*/

*/

Source
ආදරය තුලින් ලිංගික තෘප්තිය ක් සෙවීම අපරාධ වරදක්ද?? ❓❓
------------------------------------

මා ගැහැනු ලමෙයෙකු නිසාත් ලිංගිකත්වය කියු පමණින් ඉතාම අසභ්‍ය චිත්‍රයක් මනසෙහි මැවෙන නිසාත් මෙවන් කරුණක් අරභයා යමක් ලිවීමෙන්ම මා පිලිබදව අප්‍රසාදයක් ඇති කර ගැනීමට ඉඩ ඇති නමුදු ඒ අවදානම සමසිතින් ගෙන මෙවැන්නක් ලිවීමට සිත්වීමී...

ආදරය ඔබ හඳුනා ගත්තාද??? ජීවිතේ කියන්නේ මහ පුදුම දෙයක්...ආදරේ කියන්නේ ඊටත් වඩා පුදුම දෙයක්...... ඇත්තමට ආදරේ කියනනේ මොකක්ද...? අපි ජිවිතේ බොහෝ දේවල් වලට අර්ථකතන හොයනවා.... කාටද පුලුවන් ආදරේට අර්ථකතනයක් දෙන්න..... ආදරේ කියන දේ වෙනමම අරගෙන.... මම හිතන්නෑ එහෙම හැකියාවක් තියෙයි කියලා... මොකද ආදරේ තනියම අර්ථකතනය කරන්න බැහැ... මම දැක්කේ බොහෝ දෙනා ආදරේ කියලා වරදවා වටහාගන්නේ ආකර්ෂණය...... සමහර විට අපි අහලා තියනවා වගේම කියලා තියනවා... අපි එකිනෙකා පතාගෙන ආවා කියලා.... පට්ට බොරුනේ...... සැබෑ ජිවිතයේ දී එහෙම වෙන්න පුලුවන්ද ? අපි කරන්නේ ආකර්ශණය සාධාරණිකරණය කරන්න වෙන වෙන ලේබල් අලෝගන්නවා...... බෙහෝ දේ නිසා ආකර්ශණය ඇතිවෙන්න පුලුවන්..... සලමන් ඛාන්ට ඇයි ගෑණු ළමයි ආදරේ කියන්නේ...... ඒ ආදරේ නිසාද... නැහැ ආකර්ශණය..... එක්කෝ රූපෙට... නැත්නම් සල්ලි වලට......

මම ගෑනු ළමයින්ගෙන් ප්‍රශ්ණයක් අහන්න කැමතියි...

කට්ට කළු..... ෆුල් තට්ට..... දික්කසාද චෙව්ව මනුස්සයෙක් කසාද බඳින්න කිව්වොත් මොකද කියන්නේ ....? කැමති වෙනවද...... ? හිතට එකඟව පිලිතුරැ දෙන්න...... හැබැයි මේ පුද්ගලයා ලෝක පුජිත නම්..... පුපුරන්න සල්ලි තියනවා නම්..... අකැමැති නොවී ඉන්නවද....? ඒ විවාහ වෙන්නේ ආදරය නිසාමද...... දැන් හිතන්න එපා මම ආදරේ හෑල්ලුවට ලක් කරනවා කියලා..... නැහැ මම ආදරේ හොඳට දන්නවා... හඳුනනවා.....මම දකින්නේ ආදරේ කියන්නෙ සමීකරණයක්.... බොහෝ අයට තාමත් විසද ගන්න බැරි උන.... (කැපවීම + විශ්වාසය) x ලිංගිකත්වය = ආදරය කැපවීම සහ විශ්වාසය තමයි ආදරෙයේ මුලික අඩිතාලම්.....

