පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ 💛🍁

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ 💛🍁

නිර්නාමික

#කෙටි කතාවකි





වැස්ස වැස්ස වැස්ස.....

උදේ ඉදන්ම...ඉවරයක් නෑ...එපා වෙනවා....මූසලයි දවසම


මන් ඉස්සර ආසයි වැස්සට...ජනේලේ ලග ඉදන් වැස්ස දිහා බලන් ඉන්න...ඒත් දැන්...දැන්,දැන් මට පේන්න බෑ...

මගේ ජීවිතෙත් මේ වගේ...නොනවතින මහ වැස්සක් වගේ

කාමරේ කොනක ගුලි වෙලා උබෙ මතක එක්ක මන් තනි උනේ ඒ මතක වලත් මට උබෙ උනුහුම වගේම මේ සීතල නැති වෙන්න ඒ උනුහුම උදව් වෙන නිසා.


_____________________________________



එදාත් වැස්ස දවසක්....

ඒත් හරිම ලස්සනයි

ඉස්සර වැස්ස කියන්නෙ මං ආසම දෙයක්


මන් වෙනදා වගේම ඉයර්ෆෝන්ස් දෙකත් අරගෙන වාඩී උනේ සින්දු අහන්න

සින්දුවල තියන හැගීම් හරියටම දැනෙන්නෙ මේ වගෙ වැස්ස වෙලාවට

මං ආසම සින්දුව අහන්නෙ මේ වගෙ මහ වැස්සක් තියන වෙලාවට



#පෙම් කවක් ලියූ නුබ සිත් අහසෙ 

එය මකා දමා ගිය හැටි රහසෙ

නුබ මෙතෙක් රැදී උන් මා මනසෙ 

පෙම් පුරාවතක් 

නිමා කරන්නද

මා කෙලෙසේ.....


මගෙ ආසම සින්දුව...

වැස්ස වෙලාවට එ සින්දුවෙ හැගීම් මගෙ වගේ දැනෙනවා

ඒක මාර ෆිලීන් එකක්

ඇස් දෙක වහගෙන සින්දුව මාත් හිමීට මිමිනුවා

ක්‍රීං ක්‍රීං....

ෆෝන් එක වයිබ්‍රේට් වෙන නිසා මං ඇස් දෙක ඇරල ස්ක්‍රීන් එක දිහා බැලු

ඉන්ස්ටග්‍රෑම් එකෙන් මැසෙජ් එකක්

ඕපන් කරේ ආසවෙන් නෙවේ

මැසෙජ් එකක් අවෙ කවුද බැලුවා

බැලුවා

නේම් එක තිබ්බෙ,#විසල්

මාත් ඉතිම්.රිප්ලයි කරා

එයා මට මැසේජ් කර් පලවෙනි දවස,මාත් එහෙමයි


"hi"

                            "hi"

"koheda oya🙃♥️"

                       "mn kandy and how about you?"


"me too😌"......................................................................................................................................................................................................................................................

  

චැට් කරාමයි දැනගත්තෙ එයත් නුවර කියල,ඊටත් පස්සෙ දැනගත්තෙ එය අපෙ ගෙවල් ලග ඉන්නෙ කියලා

පොඩි පොඩි දේවල් වලින් මේ විදිහට අපි චැට් කරා


මේ විදිහට දිග්ගැස්සුනු අපේ චැට් එක නැවතුනෙ අපෙ වට්සැප් නම්බර්ස් පවා මාරු කරගෙන.....


දවස් ගානක් ගියා...මගෙ හොදම යාලුවෙක් විදිහට වගේම ...මගෙ අයියා....#විසල් .මගෙ ජීවිතෙට ගොඩක් ලන් උනා..

කාලයක් යනකොටයි මට දැනුනෙ මං ආදරේ කරනව කියල

මට දැනුන එයත් ආදරේයි කියලා


මන් හිතුවා ඒ තමයි මන් හොයපු ආදරේ කියල


___________________________________


දවසින් දවස... ටිකෙන් ටික.... අපි ලන් උනා....මට ඔයාවත් ඔයාට මාවත් නැතුවම බැරි තරමටම.....


