❤️🖤

❤️🖤

Mihili ❤️

අපාර්ට්මන්ට් එකේ බැල්කනි එකට වෙලා මිල්ක්ෂේක් එකක් බොන ගමන් මන් සින්දුවකුත් අහගෙන බලන් හිටියේ එහා පැත්තෙ බැල්කනි එකේ ඉන්න කෙල්ල දිහා..


ශෝට් ස්කිනි එකට මිනි ශෝටක් ඇඳලා..යාහ්..සෙක්සි ෆිගර් එකක්.. ඒ ලිප්ස්..වචන නෑ ගින්දර.. නන්ස්ටොප් සෝන්ග්ස් ටිකකට ඩාන්ස් එකක් දාන්නේ වටේ පිටේ උන් බලන් ඉන්නවා කියලවත් ගානක් නැතුව..


"පිරිමැහෙනා...ළැම දිලෙනා...

හිත අල්ලන නාරී ලිය අඟනා..

රස දෙන්නී.. කොඳුරන්නී..

දෙකොපුල් වශියට තවරාහා..

රුචිරාවී කියඹුලතාවල ඉඟියට

කුලුඳුල් සුව දිලුනා..


ගිනි සිළුව වගේ පද්දන නුබේ ගමන දැකම දැකම...

මට පිස්සු වගේ හිත ගැස්සෙයි දැනෙයි කැක්කුම කැක්කුම..

නුඹ පිච්චෙයි රාගිනියේ

ගිනි දැල්ල එකම එකම..

දිය සුලියේ මැද කැරකෙමු

රඟ දාලා ඔක්කොම ඔක්කොම..."


කෙල්ල දිහා බලන් ඉද්දි හිතට ආවෙ අලුතෙන්ම හිට් උන සෝන්ග් එකක්.. කෙල්ලටම හදපු සින්දුවක්ද කොහෙද..


"මට හිතුනා මේකා කවදාවත් නැතුව මිල්ක්ෂේක් එක මෙච්චර වෙලා බොද්දි ලඟ පාත කොහේහරි කෙල්ලෙක් ඇති කියල..අනේ මන්දා #ආශ් උඹත්.."


"මේ ආශ්ට කෙල්ලො නතින්ග් කියලා දන්නවනෙ කෙවිනයා.. බලහන් ෆුල් ආතල් ලයිෆ් එකක්.. ලව් අෆෙයාර්ස් නැහැ..රූල්ස් නෑ.. ලිමිට්ස් නැහැ..ඕල්වේස් හැපී.."


"කොට්ටෝරුවත් ගහෙන් ගහට කොටලා අන්තිමට කෙහෙල් ගහට කොටපු දවසෙලු රඟ තේරුනේ.. උඹටත් ඔය කරන දේවල් වලින් මට්ටු වෙන්න වැඩි කාලයක් නෑ.. මන් කිවුවා කියලා මතක තියාගනිං.."


"ජීවත් වෙන්නේ පොඩි කාලයයි...ඒ කාලේ පුලුවන් තරම් එන්ජෝයි කරපං බ්‍රෝ.. මොකද මැරිලා ගියාට පස්සේ වලේ ඉඳන් ලයිෆ් එක එන්ජෝයි කරන්න කියලද..?"


කෙවින් කට පියාගත්තේ මට කියලා වැඩක් නැති හින්දා වෙන්නැති..මුට පිස්සු..


මට බැඳීමකට කියලා කිසි එකෙක් නෑ.. කෙවිනයා විතරයි යාලුවෙකුට කියලා හරි ඉන්නේ.. හම්බ කරනවා..ඒ සල්ලි වලින් ජීවිතේ විඳිනවා..බැඳීම් නෑ..වදේකුත් නෑ..


කෙල්ලො ආශ්‍රය කරනවා ලිමිට් නැතුව..හැබැයි හදවතට තට්ටු කරන්න ඉඩ දෙන්නෑ කවදාවත්ම...මොන දේ උනත් ඒකට ඉඩක් නෑ මගෙන්..මොකද ආදරේ වදයක්..සින්ගල් ලයිෆ් එක විනෝදයි.. සරලයි සුන්දරයි..


