වැහිබිඳු වැටෙනවා නම්... (කෙටිකතාව)

වැහිබිඳු වැටෙනවා නම්... (කෙටිකතාව)

◇❉⃟࿔ꦿ꧁Sithu

~ අවසාන කොටස ~

පෙර කොටසට

හිතුනා කෙල්ලව ආයේ දකින්න ලැබෙන එකක් නැද්දෝ කියල....


එතැන් සිට....

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

වර්තමානය


" ධනුක ගීනෙත් මහතාගේ නොමසුරු පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ක්‍රියාවට නංවන ලද මෙම පිරිසිදු පානීය ජල ව්‍යාපෘතිය මොනරාගල දිස්ත්‍රික්කයේ, මීගහඇළ ගම්වාසීන් අතට පත්කිරීමේ ඒ විශේෂ අවස්තාව උදා වී තිබෙනවා.... "


" එසේ නම්....... මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා....... සුමනසේකර සමූහ ව්‍යාපාරයේ සභාපති, ව්‍යාපාරික, ධනුක ගීනෙත් සුමනසේකර මහතාට, සමරුඵලකය නිරාවරණය කරමින්,..... මෙම ව්‍යාපෘතිය සංකේතාත්මකව ජනතා අයිතියට පත්කරන ලෙස........."


හ්ම්...... මීට අවුරුදු 6කට විතර කලින් කතරගම දොදොල් විකුණන කඩේක වැඩ කරපු කොල්ල තමා.... දැන් ව්‍යාපාරිකයෙක් වෙලා ඉන්නේ.....

මටම කියල ස්ථාවරත්වයක් හදාගන්න.... කාපු කට්ට.... ඔව්.... හුගක් මහන්සි උනා.....

හුගාක් කැපකිරීම් කරා... රැයක් දවාලක් නැතුව කැපවෙලා වැඩකරා....

ඒකේ ප්‍රතිඵලය තමයි.. #සුමනසේකර සමූහ ව්‍යාපාරය#


නැගිටල ඇවිත් සමරුඵලකය නිරාවරණය කරල....


වීදුරුවකට අලුතින් හදල තියෙන ටැප් එකෙන් වතුර ටිකක් අරන් එතන හිටපු වයසක තාත්තා කෙනෙක්ට බොන්න දුන්නා....


ඒ තාත්තා හරි අහින්සක විදිහට මං දිහා බලල හිනාවෙලා කිව්වා....

" ජාති ජාතිත් පින් මහත්තයෝ... මහත්තයට කවදාවත් වරදින්නෑ.... අපි වගේ අසරණ වෙච්ච මිනිස්සුන්ට පිරිසිදු වතුර ඩිංගක් බොන්න විදිහක් හදල දුන්නට...."

මම ඒ තාත්තට ලෝබ නැතුව හිනා උනා....


ශේන් මටත් වීදුරුවක් දික් කරත්..... ඒක එපා කියල ඔලුවෙන් සන් කරල..... ටැප් එකෙන් මූන හෝදගත්තා.... එහෙම්මම අතට වතුර ටිකක් අරන් බිව්වා.....


සංවිධායක මණ්ඩලේ හිටපු සමහරු පුදුම වෙලාද කොහෙද... මගෙන් බලාපොරොත්තු නොවෙන්න ඇති මේවගේ හැසිරීමක්....

ඒත් මේව අපිට හුරුයි.... අපි ඉස්සර වීදුරුවලින් වතුර බීපු මිනිස්සු නෙවෙයිනේ.... හ්ම්... ජීවිතේ වෙනස් වෙලා ඒත්...... මගේ සරලකම..... ගොඩේ විදිහ තාමත් එහෙමයි....


ඒ මිනිස්සුන්ටත් කතා කරල උත්සවේ ඉවර උනහම... ශේන්ට කිව්වේ Town එකේ DarkBlack හොටෙල් එකට යමු කියල....


ශේන් කිය්න්නේ මගෙ Bodyguard.... ඊටත් වඩා මගේ බොක්ක.. අයිය වගේ... වඩා අවුරුද්දයි වැඩිමල්...