ඒ දවස.....ඔයා මට ආදරෙයි කියපු දවස.අමතක කරන්න බැරි ඒ මොහොත,හැමදාම හීනෙන් පෙන්නෙ ඒ තප්පර ගාන මට

ආදරෙයි කිව්වා නේද මට.

ඇයි එදා දෙවියනේ බොරු කිව්වෙ කියන්න අයියේ ඇයී....


එදා මුලින්ම අපි මීට් උන දවසේ ආදරේයි කිව්ව වෙලේ තප්පරයක් නොහිද මාත් ආදරෙයි කියල ඒ පපුවෙ උනුහුමට ගුලි උනේ මාස ගානක් හිර කරන් හිටපු ඒ බර නිදහස් උන නිසා


ආදරේ කරා නොසෑහෙන්න, පිරිමි එපා තනියම ඉන්න කියල යාලුවොත් එක්ක විහිලුවට කිව්ව,පස්සෙ ඇත්තටම එපා උනා මට කොල්ලො

ඒත් දැන් මෙ පපුව දාලා ඈතකට යන්න වෙයි කියල මහ අමුතු බයක් දැනෙනව මට

___________________________________

දවසක් අපි මීට් උන වෙලාවක නිකමට මං අයියගෙ ෆෝන් එක ගත්තෙ බර්ත්ඩෙ එක ලග එන නිසා එයගෙ ලස්ස්න ෆොටෝ එකක් උස්සන්න


ඒත් අහම්බෙන් මැසෙජ් එකක් අවේ මට මාවත් පාලෙනේ කරගන්න බැරුව කකුල් පන නැති වෙද්දි


" හරි මැනික පරිස්සමින් නංගිව ගෙදරට දාලා මට කෝල් එකක් ගන්න රත්තරං "

මැසෙජ් එක ඕපන් කරේ මට ඒකේ තිබ්බ ඔක්කොම කියවගන්න

හෙතුවක් දන්නෙ නෑ මට ඔනී උනේ ඒ අයියට බනින්න නෙවේ මාව දාලා යන්න එපා කියන්න

හිතට හයියක් නෑ එයත් එක්ක සතුටින් ඉන්න කියන්නවත්

ඒත් එදා මගෙ පන මගෙ අයියා, මං එ කවුද ඇහුවම කිව්වෙ මොකද්ද

විශ්වාස කරන්න බැහෑ.


__________________________________


" අ...යි.යෙ...ක..වු..ද.මෙ.."


" කවුද සුදූ"

මගෙ පපුවෙ හංගගෙන හිටිය ඒ මූන ඉක්මනින් අරන් ඇහුවෙ එයාගෙ ෆෝන් එකත් ඉක්මනින් අරන්


" කවුද කිව්වෙ අ තමුසෙට මගෙ ෆෝන් එක ගන්න කියලා ආඅ...


" අ...යි..යෙ..ක.වු.ද..ඒ"


ඉකිගහන ගමං ඇහුවෙ හරියට වචනත් පිටවෙන්නෙ නැති තැන

" ඒ මගෙ කෙල්ල ඇයි"


"අ...යි..යෙ.."


" ඔව් යකො මට තමුසෙව ඕනි උනේ පාලු මකාගන්න, ගමේ අහින්සක එකී වගේ ඉන්නෙ උබනෙ ඒකයි උබව සෙට් කර ගත්තේ, මං දැන ගත්ත කොහොමත් ලගදි මේක උබට අහුවෙයි කියල

මගෙ කෙල්ල තව දවස් හයකින් ලංකාවට එනව

එයා ඕසී ගියා

කොහොකත් මේක හෙට අනිද්ද නතර කරන්න හිටිය කමක් නෑ දැන් හරිනේ ඒක


" අ..යි..යේ...ආ..ද..රේ..නෑ...ද...ම..ට...ම..ගේ..අයි.යේ....'


