💓💓💓💓

💓💓💓💓

Nawodya Sathsarani


"රසී ..........වර ඉක්මනින් නැත්තම් සර් කාරයා අද මගෙ බෙල්ල කයි😒"


"යමු වදේ"..........






විනාඩි කිහිපයකට පසුව

____________________________


"ඒනම් කෙල්ලෙ අපි ගියා😁"


"හුම් හුම්ම්"



පළමු පීරියඩ් එක අවසානෙ


____________________________


"හිමෝ යමූ..........."


"මොකෝ දෙව් හිටහන්කො පොඩ්ඩක් මම මේ සපත්තුව දාගන්නකල්"


"ඉක්මන් කරපන්"


"අනේ උබට හෑල්ල දිගඇරගත්තෑහකිනෙ ඉක්මනට ගියොත් හිටපන් පොඩ්ඩක් මේ මගුල දාගන්නකල් මම එක සපත්තුවක් විතරක් දාගෙන යන්න යැ"


"උබේ ඔය බෙලිකටුමල්ල වහගෙන ඉක්මනට දාගනිම්"


"යකෝ මේකිට තියන හදිස්සියක් කොල්ල හම්බෙන්න යන්නවත් මෙච්චර හදිස්සියක් නෑ සති දෙකක ගම්බද හෑල්ල දිගඇරගන්න එපැයි 😒 බය වෙන්න එපා පීරියඩ් දෙකක් එහම්මම තියෙනව තව😏"

 


දදා හිටපු සපත්තුවත් අතේ තියාගෙනම මම ඒම කීවෙ ආපු තරහටම මම හිමාශා මදුෂානි එතකොට මේ ලග ඉන්න පිස්සි දෙව්මි සති දෙකක් ස්කෝලෙ ආවෙ නෑ එයා උන හැදිලා දැන් ඉතිම් පලා මල්ල දිග ඇරගන්න පුලුවන්නෙ අපිට මියුසික් ඕෆ් ඊලග පීරියඩ් එකත් ඕෆ් මෙ දවස්වල වැඩිය උගන්නන්නෑ අපි මියුසික් රූම් එකට ආවෙ සර් මට එන්න කියල තිබ්බා ඒකට එතකොට අර උදේ ගියේ රසිකා වචනයේ පරිසමාප්තියෙන්ම කීවොත් මගෙ කළ්‍යාණ මිතුරිය 😂එයා ඩාන්සින් ඒ හින්දා එයාලටනම් පීරියඩ් දෙකම උගන්නනව අපේ මිස් ශෝර්ට් ලීව් දාල අද .සර් නෙවේ අපිට උගන්නන්නෙ


"දීපිය"


"මොනවද"


"මගෙ පොත් ටික"


"ආහ් ගනිම්😁"


"මේ........."


"ඇයි බන්"


"අර උදේ පොත ඇතුලෙ තිබ්බ එක පෙන්නන්නකෝ"


දෙව් මායම් හැට හතරම දාල මගෙ ඇගේ එල්ලුනා 


"අහකට පල ඕයි දැන්ම මගෙ හුස්ම හිරකරන්නද හදන්නෙ තෝ😠


ම්ම්ම්ම්............ආහ් ඕන් බලන්නකො ඔය පොත ඇතුලෙ මම ලේස් එක ගැටගහගන්නකල්"


"අඩේ හිමෝ ඒක නෑ"


මම බයවුනා දෙයියනේ කෝ ඒක පොත පෙරෙලුවේ පිස්සුවෙන් වගේ බිමවත් වැටිලද කියල බිම බල පන්තියට ගියා 




"ම්ම්ම්ම්........මොනව හරි හොයනව වගේ......"


කවුදෝ උගුර පාදලා ඒම ඇහුවා ඔව් මට එ කටහඩ අදුරගන්න වැඩි වෙලාවක් ගියේ නෑ මම ඇස් උස්සල බැලුවා එදා වගේම අදත් මන් ඒ ඇස් අස්සෙ අතරමං උනා


"අඩේ මද්දෝ.............."


දෙව්ගෙ කටහඩින් තමා මන් පියවි සිහියට ආවෙ 


"ඇ...යි.....හ්....ම්......ක්....ද...."