කෙවින් එක්ක කතා කර කර ඉන්න ගමන් ඇහේ කොනින් බැලුවෙ හොට් ඩාන්සින් ස්ටාර් කෙල්ල දිහා.. යෙස්..කෙල්ලත් බලන් ඉන්නේ අපි දිහා..ස්පෙෂලි මන් දිහා..මන් බෙල්ලත් ඇල කරලා අයිබ්‍රෝ එකක් උස්සන ගමන් කෙල්ල දිහා බැලුවෙ කෙල්ල ගැස්සිලා යද්දි.. මෙච්චර කල් කෙල්ලො අල්ලගත්තේ ඔය බැල්මට් එක දාලා තමයි..


වෙන කෙල්ලො නම් මන් ඔය බැල්මෙන් බලපු ගමන් මන් දිහා බලන් ඉන්නේ මාව කන්න වගේ.. ඒත් මේකි..මටත් පුප්පගෙන ගේ ඇතුලට ගියේ මට කට කොනකින් හිනා යද්දී..


'බලමුකො මිස් ඩාන්සින් ස්ටාර්.. කොච්චර දවසක් ඔහොම ගස්සයිද කියලා..දවසකට හරි උඹව මගේ කරගත්තේ නැත්තං මන් ආශ් නෙවෙයි..'


"උබේ බැල්ම හරි නෑ කොල්ලෝ...ඒ කෙල්ල අහිංසකයි.. පාඩුවෙ ඉන්න දීපං ඈ...පේනවනේ.. පෙනුමෙන්ම අනිත් කෙල්ලො වගේ නෙවෙයි කියලා.."


කෙවින් එහෙම කියද්දි මන් ඌටත් ඇහැක් ගහලා ඇතුලට් ආවේ මිස් ඩාන්සින් ස්ටාර් ගැන හිත හිතම..කෙවිනයා නෙවේ මොකා ඇවිත් මොන දේ කිවුවත් මන් කරන්න යන දේවල් කාටවට් නවත්තන්න ඉඩ තියන්නෑ මන්..


-------------------------------


මාස දෙකක්..හ්ම්ම්..මාස දෙකක් ගෙවිලා ගියේ මිස් ඩාන්සින් ස්ටාරුයි මායි බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා වෙද්දී..ඒකිගෙ නම #අශ්ලි දිසානයක...


ඒකි දන්නවනම් මන් ඒකිට ලං උන හේතුව බෙස්ට් ෆ්‍රෙන්ඩ් කරගන්නවා තියා මන් දිහා ඇහේ කොනකින්වත් බලනෙකක් නෑ..


ඈත්තම කතාව කිවුවොත් අශ්ලි ගැන වෙන කෙල්ලො ගාව දැනිච්ච නැති දෙයක් මට දැනුනා..අයි මීන් මන් ඒකිව මගේ කරගන්න ඕනි කියලා ඒකිට ලං උනත් අශ්ලිව මන් මගෙනුත් පරිස්සම් කරා..හේතුව ඉතින් මන් දන්නෙත් නෑ..හේතුව හොයන්න ඕනි උනෙත් නෑ..


ඒත් මට ඕනි කෙල්ලව මගේ කරගන්න.. අයි වෝන්ට් හර්..එක සොලියුෂන් එකයි තියන්නේ..ඒ මොනදේ කරලා හරි ඒකිගෙ ලයිෆ් එකට එකතු වෙන එක...


ඒකිව මගේ කරගන්න ඕනි හින්දම මන් අශ්ලිට ගොඩක් ලං උනා..ඒ අස්සෙයි අශ්ලි මට ආදරේ කරන්න ගත්තේ.. මට කරන්න කිසි දෙයක් නෑ..මටත් නොදැනී මට ඕනි දේ වෙන්න පුලුවන් තත්ත්වෙට ඒකිම පාර කැපුවා..


ජීවිතේ දැක්කෙ නැති පැත්තක් මන් අශ්ලි හින්දා දැක්කා..අශ්ලිගෙ ලයිෆ් එකත් බරක් පතලක් නැති එන්ජෝයිබල් එකක්.. පුංචි පුංචි දේවල් වලින් මන් කවදාවත් විඳපු නැති හැඟීම් දැනුනා.. කියන්න තේරෙන්නෑ ඒක.. ඒක හරියට නිකම් අනේ මන්දා..අයි කාන්ට් එක්ස්ප්ලේන් ඉට්..