ඌට කාත්කවුරුවත් නෑලු.... මූටනම් ගෑනුන්ව පේන්න බෑ.... මං යෙනූව මතක් කරන කොට මිනිහ මගේ ඇගට කඩාපනිනෝ.... ඌ එහෙම පොරක්.....

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


එළවළු කඩේකින් පටන් ගත්තු Bissnes එක.... මුලින් හුගාක් දේවල් Try කරා.... ඊලගට කුළුබඩු විකිණුවා කරා.... ඇත්තටම පට්ට ලාභයක් ආවා.... අද වෙනකොට අපනයන කරල හොද ලාභයක් එනවා...


ඇන්ඩෲස් එක්ක එකතු වෙලා තේ Estate එකකුයි, Tea Factory එකක්කුයි ගත්තා.... අන්තිමට ඇන්ඩෲස් ඒක මට දීල රට ගියා... ඒ Bissnes එක තාමත් හොදට කරගෙන යනවා..


"සිව් හෙලය" කියල පත්තරයක් පටන් ගත්තා.... ඒක හුගාක් ජනප්‍රිය වුනා....


පාරම්පරික සහල් දෙකුන් පාරක් Try කරාට අස්වැන්න අඩු යි... පාඩුත් උනා... ඒත් ටික කාලයක් යනකොට ඒකත් හරි ගියා.... ගාන වැඩි උනත් ගුණදායක නිසා හුගාක් ලොකු ඉල්ලුමක් තියෙනෝ....


ඔය වගේ හුගාක් දේවල් කරල තමයි දියුණු වුනේ.... අවුරුදු 4ක් විතර පට්ට විදිහට කට්ට කෑවා.... දැන් තමයි ඒවගෙ ප්‍රතිඵල තියෙන්නේ....

ඉතින් කොහොම හරි... අසරණ මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න හිතුවා... මනුස්සකම තමයි වටින්නේ...

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


Dinner එකත් අරන් Office එකේ File ටිකකුත් Check කරල.... බියර් එකකුත් අරන් Room එකේ බැල්කනියට ආවේ පුරුද්දට වගේ.....


හම්....... අද අමාවක දවසක්.....

ඒත් තරු වෙනදටත් වඩා පායල..... හද නැති උනත් අහසට තනි මකන්න අහස පුරාම තරු පිරිල.....


....# හද නැති දාට තමයි තරුවක උනත් ලස්සන පේන්නේ.... ඒත් වෙනදට හද ගාවින්ම පායල ඉන්න පහන් තරුව නම් අද තනිවෙලා #....

.....#හුගක් කවි ලියවුනේ හදට...හද; සෞම්‍යයි ලු.... හුගාක් සිසිලසයි ලු.... ඉර; කාෂ්ඨකයි ලු... හිරු රැස් පීඩාකාරී ලු .... ඒත් ඉර හැමදාම මුලු ලෝකෙටම එලිය දුන්නා#.....

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


හ්ම්....

යෙනූ...... මගේ ඇහැල මල......


එයාව මතක් නොවුනු දවසක් නැති තරම්..... අන්තිමට එයාව දැකල හෙටට හරියටම අවුරුදු 6ක් වෙනවා.....


බියර් එකත් හිස් කරන ගමන්... සාක්කුවෙ තිබුණු උබට දෙන්න කියල හිතාගෙන මීට අවුරුදු 5කට විතර කලින් ගත්තු මාලේ අතට ගන්න ගමන් කලපනා කරේ අපි ගැන බන්....

අපි ආයේ මුන නොගැහේවිද යෙනූ.... උබත් ආයෙත් එකපාරක් හරි මාව මුණගැහෙන්න් ආසයිද යෙනූ...


උබ ආයේ එන්නෑ කියල දැන දැනත්.... උබ කවදහරි එයි කියල බොරුවට බලාපොරොත්තු තියාගෙන ඉන්නව බන්.... මිරිගුවක් පස්සේ යන්නෙ කියල දැන දැනත් නවතින්නෑ බන්.... නවත්තන්න හිතෙන්නෙත් නෑ....


ඔව් බන්.... උබව එක පාරක් මේ පපුවට තුරුලු කරගෙන ඉබින්න ආසයි බන්... ඉතින් තාමත් මං බලන් ඉන්නව මැණික.... 