අපිට අපි අපි වෙනුවෙන් කොයි තරම් කැපවෙන්න පුලුවන්ද....මොකක්ද මේ කියන කැපවීම.....??එකිනෙකාගේ අවශ්‍යතා වෙනුවෙන් කරන්න පුලුවන් කැපවීම....මානසික වගේම කායික වශයෙන්...... සරළව කිව්වොත් එක්නෙකා කොයි තරම් දුරට ඉවසන්න පුලුවන්ද...... එහෙම නැත්නම් එකිනෙකාගේ කැමැති අකැමැති දේ අපිට කොයි තරම් දුරට දන්නවද.... ඒ අනුව අපි වෙනස් වෙනවද යන්න කියන එක ගැන අපිට නිශ්චිතව අනුමාන කරන්ඩ බෑ .ඒ අනුව බොහෝ දෙනෙක් එකිනෙකාගේ ඉතාමත් සරල අවශ්‍යතා හඳුනාගෙන නැහැ කියන එක පැහැදිලි .එහෙම නම් කොහොමද ජිවිත කාලයක් පුරා එකට ජීවත් වෙන්නේ....???

අනිත් කාරනේ විශ්වාසය.... අපි එකිනෙකා කොයි තරම් විශ්වාස කරනවද...? කියන කාරණය..... විශ්වාසය කියන දේ අර්ථ දැක්වීම හරිම අමාරැයි..... අපි එකිනෙකාගේ වචන කොයි තරම් විශ්වාස කරනවද...?

ක්‍රියාකාරම් කොයි තරම් විශ්වාස කරනවද...?

හැබැයි විශ්වාසයෙ මේ පදනම තමයි එකිනෙකා පිළිබඳ දැනීම.... ඒ කියන්නේ නැවතත් අපි එන්නේ මුලටම..... අපි එකිනෙකා ගේ ගැන කොයි තරම් දුරට දන්නවද කියන දේ.... ආදරයට කිසියම් නිර්වචනයක් තිබිය නොහැකි .නිර්වචනයකට පදනම් වන හේතු සාධක තිබිය යුතුය නමුත් ආදරය අහේතුකය.. ආකර්ශණය හේතුකය.. ආකර්ශණය නිර්වචනය කල හැකි මුත් අහේතුකව හටගන්නා ආදරයකට නිර්වචන නැත.. හේතුවක් නිසා හට ගන්නා ඵලයක් වේද හේතුව නැති වූ දාට ඵලයක් නැත.. ඉතින් ආදරය හේතුකද?? සැබෑ ආදරය යම් දිනක නැති වන්නෙ නම් එය සැබෑවක් ලෙස පැවතී නැත.. මේ කියන පදනම් ශක්තිමත් වෙන්නේ කායික වශයෙන් තියන බැඳීම.... එහෙමත් නැත්නම් ලිංගිකත්වය.... එහෙමත් නැත්නම් ශාරීරික වශයෙන් තියන බැඳීම තුලින්......

ආදරය රාගයෙන් තොර සඳ එළිය සේ ප‍විත්‍ර ද?? 🤔🤔

රාගය තොර සඳ එලිය?? එසේ නම් රාගය අපිරිසිදු යමක් වෙන් ඕනා.. සික්සා පදයක් තියෙනවා.. " කාමයෙහි වරදවා හැසීරීමෙන් වලකිමි"

කාමයෙහි වැරදි හැසිරීම මෙහි වරදක් බව පෙන්වා ඇති මුත් කාමයෙහි සුභාවිතය කොතනක කොහේදීවත් වරදක් බව පෙන්වා දී නෑ.. එහෙම කාමය නැත්‍තම් ලෝකයෙහි පැවැත්මක් කොයින්ද??

