⭕️❌

⭕️❌

Dasantha Amarasinghe

අද්භූත ටෙරාකොටා හමුදාව ☠️


ටෙරකොටා හමුදාව යනු චීනයේ පළමු අධිරාජ්‍යයා වූ කිං ෂී හුවාංගේ හමුදාවන් නිරූපණය කරන මූර්ති එකතුවකි. එය ක්‍රි.පූ. 210-209 දී අධිරාජ්‍යයා සමඟ භූමදාන කරන ලද අවමංගල්‍ය කලාවකි. ක්‍රි.පූ. තුන්වන සියවසේ අග භාගයේ සිට 1974 දක්වා රහසක්ව පැවති මේවා චීනයේ ෂැන්සි හි ෂියාන් නගරයෙන් පිටත ලින්ටොං ප්‍රාන්තයේ ගොවිතැන් කිරීමට ළිදක් හාරමින් සිටි යැන් ෂීපා ගොවි මහතාට ඔහුගේ සොහොයුරන් පස් දෙනාට මේවා හමු විය. චීන ඉතිහාසයේ මෙතෙක් සොය ගැනුණු විශිෂ්ටතම නිර්මාණය ලෙස මෙම ටෙරාකොටා මූර්ති එකතුව පෙන්වා දිය හැක . මෙම එකතුව වර්ග කිලෝමීටර් 56ක් පුරාවට පැතිර තිබේ.


ගොවීන් මේ පිළිබඳ පරිපාලන නිළධාරීන්ට පැවසු අතර ඒත් සමග පාවෝ ගැන්මින් නම් එවකට චීනයේ දක්ෂ පුරාවිද්‍යාවරයෙකු විසින් මෙහි කැනීම් ආරම්භ කරා.කැණීම් දිගටම කරගෙන යද්දී සියල්ලන්ටම පැහැදිලි වූ කරුණක් වූයේ නම් මේ පිළිම චීනයේ එක් කතා පුවතක එන පරිදි චීනයේ පළමු අධිරාජ්‍යයාගේ වළ දමන ලද හමුදාව බවයි . මෙය චීනයේ කතා පුවතක් පමණක් වූවත් මෙය සැබෑවටම සොයාගැනීමත් සමඟ සියල්ලන්ම පුදුමයට පත් වුනා .

 පලමු කැණීමෙන් සෙබලුන් 100ක් පමණ හමුවෙද්දී කැණීම් අවසාන වන විට ඇස්තමේන්තු කර ඇත්තේ ටෙරකොටා හමුදාව අඩංගු වලවල් තුන තුළ සොල්දාදුවන් 8,000 කට වැඩි ප්‍රමාණයක්, අශ්වයන් 520 ක් සහිත අශ්ව රථ 130 ක් සහ අශ්වාරෝහක අශ්වයන් 150 ක් සිටින බවයි. ඉන් බහුතරයක් ක්වින් ෂී හුවාංගේ සොහොන් ගෙය අසල වලවල් වල තැන්පත් කර ඇත. නිලධාරීන්, සහ සංගීත වාදකයන් ඇතුළු අනෙකුත් වලවල් වල වෙනත් ටෙරකොටා මිලිටරි නොවන පුද්ගලයින් හමු විය.මෙම පිළිම වල විශේෂත්වය නම් මෙම ටෙරාකොටා මූර්ති එකකට එකක් හාත් පසින්ම වෙනස් වීමයි . කොටින්ම කිවතොත් මෙහි අශ්වයන් ගේ පිළිම පවා එකකට එකක් වෙනස් ස්වාභයක් ගනී. එමෙන්ම සොල්දාදුවන් ඇතුළු සියලුම 8000 ක් පමණ වන පිළිම සියල්ලෙහිම කුමක් හෝ වෙනසක් ඇති බව දක්නට ලැබෙයි. මෙය හේතු කොට ගෙන මෙම නිර්මාණය කිරීමට වසර 30 ක් වත් ගත වී ඇති බව සැලකෙයි. මෙය හේතු කොට ගෙන පුරාවිද්‍යාවරු දීර්ඝ ලෙස මෙය ගවේෂණය ට පෙළබුනා.