දූවිලි පිරිච්චි කාන්තාරෙකට කාලෙකට පස්සෙ වහින වැස්සක් වගේ....... අහම්බෙන් හරි උබ මගේ ජීවිතේට ඇවිත් අලුත් බලාපොරොත්තු හුගාක් ඇතිකරලා ගියා බන්....


මිනිස්සු කියනවා මං සාර්ථකයිලු බං.... උබම කියපං මැණික... උබ නැතුව වැඩක් තියෙද.... කියපං යෙනූ... උබ නැතුව පායලු බං.... තනිකමක් විතරයි දැනෙන්නේ බන්.....

මං ඇත්තටම සාර්ථකයි නෑ බන්... උබ නැතුව ජීවිතේ හිඩැසක් තියෙනවා මැණික....


මං මහ පව්කාරයි නේද මැණික.... උබ එක්ක වචන කීයද කතා කරේ.... එක පාරක්වත් උබගෙ අතින්වත් අල්ල නෑ බං..... අඩුම උබේ නමවත් හරියට දැන්නෑ බං....

උබව කොහේ කියල හොයන්නද බන්.... ගාල්ලේ කිව්වට කොහොම හොයන්නද බං... කොච්චර හෙව්වද... උබගේ Number එකක්වත් ඉල්ලගන්න එදා සිහියක් තිබුන්නෑ මට.... 


මැරෙන්න කලින්... එක පාරක්.... ඔව් එකක එක පාරක් හරි... උබව දකින්න තිබ්බොත් ඇති මැණික.....



මේ වෙනකොට උබ නම් කසාද බැදල දරුවොත් ඇති.... නේද යෙනූ.... උබ රෑට දරුවොන්වත් තුරුලු කරගෙන මහත්තයගේ පපුවට වෙලා නිදි ඇති නේද.... මට පින නෑ මැණික....

හ්ම්....


මට දැන් හුගාක් proposal එන්න පටන් ගෙන.... අනිත් Bissnesmanල, ඇමතිවරු...මන්ත්‍රීවරු,... Artistලා... වගේ හුගාක් Popular කට්ටියෙගෙන් එයාලගේ දරුවොන්ව Marry කරන්නලු...


ඒත් මට හිත හදාගන්න බෑ බන්.... මං කොහොමද උබව අමතක කරල දාන්නේ..... මං කොහොමද වෙන කෙල්ලක්ව කසාද බදින්නේ.... මට බෑ මැණික.... මට බෑ.... උබව අමතක කරන්න තේරෙන්නෙත් නෑ බන්....


දැන් මට කියල කවුරුත් ඇත්තෙ නෑ... අම්මත් ගිය අවුරුද්දේ නැති වුනා....

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


"ඇති යකෝ ඔතනට වෙලා හීල්ලුවා.. ගෙදර වගේ නෙමෙයි.. මෙතන තොට බෙහෙත් හොයන්න බෑ... ඇතුලට වරෙන් නිදාගන්න... පිනිබාන්නැතුව..." ශේනය තරහින් වගේ කිව්වේ මං ගාවට එන ගමන්....


"හෙට උදේම කතරගම යන්නත් ඕන බන්.... " මං කිව්වේ අහස දිහා බලාගෙන...


"මේ අහපං යකෝ.. උබ හැම අවුරුද්දකම 6වෙනිදාට ඔය වැව අස්සේ රිංගුව කියල කෙල්ල එන්නෑ... අනික කෙල්ල නම් කසාද බැදල දරුවොත් හදල ඇති... තෝ.... තෝ.... මොකාද එකා වගේ කසාදයක්වත් නොකර නාකිවෙලා පලයං... ෂික්....


අච්චර හොද Proposal ඇවිල්ලත් තෝ බෑ කිව්වනේ... අර කෙල්ලොන්ගේ මොන අඩුපාඩුවක් ද.... ලස්සන... නම්බුව... සල්ලි.... ගරුත්වය.... මොනවද අඩු යකෝ.... අම්මපා උබ නම් ගොන් නාම්බෙක්...."

හැමදාම එකම ටේප් එක... හිහ්... මට දැන් ගානක් වත් නෑ....


