✍...🔐

✍...🔐


*තුන් කොන් ප්‍රේමය* ❤️


සෙනූ, භාග්‍යා ....

මේ දෙන්නා ගොඩක් හොද යාලුවෝ දෙන්නෙක් 😌❤️ දෙන්නට දෙන්න නැතුව පොඩ්ඩක් වත් බෑ

ඒ තරම් මේ දෙන්නට දෙන්න මාර close 🤩

අක්කයි නන්ගියී වගේ කියලයි දකින දකින හැමෝම කිව්වේ ...

ඒ තරම් මේ දෙන්නා එකටමයි ඉන්නේ 😁


මේ දෙන්නා අතරේ කිසිම රහසක් තිබිලා නෑ 😍

හැබැයි එක දෙයකදී ඇරෙන්න 😐


සෙනූ ක්ලාස් එකේ සහන් කියල කොල්ලෙක්ට ආදරේ කලා 😐❤️

හැබැයි මෙයා ඒක කවදාවත් කාටවත්ම කිව්වේ නෑ 😑

අඩුම ,

සෙනූගේ දකුනු අත වගේ ඉන්න භාග්‍යාටවත් 😑

සෙනූ කවදාවත් සහන්ට ආදරේ බව ඇගෙව්වෙත් නෑ 😐

හැබැයි කෙල්ල ඇත්තටම සහන්ට ගොඩක් ආදරේ කලා... 🤩


සහන් කියන්නේ හැන්ඩියෙක් 😉

හැබැයි සෙනූ ආදරේ කලේ එයාගේ රූපෙට නම් නෙමේ...

එයාගේ හදවතට...❤️

ඒක නිසා සෙනූගේ හිතේ තිබ්බ ආදරේට කවදාවත්ම පලුද්දක් ඇති උනේ නම් නෑ 😁❤️

සෙනූගේ මේ ආදරේ එන්න එන්නම ගොඩක් වැඩි උනා... 🥰

ඒත් ගොඩක් වෙලාවට මේ ලෝකේ සත්‍ය ආදරේ ජය ගන්නේ නෑ 😞



එහෙම පැරදුනු...

නමුත් තවමත් මුලු හදවතින්ම සහන්ට ආදරේ කරන ...

සෙනූගේ කතාවයි මේ දිග ඇරෙන්නේ ...❤️



❤️ــــــــــــــــــــــہہـ٨ـہہـ٨ـﮩـــہہـ❤



මේ සෙනූ

මේක හොදද මට ? 🙃


භාග්‍යා සෙනූගෙන් ඇහුවේ කහ පාට ගව්මක් අල්මාරියෙන් අරන් ඇගට තියාගන්න ගමන් 😃


අහ් ඔව් භාග්‍යා 🤩

ඔයා මාරම හැඩයි කෙල්ලේ ඒකට නම් 😉


සෙනූ එහෙම කිව්වේ භාග්‍යා කන්නාඩියෙන් හැඩ බලද්දී... 😁


මේ බන්

අද අපි දෙන්නට ක්ලාස් නෙමේ යන්න වෙන්නේ උබ ඔය හැඩ බලන එක නැවැත්තුවේ නැත්තම් 🥲


සෙනූ ඒම කිව්වේ භාග්‍යා කන්නාඩිය ගාවින් හෙලවෙන පාටක් නැති නිසා 🥲


ආ මේ එනෝ බන්

යමන් 😁


🌚අම්නේ කෙල්ලගේ ලස්සනහ් 🤩👌

අද නම් බොට කොල්ලෙක් සෙට් වෙනෝ වෙනෝ වෙනෝමයි 😂😌


ඔන්න ඉතිම් සෙනූ බටර් පාර ගානට දානවා භාග්‍යා ට 😂

හැබැයි මේක නම් බටර් නෙමේ... ඇත්තටම භාග්‍යා එදා ගොඩක් ලස්සනයි😍


උබේ ඔය බටර් ටිකක් ඉතුරු කරගනිම් මන් හවසට ගන්න පාන් ගෙඩියේ ගාන්න 😂


භාග්‍යා එහෙම කියලා අහක බලාගත්තේ ලැජ්ජාවටත් එක්කමයි 🤭


ඕකනේ ඉතිම් 😒 මුන්ට ඇත්ත කියලත් බෑ බොරු කියලත් බෑනේ... 😑


හරි හරි මගේ සෙනූ මැනිකේ 😂❤️ දැම් වත් අපි යමුද ක්ලාස් එහෙනම්? 😂😂


හුම්😒 යමු 😁



❤️ــــــــــــــــــــــہہـ٨ـہہـ٨ـﮩـــہہـ❤


ඒ බන් සෙනූ 😐

මන් මේ උබට කියන්නමයි හිටියේ 😐


ඕ කියාම් බන්

මොකක්ද අව්ල ?