" අම්මො ආම්මො උබ විහිලු කරනවද බං.. පලයං පලයං දැන් ඉතිම්.නැත්තම් ඉන්ම මං කාර් එකෙම ගිහින් දාන්නම් "


සමුද්‍රනායක company එකේ ඔව්නර් ගෙ එකම පුතා විසල් සමුද්‍රනායකට මං ආදරේ කරන්නෙ කියල මතක් උනේ ඒ වෙලෙයි

මං වගෙ කෙල්ලෙක් මොනව කරන්නද ඉතිම්

කෙල්ලො කොයන්නෙ සෙල්ලම් බඩුද,හැගීම් කියන්නෙ සෙල්ලමක්ද


ආදරේ.... මට මහා එපාම කරපු වචනයක් හැගීමක් කරේ ඒ වෙලෙයි

පන වගේ ආදරේ කරා, මනමාලියක් වෙන්න එයාගෙම වෙල ඒ පපුවෙ උනුහුම විදින්න හීන දැන්න මහ ගොඩක්


ඒත් උබ කිව්වෙ මට අයිතියක් නෑ ආයේ

ඔයා ඒ අක්කගෙ කියලා

ඇඩුව මහ ගොඩක්

එදා එතනින් දුවලා අවේ මටවත් හිතාගන්න බැරි වේගෙකින්

___________________________________

කොහොමද බන්අයියේ එහෙම කරේ මට

උබ දන් නැ බන් මෙ හිතින් මන් උබට දුන්නු ආදරෙ කොච්චරකද කියලා.... 


ඒත් එදා ඉදං මං හිටියා යාලුවෙක් වගේ යාලුවෙක් වගෙ ඉන්න ඉඩ දුන්නෙත් මගෙ බල කිරීමට

ඒත් කාලයක් යනකොට උබ මං ගැන හොයන්න ගත්තා, ආදරෙන් පරිස්සම් කරා

කලින් ආදරේ හිතේ පතුලෙම තියාගෙන යාලුකමට උඩට එන්න මං ඉඩ දුන්න


තව කාලයක් ගියා....මගෙ අයියව #දිලිනි අක්ක එපා කියනකොට ,උබට ආදරෙ නැ කියද්දි උබෙ ලගින් ඉදන් හිත හැදුවෙ මං


හිතින්සතුටු උනේ උබ ආයේ මට ලැබෙයිද කියලා

ඔසී ඉදන් එනකොට දිලිනි අක්කට වෙන affair එකක් තිබිලා

ඉතිම් හිත හදාගන්න කියල හැමදේම මට කියන්න ගත්තේ පුදුම විදිහට

උපරිමෙන් හිත හැදුවේ මට කරපුව හැම්දේම අමතක කරල මං


උබ මට කරපු වැඩෙ මතක් කර කර උබෙන් ඈත් උන් නෑ ....මන් තව ලන් උනා...ඔයාට රිදුනා කියලා මට කියපු...මට දැනුනු හැමවෙලේම මන් ඔයා ලගින්ම හිටියා...


ඒත් උබගෙ කෙල්ල උබ ලගින් ගියා...උබ මට ලන් උනා...නුහුරු නුපුරුදු ආදරේකින් .....එන්න එන්නම ඒක දලු ලා වැඩුනා . ඒත් ඒ ආදරේමැරෙන්න වැඩි කාලයක් ගියෙ නෑ...උබෙ වෙනස මට දැනුනා


කාලෙකින් ආයේත් වෙනස් උනේ හැමදේම හිතාගන්න බැරි වෙනකොට

කලින්ට වඩා ලං වෙලා හිටියා අපි ඒකයි දරාගන්න බැරි මේ


මන් ඇහුවා. ඇයි මේ කියල. අහද්දි කිව්වේ...උබට ආදරේ නෑ කියපු, උබව එපා කියපු #දිලිනි අක්කම ආයෙ උබ එක්ක ඉන්නව කියල


නිකමට හිතන්න තිබ්බා ..මාව එපා කියපු එකී නේද මේ කියලා...තේරුන් නැද්ද අයියේ ඔයාගෙ සල්ලි වලට ඔය ආයේ එන්නෙ කියල


ඔව් දිලිනි අක්ක මේ එන්නෙ අයියගෙ සල්ලි වලට කියල මට හොදට තේරුනා

ඒත් ඒ ආදරේම අයිය හොයනකොට..