"ඈ යකෝ.... ගෑනු ඇලජික් කිව්ව එකා නේද.... මේ... ඒපාර කෙල්ලොන්ගේ ලස්සන බලන්නත් පටන් ගත්තද.... අම්මෝ සාන්ත.... ඔහොම යං කොල්ලො ඔහොම යං.... උබ අර Office එකේ කෙල්ලක්ට නේද Line එක දැම්මේ.. හිහ්... මං දැක්ක ඇහ්...." මං මූට කිණ්ඩිය දාන ගමන් කිව්වේ... ඇත්තටම ළඟකදී ඉදල මුගෙ පොඩි මනමාල පෙනුමක් ඇවිත් තිබුනු නිසා.....


"මෙහෙ වරෙන් මගුලක් කියවන් නැතුව..... මේ රෑරාත්තිරියේ පිනිබාල උබ හෙම්බිරිස්සාව හදගත්තම මටනේ ඒකත් වදේ...."


ඌට ලැජ්ජ හිතිලද කොහෙද.... කතාව හැරෙව්වා.....

කොහොමත් වෙනදත් වැඩි වෙලාවක් රෑට එලියෙ ඉන්න දෙන්නෑ... කොහේහරි ඉදල ඇවිත් කුදලාගෙන යනෝ..... අදත් මූ මගේ අතේ තිබුනු බියර් එකත් අරන්.... මාව ඇදගෙනම වගේ ඇතුලට එක්කන් ආවා....

අර කෙල්ල හොදයි නම් මගේ එකාට සෙට් කරල දෙන්න ඕන....


හ්ම්......

හෙට වත් යෙනූව Meet උනොත්.... හැමදාම එකම බලාපොරොත්තුව......

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

පසුදින සවස


"ඇයි දැන් උබ හැම අවුරුද්දකම මේ මාසේ 6 වෙනිදට ඇවිත් අරක්කු බොන්නේ.... ඇත්තට මුහුණ දියන් බං.... ඒකී ආයේ එන්නෑ යකෝ තේරුම් ගනින්... උබට මම කට කැඩෙන කිව්වත් උබ අහන්නෑනේ.... රෙද්ද....

මීඩියා කාරයෙක් දැක්කොත් උබ බීල විකාර කරන හැටි උබට ආයේ පාරක බැහැල යන්න බැරිවෙයි... ඕකුන් ඔය පද හදන හැදිල්ලට..."


"ධනුක උබ ඔහොම විදවනවා බලන් ඉන්න බෑ බං.... උබ මගේ මල්ලි වගේ නිසා කියන්නේ බං... ඒකි එන්නෑ යකෝ... දැන් උබ කොච්චර කල් බලන් හිටියද....


කොච්චර නම් ඒකිව හෙව්වද.... ඒකි රස්සාවෙනුත් අස්වෙලා නේ.... අවුරුදු කීයක්ද යකෝ... අවුරුදු 6ක්... අවුරුදු 6ක් තිස්සේ.... උබ බලන් ඉන්නේ.... උබ පිස්සෙක් වගේ හැසිරෙන්නේ ඇයි බං.... උබ මගේ එකා නිසා කියන්නේ... වෙන කෙල්ලෙක්ව හොයාගනින්.... ඕකිව අමකත කරල දාපන් මචං... " ශේනය කිව්වේ වැව් කණ්ඩියෙ වාඩිවෙලා ඉන්න ගමන්....


" පි ස්සු ද ඃ%¥# ... ම ං... ම ං ක්.. කො.. කො.. හොමද ... බං.... මගේ.. හ්... මැ ණිකව අම.. තක.... කර...න්නේ.... ඒ... ම ගේ... ඇහැ ල.. ම ල.... බ ං.... "

දැන් නම් මං හොදටම වෙරිවෙලා කියල මටම තේරුනා.... කතා කරගන්නත් අමාරුයි වගේ....


" ඒකි දීපු උපදෙස් අහල උබ ගොඩ ගියා තමයි... උබ ඔතනට එන්න ඒකිගෙ උදව්වත් ලැබුන තමයි.... ඒත් බං උබ ඔහොම බීලා විනාස වෙන්න එපා යකෝ.... "


"ඔය බෝතලේම බොන්නෙපා බ#ලෝ.. කාලක් බීලත් තොට වැඩියි... බලහන් උබට දැනටමත් වෙරි නේ.... ෂික්... දැන් ඉතින් තව ටිකකින් වමනෙ දාපන්..."

