වැහිබිඳු වැටෙනවා නම්... (කෙටිකතාව)

වැහිබිඳු වැටෙනවා නම්... (කෙටිකතාව)

◇❉⃟࿔ꦿ꧁Sithu

(අවසාන කොටස)

පෙර කොටසට

ඒත් හිතුනා කෙල්ලව ආයේ දකින්න ලැබෙන එකක් නැද්දෝ කියල.....


එතැන් සිට............

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

වර්තමානය

" ධනුක ගීනෙත් මහතාගේ නොමසුරු පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ක්‍රියාවට නංවන ලද මෙම පිරිසිදු පානීය ජල ව්‍යාපෘතිය මොනරාගල දිස්ත්‍රික්කයේ, මීගහඇළ ගම්වාසීන් අතට පත්කිරීමේ උත්සවයේ අප අපේක්ෂාවෙන් සිටි ඒ විශේෂ අවස්තාව උදා වී තිබෙනවා... "


" එසේ නම්... මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා.... සුමනසේකර සමූහ ව්‍යාපාරයේ සභාපති, ව්‍යාපාරික, ධනුක ගීනෙත් සුමනසේකර මහතාට, සමරුඵලකය නිරාවරණය කරමින් මෙම ව්‍යාපෘතිය සංකේතාත්මකව ජනතා අයිතියට පත්කරන ලෙස........."



හ්ම්...... මීට අවුරුදු 6කට කලින් කතරගම දොදොල් විකුණන කඩේක වැඩ කරපු කොල්ල තමා.... දැන් ව්‍යාපාරිකයෙක් වෙලා ඉන්නේ.....


මටම කියල ස්ථාවරත්වයක් හදාගන්න.... කාපු කට්ට.... ඔව්.... හුගක් මහන්සි උනා.....

හුගාක් කැපකිරීම් කරා... රැයක් දවාලක් නැතුව කැපවෙලා වැඩකරා....

නැගිටල ඇවිත් සමරුඵලකය නිරාවරණය කරල....


වීදුරුවකට අලුතින් හදල තියෙන ටැප් එකෙන් වතුර ටිකක් අරන් එතන හිටපු වයසක තාත්තා කෙනෙක්ට බොන්න දුන්නා....


ඒ තාත්තා හරි අහින්සක විදිහට මං දිහා බලල හිනාවෙලා කිව්වා....

" ජාති ජාතිත් පින් මහත්තයෝ... මහත්තයට කවදාවත් වරදින්නෑ.... අපි වගේ අසරණ වෙච්ච මිනිස්සුන්ට පිරිසිදු වතුර ඩිංගක් බොන්න විදිහක් හදල දුන්නට...."

මම ඒ තාත්තට ලෝබ නැතුව හිනා උනා....


ශේන් මටත් වීදුරුවක් දික් කරත්..... ඒක එපා කියල ඔලුවෙන් සන් කරල..... ටැප් එකෙන් මූන හෝදගත්තා.... එහෙම්මම අතට වතුර ටිකක් අරන් බිව්වා.....


සංවිධායක මණ්ඩලේ හිටපු සමහරුන්ගෙ ඇස්කනේ.... බලාපොරොත්තු නොවෙන්න ඇති මේවගේ හැසිරීමක්....

ඒත් මේව අපිට හුරුයි.... අපි ඉස්සර වීදුරුවලින් වතුර බීපු මිනිස්සු නෙවෙයිනේ.... හ්ම්... ජීවිතේ වෙනස් වෙලා ඒත් මගේ සරලකම තාමත් එහෙමයි....


ඒ මිනිස්සුන්ට කතා කරල උත්සවේ ඉවර උනහම... ශේන්ට කිව්වේ Town එකේ DarkBlack හොටෙල් එකට යමු කියල....


ශේන් කිය්න්නේ මගෙ Bodyguard... සහෝදරයෙක් වගේ..... උගේ හිතහොදයි...