"මොකද ගෑනියේ ගොතේද "


"මොනවද නැතිඋනේ"


දෙව්ගෙ කතාවටත් මගේ මතකයටත් බාදා කරමින් දිශාන් අයියා ඒම ඇහුවා


"( ____________________________)



හැමදාම වගේ ඒ නපුරු ඇස් ඉස්සරහ අදත් මන් නිහඩයි 


"මේකද නැතිවුනේ"


මගෙන් කිසිම උත්තරයක් නැතිගමන එයා මගෙන් යමක් පෙන්නලා ඇහුවා ඒත් ඒක බලන්න තරම් මට ශක්තියක් නෑ සමහරවිට ඔයා කියයි මේ මොන පිස්සුවක්ද කියලා ඔව් ඒක පිස්සුවක් අකුරු හතරෙ වචනෙක පැටලුණ පිස්සුවක් 


"අඩේ මේක තමා😁😁 "


දෙව් මගෙ කන උඩ මහ හයියෙන් කෑගැහුවා මන් උඩ ගියා ඒ පාරටනම් ගැස්සුනා මන් ඇස් උස්සලා බැලුවේ මගෙ ඇස් හීනි උනා ඔව් ඒ ඒක රෝස පාට බ්‍රවුන් පේපර් එකක් ඇතුලෙ දාල තිබ්බෙ මන් ඒත් දැන් ඒක එයා අතේ ඒත්.........


"ඔයා හිතනවා ඇති නේ හිමාශා මගෙ අතේ කෝමද මේක කියලා බිම වැටිලයි තිබුනේ මටනම් නෙවේ හම්බුනේ රුසිරුට"



 මගෙ මුලු ඇගටම කරන්ට් වැදුනා වගේ ඒ එයා මට මගෙ සම්පූර්ණ නම කියල කතා කරපු පලවෙනි වතාව දුක හිතුන්නෑ කීවොත් ඒක බොරු😶


"හරි ඕක දෙන්න"


"කාට දෙන්නද ගෙනාවෙ මේක"


"යාලුවාට😒"


මන් අහක බලන් කීවෙ ලැජ්ජාවක් නෑ මුට තවත් කතා කරන්නෙ 


මන් එහම කියල එයා අතේ තිබ්බ මගේ පොඩි කාලෙ පොටෝ එක ඇදල ගන්න හැදුවෙ ඒත් උනේ ඒකෙන් එයා තවත් තදින් ඒක අල්ලගත්ත එක


"අතාරිනවා ඕක ඉරෙයි😠"


බොහම අමාරුවෙන් මන් වචන ගලපගත්තා


"බෑ මට මේක දෙන්න බැයිද" 


"ඔයාට මොකටද ඕක ඔයා ඕන්නම් ඕක පැයක්,දවසක් තියාගයි ඊටපස්සෙ විසික් කරලදායි ඒත් මට.....ඕක මහ ගොඩක් වටිනවා "


කොහෙන් වචන ආවද කියන්න මන් දන්නෙ නෑ එහම කියල මම ආවෙ පන්තියට මෙච්චර වෙල කම්පියුස් වෙලා වගේ දෙව්ත් ආවෙ මගෙ ඉටිපස්සෙන් සීරුවට 😎


ටික වෙලාවකින් ඊලග පීරියඩ් එකත් පටන්ගත්තා රසිත් ආවා දෙව් ඉතිම් විස්තරේ මන් කියන්නත් කලින් කිව්වා ආය මොනවද🤭


ටික වෙලාවකින් අක්කා කෙනෙක් ඇවිත් මගෙ කවර් එක ගෙනත් දීල යන්න ගියා


මගෙ අතේ තිබ්බ බ්‍රවුන් පේපර් එක මහේශ් ඇදලා ගත්තේ බලන්න මාත් වැඩිය හිතන්නැතුව දීල ඔලුව ඩෙස් එකේ තියාගත්තා 

රෝස පාට බ්‍රවුන් පේපර් එක ඇරල එයා ගත්තේ මගේ ෆොටෝ එකනම් නෙවේ


"නන්ගි...මන් දන්නවා ඔයා මාත් එක්ක  ........."


