⭕️❌

⭕️❌

Dasantha Amarasinghe

විනාශයේ සෙවනැලි

ලොව අංක එකේ මත්ද්‍රව්‍ය😵😵


ක්‍රිස්ටල් මෙත් (Crystal meth)


හැමෝම දන්න නාමය 

#අයිස්....😵😵


මිදුනු අයිස් වල පෙනුම එන්න ආපු නිසයි අයිස් කියලා ප්‍රසිද්ධ උනේ.. ඒත් දැන්නම් වෙනස් ස්වරූප වලිනුත් එනවා


ගොඩක් අය දන්නවා අයිස් කොහොමද ජනතාව අතර ප්‍රසිද්ද උනේ කියලා ඔයාලා බලලා ඇති ලෝකයේ ජනප්‍රියම ටෙලි සීරීස්එකක් වෙච්ච Breaking Bad කියන කතාවත් ආදරනීය වෝල්ටර් වයිට් කියන චරිතය .


හැබැයි බහුතරයක් දෙනා ක්‍රිස්ටල් මෙත් ගැන දැනගත්තෙ වෝල්ටර්ගෙන් උනාට මේ ටෙලි සීරියස් එකේදී..


ඒ උනාට ඔයාලා විස්වාස කරනවද මේ මත්ද්‍රව්‍යයේ ඉතිහාසය 1800 ගණන් දක්වා විහිදෙනවා කියලා කීවොත්..


1893 දි හොයාගනු ලැබූ මේ මෙත්ඇම්ෆෙටමීන් කියන දේ දෙවැනි ලෝක යුද්ධ කාලවලදී සොල්දාදුවන්ගේ ක්‍රියාශීලීත්වය වැඩිකරන උත්තේජකයක් හැටියටත් පාවිච්චි කරල තියනවා.


(#Credit_for_හිට්ලර් 👆💪)


ඉතින් ක්‍රිස්ටල් මෙත් බිහි වීමේ දෙවෙනි ලෝක යුද්දටට බොහෝම ලෙන්ගතුයි..හිට්ලර් කෙසේ හෝ යුද්ධය ජයග්‍රහණය පිනිස මෙයසොල්දාදුවන්ට ලබා දී ඇත.(අවසන හිට්ලර්ද පැරදුනි)


අද වෙනකොට ඇමරිකා රුසියා වගේ රටවල් වල මේකට කාන්තාවන් ඇබ්බැහි වෙලා ඉන්න තරම ගොඩාක් වැඩී..


මිල අතිනුත් ගොඩක් වැඩී ගොඩාක් ජනතාව අතර ප්‍රචලිත නොවීමට ඒක හේතුවක් උනත් අනිත් මත්ද්‍රව්‍ය එක්ක බලපුවාම හොදඉල්ලුමක් හදාගන්න ක්‍රිස්ටල් මෙත් සමත් වෙලා තියනවා...


ක්‍රිස්ටල් මෙත් ශරීරගත කරගැනීමෙන් පසුව තාවකාලික සන්තෝෂයක්, ආත්ම විශ්වාසයක්, ශක්තිමත් සහ ප්‍රබෝධමත් හැඟීමක්ඇති වෙන බවට තමයි දැනගන්නට ලැබෙන්නෙ.


හැබැයි මේ තාවකාලික මායාවට මුවාවෙලා මිනිස් ශරීරෙට විශාල හානියක් කරන්න මේ භයානක මත්ද්‍රව්‍යයට පුලුවන්... නින්දනැත්තටම නැති කරලා දාන්න කිසි දෙයක් කන්න බැරි තත්වෙට අපිරියාවක් ඇති වීම නිතරම වමනය යාමට ඒම වගේ ලෙඩ ඇතිකරගෙන


දැන් ඒ ටික කියවලා හිතුවා නේද මේ මොන බයානක ලෙඩද කියලා .. නෑ තාම කියන්න ගත්තේ නෑ


ඒ පොඩි පොඩි පොයින්ට් වලින් පටන් අරගෙන ඉතා කුඩාම කුඩා කාලෙකදි දත් වැටෙන්න ගන්න එකත් එක්ක ඔය ඇගේ තියන්නේපටක කියලා ඒවා .... ඒ පටක විනාශවෙලා යනවා ගොඩක් ඉක්මනට ඊට පස්සේ මනස විකෘති වෙනවා තමන්ට තමන් අමතක වෙනසීමාව පනින තාක්.(සිරගෙවල් වල ඔබට දැක ගැනීමට පුලුවන් මෙවැනි පුද්ගලයන්).. හෘදයාබාද කියන එක හැදෙන එකවලක්වන්න ක්‍රමයක් ඇතිවෙන්නේ නෑ කොහොමත්..


.

අයිස් බිංදුවේ අවසාන ඉලක්කය මොළය පටක ලේ හැම දෙයක්ම විනාශ කරගෙන යන ගමනේ අවසානය වෙන්නේ මොළය.. මොළයට තද හානි කරලා අවසානයට මරණය ගේන එක නවත්තන්න සර්වබලධාරී දෙවියන් වහන්සේවත් අවසානයේදී ඉදිරිපත්වෙන්නේ නෑ මොකද ඒ වෙනකොට ක්‍රිස්ටල්මෙත් දෙවියන්වහන්සේත් අභිබවා ශරීරය ඇතුලේ ගමන් කරලා ඉවරයි...


විශේෂයෙන් පළවෙනි පන්තියේ මාරක මත්ද්‍රව්‍යක්...


☣☣☣☣☣☣..


හුරුවීම විදවීමක් වෙනවා කියලා මතක තියාගෙන අතේ දුරින් තියහන් හැමදෙයක්ම..


අපිට ඉන්න පුලුවන් රැදෙන්න පුලුවන් සීමාව අපි දැනගෙන හිටපන් හැම තැනකදිම..


උබේ ඔය විදින්න තියෙන ජීවිතේ විදවනවට කැමති නෑ මචන් මමත් උබ වගේම ලස්සනට ජීවත් වෙන තරුණයෙක් උබේ ජීවිතේවිනාශ කරගන්නවට කැමති නැති නිසයි තේරෙන භාශාවෙන්ම කීවේ


Supernatural ⭕️❌

♾♾♾♾♾♾♾♾♾♾♾♾♾♾

☢️☢️☢️☢️☢️☢️☢️☢️☢️☢️☢️☢️☢️☢️

Report Page