නෑ උබට එයාව ලොකු උනා...උබෙ ආදරේනේ...මන් කොහොමද මොකුත් කියන්නේ...ඉස්සර වගේමැසේජ් නැති වෙද්දි...ඉස්සර වගෙ මන් ලගින් නැති වෙද්දි මට රිදුන තරම්


.දන් නෑ බන් අයියේ.. ...ඔයා ඒයා ලග සතුටින්...මන් ඒක දිහා බලන් හිටියා

පුන්චි ඉරිසියාවක් නොතිබුනා නෙවේ....උබට පින් සිද්ද වෙන්න...මන් ගොඩාක් බන ඇහුවා ඒ දවස් ටිකේම...මගෙ හිත ගොඩාක් දුරට හැදුනා....මට ඔයා නතුව ඉන්න හිත හදාගන්න තරම් හිත හයිය උනා....හැමදේම අතාරින්න වගේම දරාගන්නත්....ඒ අතින් ඔයාට ගොඩාක් පින්......


___________________________________

කාලය ගෙවිලා ගියා...

මට ඔයා නැතුව ඉන්න අමාරුවෙන් හරි මන් හිත හදන් හිටියත් ඔයාට බැරි උනා ..ඇයි කියලා ඇහුවට කියන් නෑ උබ කවදාවත් ....අහනෙත් නෑ....මට වැඩක් නෑ....ඒත් මන් ඈත් වෙලා යන්න හදද්දිම ඔයා මාව ගොඩක් ලන් කරගන්නවා....



ඒ විදිහට ගෙවුනු ජීවිතෙ අලුත් පිටුවක් පෙරලුවා

ඔයාම එයාව අතෑරියා..

සමහරවිට තේරෙන්න ඇති සල්ලි වලට තියන පෙරේත නිසයි මේ එන්නෙ කියලා ඒත් අයියේ ඔයා එහෙම කරේ හිතකින්ද කියල දන්නෙනෑ..

මගෙ අයියා අක්කට ආදරේ කර තරම් දන්නෙ මං නේ...................................................................................................................................




__________________________________

""#මා නුබට පෙම් කලේ

   නෑ නුබට තේරුනේ

   වෙන්වී ගියත් ඔයා

   තාමත් මගේ ජීවිතේ ......"

 

දැන් මං ආසම සින්දුව

සමහර පද පෙලී මගෙ ජිවීතේට ගොඩක් සමීපයි

ඒ නිසා වෙන්න ඇති මේ සින්දුව මෙහෙම දැනෙන්නෙ

තාමත් මන් ජනේලේ ලග ...අම්මා හදලා දුන්නු තේ එකත් ඇල් වෙලා.

පැය ගානක් දැන් මන් මෙතනලු...ඔහේ කල්පනා කරනවලූ..අම්මා අප්පච්චි ට කියනවා මන් අහගෙන...ආසම සින්දුවත් එතනින්ම නවත්තලා ගියේ උබෙන් මැසේජ් තියෙනවද බලන්න...ඉන්බොක්ස් එක පිරිලා උබෙ මැසේජ් වලින්....හිතට ආව අමුතුම සතුටත් එක්ක ඒවට රිප්ලයි කරලා මන් ගියේ අම්මට උයන්න උදව් කරන්න.......


       "මා නුබට පෙම් කලේ

නෑ නුබට තේරුනේ

        වෙන්වී ගියත් ඔයා

තාමත් මගේ ජීවිතේ..........♥️"


සින්දුව මුමුන මුමුන උබෙයි මගෙයි කතාව ආයෙ ආයෙ මතක් කර කර ඉන්නව මන් උබ එනකන් මග බලන්.....💞


හිත හදාගන්න උත්සහ කරත් බැරි බව දැනගත්තේ උබ එනකම් මග බලං තාම මං ඉන්නව කියල හිත කියනකොටයි 🌹💙


                 -නිමි-


            💞නිර්නාමික💞

Report Page