කස් එක මගේදෝ😋

කස් එක මගේදෝ😋

𝒩𝑒𝓉𝒽𝓂𝒶 𝑅𝒶𝓈𝒶𝓃𝒿𝒶𝓁𝒾 🖤✨

" අනේ යකෝ අදවත් කියහන්කෝ....මල වදේ...තනියෙන් හිනා වෙනවයි තනියෙන් කෑ ගහනවයි....පිස්සෙක් උබනම්"


"උබ අදද දන්නෙ ඉතින්...."


"වර යන්න හෝම්වර්ක් කරන්න ඕනෙ"


හෝ හෝ ඔහොම ඉම්න ඉතිම්. දැන් ඔයාලා බලනවා ඇති නේත කව්ත මේ යකා ගහලා වගේ කෑ ගහන්නෙ කියලා...මම විදූෂි අනුත්තරා එදිරිසිංහ.මේ අවුරුද්දේ අති සාර්ථක ලෙස A/L ලියන්න ඉන්නේ....එතකොට අර පිස්සෙක් වගේ පිස්සෙක් වගේ උදේ පාන්දර බෙරිහන් දුන්නේ මගේ හොඳම යාලුවා...හොඳම යාලුවා කිව්වට මොකත ඉතින් ඕකිත් මන් වගේමයි....හරිම විනීතවත් දාහකින් හොයා ගම්න බැරි සී දේවී දැරිවියක්....නම තමා මෙනුලි විහංසා.එතකොට ඉතින් මට අදවත් මොකද්ද එකක් කියව්වේ....ඒ තමා මන් සිතින් විතරක් පෙම් කරන කොම්ලා.


මන් A/L කරන්න අලුත් ඉස්කෝලෙකට ආවේ.....මුලින්ම ඉන්ටවිව් එකට ආපු දවසෙම අතිඋත්කෘෂ්ට ලෙස මුලු සභාවක්ම ඉස්සරහා මහී කාන්තාව හරිම ආදරණීය ලෙස සිප ගත්තා....කොහෙද ඉතින් කලබලේනේ.....සෙටිෆිකට්ස් ටිකයි තව ඕන කරන කොල ටිකයි ෆයිල්ස්වල දාගෙන මන් මැරතන් එකක් දිව්වේ ඉනටවිව් කරන හෝල් එකට....මන් ෆයිල්ස් ටිකත් අරන් ධාවන තරඟයේ යෙදෙන විට කව්ද මන්දා අවිල්ලා මට බාදා කලා...අවුලක් නෑ ඉතින් වංගුවක් ගනිද්දී මායි තව ඉබි මස් කාපු ඌරෙයි හැප්පුනා...මාගේ සෙටිෆිකට්ස් ටිකයි අනිත් කොල ටිකයි සී සීකඩ....අරුයි මායි බිම...ඉතින් කොහොම හරි බිම වැටිච්ච ටික අහුල ගන්න එයා මට උඋදව් කලා....


"සොරි නංගි මන් දැක්කෙ නෑ"පලවෙනි වතාවට මන් එයාගේ වොයිස් එක ඇහුවේ ඒ වචනවලින්.පව් හැබැයි අසරණ බැල්මකුත් දාගෙන දාඩියවලින් තෙත් වෙලා හිටපු කොන්ඩෙත් හදන ගමන් කිව්වේ.


"හරි...තැන්කිව්" මොන සෙවල ගස් ගෙම්බියෙක්ගේ බක බක වෂන් වොයිස් එකක්ද කියලා උට හිතෙන්න ඇති.....කමක් නෑ ඉතින් උපන් වොයිස් ස්වර තමා මේ.....ෆුල් නෝන්ඩි ඉතින් එදා...ලැජ්ජාව භාණ්ඩ බහාලුම් නැවකින් එකයි...


කොහොමින් කොහොම හරි මන් ඉන්ටවිව් එක පාස් උනා...මුලින්ම ක්ලාස් එකට ආපු දවසේ තමා දැන ගත්තේ අර අඩව් සුමනේ අයියන්ඩිත් මගේ ක්ලාස් එකේ කියලා...