වෙනදට ඔෆිස් එකෙන් ආපු වෙලාවෙ ඉඳන් ක්ලබ් ගානෙ කෙල්ලොත් එක්ක ජීවත් වෙච්ච මන් ඒවාට ලිමිට් එකක් දැම්මා.. ගර්ල්ස්ලා එක්ක හිටියා හැබැයි අශ්ලිට දැන ගන්න දෙන්නෙ නැති වෙන්න..අශ්ලිට හොරෙන්..මොනදේ උනත් පුරුදු අතාරින්න බෑනේ..


මන් අශ්ලිට කරන්නෙ වැරැද්දක් කියලා මන් දන්නවා..ඒත් මට ඕන්නෑ ඒ ගැන හිතන්න..මට ඕනි කොහෙන් කොහොම හරි ලයිෆ් එන්ජෝයි කරන්න..එච්චරයි.. එතනින් එහාට හිතන්න ඕනි නෑ මට..


අනික අශ්ලියි මායි ලවර්ස්ලා වෙලා හිටියට කවදාවත් ලිප් කිස් එකකින් එහාට ගිහිල්ලා නෑ...මට යන්න ඕනි උනත් අශ්ලි ඒකට ඉඩක් තිබ්බේ නෑ..සෙල්ෆ් කන්ට්‍රෝල් එයා..බට් මට ඕන්නෑ මාව කන්ට්‍රෝල් කරන්න..මට ඕනි අශ්ලිව.. පොඩ්ඩක් නෙවෙයි මහ ගොඩක්..


මට ඕනි සීමා බිඳින්න..බිඳලා ජීවිතේ විඳින්න..එච්චරයි..


ගනං කරන්නවත් බැරි තරමට මන් කෙල්ලො ආශ්‍රය කරලා තියනවා.. ඒත් ඒ කෙල්ලොත් එක්ක බැලුවම අශ්ලි මහ පුදුම කෙල්ලෙක්.. කොළඹ ජීවත් උනාට ඒකි හෙන සරලයි..අහිංසකයි.. බොලඳයි...මොනා උනත් මන් කරන්න යන්නෙ වැරැද්දක්..


'ඕහ් ශිට්..ආශ්..ස්ටොප් තින්කින්ග් අබවුට් හර්..ඒකි උඹට සෙල්ලම් බඩුවක් විතරයි..මයින්ඩ් ඉට්..'

---------------------------------

"කෝ මිස් ඩාන්සින් ස්ටාර්.."


"මොකක්ද ආශ් බබා..දැන්වත් මගෙ හරි නම කියන්නකෝ අප්පා ඕක නැතුව..."


"ඔයාගෙ නම මොක උනත් ඔයා මට මිස් ඩාන්සින් ස්ටාර් විතරමයි.. ඕකේ.."


"ඕකේ ඕකේ..අද හරි බෝරිං අප්පා..මොකෝ කියන්නේ මූඩ් ෆික්ස් කරගන්නත් එක්ක දාමුද පොඩි රස්තියාදු පාරක්.."


"ම්ම්ම්..බෝරිං නේහ්..මොකෝ කියන්නේ මූඩ් ෆික්ස් වෙන්නත් එක්ක දෙන්නද දිගම දිග කිස් එකක්.."


"ර්ර්ර්..යනවා යන්න මෝඩයා.."


කෙල්ල එහෙම කියාගෙන හැරිලා යන්න හදද්දි මන් අශ්ලිගෙ අතින් අල්ලගෙන නවත්ත ගත්තේ යන්න නොදී..


"දැඟලුවට වැඩක් නෑ මැඩම්..අද යන්න දෙන්නෑ තමුසෙට මන්..ම්ම්..."


මන් එහෙම කියාගෙනම කෙල්ලව මගෙ තුරුලට ඇදලාගත්තෙ කෙල්ලට මුකුත් කියන්න ඉඩ නොතියමයි..අතට ආපු චාන්ස් එක මිස් කරගන්න බෑනේ..