ඌට කාත්කවුරුවත් නෑලු.... මූටනම් ගෑනුන්ව පේන්න බෑ.... මං යෙනූව මතක් කරන කොට මිනිහ මගේ ඇගට කඩාපනිනෝ.... ඌ එහෙම පොරක්.....

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹


Dinner එකත් අරන් Office එකේ File ටිකකුත් Check කරල.... බියර් එකකුත් අරන් Room එකේ බැල්කනියට ආවේ පුරුද්දට වගේ.....


හම්....... අද අමාවක දවසක්.....

ඒත් තරු වෙනදටත් වඩා පායල..... හද නැති උනත් අහසට තනි මකන්න අහස පුරාම තරු පිරිල.... වෙනදට හද ගාවින්ම ඉන්න පහන් තරුව නම් අද තනිවෙලා....

හ්ම්....

යෙනූ...... මගේ ඇහැල මල......

එයාව මතක් නොවුනු දවසක් නැති තරම්..... අන්තිමට එයාව දැකල හෙටට හරියටම අවුරුදු 6ක් වෙනවා.....



බියර් එකත් හිස් කරන ගමන් සාක්කුවෙ තිබුණු උබට මීට අවුරුදු 5කට විතර කලින් ගත්තු මාලේ අතට ගන්න ගමන් කලපනා කරේ අපි ගැන බන්....



උබ ආයේ එන්නෑ කියල දැන දැනත් උබ එයි කියල බොරුවට බලාපොරොත්තු තියාගෙන ඉන්නව බන්.... මිරිගුවක් පස්සේ යන්නෙ කියල දැන දැනත් නවතින්නෑ බන්.... නවත්තන්න හිතෙන්නෙත් නෑ....



ඔව් බන්.... උබව එක පාරක් මේ පපුවට තුරුලු කරගෙන ඉබින්න ආසයි බන්... තාමත් මං බලන් ඉන්නව බන්....


දූවිලි පිරිච්චි කාන්තාරෙකට කාලෙකට පස්සෙ වහින වැස්සක් වගේ....... අහම්බෙන් හරි උබ මගේ ජීවිතේට ඇවිත් අලුත් බලාපොරොත්තු ඇතිකරල ගියා බන්....

මිනිස්සු කියනවා මං සාර්ථකයිලු බං.... උබම කියපං යෙනූ... උබ නැතුව පායලු බං.... සාර්ථකයි නෑ මං.... උබ නැතුව ජීවිතේ හිඩැසක් තියෙනවා මැණික....


මං මහ පව්කාරයි නේද මැණික.... එක පාරක්වත් උබගෙ අතින්වත් අල්ල නෑ බං..... අඩුම උබේ නමවත් හරියට දැන්නෑ බං.... උබව කොහේ කියල හොයන්නද බන්.... ගාල්ලේ කිව්වට කොහොම හොයන්නද බං... අඩුම උබගේ Phone Number එකක්වත් ඉල්ලගන්න එදා සිහියක් තිබුන්නෑ මට....



මැරෙන්න කලින්... එක පාරක්.... ඔව් එකක එක පාරක් හරි... උබව දකින්න තිබ්බොත් ඇති මැණික.....



මේ වෙනකොට උබ නම් කසාද බැදල දරුවොත් ඇති.... නේද යෙනූ.... උබ මහත්තයට තුරුලු වෙලා නිදි ඇති නේද.... මට පින නෑ මැණික....


මට දැන් හුගාක් proposal එන්න පටන් ගෙන.... අනිත් Bissnesmanල, ඇමතිවරු...මන්ත්‍රීවරු,... සමාජයේ හුගාක් Popular කට්ටියෙගෙන්....

ඒත් මට හිත හදාගන්න බෑ බන්.... මම කොහොමද මගේ ඇහැල මලව අමතක කරල දාන්නේ..... මං කොහොමද වෙන කෙල්ලක්ව කසාද බදින්නේ.... මට බෑ මැණික....


දැන් මට කියල කවුරුත් නෑ... අම්මා ගිය අවුරුද්දේ නැති වුනා....


ඇති යකෝ..... ඇතුලට වරෙන් නිදාගන්න....

Report Page