නෑ බම් මේකයි...

උබ දන්නවා නේද සහන් ව අපේ පන්තියේ ??


භාග්‍යා එහෙම අහද්දි නම් සෙනූ පොඩ්ඩක් ගැස්සුනා .. ඒත් ඒක කෙල්ල පෙන්නුවේ නෑ


ආ ඔව් බන් ... ඉතිම්?


ඌ මට propose කලා බන් 😁


මෙච්චර වෙලා තමන්ගේ පාඩුවේ හිටපු සෙනූගේ ඇහැට කදුලක් ආවේ ඉබේටමයි 😓


අනේ සෙනූ

මොකද උනේ 🙄

ඇයි බන් ඇස් වල කදුලු ? 😕


ආ නෑ බම් මේ

ඇහැට රොඩ්ඩක් ගියා

ඒකයි ... 🙃


එහෙම කියලා කෙල්ල පොඩ්ඩක් හිනා උනත්... කෙල්ලගේ හිත දැනටමත් බිදිලා ඉවරයි 😓


ඉතිම් උබ මොකෝ කිව්වේ ?


සෙනූ එහෙම අහද්දී සෙනූගේ ජට හඩත් වෙව්ලන්න ගත්තා 😓 ඒත් මොනවා කරන්නද...

තමන්ගේ හොදම යාලුවාටනේ සහන් propose කරලා තියෙන්නේ ...😓


අන්නේ... සෙනූ ප්ලීස්

ඔයාට මොකද උනේ ?

ඇයි ඔයා එක පාරටම වෙනස් උනේ ?

ඇයි ඔයාගේ කටහඩ වෙව්ලන්නේ ?


භාග්‍යාත් ටිකක් විතර කලබල උනා ඒක නිසා


නෑ බම් කෙල්ලේ 😊

මන් හොදින්

උබ කියපම්කෝ ඊට පස්සේ මොකද උනේ

මට මාර සතුටුයි බන් ❤️🥰


සෙනූට ඇත්තටම හිතේ ලොකූ සතුටක් තිබ්බා...

මොකද එයාගේ හොදම යාලුවා සතුටින් නිසා 😊

ඒත් අවුරුදු ගානක් වෙනසක් නැතුව ආදරේ කරපු සහන්, තමන්ට කවදාවත් හිමි වෙන්නේ නෑ කියල දැනෙනකොට නම්...

කෙල්ලගේ හිත ගොඩක් රිදෙනවා 😓💔

මොකද එදා සෙනූ භාග්‍යාවත් එක්කන් ගෙදරින් ආවේ සහන්ට තමන්ගේ ආදරේ ගැන කියනවා කියලා හිතාගෙන 😓❤️ ඒත් දැන් ඒ මොනව කරත් වැඩක් නෑ කියලා සෙනූට හිතුනා 😞💔


ඒත් කෙල්ල හිත හදා ගත්තේ කොහෙ හිටියත් එයාගේ යාලුවයි, ජීවිතේ තිබුනු එකම ආදරේ උනු සහනුයි සතුටින් ඉදී කියන බලාපොරොත්තුවෙන් 😓❤️


භාග්‍යා කතා කරන්න පටන් ගත්තාට පස්සේ තමා සෙනූ ආයෙමත් පියවි ලෝකෙට ආවේ 😞


මේකයි බම්

මාත් සහන්ට ගොඩක් කැමැත්තෙන් හිටියේ ඉස්සර ඉදම්ම...

මාර හැන්ඩියානේ ඌ 🤩

ඉතිම් මාත් කැමති උනා 😍


එහෙම කියද්දී නම් සෙනූ ට ගොඩක් රිදුනා ... 😕

මොකද සෙනූ ආදරේ කලේ සහන්ගේ හිතට... ❤️

රූපෙට නෙමේ 😞

රූපේ සදාකාලික නෑ💔

ඒත් භාග්‍යා ආදරේ කරන්නේ සහන්ගේ රූපෙට නම්....😓

කමක් නෑ

කොහොමහරි දෙන්නා සතුටින් ඉදීනේ ❤️🥺


ඒත් දෙයියනේ කොහොමද මන් අවුරුදු ගානක් ආදරේ කරපු සහන් තවත් කෙනෙක් එක්ක ඉන්නව බලන් ඉන්නේ ?? 😣😫😩😓💔


මට සහන්ව උදුර ගන්න බෑ භාග්‍යා ගෙන් 😓

භාග්‍යා මගේ හොදම යාලුවා ❤️ එයා සතුටින් ඉන්න ඕනී 😓 සහන් කියන්නේ මගේ ජීවිතේ තිබුනු එකම ආදරේ 😞 එයාගේ සතුටත් තියෙන්නේ භාග්‍යා ගාව නම්...