මහේශ් කියවගෙන යන්න ගියේ ඉක්මනට මම ගිහින් ඒක ඇදලා ගත්තා කෙලින්ම ගියේ පන්තියෙන් එළියට මන් පිටිපස්සෙන් ‍රසිත් එනවා ඇහුනා කෑගහන් 



"හිමා දැන් උබ යන්න යන්නෙ දිශාන් අයියා හොයාගෙනනෙ එහම නේද"


මගෙ අතින් අල්ලන් එයා අන්තිම ටික ඇස් වලින් ඇහුවා


ඔව් කියන්න වගේ මන් ඔලුව වැනුවා ඒ එක්කම එයාමාව ඇදගෙන ගිහින් බැම්නෙ ඉදගෙන මාවත් ලගින් වාඩිකරවන් අර කොලේ කියවන්න ගත්තා 


"නන්ගි...මන් දන්නවා ඔයා මාත් එක්ක තරහයි කියල ඒත් මන් ඔයත් එක්ක තරහ නෑ මට මේ පොටෝ එක ඕ...."


"ඇති බන් ඇති නවත්තපන්"


මන් එහම කියල ඒක ඇදල අරන් හතරට විතර ඉරල කෙලින්ම ගියේ දිශාන් අයියලගෙ පන්තියට යනකොට එයා ඉන්නවා කරද ගහ ලග යාලුවෝත් එක්ක කෙලින්ම ගියේ මන් එය ලගට


"තමුසෙට ලැජ්ජාවක් නැද්ද මේ කොල කෑලි එවන්න"


එහම කියල නැවතුන්නෑ මන් ඉන්නෙ කවුද කියලවත් බලන් නැතුව ඉරල තිබ්බ කොලේ තවත් ඉරල ඉරල බිමට ගසලා දැම්මා එයා මන් දිහා බලාන් හිටියෙ කම්පියුස් වෙලා එහම නොවී කෝමද ඊට පස්සෙ එයා මගෙ අතින් ඇල්ලුවේ මාව සන්සුන් කරන්න වගේ ඒත් ඒ අත ගසාදාපු මගෙ වම් අතගියේ එයාගෙ දකුනු කම්මුල ලගට හැමෝම පුදුමෙන් බලන් ඉන්නවා එයත් කම්මුල අල්ලන් බලන් ඉන්නවා ඔව් මටත් පුදුමයි කෝමද ඒම දෙයක් උනේ කියල හිතනකොටත් කාටවත් බයින්නෙවත් නෑ මම යාලුවොන්ට ඇරුනාම😉ඒ තරම් අහින්සකයි ඒත් මන් මෙච්චර නපුරු උනේ කෝමද කියල ඔයා හිතනව ඇති උබම තමයි මාව ඒ තත්වෙට පත්කරේ 


_*අහල තියනවා කතාවක් ආදරේ උනත් අදිමාත්‍රාවෙන් ගත්තාම ඒක විසක් වෙනවලු කියල*_


තවත් මට එතන ඉන්න තරම් ශක්තියක් නෑ කෝමද දෙයියනේ මන් ඒම කරේ මට මන් එක්කම තරහයි අතත් වෙව්ලනවා මන් ඉක්මනට පඩි පෙල නගිනකොට අත් දෙකත් බැදගෙන රසී ඇහුවෙ


"ගැම්මට එන්නෙ මහලොකු වැඩක් කරා වගේ"


එහම කියල එයා මගෙ පිටට තට්ටු කරා සති දෙකකින් විතර පස්සෙ එයා පොටෝ එක රසී අතටම දීල තිබ්බෙ සොරි කියලා



___________________________________



නැතිඋනත් එක හිතක් ඔබට......


මා කෙරේ ඇතිඋනේ කිමද ස්නේහයක් මෙලස.....


මාද පෙම් කලේ ඇයිදැයි සිතන විට.....


කලකිරීමකි ඇත්තේ අද මෙමට.....



✨ප්‍රේමය ලබා දිය යුත්තේ ප්‍රේමය හදුනනා කෙනෙකුට මිස ප්‍රේමය මායිම් නොකරන අයට නොවේ.....ප්‍රේමය හදුනනා අය පමනක් ලොවේ පහල වේවා යයි මාගෙ ප්‍රාර්ථනය✨




(ටයිපින් මිස්ටේක් ඇති සොරි හොදේ)






_සමාප්තයි_

Report Page