අපි කොයි තරම් පිළිගන්න අකැමැති උනත් ලිංගිකත්වය මත තියන බැඳීම විවාහයට ගොඩක් වැදගත්... අපි හැඟීම් දැනීම් තියන මනුස්සයෝ..... තමන්ගේ ලිංගික ජීවිතය තෘප්තිමත් නැත්නම් අපිට නොදැනීම අපි ඒ තෘප්තිය හොයාගෙන යනවා.... ආදරය මත පදනම් වෙලා විතරක් විවාහ ජීවිතය පවතිනවානම් අද මේ තරම් අපිට ගෑණු පිරිමි භාහිර ඇසුරු හොයගෙන යන්නේ නැහැ නේද....? ආදරය කියලා වරදවා වටහා ගන්නෙ මේ ලිංගිකත්වය මත පදනම් වෙච්ච ආකර්ශණාත්මක සම්බන්ධයක් නෙමෙ කියලා කාටද තර්ක කරන්න පුලුවන්???? අවුරදු 15 18 දී විතර කාලයේ දී, (80 ගනන් වලදී) ගොඩක් පිරිමි ගෑනුන්නේ ‘නිරුවත‘ දැකලම තිබ්බේ නැ.. ඒ කාලේ විඩියෝ තිබ්බට ඒවා බලන්න එයාලට පුළුවන් කමක් තිබ්බේ නැ. මල් පත්තර ආපු කාලේ ඉදන්, අපේ මං මේ කියන අතීතය වෙනස් උනා. නිරෝගී කොල්ලෝ වැඩිවියට පත් උනාම ඉබේම ලිංගික හැගීම් එනවා,

ඒවා සං සිද්වෙන්නේ ‘ස්ත්‍රී සිරුරවල්‘ දැකලම නෙවෙයි. අනුමාන තුලින්,

ඒක නිසා කොල්ලෙක්, ආදරයක කරන්න කලින් ස්වයං ලිංගික අත්දැකීමක්

ලබන්නේ, ඒ ස්ත්‍රී ශරීර විදලම නෙවෙයි.

ආදරයක අද්දැකීමක් ලැබුව කොල්ලෙක්ට තම පෙම්වතීගේ සිරුර, (නිරුවත) සංසංදනාත්මක නැ. ඒක නිසා ඒකේ හැගීම් පන ගැන්වෙන්නේ ආදරයත් මුහු කරගෙන. (මේක ගණිකාවන් ආශය කරන අය සදහා වලංගු නැ)

කාලයත් එක්ක ලිංගිකත්වය ‘වක්‍රව‘ විකිනෙන්න ගත්තා.

නිල් චිතපටි, පින්තූර එලියට ආවා. ගමේ සුමනගේ කලව දැක්ක නැති කොල්ලෝ අංක එකේ සුරූපිණියන් ගේ හැම තැනම දකින්න ගත්තා. ආදරයට කලින්, ලිංගික සිරුරට ආශා කරන්න ගත්තා, ඒක මනෝමය තත්වයෙන්, දෘෂ්ඨිමය තත්වයට පත් උනා. ආදරය කරන්න ගත්ත පෙම්වතීගේ පපුව සංසන්දනය වෙන්න ගත්තා ඒක අර වගේ උල්ද ? ලොකුද ? කියල හිතෙන්න ගත්ත.

ස්ත්‍රී ශරීරය, ස්පර්ශමය අවයවක් පමනක් උනා. මනෝමයේ රැදුනේ


විවිධ තාක්ෂණික ක්‍රම මගින් හිත පිනවූ ශරීර. (පුංචි දගකාරියේ ගීතය අහන්න)

පෙම්වතිය සමග හෝ බිරිද සමග හෝ හැසිරීමෙදි, මනෝමය වෙනත් තැන්වලට යනෙ න අවස්ථා උදාවෙන්නේ ඒ නිසයි. ගතයි සිතයි දෙකම එක තැනකට ගත නොහැකි වෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩී. දෙපාර්ශවයටම මෙය පොදුයි.. ඔබ රමණයේ යෙදෙන්නෙ කා සමග වුවත් ඒ අවස්ථාවෙ ඔබෙ මනසෙහි සිටින්නෙ ඔහු හෝ ඈ නොවෙන්න පුලුවන් කියා සිග්මන් ප්‍රොයිඩ්ගෙ පොතක තිබ්බා.

