...........💙

...........💙


මතකයක දුර.....💙

.. වැඩ කිඩ ඔක්කොම දාලා සිරිපාදේ වගේ තියන පඩිපෙලත් තරණය කරල පංතියට ගියාම දැක්කෙනම් එච්චර සුබ වාදී දර්ශනයක් නම් නෙවෙ.

ඔවු ඔව් ඔයාලා හරි වෙන කවුරුත් නෙවේ මගේ සතුරු සේනාව පංතියටම ඇවිත් ආතල් දෙම්න පටන් ගෙන😖.

'හම්මා නෙතුවා මෝර්නින්'

'මොර්නිම් මොර්නිම් ගයිස්'

 ඒ මගේ කොලු යාලුවෝ සැට් එක නම් වසයෙන් ඔන්නෑ උනුත් ඉතින් මගේ බොක්කල තමා😁❤️.

'අමෝ ගවුමේ කොට....'

කවුද යකෝ මගේ ගවුමේ දිග පළල මනින්න ගිය එකා🧐.

පුෆ් වෙන කවුද මගේ ජන්මාන්තර හතුරි හෙඩි තිසුරි කියන ගෑනි😒.

"තමුසේ ඉස්කෝලෙද ආවේ ගවුමෙ කොට බලනවා"

 අප්පට ඩෙන මන් අද පරන ගවුමනේ බොල ඇදන් ඇවිත් තියෙන්නේ. දැන් ඉවරයි ඉතින්.

"කටනම් තියනව අපේ වැරදි කියාගෙන එන්න තමුසෙලා හරියටද ඔය එන්නේ ආ බ්ලා..බ්ලා.."

මේකි හච පච ගාලා කියෝනවා හෝ ගාලා.මාත් ඉතින් මට නොවන ගානට හෙන ගටෙන් එකි ඉස්සරහ අහක බලන් හිටියා.හැබැයි ඉතින් ගලකින් එකිගේ ඔලුවට පතබාන සයිස් එකටම මට මල පැනලා තිබ්බේ😤.

මොනාවා නැතත් අද වැරැද්ද මගේ නිසා කට පියාන හිටිය හුම්. බයේ එහෙම නෙවෙයි ඈ 😁. හි හි ..

හෙඩි කියෝලා කියෝලා ඉවර වෙලා ගියාට පස්සෙ මාත් හිතින් ඒකිගේ හත්මුතු පරම්පරාවම මතක් කර කර ගිහින් පංතියෙන් ඉදගත්තා.

"ගුම් මෝනිම් නෙතූ"

"ගුම් මෝනිම් බිනුවෝ"

"අදත් මොකෝ උබට උදෙන්ම මල පැනලා අරකි අදත් යුද්දේ ප්‍රකාශ කරාද?"

"හ්ම් ඔව් බන් සෙද්ද අද ගවුම කොටයිලු 😤 "

'ඉස්කෝලේ නෙවේද එන්නේ අහනවා ගොන් ගෑනී"

 

ඒ මගේ බෙස්ටියා බිනුරි මෙත්මා.කොටින්ම කීවොත් මගේ අපාය සහයිකාව🤭. කුප්ප වැඩක් කීවොත් කිව්ව පමාව විතරයි ඉතින්. පංතියේ මගෝඩි වැඩක් කරන තැනක කැපී පෙනෙන චරිත දෙකක් තමා ඉතින් අපි දෙන්නා. හික්ස් 🤭.

 

"මගේ කොන්ඩෙත් ගැලෙව්වා අද අරකි 😔"

ඇහ් මන් ටාර් ගාල හැරිලා බැලුව බිනුවගේ රිලා මොටයි මූන දිහා.

අෆ්ෆේ යකෝ 🤣🤣 .....

          මතු සම්බන්දයි.....

කමෙන්ට් කරන් යන්ඩෝ.❤️

මන්.....

                           🌸...භාගී...🌸



Report Page