මන් එන්නේ නෑ ඔය දෙන්නගේ අතරට 😞

මන් හැමදාමත් පතන්නේ ඔය දෙන්නා එකටම , සතුටින් ඉදීවී කියන එක විතරයි ❤️😞 ඔව්හ් , ඒක විතරමයි 😓


සෙනූගේ හිතේ ඔය වගේ ගොඩක් දේවල් පෑරෙමින් තිබුනා 🥺💔

මෙ තත්පර ගානටම ඒ කෙල්ල හිතුවේ

තමන්ගේ හොදම යාලුවා ගැනයි, තමන්ගේ එකම ආදරේ ගැනයි 😓❤️

එයා ටිකක්වත් තමන් ගේ ජීවිතේට මොනවා වෙයිද කියලා හිතුවේ නෑ 😞


කෙල්ල ගොඩක් අමාරුවෙන් වචන ටිකක් ගලපගත්තේ භාග්‍යා තමන්ගේ දිහා බලන් ඉන්නවා නේද කියලා අවබෝධ වෙද්දී 🥺


"ආනෙ ... congrats භාග්‍යා ... දෙන්නම සතුටින්, ආදරෙන් ඉන්න හැමදාමත්....❤️

කවදාවත් සහන්ගේ බලාපොරොත්තු කඩ කරන්න එපා භාග්‍යා ... එයා ඒක දරාගන්නේ නැති වෙයි..."


සෙනූට එච්චරයි කියන්න හම්බුනේ

මෙච්චර වෙලා හිතේ තද කරන් හිටපු ඒ මහ මෙරක් වගේ තිබුනු දුක... කෙල්ලට තවත් නම් දරාගෙන ඉන්න බැරි උනා 😓💔 කදුලු ගංගාවක් කෙල්ලගේ මූන දිගේ රූටල ගියේ කෙල්ලටත් නොදැනීම....


ඒත් කෙල්ලට භාග්‍යා ගෙන් මේ කතාව හන්ගන්න ඕනි උනා ....

මොකද තවත් නම් ඒ දෙන්නට බාදා කරන්න තරම් සෙනූගේ හිත ගලක් නෙමේ 😓💔


එයා භාග්‍යාට අර ටික කිව්ව ගමන්ම හිටපු තැනින් දුවලා ගියේ පාර පැත්තට 🥺💔


ඒ ගෙදර යන්න...

ගෙදර ගිහිම් දුක නැති වෙනකම්ම අඩන්න 😓

ඒත් අවාසනාව කියන දේ සෙනූගේ පස්සෙන්ම ආවා 😢


සෙනූ පාරට දුවන් ගියපු වෙලාවේ...

වැරදි පැත්තෙන්, බ්‍රේක් නැතුව ආපූ බයික් එකකට accident උනා 😓💔


වටේ හිටපු අය සෙනූව බේරගන්න හිතා ගෙන hospital admit කලත්, 😓

සෙනූ ඒ වෙනකොටත් අවසන් ගමන් ගිහින් තිබුනේ අවංක ආදරේකුත් හිතේ හංග ගෙනමයි 😓😞


❤️ــــــــــــــــــــــہہـ٨ـہہـ٨ـﮩـــہہـ❤


කතාවේ මුල් කොටස නම් මන් කලින් දුන්නා

ඒත් ඔක්කොම එකට දුන්නොත් ගොඩක් හොදයි කියලා කට්ටිය inbox කිව්ව නිසා මන් ඔක්කොම එකට මුල ඉදම්ම මේකට දැම්මා🤗

Comment කරන් යන්නකෝ කතාව කොහොමද කියලා 🥰

ඔයාලටත් මේ වගේ අත්දැකීම් තියෙනව නම් ඒවත් බෙදාගෙනම යමු 🥺❤️

හැමෝගෙම ජීවිත වල තමන්ගේ අවංක ආදරය ඉක්මනටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

පරිස්සමින් ඉන්න හැමෝම ...❤️


☺️❤️💫කොයි වගේ කතාවක්ද ඔයාලට ඊලගට මගෙන් ඕනි?? ☺️❤️💫

Report Page