අතීතයේ දී යෝජිත විවාහ තුල ගැහැනිය ලිංගික වශයෙන් වඩාත් උච්චතම අවස්ථාවක සිටියා යැයි මම උපකල්පනය කරනවා. ඒකට හේතු වන්නේ, පිරිමින් පෙරදී එවැනි, අත්දැකිම නොලබා සිටීමත්, තම ගැහැනියගේ සිරුර වුවද පූර්ණ දර්ශනයට අසු නොවීම ත් යනු කරුණු.

වර්ථමානය ගැන ඉතා කණගාටු වෙන්නෙ තාක්ෂණය ඕස්සේ විකිනෙන්නෙ අතිශය වටිනවා වූ හැගීම් නිසාවෙන් .කාන්තාවන්, තම ස්වාමිපුරුෂයන් ඉදිරියේදී හෝ, සම්පූර්ණයෙන් නිරුවත්නො වී සිටීනම්, අනාගතයට එය අනගි පිළියමක් වෙන්නත් පුලුවන් .ඒ දෑතේ දුරට වඩා දුරකින් ඇගේ නිරුවත හෝ දැකීමෙන්, මනස සහ දැනීම වෙන් වෙන්ව ක්‍රියා කරන්න ඇති ඉඩ ප්‍රස්ථ නිසාවෙනි.නමුත් පාරේ යන ගැහැනියක් උවත් මනසින් නිරුවත් කර බලන සමාජයක කලාත්මක ලිංගිකත්වය විහිලුවක් හෝ ප්‍රායෝගික නොවන විකාරයක්

මෙය මම පුරූෂ කෝණයකින් සිතා ලීවා විනා ස්ත්‍රීන් එසේ නොවෙනවා යැයි කියන් නෑ

ගැහැනියක් වර්ණනා කිරීමෙදී යසෝදරාව තරම් වර්ණනා කල කෙනෙක් තවත් නැති තරම්,

ඇගේ පෙකනියේ සිට සිත්‍රී නිමිත්ත දක්වා දෙපසට විහිදූ සියුම් රෝම ගැන පවා කවියෝ විස්තර කර තියනවා. ඒත්, ගෑනියක් සමග ඉන්න කොට කාටවත් යසොදරාව මතක් වෙන්නේ නෑ.

ඉතින් කවියන්ට සිත්තරුන්ට පවා සුංගාරය කලාත්මකව දකින්න පුලුවන් නම් ආදරයේදි එය එසේ බැරි ඇයි??

නමුත් ආදරය යන හැඟීම මුලීක කරගෙන ලිංගිකත්වය සෙවීම කියන්නෙ ප්‍රේම සම්බන්ධයක් කාමරයක කොටු හතරක් තුල සීමා කරගෙන යුවතියකගෙ රොන් උරා බී ඈ කුනු රොඩ්ඩක් කර විසික් කිරීම නෙමෙයි..සුංගාරය රාගය උත්තරීතර හැඟීමක් දක්වා වර්ධනය කල යුත්තෙ කාමරයක සයනයක් තුල නෙවෙයි.. දෙදෙනෙකුගෙ සිත් දෙකක් තුල ආද්‍යාත්මය පිබිදවීමෙන් පවා එය කල හැකි... ලිංගික සංසර්ගයකට වඩා සැබෑ පෙම්වතුන් අතර තිබෙන්නෙ ආද්‍යාත්මික රමණයක්...

කොටින්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සොඳුරු ආදරවන්තයින් නිදි වදින්නෙ අඳුරු යහන් මත නොවේ.. ඔවුන් නිදි වදින්නෙ සුමුදු සුමට සිත් මත .. 🌸

ස්තුතී.🙏


උපුටා ගත්තේ෴චාන්‍යා හේරත් ගෙනි😘

Report Page