මන් එහෙම්මම කෙල්ලගෙ තොල් වලට බර උනේ අශේලිගෙ අත් වලින් මාව තද කරලා අල්ලගද්දි..


ටිකෙන් ටික මෘදු සිපගැනීම් රලු සිපගැනීම් උනේ ඒ සිප ගැනීම් වල #ආදරයක් ගෑවිලාවත් නැති හින්දා වෙන්නැති.. #රාගය විතරක්ම තිබ්බ හින්දා වෙන්නැති..මට ඕන්නෑ කොහොමත් ආදරයක්..මට ඕනි කෙල්ලව විතරයි.. එච්චරමයි..එතනින් එහාට ඒකි ගැන කිසිම ෆීලින්ග් එකක් නෑ..


ඔව්..අන්තිමට මට පුලුවන් උනා අශේලිව මගේ කරගන්න..මගේම කරගන්න.. අශේලිගෙ කැමැත්තත් ඇතුව...මට ඕනි උනෙත් ඒ දේනේ.. යෙස්..අයි ඩිඩ් ඉට්..සෝ අයිම් වෙරි හැපී...


ඒත් ඒ සතුට තිබ්බෙ පොඩි වෙලාවයි..ඇඳේ තිබ්බ ලේ පැල්ලම දැක්කම මට උන් හිටි තැන් අමතක උනේ කිසිම වෙලාවක මන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු නොවෙච්ච නිසා...


'ඒ කියන්නේ..ඒ කියන්නෙ මේකි වර්ජින්..ෆක්..'


ගනං කරන්න බැරි තරම් කෙල්ලො එක්ක ඉඳලා ඇති..ඒත් මේ වගේ දෙයක් උනේ ෆ්‍රස්‍ට් ටයිම්..මෙච්චර දවස් යූස් කරපු කෙල්ලො එක්කෙනෙක්වත් වර්ජින් පිට හිටියේ නෑ..ඔක්කොම අතින් අතට ගියපු උන්..


ඕහ් ශිට්..ජීවිතේ පලවෙනි වතාවට මට මං ගැන,මන් කරපු දේ ගැන කලකිරීමක් දැනුනා..කරන්න දෙයක් නෑ..මගෙ කැමැත්තෙන් විතරක් නෙවෙයිනේ මේ දේ උනේ..අශ්ලිත් කැමති උනානේ..


"ත..තමුසෙ වර්ජින්ද..?"


"මොනාද ආශ් අහන්නේ මේ.. වර්ජින් තමා..කොළඹ උනාට වෙන කෙල්ලො වගේ නටන්න ගියෙ නැහැ මන්.."


"ෆක්..ඇයි තමුසෙ කලින් කිවුවෙ නැත්තේ..?"


"මට ඕවා කිය කිය ඉන්න ඕන්නෑනෙ ආශ්..කොහොමත් ඔයා ප්‍රොමිස් උනානේ මාව මැරි කරනවා කියලා..ඉතින් බබා....ඉක්මනට අපි දෙන්නා මැරි කරමු.."


අශේලි එහෙම කියන ගමන්ම මාව තදින් හග් කරේ මන් ලොකු කල්පනාවක ඉද්දි..


"මැරි කරන්න..තමුසෙට පිස්සුද..මට බෑ මැරි කරන්න.. මන් ආස නෑ පවුලක් ඇතුලෙ උනත් හිර වෙලා ඉන්න.. බැරි වෙලාවත් මන් මැරි කරොත් තමුසෙ එක්කම දවස ගෙවන්න වෙයි..පස්සෙ ලමයි හම්බ උනාම එයාලත් එක්ක ඉන්න වෙයි.. වගකීම් ගොඩක්..මට බෑ ඒවා කරන්න...කෝ නිදහසක්..


මට ඕනි නිදහසේ ඉන්න..බැඳීම් නැති නිදහස් ලයිෆ් එකක්..ලිමිට්ස් නැති,රූල්ස් නැති ලයිෆ් එකක්..සෝ මට බෑ තමුසෙව මැරි කරන්න.."


"ම්..ම්..මොකක්ද..ආශ්..බ්..බොරු නේ..බය කරන්න..එ..එපා ඔහොම.."


