❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️

Darshana .අම්මා

....මට නොතේරුණා....

ළදරු වියේ උකුළෙ තියා

දොයි දොයි දොයි කවිය කියා

ආදරයෙන් හිස අතගා

ගෙදර බුදුන් මා රැක්කා.......

දිනෙන් දිනේ ගෙවී ගිහින්

මං ටිකටික ලොකු වෙනකොට

මගේ ඔළුව අතගාලා

මට ගුණ නැණ ගෙන දුන්නා.....

මගේ අතින් අල්ලාගෙන

සිප් හල වෙත පිය නගලා

පාසැල් ගුරු මෑනියන්ට

මා ගුණ කීවා......

ආදරයෙන් මගෙ හිස සිඹ

හොඳින් ඉගෙන ගන්න කියා

නුඹ මගෙ කුස පුරවන්නට

වෙහෙසක් දැරුවා......

මං ටික ටික ලොකු වීලා

ඇඟ පත දැඩි වී එනවිට

මුරණ්ඩුකම දඟ ගති හිත

රජකම් කෙරුවා.......

තලා පෙලා මට රවලා

දොස් පවරා උරණ වෙලා

යහමග මා යවාලන්ට

ඔබ මුල පිරුවා............

ඒත් මගේ මුරණ්ඩුකම

මොහොතක් අඩු නොවුනු විටෙක

වෛර නොකර ආදරයෙන්

හිස අතගෑවා............

වයසින් මුහුකුරා ගිහින්

යමක් කමක් තේරෙන කල

කල කම් පල දෙන අරුමය

හිත තුළ පිරුනා..........

එදා මෙදා තුර ලෝකය

වෙනසක් වී නොතිබුනාට

මගෙ හිත තුළ අහස පොලොව

ලඟ නෑ පෙනුණා............

අම්මේ ඔබෙ ගුණ ගයන්න

එදා මෙමට නොසිතුණාට

අද මං ලතැවුල් හමුවේ

හඬා වැටෙනවා............

මං ලොකු ලමයෙක් වීලා

අනාගතය රජ වෙනවා

දෑසින් දැක බලාගන්න

නුඹ පෙම් පිරුවා.........

නමුත් කුහක කමින් පිරුන

මගේ ලොවට නුඹ ආවට

තාත්තෙ නුඹ මගේ කියා

මට නොතේරුණා ...........

අද මං වගුරනා කඳුලු

දෑස දිගේ රූටා විත්

හදවත ලඟ නතර වෙලා

මෙහෙම කියනවා........

එදා නුඹට කියපු ලෙසට

නුඹ යහමඟ හැරුනානම්

අද උඹ හොඳ තැනක පුතේ

ලොව වැජඹෙනවා.............

          දරා.....

Report Page