⭕️❌

⭕️❌

Dasantha Amarasinghe

𝗩𝗼𝘆𝗻𝗶𝗰𝗵 𝗺𝗮𝗻𝘂𝘀𝗰𝗿𝗶𝗽𝘁 | වොයිනිච් අත්පිටපත📜


🔖1912 දී පැරණි පොත් අලෙවිකරන්නෙකු වූ විල්ෆ්‍රිඩ් එම්. වොයිනිච් අතට පත්වූ මෙම පොත අදටත් පර්‍යේශකයන් අතර විවාදයට තුඩුදී තිබේ. 


වොයිනිච් අත් පිටපත කුමක්ද?


ගුප්ත කේතාංකයක් හෝ කේත කරන ලද අක්ෂර රටාවක් වොයිනිච් අත් පිටපත සමන් විත වේ. 15 වන ශතවර්ෂයේ මධ්‍යම යුරෝපයේ ලියන ලද මෙම පොත නූතන කඩදාසි පත්‍රයකට වඩා තරමක් විශාල වන අතර එහි බිඳෙනසුලු පිටු 246 ක් බැඳී ඇති වෙළුම් හා සත්ව සම් අඩංගු වේ. එයට දර්ශකයක් ඇතුළත් නොවන නමුත් බොහෝ කලකට පෙර අතුරුදහන් වී ඇත. පිටු අංකවල හිඩැස් ඇති අතර එය යම් අවස්ථාවක දී යළිත් වර්ධනය විය හැකි බවට සාක්ෂි ඇත, එබැවින් අද පිටුවල අනුපිළිවෙල පොත ප්‍රකාශයට පත් කළ කාලයේ පිලිවෙලට වඩා වෙනස් විය හැකිය.


🔖15 වන හෝ 16 වන ශතවර්ෂයේ රචිත යැයි සැලකෙන මෙම පොතෙහි ප්‍රහේලිකාත්මක චිත්‍ර ඇද ඇති අතර වඩාත්ම සිත්ගන්නා සුලු කරුණ වන්නේ එය රචනා කොට ඇති භාශාව මේ වනතුරුත් හදුනා ගැනීමට පර්‍යේශකයන් අසමත් වී ඇති වීමයි. 


🔖මෙය සත්ව සම් මත ලියා ඇති පිටු 246 කින් සමන්විත පොතකි. සෑම පිටුවකම පාහේ උද්භිද විද්‍යාත්මක, විවිධ සංකේතාත්මක මෙන්ම වෛද්‍ය විද්‍යාත්මක චිත්‍ර ඇතුලත් වේ. කොළ, දුබුරු, කහ, නිල් සහ රතු වර්ණවල තීන්ත මේ සදහා භාවිතා කර ඇත. 


මෙහි ඇති චිත්‍ර වලට අනුව ප්‍රධාන අංශ 6 ක් යටතේ වර්ග කර ඇත.


📎. මෙතෙක් හදුනානොගත් පැලෑටි 113 ක් ඇතුලත් උද්භිද විද්‍යාත්මක චිත්‍ර.


📎. රාශි චක්‍රය, තාරකා ප්‍රස්තාර ඇතුලත් තාරකා විද්‍යාත්මක සහ ජ්‍යොතිෂ චිත්‍ර. 


📎. ඉදිමුනු උදරය සහිත, තරලවල ගිලී අන්තර් සම්බන්ධිත නල හා කැප්සූල මගින් අන්තර් සම්බන්ධිත කුඩා, නිරුවත් කාන්තා චිත්‍ර අඩංගු වෛද්‍ය විද්‍යාත්මක චිත්‍ර. 


📎. විශ්වවේදයට අයත් විච්ත්‍ර වූ නවයක්.


📎. රතු, නිල්, කොළ පැහැ භාජන වල ඇති විවිධ ඖශධීය පැලෑටි සහ මුල් 100 කට වඩා අඩංගු චිත්‍ර.


6. තරු වැනි මල් චිත්‍රනය කොට ඇති කොටස. සහ (මෙහි ඇත්තේ බොහෝවිට යම් වට්ටෝරු වර්ගයක් විය හැක.)


" පර්‍යේශකයන් පවසන පරිදි වොයිනිච් අත් පිටපත යනු කේත කරන ලද අක්ශර රටාවක් වේ. එහි පටුනක් අඩංගු නොවන අතර එහි සමහර පිටු බොහෝ කලකට පෙර අතුරුදහන් වූවා විය හැක. පිටු අංක වල හිදැස් දක්නට ඇත. "


අක්ශර 25 ක් හෝ 30 ක් අතර ඉතා අලංකාර අක්ශර වමේ සිට දකුණට කෙටි චේද ලෙසින් දිවෙන සවිස්තරාත්මක විස්තර මෙහි අඩංගු වේ.


මෙය බොහෝ පර්‍යේශකයන්ට අනුව ඉතාමත් අභියෝගාත්මක මෙන්ම දුශ්කර පරිවර්තනයකි. එනම් එහි අඩංගු අක්ශර, භාශාව හෝ කේත තවමත් හදුනා ගැනීමට ඔවුන් අසමත් වී ඇත.


දීර්ඝ උත්සාහයකින් පසු පර්‍යේශකයන් මේ කේත නවීන භාශාවන් හා ගැලපීමේදී මෙහි 80% පමණ හීබෲ භාශාවෙන් ලියා ඇති බව ප්‍රකාශ කලහ. නමුත් මෙය හීබෲ භාශාව දන්නා පුද්ගලයින් විසින් පරීක්ශා කලත් ඔවුනට එහි කේත හදුනා ගත නොහැකි විය. අවසානයේ පලමු පිටු 10 ගූගල් පරිවර්තනයට යොමු කල ඔවුන් ප්‍රකාශ කලේ ඒවායේ අමුතු අර්ථයක් ඇතත් ඒවායින් යම් අර්ථයක් ලබා දෙන බවයි. 


15 සියවසට අයත් ලෙස සලකන මෙම පොත කවුරුන් විසින් ලියන්නට ඇත්ද යන්න තවම සොයාගෙන නැත. මෙම පිටපතේ සටහන් වී ඇති විවිද මනුෂ්‍ය රූප, ශාක සහ ජයාමිතික හැඩතල ගැන විවිද මත පල වී ඇත...


 Voynich අත්පිටපත ගැන පල වී ඇති විවිද මතවාද🧐


1. මෙය නිකරුනේ ලියා ඇති බව.

2. වෙනත් ග්‍රහ ලෝකයක විස්තර සදහන් වී ඇති බව.

3.ජෝතීෂ්‍ය සහ තාරකා විද්‍යව ගැන ලියවී ඇති බව.

4.අප ලෝකයට අයිති නැති ශාක වර්ග විය හැකි බව.

5.යම් ආකාරයක බෙහෙත් පැලැටි වල විස්තර විය හැකි බව....


🔖මෙය දැනට ඇමරිකාවේ Yale විශ්ව වීද්‍යලයේ තැන්පත් කර ඇත.


Supernatural ⭕️❌

♾♾♾♾♾♾♾♾♾♾♾♾♾♾♾

☢️☢️☢️☢️☢️☢️☢️☢️☢️☢️☢️☢️☢️☢️☢️

Report Page