ශේනයා එහෙම කියල බෝතලේ උදුරන් ගියා...

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


ශේන් ආයෙත් ටිකකින් ඇවිත් වැව් කණ්ඩියෙන් වාඩි උනා.... වෙරි උනත් මං තාම හොද සිහියෙන් ඉන්නේ....


අහස තැඹිලි පාටට හැරීගෙන ඇවිත්.... හරිම ලස්සනයි.... වැවේ රැල්ල ගහනවා... පොඩි වැවක් උනත් පට්ට ලස්සනක් තියෙන්නේ.... කුඹුක් ගස්වල අතු වැවට නැමිල.... කොක්කු ඇවිත් අහල පහල තියෙන ගස්වල වහනවා....


ස්වභාධර්මය ඇත්තටම පුදුමාකාරයි නේද.... මොන ප්‍රශ්නේ තිබ්බත්, අපි කොච්චර වේදනාවෙන් හිටියත්.... මේ වගේ තැනකට ආවහම හිත සැහැල්ලු වෙනවා.....


හීන් පොද වැස්සක් යනනිසා මතක් උනේ, කෙල්ලව මුලින්ම දැක්ක දවස.... ඉතින් කොහොම අමතක කරන්නද...,

....#...මගේ ඇහැල මල...#....


🎶🎶...මොහොතක් තනිවී

සොයමී ආදරේ...🎶🎶


මගේ ආදරේ උබනෙ මැණික.... තාම හොයනව බං.... අවුරුදු 6ක් තිස්සේ හොයනව..... ඒත්.... එක පාරක්වත් උබව දැක්කේ නෑ ආයේ.....



🎶...නොකියමයි ලංවුනේ

නොදැනිම අප වෙන් වුණේ...

කාලයයි සොබාදමයි

අප ලංකර වෙන් කළේ...🎶


ඒ සින්දුව නම් අපි දෙන්න වෙනුවෙන්ම ලියපු සින්දුවක් වගේ නේද මැණික....

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


" ඒ ධනුක දැන් හවස්වෙලා බං.... තාම යන්න හිත නැද්ද උබට.... එපා වෙනව යකෝ... මෙහෙට වැහැල නිසා පාරත් ලිස්සනවා.... උබට මොකද... මමනේ වාහනේ Drive කරන්නේ.... උබ වමනෙ දදා නිදාගනින් ගෙදර යනකන්.... ෂික්.... අපරාදේ කුලීවැඩක් කරන් ඉන්න තිබුනේ තොගේ Bodyguard වෙන්නැතුව....

ඌ ඔහොම කිය්න්නේ ගිය පාර මම බීල කාර් එකෙත් එක්ක වමනේ දාපු නිසා වෙන්න ඇති... එදා තෙමුණු නිසා දවස් දෙකක් උණ තිබ්බාත් එක්ක.... නැගිටගන්නවත් පණක් තිබ්බෙ නෑ.... මොක උනත් ඌ මාව බලාගත්තේ දරුවෙක් වගේ....


"අනික තොට පීනස තියෙනව කියල මතක තියාගනින්.... කොච්චර කිව්වත් උබ අහන්නෑනේ...

උබ පොද වැස්සට ඔච්චර ආදරේ කරාට වැස්සට ඕක තේරේන්නෑ බ#ලෝ.... මේ හීතලේ ඉදල රෑට තොට අමාරුවෙයි... හොද නෑ කියල දැන දැනත් තෝ බේබද්දෙක් වගේ බිව්වනේ.... "

මූ හෙනට බනිනො ඉතින්... මගේ හොදටම තමයි.... මං නම් ඉතින් හැදෙන එකෙක් නෙමෙයි නේ....

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


"ධනුක පුතේ..."

කව්ද කතා කරනව ඇහුන හින්ද බැලුවේ.... ඒත් මට දැන් හොදටම වෙරි නිසා...ඕනකමින් බැලුවෙ නෑ....