අපි කවදාවත් හෝම්වර්ක් හෝම් එකේ ඉඳන්නම් කරන්නෙ නෑ...ඒවත් ඉතින් පහුවෙන්දා මෝනිම් ස්කූල් වර්ක්ස් තමා...මායි මෙනුයි විතරක් නෙමෙයි ක්ලාස් එකේ හැමෝම පනදාගෙන හෝම්වර්ක් කරනවා....මට ඉබේටම වගේ බැලුනේ මම සිතින් විතරක් පෙම් කරන සත්‍ය ප්‍රේම බෘංගරාජයා දිහා....අතක් උඩ අතක් තියාගෙන එක අතකින් බාගෙට වැවිච්ච රැවුල් කොට අල්ල අල්ල මූනේ මහ පැනි හිනාවකුත් දාගෙන එයාගේ ඩෙස්ක් එකට පිටුපාලා එයා මන් දිහා බලාගෙන ඉන්නවා....අම්මේහ් ඉන්න විදිහ දැක්කම දුවගෙන දුවගෙන ගිහිල්ලා නහය මිරිකලා මූණ හපලා කිස් එකක් දීලා එන්න හිතෙනවා...




කොහොමින් කොහොම හරි එයා දිහා බලාගෙන එදත් මුලු දවසෙම අතිසාර්ථකව කාලා දැම්මා....


"ළමයි අහන්න...හෙට ඔයාලට තමයි බුද්ධ පූජාව තියෙන්නෙ....විදූ නංගි කට්ටියට ගේන්න ඔනි දේවල් භාර දෙන්න" ඒ තමා අපේ ස්කූල් එකේ බුදු මැදුර භාරව ඉන්න ප්‍රිෆෙක්ට් අක්කා....කියන්න බැරි උනානේ...පිස්සෙක් වගේ හිටියට මන් තමා අපේ ක්ලාස් එකේ මොනිටර්...එතකොට මගේ අතිජාත පාප මිතුරිය තමා වයිස් මොනිටර්....


"හැමෝම මල්,තෙල්,හඳුන්කූරු,පහන් තිර ගේන්න....මන් බුද්ධ පූජාව ගේන්නම්...."මෙනුවෝ උබ ගිලන්පස ගෙනෙන්"ඒකත් මන් මෙනුවට බාරදුන්නේ අපේ ක්ලාස් එකේ අනිත් එවුන්ව මට හොඳටම ශුවර් නිසා....


ස්කූල් ඇරිලා ගාථා කියලා මන් ක්ලාස් එකෙන් එලියට ඇවිල්ලා එයා දිහා බැලුවේ අද දවසේ මට එයාව දකින්න ලැබෙන අන්තිම වතාව නිසා....


"මොනාද බලන්නේ උබ...."


අමුතු නෝන්ඩි හිනාවකුත් දාන් මගෙන් ඇහුවේ මෙතුවා...


"නෑ නෑ මුකුත් නෑ"


" අනේ ඔව් ඉතින් මන් දන් නැද්ද උබ ගැන...මේ හෙට ටිකක් උදෙන් වරෙන් ඈ....පරිස්සමින් පලයන්....එහෙනම් කෙල්ලේ අපි ගියා"


