ද?


☘️කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න...🙏

𝓛𝓚

Samitha Lakshan

උපුටා ගැනීමකි...❄️💭❄️💭

https://t.me/joinchat/GanBysbeQs55urlO

https://t.me/sinhalastories2




Report Page