"බොරු නෙවෙයි ඕයි..බොරු කියන්න මට පිස්සුයැ..."


"ම්..මට ආදරේ..ආදරේ කරේ නැද්ද ආශ්..ඔයාට එක සෙල්ලම් බඩුවක් විතරද මන්..එහෙමද..ආ.."


"ඔව් ගෑනියෙ ඔව්..තමුසෙව ලඟට ගත්තේ ආදරේ කරන්න නෙවෙයි..අනික මේ වෙච්ච දේවල් මෙතනින්ම අමතක කරලා දානවා.. තමුසෙගෙත් කැමැත්ත උඩනෙ මේවා සිද්ද උනේ..සෝ..නව් යූ කැන් ගෝ මිස් අශ්ලි..ඔහ් සොරි මිසිස් අශ්ලි.."


මන් එහෙම කියනවත් එක්කම අශිලි මට කම්මුල් පාරක් දුන්නේ මන් කන්ෆියුස්ඩ් වෙලා බලන් ඉද්දි..එහෙම්මම බෙඩ් ශීට් එකත් ඇඟේ ඔතන් අඬ අඬාම එලියට දිවුවෙ මන් ගානක්වත් නැතුව බලන් ඉද්දි.. මට මොකද..ඕන දෙයක් කරගත්තාවෙ..


------------------------------

මාස පහක් ගෙවිලා ගියේ හරි හිමින්..නිදහසේ එන්ජෝයි කරපු මගෙ ලයිෆ් එකේ කෑලිවත් හොයා ගන්න නෑ..ආයෙ වැටෙන්න පුලුවන් අන්තෙටම වැටිලා ඉන්නේ..


හ්ම්ම්..මන් වෙන්න එපා කියලා ප්‍රාර්තනා කරපු දේම අද සිද්ද වෙලා..අශ්ලි මගෙ හදවතට ඇවිල්ලා ඉවරයි..ඒකි නැතුව බෑ දැන්..ඒකිව ඕනි මට..ඒකි නැතුව මේ මාස පහ විඳෙව්වා ඇති දැන්..මට මහන්සියි..


කාගෙ හරි අගයක් දැනෙන්න ඒ කෙනා අපෙන් ඈතටම යන්න ඕනිලු..අපි ළඟ නැති උනාම එයාගෙ වටිනාකම දැනෙනවලු.. ඔව් ඇත්ත..එදා අශ්ලි ගියත් හරි තාම ඒකි ගැන කිසිම ඉන්ෆොමේෂන් එකක් නෑ..කොහෙ ගියාද මොනවා කරනවද..කවුරුත් දන්නෑ..


මගෙ මිස් ඩාන්සින් ස්ටාර් මට නොකියම කොහෙද ගිහිල්ලා.. ප්ලීස් ඉන්න තැනකින් එන්න අශ්ලි..අයි වෝන්ට් යූ බබා..අයි වෝන්ට් යූ..


කෙල්ල මට ආදරේ කරපු තරමට වෙන කාටවත් ආදරේ කරන්න බැරි වෙයි..ඒ තරමට ඒකි මට ආදරේ කරා.. කෙල්ලො කියන්නෙ සෙක්ස් වලට විතරක් ඕනි කට්ටියක් කියලා හිතුවට දැනුයි දැනෙන්නේ ඒ හිතන් හිටපු විදිය වැරදියි කියලා..


මන් කල්පනා කර කරම පාර දිගේ ඇවිදගෙන ගියේ වටපිටේ ගැන කිසිම ගානක් නැතුව..එක පාරම කොහෙද ඉඳන් දුවන් ආපු ප්‍රෙග්නට් ලේඩි කෙනෙක් මගේ ඇඟේ හැප්පිලා වීසික් උනේ මගෙ කටින් කුණුහරප පෝලිමක් එලියට එද්දි..


ඒත් ඒ ලේඩි මාව දැක්කා විතරයි බය වෙලා පාර පනින්න ගත්තේ වාහන එනවා කියලා වගක්වත් නැතුව..මන් කොච්චර ට්‍රයි කරත් ඒකිව නවත්තන්න ඒකි මගෙ ඇස් දිහා බලාගෙන බයෙන් බයෙන් බඩටත් අත තියන් පාර පැන්නෙ මට කරගන්න දෙයක් නැති වෙද්දි..