ඒත් අන්කල් කෙනෙක්ගෙ චායාවක් පෙනුන නිසා වැව් කණ්ඩියෙන් නැගිට්ටා.... හිටගන්නවත් පණ නැතුව වැටෙන්න යනකොට ශේනය මාව උගේ ඇගට වත්තම් කර ගත්තා....


"මචං ධනුක මේ ඉන්නේ යෙනූගේ ලොකු තාත්තා.... " ශේන් කිව්වේ මොකක් හරි දුකකින් වගේ....

ඒත් ඒ ඇහිච්ච වචන ටිකට නම් මගේ වෙරිත් හිදීගෙන ආවා වගේ...


දෙයියනේ යෙනූගේ නෑදෑයෙක්....යෙනූ ගැන තොරතුරක් දැනගන්න පුලුවන්....


බලාපොරොත්තු උනා මේවගේ දවසක්..... මගේ ප්‍රාර්ථනාවන් ඉශ්ට වේගෙන එන්නේ.... කොහොම හරි... යෙනූව මුනගස්සල දෙන්න දෙයියනේ..


"පුතා මේ කාරනාව අහල කලබල වෙන්න එපා.. දරාගන්න අමාරුවෙයි.. පුතා අපේ දෝණිට ඇත්තටම ආදරේ කරනව කියල තේරුනු නිසයි කියන්න තීරණය කරේ... මාත් පුදුම වේදනාවකින් කියන්නේ.... අනික පුතා අවුරුදු 5ක් තිස්සේ... අපේ කෙල්ලව ගාල්ලෙයි.... මෙහෙයි.... RDA Office එකෙයි හෙව්ව කියල දන්නවා...."


"පුතේ දෝණිට මීට අවුරුදු 5කට විතර කලින්... ඒ කියන්නේ පුතා කොලඹ ගිය කාලෙට... පස්සේ... කොහොමහරි... අපේ කෙල්ල ටහ්.... අංශ... බාගේ හැදුන... දරුවෝ... මොළේ දකුණු පැත්තේ ලේ කැටියක් හිරවෙලා.... ඒක Operation කරත්... දැන් ඇගෙහ්... දකු ණු පැත්ත.හ් නෑ... මගේ දෝණි ටහ් ඇවිද... ගන්න වත් බෑහ්...


දෝණිව කී තැනකට එක්ක ගියාද.... කිසි... හොදක් නෑ.... වාවන්නෑ පුතේ.... අපි ටත් දරුවො නැති නිසා.... කෙල්ල... ගෙත්... අම්මා... තාත්ත... නැති නිසා ම ගේ නෝනයි... මායී මලක් වගේ... බලාගත්තු කෙල්ල.... ඉස්සර දඟකාර විදිහට හිටපු කෙල්ල... අද එකතැන්... වෙලා....


කිසි කෙනෙක්... අදුරන්නෑ... දෝණිට කතා කරගන්නවත් .... බෑහ් දෙයියනේ.... කෙල්ලව හොදටම.... දුර්වල වෙලා.... Doctors ල කි ව්වා... මෙ හෙම ගි... යොත් දෝණි හ්.... වැඩි... කල්‍ ජී...වත් වෙනේ..කක් නෑ ලු.... " යෙනූගෙ ලොකු තාත්තා වචන ගැටහන් ඒ ටික කිව්වත්... අන්කල් අන්තිම ටික කිව්වේ පපුවත් අල්ලන් කුඹුක් ගහට හේත්තු වෙලා...


මමත් එහෙම්ම ඔලුව අල්ලගෙන බිමින් වාඩි උනේ ඒ ඇහුනු දේවල් දරාගන්න පුලුවන් සීමාව පැනපු නිසා.... ඔලුව පුපුරන්න වගේ රිදෙන්න ගත්තා.... යෙනූ.... මගේ ඇහැල මල.... අනේ දෙවියනේ.... ඇයි මගේ මැණිකට මෙහෙම උනේ....


යෙනූගෙ යාලුව අන්කල්ට දෙන්න හනික වතුර එකක් ගේනව දැක්කත්... මට තාමත් හිතාගන්න බෑ...... මොකක්ද උනේ... කියල..... යෙනූහ්...