 ඒ අනුව පරණ චීන ඉතිහාසයවරයකු වූ සීමා චියෑන් ගේ වාර්තා මොවුන් විසින් පරීක්ෂා කර බලනවා. මෙම වාර්තා අතරින් පළමු වැන්න චීනයේ රාජවංශ ඉතිහාස 24 න් පළමුවැන්න වන අතර එය සොහොන් ගෙය නිම වී සියවසකට පසුව ලියන ලද්දකි.අධිරාජ්‍යයා මෙම හමුදාව ඉදිකොට පොළොව යට වැළලීමට හේතූ ජීවත් ව සිටින කාලයේ මෙන්ම මිය ගිය පසුවද පරලොව පාලනය කිරීමටයි . ක්වින් අධිරාජ්‍යයා (එවකට වයස අවුරුදු 13) සිංහාසනයට පත්වූ විගස ක්‍රි.පූ. 246 දී සොහොන් ගෙය ඉදිකිරීම ආරම්භ කරන ලද අතර, මෙම ව්‍යාපෘතියට අවසානයේදී බඳවා ගත් කම්කරුවන් 700,000 ක් සම්බන්ධ විය. මෙම සේවකයන් මෙහි බලහත්කාරයෙන් සේවයේ යෙදවූ බවද සදහන් . චීනයේ පළමු අධිරාජ්‍යයාගේ සොහොන් ගැබ මෙහි පිළිම වලින් කිලෝමීටර් එක හමාරක් පමණ එහායින් ඉදිකර ඇති බවත් එහි බිමට ජලය පිළිබිඹු කිරීමට රසදිය ගල්වා ඇති බවත් සදහන් වේ . වර්තමානයේ ඒවා සහතික වේ. ඒ කෙසේද වර්තමානයේ මෙහි පස් වල අධික රසදිය සාන්ද්‍රණක් අන්තර්ගත වීමයි. එමෙන්ම මෙහි අධිරාජ්‍යයාගේ මරණයෙන් පසු ඔහුගේ සියලුම ධනය මෙහි වළදමා ඇති අතර මෙහි සේවය කළ සියලුම කම්කරුවන් එම ස්ථානයදීම මරා දමා ඇත. ඒ රජුගේ ධනය ගැන කිසිවෙකු නොදැනීම සදහාය. රජු වළදමා අවුරුදු පහක් ගත වන්නටත් මත්තෙන් රජුගේම ජෙනරාල් වරයෙක් රජුගේ ධනය කොල්ල කා මෙහි එවකට පැවති ලී මන්දිරයට ගිනි තබා ඇත. එය මෙතෙක් ලොව ඇති වූ ස්වාභාවික නොවන ලොකුම ගින්නයි. එය වර්ග කිලෝමීටර් 56ක් පුරාවට පැතිර ගොස් ඇත.එය මාස තුනක් එක දිගට පැවති බවත් සදහන් වේ 


වර්තමානය වන විට මෙම ටෙරාකොටා මූර්ති හමු වූ ප්‍රදේශය සංචාරකයන්ගේ පාරාදීසයක් බවට පත් වී ඇත.වසරකට මිලියනයක් පමණ සංචාරකයන් මෙය නැරඹීමට පැමිණෙයි.මෙම ප්‍රතිමා හමු වූ භූමිය කොටස් හතරකට බෙදා සංචාරකයන්ට නැරඹීමට ලබා දෙයි . එමෙන්ම මෙහි හතරවන කොටසේ ලොව මෙතෙක් හමු වූ විශාලම තඹ රන් ප්‍රතිමාව වන චින් ෂූ හුවාන් අධිරාජ්‍යයාගේ අශ්ව රථය තැන්පත් කර ඇත.එමෙන්ම මෙහි අධිරාජ්‍යයාගේ සොහොන ඇති ප්‍රදේශය තවමත් සංචාරකයන් සදහා විවෘත කර නොමැත.


එමෙන්ම මුලින්ම මෙම ප්‍රතිමා සොයාගත් ගොවීන්ට නම් මෙම සොයාගැනීන සුභ දායක නොවීය. ඔවුන්ගෙන් බොහෝ ප්‍රමාණයක් අකාලයේ මිය ගියේය.එක් අයෙක් සියදිවි නසාගත් අතර අනිත් අය අවුරුදු 40 පමණ වන විට මිය ගියේය. ඔවුන්ගෙන් ඉතුරු වුන සුළු ප්‍රමාණයක් අද මෙහි සමරු සටහන් සුළු මුදලකට ලබා දෙමින් ජීවිතය ගෙන යයි. එමෙන්ම මෙම ටෙරාකොටා මූර්ති හමුදාම ලොව හමු වු අද්භූත ම වස්තූන් අතරින් ද එකක් ලෙස හැදින්විය හැකිය .


Supernatural ⭕️❌

♾♾♾♾♾♾♾♾♾♾♾♾♾♾♾

☢️☢️☢️☢️☢️☢️☢️☢️☢️☢️☢️☢️☢️☢️☢️

Report Page