ෆුල් හොල්මන් වෙලා හිටපු මට ඇහුණේ ඒ ලේඩිගෙ කෑ ගැහිල්ල විතරයි..ඔව්..ඒ ප්‍රෙග්නට් ලේඩිව රෝන්ග් සයිඩ් ආපු ලොරියකට හැප්පිලා..ඒත්..තාමත් ඒ ලේෆිගෙ ඇස් මන් ගාව..හුරුපුරුදු ඇස් දෙකක්..කවුද කියලා මතක් කරාට මතක් වෙන්නෙම නෑ..ෆක්..කවුද මේ..කොහෙදි හරි දැකලා තියනවා මන්..ශිට්..


ඒත්..ඒත්.. එක්කම මතක් වෙච්ච දේත් එක්ක මගෙ කකුල් ඇක්සිඩන්‍ට් එක වෙච්ච තැනට ගියේ මගෙ ඇස් වලින් කඳුලු වැටෙද්දි..


ඒ වෙන කවුරුත් නෙවේ #මගෙ අශ්ලි..මන් අශ්ලි ගාවට දුවගෙන ගිහින් අශ්ලිගෙ ඔලුව මගෙ උකුල උඩින් තියාගත්තේ අශ්ලිගෙ මූනෙ ලස්සන හිනාවක් යද්දී..


"ආශ්..ස්..සොරි..හම්බවෙන්න එන්න ප්..පරක්කු උන්..නාට.. එ..එන්න ව්..විදියක් ත්..තිබ්බෙ නෑ මට..ආම්..ආම්..වෙරි ස්..සොරි.."


"මුකුත් කියන්න එපා මැනික..අපි ඉක්මනට හොස්පිට්ල් යමු හරිද..බය වෙන්න එපා..ඔයාගෙ ආශ් ඔයා ගාවම ඉන්නවා..ආයි යන්න දෙන්නෑ කොහෙවත්ම.."


"ප්..ප්ලීස්..ප්ලීස් ආශ්..ක්..කතා කරන්න දෙන්න මට.."


ඒ එක්කම ඇම්බ්ලියුනස් එකට කෙල්ලව දාගත්තත් කෙල්ල කතා කරන එක නැවැත්තුවෙ නෑ..ලේ යනවා කියලාවත් ගානක් නෑ මේකිට..මගෙ ඇස් දිහා බලාගෙන කියවනවා..


"ආ..ආශ්..ම්ම්..මේ..මේ..ද්..දරුවා..ඔ..ඔයාගෙ ආශ්..ඔ..ඔයාගෙ ද්..දරුවා මේ ඉන්නේ..ස්..සමාවෙන්න ම්..මට.. අ..අද එ..එයාව ප්..පරිස්සන් කරන්න බ්..බැරි උ..උනා ම්..මට..ස්..සමාවෙන්න ග්..ගොඩක්..


"ම්..මගෙ බ්..බබා තනියෙන් ආශ්.. ම්..මට ය්..යන්න වෙනවා.. #එ..එන්ජෝයි යුවර් ල්..ලයිෆ් ආශ්..ම්..මතක ත්..තියාගන්න ම්..මාවයි..අප්..පේ.ද්.දරුවාවයි.. ආ..ආදරෙයි..ආශ් ම්..මන්..ත්..තාමත්.."


එච්චරයි අශ්ලිට කතා කරගන්න පුලුවන් උනේ..ඒකි..ඒකි මාව දාලා යන්නම ගියා..මාව තනියම දාලා මගෙ දරුවත් එක්ක යන්නම ගියා..මට කියන්න කිසිම දෙයක් ඉතුරු නොකර යන්නම ගියා..


මන්..මන් මහම මහ පවුකාරයෙක්.. මගෙ වැරදි වලට දඬුවම් වින්දෙ අර අහින්සක කෙල්ලයි ඉපදිලාවත් නැති මගෙ දරුවයි..