වෙනදා වගේම මන් පහු වෙනිදත් ස්කූල් එක්ට ලෑන්ඩ් කලේ මගේ පෙම් කුරුල්ලගේ මූණ බලන්න නෙමෙයි පුලුවන් තරම් ඉක්මනට බුදු මැදුරට යන්න ඕනෙ නිසා...ඒ යනකොටත් බෙල් එක ගහන්න වැඩි වෙලාවක් තිබුනේ නෑ....අපේ ක්ලාස් එකේ කෙල්ලෙක් අතේ බුද්ධ පූජාව යැව්වේ බෑග් චෙක් කරන්න තිබුනු පෝලිම දැකලා....කොච්චර උදෙන් නැගිට්ටත් මට කවදාවත් කලින් ස්කූල් එකට ඒ ගන්න බැරි කුරිරු හැකියාවක් තිබ්බා...එතනත් පෝලිමේ ඉඳලා බෑග් එකත් පෙන්නලා මන් දුවගෙන ක්ලාස් එකට ආවේ මගේ බෑග් එක ස්ථාන ගත කරලා ආයේ නියමිත ස්ථානයට පිය නගන්න ඕනෙ නිසා....කෙල්ලෙක් ඇවිදින්න ඕනේ ඇතෙක් ඇවිදිනවා වගේ කියලා කව්ද මන්දා කියලා තියෙනවලු...පිස්සුද බම් එහෙම ගියොත් හෙට වෙනවනේ...මට කොහොමත් පද්ද පද්ද ඇවිදින්න බෑ...කෙලගෙන දුවගෙන ගිහිල්ලා මන් බ්‍රේක් පාර ගැහුවේ ක්ලාස් එකේ දොර අල්ලගෙන...ක්ලාස් එක ඇතුලේ කවුරුත් හිටියේ නෑ....හැබැයි මගේ සත්‍ය ප්‍රේම බෘංගරාජයා හිටියා...මුලු ක්ලාස් එකේම එයයි මායි විතරයි...මන් හිතන්නේ හෝම්වර්ක් කරනෝද කොහෙද....මන් එහෙම්මම මෙහෙණින් වහන්සේ නමක් වඩිනවා වගේ සීන් එකකට ආරූඪ උනේ මන් පිස්සෙක් වගේ දුවන් ආපු හැටි එයා දැක්ක නිසා...මන් එද්දිත් එයා මන් දිහා බලන් ඉඳලා තියෙන්නේ....කොච්චර සිරා ලව් කරත් කවදාවත්ම මට එයාගේ මූණ දිහා කෙලින් බලන්න පුලුවන් ස්ත්‍රී ධෛර්යක්නම් තිබුනේ නෑ...මන් හිමින් සැරේ බිම බලාගෙන ගිහින් මගේ ඩෙස්ක් එක උඩින් බෑග් එක තියලා ආයේ හැරුනේ බුදු මැදුරට යන්න....


ඒ එක්කම එයා පිටිපස්සෙන් ඇවිලා මගේ අතින් ඇදලා අරන් මාව ක්ලාස් එකේ බිත්තියට හිර කර ගත්තේ එයාගේ එක අතක් බිත්තියට තියාගෙන අනිත් අතින් මගේ අතක් අල්ලගෙන...එයා ඊටපස්සේ මගේ මූනට එබුනා...


"ඒයි මෝඩියේ....තමුසේ මොකද ඔච්චර බය වෙලා ආ....අර පිස්සන් කොටුවෙන් පැනලා ඇවිල්ලා වගේ හැමවෙලේම කියෝ කියෝ සිරික්කිය දාගෙන දඟල දඟල හිටපු කෙල්ල කෝ....ඔච්චර බය වෙන්න එපා හලෝ....මට තමුසෙව......."


හෑ යකෝ මූ මොනාද මේ කියවන්නේ....මට දාඩියත් දාලා...හුස්ම ගන්නත් බෑ වගේ...මගේ කටේ කෙලත් හිඳිලා....වචන එන්නෙත් නෑ...කොටින්ම කිව්වොත් මගේ මුලු ඇඟම හිරි වැටිලා වගේ


"මන් තමුසෙට ආදරෙයි මැණික...උබගේ ඔය දඟකාරකමටයි කියවිල්ලටයි තමයි මම ආසම...එදා මන් තමුසෙගේ ඇඟේ හැප්පුන දවසේ ඉඳන්ම මන් තමුසෙට ආදරේ කරනවා....අවුරුදු 2ක් තිස්සේ මගේ ක්‍රශ් එක උබ බන් තව හිතේ තියාගෙන ඉන්න අමාරුයි මැණික... ඔයාත් හැම වෙලේම මන් දිහා බලාගෙන ඉන්නේ මට ආදරේ නිසා නේද ම්ම්....කියන්නකෝ ඔයාත් මට ආදරේ කරනවා නේද මැණික...."