"නෑ.... දෙයියනේ මේක හීනයක්.... ඔව් මේක හීනයක්.... මගේ කෙල්ලට එහෙම වෙන්න විදිහක් නෑ...... ඇත්ත කියපියව්.... යෙනූට එහෙම වෙන්න විදිහක් නෑ යකෝ.... " මං බිම ඉදගෙනම කෑගැහුවෙ හිතේ තිවිච්ච ආවේගෙටත් එක්ක....


"මචන් සන්සුන් වෙයන්.... මේ වතුර ටික බීල ඉදපන්.... උබ පිස්සෙක් වගේ හැසිරිලා හරියන්නෑ යකෝ.... එහ් නැගිටහන් ධනුක... යකෝ.... හරි සිහියට වරෙන් මල්ලී..." ශේන් කිව්වේ වතුර බෝතලේ දික් කරන ගමන්...


උගේ අතින් වතුර බෝතලේ උදුරගෙන බිව්වේ පිස්සෙක් වගේ....

මුලු පපුවම පිච්චෙනව වගේ..... දරාගන්න බෑ දෙයියනේ.....

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


එතනින් යන්තන් මං නැගිටල ගියේ අන්කල් ගාව....


" අන්කල්ට අමාරුද.... ළගදි හදපු Hospital එකක් මේහරියෙ තියෙනව නේද..." අන්කල්ට අමාරුයි වගේ පෙනුනා...

"මම නම් කොහොමත් පපුවෙ අමාරුකාරයෙක් පුතේ.... මාත් මැරිල ගියොතින්... මගේ දෝණිට... යන කල මොකක්ද දෙයියනේ... ඒ අහින්සකී... මොන වරදක්... කරාටද මෙහෙම උනේ.... " තාත්ත කෙනෙක්ගේ දුක.... ඔව් දරුව ගැන හිතන්නේ...


"යෙනූ දැන් ගෙදරද ඉන්නේ... Plz අන්කල්.... මට යෙනූව බලන්න දෙන්නකෝ.... මම කොහොම හරි යෙනූව සනීප කරගන්නම්... රට හරි අරන් යමු අන්කල්.... " මං කිව්වේ කටහඩ බාලකරල...


" මෙන්න පුතේ Key එක... දෝණි... කාර් එකේ ඉන්නේ.... ඔයා... ගිහින් බලන්න.... "


දෙයියනේ.... මගේ ඇහැල මල.... මගේ යෙනූ...


කියපු පමවට Key එකත් අරන් දුවන් ගියේ ඒ කාර් එකගාවට.... හදවත ගැහෙනවා වේගෙට.... කාර් එකේ පිටිපස්සේ දොර ඇරියම දැක්කේ....


මගේ මැණිකව.... මොකක්ද රත්තරනේ මේ උනේ.... මොන පවක් කරාටද මැණික....මගේ කෙල්ල හුගාක් කෙට්ටු වෙලා.... කෙල්ලගෙ මූනත් එක්ක මැලවිලා ගිහින්.... හුගාක් දුක් විදිනව කියල හිතුනා.... මමත් කාර් එකට නැගලා කෙල්ලව පරිස්සමට පපුවට තුරුලු කරගත්තා.....


කෙල්ලත් අමාරුවෙන් වගේ තවත් පපුවට ගුලි උනා.... එයාගේ ඇගේ දකුණු පැත්ත පණ නෑ.... පපුව පිච්චිල ගියා.... මගේ ඇහැල මල හුගාක් වෙනස් වෙලා....


ටිකකින් යෙනූ එයාගේ වම් අත මගේ අත උඩින් තිබ්බා.... ඔව් එයාගේ ඇගේ වම් පැත්තෙ ස්නානු විතරයි වැඩ කරන්නේ.... කෙල්ල කඳුලු පිරවගෙන හිමීට මං දිහා බලලා.... මට මොනවද කියන්න හැදුවා..... ඒත් මට.... තේරෙන්නෑ දෙය්යනේ.... එයා කියන්න හදන දේ මට තේරුම් ගන්න අමාරුයි...

අනේ ඒයාට කතා කරගන්න බෑ දෙයියනේ... මගේ පපුව පිච්චෙනව වගේ.... මගේ යෙනූ කොච්චර දුක් විදිනවද....