මමනේ ඒකිගෙ ආදරෙත් එක්ක සෙල්ලම් කරේ..මමනේ ඒකිව රැවැට්ටුවෙ.. ඔක්කොම කරේ මමනේ....ඇයි ඒකට එයාලට එච්චර ලොකු දඬුවමක් දුන්නේ..ඇයි..


බලාගෙනද ඉන්නෙ අශ්ලි..කෙවින් කියපු දේ අද වෙලා..මන් මට්ටු උනා..මදි නොකියන්න මට්ටු උනා.. තමුසෙගෙ ආදරෙත් එක්ක සෙල්ලම් කරාට අද දඬුවමක් ලැබිලා ඉවරයි මට..


පුලුවන් නම් සමාව දෙන්න මැනික මට..මට වෙන ඉල්ලන්න දෙයක් නෑ...මන් කරපු වැරැද්දට මගෙන්ම සමාවක් නැති කොට උඹෙන් මොන සමාවක්ද..


දන්නවද..නෝ රූල්ස් නෝ ලිමිට්ස් කියලා හිතන් හිටපු ජීවිතේ අද නැත්තටම නැති වෙලා..බැඳීම් වැඩක් නෑ කියපු මට අද ඒ බැඳීම් වල වටිනාකම දැනෙන්න පටන් අරන්..ඒත් වටිනාකම දැනෙද්දි ඒ බැඳීම් ඈතට ගිහිල්ලා ඉවරයි..ආයෙ නොයෙන්නම ඈතට ගිහින් ඉවරයි..


රාගය විතරක් තිබ්බ මගේ ජීවිතේට අද ආදරේ ඕනි..අශ්ලිගෙ ආදරේ ඕනි..මගෙ දරුවව මට ඕනි.. ඒත් එයාලට මන් ලඟට එන්නත් බෑ මට එයාලා ලඟට යන්නත් බෑ..මහ පවුකාරයෙක් මම.. කාලකන්නියෙක් මම..ම්..මගෙ දරුවව මරා ගත්තා මන්..ර්ර්ර්..


දෙවියෝ මන් කරපු වැරැද්දට මට දීපු දඬුවම ඉවර වෙනකම්ම මන් විඳවයි..සමහර විට මුලු ජීවිත කාලෙම විඳායි..ඒත්..ඒත් ඒ දඬුවම ඉවර වෙච්ච ගමන් මන් එනවා තමුසෙ ගාවට හරිද... එතකම් මගෙ දරුවත් එක්ක පරිස්සමින් ඉන්නවා..


කොහේහරි ඉඳන් අහගෙන නේද අශ්ලි ඉන්නේ..කවදාවත් කියපු නැති දෙයක් මන් අද තමුසෙට කියනවා..ආදරෙයි අශ්ලි.. තමුසෙ හිතන් හිටපු තරමටත් වඩා මහ ගොඩක් ආදරෙයි...


~..නිමි..~


-------------------------------


#මතක තියාගන්න..රාගය කියන්නෙ සුන්දර හැඟීමක් හැබැයි ඒ ආදරෙත් එක්ක එකතු උනාම..


#ආදරෙයි රාගයයි පටලව ගන්න එපා..විනාස වෙයි ඔබේ ජීවිතේ..


#තමන්ගෙ හැඟීම් පිරිමහගන්න උනත් එපා සෙල්ලම් කරන්න අනිත් අයගෙ ආදරෙත් එක්ක..එපා හදවත් එක්ක සෙල්ලම් කරන්න..මහ පවක් ඒක..


#මිනිස්සුන්ගෙ ජීවිත සෙල්ලම් බඩු කරගන්න එපා..විඳවන්න වෙයි ඔබට අනිවාරෙන්ම..


#හැඟීම් වලට වහල් වෙන්න එපා.. මොකද සමහර මිනිස්සුන්ට දීපු පොරොන්දු කඩ කරන්න යන්නෙ පොඩි වෙලාවයි..


-------------------------------


කියන් යන්න ඔයාලගෙ අදහසත් මේ ගැන..


අලුත් කතාවක් ඉක්මනට අරන් එන්නම්..පරිස්සමින් ඉන්න..ආදරෙයි හැමෝටම ❤️🖤


මන් Mihili ❤️🖤

Report Page