❤️❤️

❤️❤️


" ඒ බන් ඉක්මනට නැගිටපන්කො උබට අද වගේ දවසකවත් කලින් නැගිටින්න බැරිද "



" අනේ මැනික තා සිට්ටක් ඉන්න දෙන්නකෝ.....එතකන් ඔය ටින් බෙලෙක්කෙ පොඩ්ඩක් වහගන්නකො "



" මොකක්ද කිව්වෙ උබ මටද ටින් බෙලෙක්කෙ කීවෙ හිටපන්කො හොද වැඩක් කරන්න "



💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦



" අපෝ මොකක්ද ගොනියෙ ඒ කරේ බලපන්කො මගෙ සත්තලන් ඇදත් ඉවරයි "



" ආහ් ඇත්තද නෝන ඒක හිතන්න තිබ්බෙ අර නැගිටින්න කියපු වෙලාවෙ

ඒ වෙලාවෙ නැගිට්ටනම් ඔහොම වෙන්නෙ නෑනේ

දන්නවනෙ මගෙ හැටි "



" දන්නව දන්නව

😭😭😭අනේ මගෙ ඇද 😭😭😭 "



" මේ තවත් ඔය ඇද බදාගෙන ඉන්නෙ නැතුව නැගිටිනවද නැත්තන් තව එකක් නානවද "



" නෑ නෑ කලබල වෙන්න ඕනෙ නෑ මැනික මන් මේ නැගිට්ටා "


___________________________________



ඔව් ඔව් ඔයාල හිතුව හරි ඉස්සරලත් මන් හොද වතුර එකක් නෑව ආයෙනම් බෑ ඔන්න මන් නැගිට්ටෝ



ඔයාල බලනව ඇති නේද මන් කවුද කියල මන් තමා මගෙ අම්මගෙයි තාත්තගෙයි දෝණි......හී......ඒ කීවේ සුභාෂ් හසන්ත වික්‍රමසිංහ සහ සුභානි සුදර්ෂිකා වික්‍රමසිංහගේ එකම දුව රිතුලි ආකර්ෂා....හැමෝම කියන්නෙනම් ඉතින් රිතූ කියල තමයි.....ඉතින් එතකොට ඔය උදේ පාන්දර මාව නෑවුවෙ මගෙ බෙස්ටි පන නෙතුලි අහස්මා....තව ඉතින් වැඩි විස්තර කියනවනම් මට නපුරු අයියෙක් ඉන්නෝ....නපුරු උනාට මට ගොඩාරියක් ආදරෙයි හොදේ.....එයා තමා wikramasinghe group හි අනාගත owner අභිමන් යෂ්මිත වික්‍රමසිංහ



අද මන් ජීවිතේ අලුතින් පටන් ගන්න දවස මගේ ලොකුම හීනෙ උනේ කොහොමහරි කැම්පස් යන එක....අද ඒ දවස ඉෂ්ට වෙලා.....අද තමයි කැම්පස් එකට යන පලවෙනිම දවස....ඉතින් මගෙ බෙස්ටි පනත් ඊයෙ අපේ ගෙදර ආවෙ මාත් එක්කම කැම්පස් යන්න....අපි දෙන්නගෙම හීනෙ උනේ පේරාදෙණිය කැම්පස් එකට යන්න......ඒක අද හැබෑ වෙනවා...



ඉක්මනට වොෂ් එකක් දාගෙන ඇවිත් ලෑස්ති උනේ....නේතූ මැනිකගේ කෑ ගැහිල්ලත් අහගෙන....මොකද එයා ලෑස්ති වෙලා ඉවර වෙලා පහළට ගිහින් කෑම ටිකට වැඩේ දෙනෝ....මත් සුටුස් ගාලා ලෑස්ති වෙලා ගියා ඉතින්



" දෝණි එන්න ඉක්මනට කෑම කන්න පරක්කු වෙයි නැත්තන් "



" හරී මගෙ අම්මේ "



අම්මා ඉතින් අපි දෙන්නටම කිරිබත් කැවුවා අපි දෙන්නම කාල ඉවර වෙද්දි ඔන්න නෙතූගෙ තාත්තත් ආව



* *නෙතූගෙ අම්මා නෑ එයා නෙතූ ඉපදෙන වෙලවෙම මේ ලෝකෙ දාල ගිහින් ඒ උනාට නෙතූගෙ තාත්ත එයාව ගොඩාක් හොදට බලාගන්නවා.....නෙතූගෙ අම්ම වගේ ඉන්නෙ මගේ අම්මාම තමා ඉතින් ඒ නිසාම නෙතූ කියන්නෙත් අම්ම කියලම තමා මාත් ඉතින් නේතූගෙ තාත්තටත් තාත්තා කියල තමා කියන්නෙ මොකද එයත් මට එයාගෙම දුවෙක්ට වගේ සලකන්නෙ**



ආහ් තව දෙයක් කියන්න අමතක උනානෙ දැන් ඉතින් අපි කැම්පස් එකට ගිහින් නවතින්න තැනකුත් හොයාගෙන තියෙන්නෙ හොදේ කැම්පස් එක ලගින්ම බෝඩිමක් අපිට හොයල දුන්නෙ තාත්තලාම තමයි



ඕනේ කරන හැම දෙයක්ම කාර් එකට දාල තාත්තලා දෙන්නටයි අම්මටයි වැන්දා....අපි දෙන්නට උපදෙස් පත්‍රිකාවක් කියල දීල තමයි අම්ම අපිව පිටත් කලේ ඉතින්



පැය පහක විතර ගමනක් නිසා මටනම් හොදට නින්ද ගියා කොහෙද උදේ පාන්දර මව ඇහැරවලා නින්දත් කැඩුවනේ මාව ඇහැරුනේ ඉතින් නෙතූ මාව ඇහැරපු නිසා ඒ වෙනකොට අපි කැම්පස් එකට ඇවිත් තිබුනේ



එහෙම්මම කාර් එකෙන් බැහැල මන් කරපු දේටනම් එතන හිටපු හැමෝම මන් දිහා බැලුවෙ පිස්සු කෙල්ලෙක් කියල හැමෝටම හිතන්න සලස්සලා.......



___________________________________



රිතූ මොනව කරන්න ඇතිද........



ඊලග කොටසෙන් බලමූ



comment එකක් දාගෙන යන් බලන්න



ඔයාලගෙ comment අනුව තමා ඔන්න ඊලග එපිය දෙන්න වෙන්නේ


❤️❤️❤️❤️



Report Page