පිස්සෙක් වගේ හැමවෙලේම හැසිරුන මට මේ වෙලාවේ මොනා උනාද කියලා කියන්න මන්වත් දන්නෙ නෑ....ඔව් එයා ඒ කියපු දෙයින් මන් ගොළු උනා කවදාවත් නැති විදිහට...මට සතුටට වෙන්න ඇති මගේ ඇස්වල කඳුලු....


"මොනාද හිතන්නේ ම්ම්....කියන්නකෝ...."


"මන් මේ ම්ම් ම...."ඔව් මන් කොච්චර බය වෙලාද කියනවනම් වෙන වෙලාවට ගිරවියෙක් වගේ කියවන මට දැන් වචනත් පැටලෙනවා...


"තමුසේ කියන් නෑ නේද "හරි භයානක කට හඬකින් එයා එහෙම කියලා මාව තව ටිකක් එයාට තුරුල් කරගත්තා...එයාගේ තොලුයි මගේ තොලුයි ගෑවී නොගෑවී තියෙන තරමටම දැන් අපි දෙන්නා ලං වෙලා....මන් කොච්චර බය උනාද කියනවනම් මන් තද කරලා ඇස් පියා ගත්තා.....මන් විතරක් නෙමෙයි...එයත්....එයා එහෙම මගේ තොල්වලට බර වෙන්න හදද්දිම......


"ළමයෝ ඉස්කෝලේ යන්නෙ නැද්ද"


හෑ......මන් බය වෙලා වගේ උඩ ගිහින් නැගිට්ටේ අපේ අම්මගේ ඝන්ටාර පූජාවට....යකෝ මන් මේ හීනයක්ද දැක්කේ....කොට්ටෙකුත් තුරුලු කරන්....අම්මත් දකින්න ඇති..ර්ර්ර්ර්ර්ර්......මොන විලි ලැජ්ජාවක්ද යකෝ මේ....අරූ මට ආදරෙයි කියලා තියෙන්නෙත් හීනෙන්ද....ඊයා යකෝ...ඌ මාව කිස් කරන්නත් හැදුවා නේද....හෑයියා....


"මේ තේ එක හදලා බොන්න" අපේ අම්මගේ දෙවන ඝාන්ටාර පූජාව අතිසාර්ථක ලෙස නිම විය...


"ආ...හා හා මේ එනෝ..."


මන් එහෙම්මම කුස්සියට ගිහින් තේ එක ගනිද්දී තමයි මට මතක් උනේ අද බුද්ධ පූජාව නේද කියලා...මරු හැබැයි ...දැන් අහගනින්කෝ හොඳවැයින්...


"අම්මේ මේ....අද බුද්ධ පූජාව එකක් ලෑස්ති කරලා දෙනවද?"


අම්මා බලපු බැල්මනම් එච්චර හොඳ නෑ විදුවෝ....ඔතනින් මාරු වෙයන් ඉක්මනට....


"දැන්ද මතක් උනේ"


"නෑ නෑ අම්මේ ඊයේ කියන්න අමතක උනා ඉතින් "


හැමදාම වගේ උදෑසනම අපේ අම්මගේ ධර්මය ශ්‍රවනය කරලා මන් ස්කූල් ගියා....


එක අතකින් හීනෙකිවත් මේ වගේ දෙයක් පේන එක හොඳයි බන්....මන් දන්නෙ මෙච්චරයි මගේ කස් එක කවදාවත් මගේ වෙන්නෙ නෑ එච්චරයි...මෙවන් විපතක් හතුරෙකුටවත් නොවේවා....


නිමි....

කතාව හොඳයිනම් වෝට් එකක් දාගෙන යන්න වස්තුලා🤭🙏


මන් නෙත්මා ❤🌠



Report Page