💫💫💫

💫💫💫


මහවැලියෙ සිසිල් දිය හිත නිවන උල්පත්ය 

ඔබෙ සුවඳට සමය රොබොරෝසියා මල් පොකුර

නුඹෙ සිනහවෙන් මැවුණු හන්තාන කඳු වැටිය

මහමෙරකි තනිකමට ඔබ එනතුරා මට


කිරළ අතු නැමි නැමී එබෙන විට දිය මතට

සෙවණ ගෙන දේවි දිය කෙළින මාළුන්ට

පුර සඳින් එළිය වන මහවැලියෙ දිය රෑට 

ගෙන දේවි සැනසුමක් ඔබ නැතුව නිදියන්ට


පේරාදෙණි උයනෙ කුසුම් පෙති මත රැඳෙන

පිනි බිඳුවක් වැනිය ඔබෙ දෙනුවන් මෙමට

දේදුනු පාටින් පිපී ඇති මල් වලට

ඔබෙ හදවතේ පැහැය මුසු කෙරුවාද නුඹ?


සුදු වළා අතරින් නැගී එන රිවිඳුට

මිහිදුමින් වැසී ගිය හන්තාන කඳු වැටිය 

යළි යළිත් හැකි වේවි බබලවන්නට

සවියක් වූවා සේ නුඹ මෙමට


ඔබෙ සුවඳ විඳින්නට ඔබ ලඟට වී ඉන්න

මතු දිනෙක හැකිවේවි මා ලඟට පැමිණෙන්න

උණුහුමේ සයනයේ සිහිනයක් වී ඉන්න

කටු පොකුර සිප ගනිමි වසන්තය යළි එන්න.


~ Methusa✍️

Report Page