" එපා මැණික... ඔයා දැන් කතාකරන්න මහන්සි වෙන්න එපා හොදද.... ම්ම්.... අපි ඉක්මනට සනීප වෙමු හොදද.... මං ඔයාව දාල යන්නෑ මැණික..... ආයෙ නම් කීයටවත් ඔයාව මග ඇරෙන්න දෙන්නැ.... "


ඒත් එක්කම මතක් උනේ කෙල්ලට දෙන්න ගත්තු මාලේ.... සාක්කුවට අතදාල ඒක අරන් කෙල්ලගෙ කරට දාලා.... මැණිකගෙ නළල ඉම්බා....


"මං ඔයාව හුගාක් හෙව්වා පණ.... දැන් හරි මට ඔයාව හම්බ උනානේ.... මැණිකව පරිස්සමට බලාගන්නම්.... ඔයා තනිවෙලා නෑ සුදූ.... අපි ඉන්නවනේ... අපි එකතුවෙලා ඔයාව කොහොම හරි සනීප කරගන්නම් හරිද... ම්ම්...."


එදත් වැස්ස දවසක් නිසා වීදුරුවෙ ඇතුල් පැත්තේ මීදුමවගේ ජලවාෂ්ප...

කෙල්ල පොඩි එකක් වගේ ඒවගෙ උඩ ඇගිල්ලෙන් ඉරිකෑලි අදිනවා.... ඒපාර රවුමක් අදින්න හදනවා... ඒත්..... දැක්කා මැණිකගෙ අත වෙව්ලනවා....


පිරිමියෙක් උනත් මගේ ඇහෙන් කඳුලු බින්දු දෙකතුනක්ම වැටුනේ.... මගේ කෙල්ල විදින දුකට....


එහෙම්මම හෙමීට අල්ල ගත්තේ කෙල්ලගෙ අතින්.... හිතුනා කෙල්ල කලින් අදින්න හැදුවේ මූනක් වෙන්නැති කියලා....


.....#...කෙල්ලගෙ වම් අතේ දඹරැල්ලෙන් අල්ලගෙන, වීදුරුවේ අලුතින්, චූටි රවුමකුත් ඇඳල.... ඒක ඇතුළෙන් ඇස් දෙකකුයි, හිනා මූනකුයි ඇන්දේ.... මැණික ඇමාරුවෙන් හරි හිනාවෙලා ඒක දිහා බලන් ඉන්නකොට...#......


දැක්කා කෙල්ලගෙ ඇස් දෙකෙන්ම කඳුලු බේරෙනවා.... සතුටටද... දුකටද කියල හිතාගන්න බෑ..... කෙල්ලගේ ඇස්වල කඳුලු පිහදාන ගමන් හිතුවේ....

කවුරු මොනදේ කිව්වත්..... කෙල්ලව ඉක්මනට කසාද බැදල... මගේ ලඟට අරන් පරිස්සමට බලාගන්නව කියලා... මගේ කෙල්ලව කොහොම හරි සනීප කරගන්න ඕන.....



~ නිමි ~


🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

ඉතින්,......

ඔවුන්ගේ ආදර කතාවට ආදරණීය වූ ආරම්භයක් ලබා දෙමින්, මෙලෙස අවසානයක් දකින්නම්...කතාවෙන්....


🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

ආරාධනා කරනවා කතාව කියවපු ඔයාල හැමෝටම අන්තිම පාරට Comment එකක් දාන්න කියල.....

නුහුරු උනත් කොල්ලගෙ පැත්තෙන් තමයි කතාව ලිව්වේ... ඒක නම් අම්මෝ... කොල්ලෝ මොන විදිහට හිතනව මන්දා... ඇත්තටම හිතාගන්න බෑ ඉතින්... පටන් ගත්තු වැඩේ මඟදි අතාරින්න බෑනේ... ඒකයි ඉවර කරේ...

කතාව මැද හරියෙන් සෑහෙන්න අවුල් ගියා කියල මටම තේරුනා....


මේ Episode එක දිගවැඩි වුනා.....

කතාව නම් සාර්ථක නැතුවැති ඉතින්.... මගේ පළවෙනි කතාව නිසා....

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

බුදු සරණයි !...

පරිස්සමින් ඉන්න...

ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ

Sithumini Dias ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ ㅤ

Report Page